අතිපූජ්‍ය බෙල්ලන ශ්‍රී ඥනවිමල මහ නාහිමිය

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අතිපූජ්‍ය බෙල්ලන ශ්‍රී ඥනවිමල මහ නාහිමිය

    අතිපූජ්‍ය බෙල්ලන ශ්‍රී ඥනවිමල මහ නාහිමියෝ අපවත් වෙති



    10665351_10152810165716934_3655590678328063429_n.jpg



    සම්බුද්ධ ශාසනයේ චිරස්‌ථිතිය වෙනුවෙන් ඉමහත් සේවාවක්‌ සිදුකළ කෝට්‌ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක අග්ගමහා පණ්‌ඩිත අතිපූජ්‍ය බෙල්ලන ශ්‍රී ඥනවිමල මහ නාහිමියෝ අපවත් වූහ.
    උන්වහන්සේ අපවත් වූයේ පෙරේදා (4 දා) පස්‌වරු 6 ට පමණය. අපවත්වන විට උන්වහන්සේ 95 වැනි වියේ පසුවූහ. 1920 මාර්තු 26 වැනිදා උපන් උන්වහන්සේ 1929 දී බෙල්ලන ශ්‍රී ධර්මපාල පිරිවෙනේදී පැවිදි බිමට ඇතුළත් වූහ. උන්වහන්සේ උපසම්පදාව ලැබුවේ 1940 ජුනි 04 වැනිදාය.
    සිංහල පාලි, සංස්‌කෘතික, හින්දි මෙන්ම ඉංග්‍රීසි භාෂාවන්හි හසල නිපුනත්වයක්‌ උන්වහන්සේට තිබූ අතර 1947 දී ප්‍රථම ධර්ම ධූත සේවාව ආරම්භ කළේ ඉන්දියාවෙනි.
    1976 දී මාලිගාකන්ද විෙද්‍යාaදය පිරිවෙනෙන් ආචාර්ය පදවියක්‌ ලැබූ උන්වහන්සේ පසුව එහි උපප්‍රධානාචාර්ය පදවියද දරා දිගුකලක්‌ සේවය කළහ. ග්‍රන්ථ රැසක්‌ රචනා කර ඇති බෙල්ලන නාහිමියන්ගේ එම ශාස්‌ත්‍රීය ආගමික මෙහෙවරට උපහාර වශයෙන් 2004 දී අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්‍ෂු විශ්වවිද්‍යාලය මගින් සාහිත්‍යසූරී උපාධිය පුදනු ලැබීය.
    දේශදේශාන්තරේ වැඩ වසමින් ථෙරවාදී බෞද්ධ දර්ශනය හා පාලි භාෂා සාහිත්‍ය ප්‍රවර්ධනය කිරීමේලා දැවැන්ත මෙහෙවරක්‌ කළ උන්වහන්සේ වෙත මියන්මාර් රාජ්‍යය මගින් අග්ගමහා පණ්‌ඩිත ගෞරව උපාධිය පිරිනමන ලදී.
    2000 වසරේදී කෝට්‌ටේ කළ්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක පදවියෙන් උන්වහන්සේ පුදනු ලැබිණි.
    අපවත්වී වදාළ මහානාහිමියන්ගේ දේහය කොල්ලුපිටිය වාලුකාරාමයේ තැන්පත් කර ඇති අතර ආදාහන පූජෝත්සවය හෙට (07දා) සිදුකිරීමට නියමිතය.

    divaina 2014/10/06

    උන් වහන්සේට නිර්වාණ සම්පත්ති ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,541
    23,119
    113
    උන් වහන්සේට නිර්වාණ සම්පත්ති ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,326
    27,836
    113
    Me hamuduruwo liyapu "Jeewana Ratawa saha Sasara Pawathma" kiyana potha hoyagena hari kiyawanna. Niyama pothak. :yes:

    Read Penena Lova Thula Nopenena Lovak too.
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    සාසනයට නම් ලොකු පාඩුවක් උන්වහන්සේගේ අපවත්විම :( ,මම දැනුයි දන්නෙ උන්වහන්සේ අපවත් වුනු විත්තිය.

    උන්වහන්සේට සසර කෙලවර අමා මහා නිර්වාණ සම්පත්තිය ලැබේවා !!!
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    උන් වහන්සේට නිර්වාණ සම්පත්ති ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු.