අතිපූජ්‍ය බෙල්ලන ශ්‍රී ඥනවිමල මහ නාහිමිය
අතිපූජ්‍ය බෙල්ලන ශ්‍රී ඥනවිමල මහ නාහිමියෝ අපවත් වෙති
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ඉමහත් සේවාවක් සිදුකළ කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බෙල්ලන ශ්‍රී ඥනවිමල මහ නාහිමියෝ අපවත් වූහ.
උන්වහන්සේ අපවත් වූයේ පෙරේදා (4 දා) පස්වරු 6 ට පමණය. අපවත්වන විට උන්වහන්සේ 95 වැනි වියේ පසුවූහ. 1920 මාර්තු 26 වැනිදා උපන් උන්වහන්සේ 1929 දී බෙල්ලන ශ්‍රී ධර්මපාල පිරිවෙනේදී පැවිදි බිමට ඇතුළත් වූහ. උන්වහන්සේ උපසම්පදාව ලැබුවේ 1940 ජුනි 04 වැනිදාය.
සිංහල පාලි, සංස්කෘතික, හින්දි මෙන්ම ඉංග්‍රීසි භාෂාවන්හි හසල නිපුනත්වයක් උන්වහන්සේට තිබූ අතර 1947 දී ප්‍රථම ධර්ම ධූත සේවාව ආරම්භ කළේ ඉන්දියාවෙනි.
1976 දී මාලිගාකන්ද විෙද්‍යාaදය පිරිවෙනෙන් ආචාර්ය පදවියක් ලැබූ උන්වහන්සේ පසුව එහි උපප්‍රධානාචාර්ය පදවියද දරා දිගුකලක් සේවය කළහ. ග්රන්ථ රැසක් රචනා කර ඇති බෙල්ලන නාහිමියන්ගේ එම ශාස්ත්‍රීය ආගමික මෙහෙවරට උපහාර වශයෙන් 2004 දී අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය මගින් සාහිත්‍යසූරී උපාධිය පුදනු ලැබීය.
දේශදේශාන්තරේ වැඩ වසමින් ථෙරවාදී බෞද්ධ දර්ශනය හා පාලි භාෂා සාහිත්‍ය ප්‍රවර්ධනය කිරීමේලා දැවැන්ත මෙහෙවරක් කළ උන්වහන්සේ වෙත මියන්මාර් රාජ්‍යය මගින් අග්ගමහා පණ්ඩිත ගෞරව උපාධිය පිරිනමන ලදී.
2000 වසරේදී කෝට්ටේ කළ්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක පදවියෙන් උන්වහන්සේ පුදනු ලැබිණි.
අපවත්වී වදාළ මහානාහිමියන්ගේ දේහය කොල්ලුපිටිය වාලුකාරාමයේ තැන්පත් කර ඇති අතර ආදාහන පූජෝත්සවය හෙට (07දා) සිදුකිරීමට නියමිතය.
divaina 2014/10/06
උන් වහන්සේට නිර්වාණ සම්පත්ති ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු.

,මම දැනුයි දන්නෙ උන්වහන්සේ අපවත් වුනු විත්තිය.