දවස් දෙකකට පස්සේ එලකිරියට ආවේ. ඇත්තටම කනගාටුයි මගේ කමෙන්ට් එක අල්ලගන මම නැකත් රාල සහෝගේ fake එකක් කියල පහර ගහල තියන විදිය දැක්කම. නැකත් රාල කියන ජ්‍යෝතිර්වෙදියව මම පෞද්ගලිකව හදුනන්නෙත් නැහැ, දැකලත් නැහැ. අඩුම තරමින් pm එකකින්වත් කතා කරලා නැහැ.
ජ්‍යෝතිෂ්‍ය කියන විෂය ගැන තර්ක කරන්ඩ මට හැකියාවක් නැහැ. මොකද මම ජ්යෝතිර්වේදීයෙක් වත් ඒ සම්බන්දව හදාරපු කෙනෙක්වත් නොවන නිසා. මම ජෝතිෂ්‍ය විශ්වාස කරන්නේ කවුරුත් කියන පලියටවත්, අන්ධ විශ්වසයකින්වත් නෙමෙයි. මගේ ජීවිතේ පෞද්ගලික අත්දැකීම් මත. මගේ උපන් වෙලාවේ හදපු හදහනේ සදහන් දේවල් ඒ ආකාරයටම එම කාලවකවානුවලදී සිදු වෙනකොට මම ඒ දේවල් ප්‍රතික්ෂේප කරන්ඩද? අනික මම ඔය සති අන්ත පත්තරේ යන "සතියේ කලදසාව" වගේ දේවල් බලන, ඒවා මත වැඩ කරන කෙනෙක්වත් නෙමෙයි. මම විශ්වාස කරන්නේ මගේ උපන් වෙලාව මත හදපු හදහන.
මම හිතන ආකාරයට ජ්‍යෝතිෂ්‍ය පිළිබද වැරදි මත ඇති වීමට ප්‍රධාන හේතුවක් තමයි ජ්‍යෝතිෂ්‍ය සම්බන්දයෙන් අවබෝදයක් නැති, කේන්ද්‍ර සටහනක කොටුවල ග්‍රහයෝ ලකුණු කිරීමට හැකි වූ පමණින් අනාවැකි පැවසීමට යන ජ්‍යෝතිර්වේදීන් යයි තමන්වම හදුන්වා ගන්නා පුද්ගලයින් නිසා සිදුවන හානිය.
මට එරාෂ්ටකය අන්තිම නරකට බලපෑවා තමයි. නමුත් මම කියන්නැහැ හැමකෙනාටම එරෂ්ටකයක් ලැබූ පමණින් එහෙම වෙනවා කියල. ඒක පුද්ගලයාගේ උපන් වෙලාවේ ග්‍රහ පිහිටීම් අනුව වෙනස් වෙනවා. මම ඕව ගැන ගැබුරින් විස්තර කරන්ඩ දන්නැහැ.
ජ්‍යෝතිෂ්‍ය වේවා වෙනයම් දෙයක් හෝ වේවා විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබේ ප්‍රජාත්‍රන්තවාදී අයිතිය. නමුත් තව කෙනෙක් ඔබේ මතයට වෙනස් මතයක් දැරූ පමණින් ඒක හාස්‍යයට ලක් කරනවානම් හෝ හෙලා දැකල කතා කරනවානම් එක සම්පුර්ණයෙන්ම වැරදියි.
මම ආයෙත් thread වල අදහස් ප්‍රකාශ කරන්ඩ යන් නැහැ. නමුත් නැකත් රාල සහෝගෙන් ඉල්ලනේ ඔබගේ ලිපි දිගටම ලියන්ඩ. ඔබේ මහන්සිය අපතේ යන් නැහැ. මොකද එම ලිපි කියවන ජ්‍යෝතිෂ්‍ය විශ්වාස කරන පිරිසකුත් මේ එළකිරියේ ඉන්නවා. මගේ කමෙන්ට් එක නිසා නැකත් රාල සහෝට යම් අපහසුතාවයක් සිදුවුනානම් සමාවෙන්න. ඔබට සුබ පතනවා.