මිනිස් ඇසට හසු නොවන අති දුර්ලභ සත්ත්ව විශේෂ කීපයක්...
ටාර්සියස් (Tarsiers)
ඔකාපි (Okapi)
සාඕ ටොම් මීයා (Sao Tome Shrew)
[FONT="]
රතු වෘකයා (Red Wolf)
[FONT="]
උත්තර කේශ-නාසික වොම්බැට් (Northern Hairy-Nosed Wombat)
[FONT="]
සීෂෙල්ස් හි කෝෂ-වලිග වවුලා (Seychelles Sheath-Tailed Bat)
ජාවා රයිනෝ (Javan Rhino)
[FONT="]
රන් සේද කොටියා (Golden Tabby Tiger)
යැන්සි නදියේ ඩොල්ෆින් (Baiji)
[FONT="]
පීනා දූපතේ ඉදිබුවා (Pina Island Tortoise)
මිහිමත ජීවත් වන සත්ත්ව විශේෂ අතරින් බොහෝමයක් දුටු මතින්ම අපිට හඳුනා ගන්නට පුළුවන්. පුරුදු - නොපුරුදු ඒ සියළුම සතුන් අතරිනුත් ඔබ කවරදාවත් අසා නැති, දැක නැති අති දුර්ලභ සතුන් කිහිපදෙනෙක් ගැන හඳුන්වා දෙන්නයි මේ සූදානම. රතු දත්ත පොතට අනුව මේ දුර්ලභ සත්ත්ව විශේෂයන් ගෙන් මුළු ලෝකය පුරා ගත්තත් ඉතිරිව ඇත්තේ ඉතාමත් සුළු සංඛ්‍යාවක් පමණයි. මේ සතුන් දුර්ලභ හා නිතර දකින්නට නොලැඛෙන හේතුව නම් ඔවුන් ඉතා සීඝ්‍රයෙන් වඳවී යෑමේ අවධානමට ලක්වී තිබීමයි. ඉතින් බලන්නකෝ මේ සත්ත්ව විශේෂයන් ඔයාලත් දන්නවද ? දැකලා අහලා තියෙනවද කියලා...
ටාර්සියස් (Tarsiers)
[FONT="]මේ සත්ත්ව විශේෂය දක්නට ලැඛෙන්නේ ගිණිකොණදිග ආසියාතික රටවල පමණයි. තායිලන්තය[/FONT][FONT="], [/FONT][FONT="]කාම්බෝජය[/FONT][FONT="], [/FONT][FONT="]ඉන්දුනීසියාව හා පිලිපීනය ආදී දූපත් රාජ්‍යවල වාසය කරයි. බෝර්නියෝ දූපත් හි වැඩි වශයෙන් දක්නට ලැබේ. මොවුන් මිනිසුන් ද අයත් වන ප්‍රිමාටේ කුලයට අයත් උනහපුලු විශේෂයක් වන අතර වානර පවුලට නෑකම් දක්වයි. ටාර්සියස් ගේ උස අඟල් හතරත් හයත් අතර[/FONT][FONT="] පමණ වන මුත් උගේ පසුපස පාද, ක[/FONT][FONT="]ඳ[/FONT][FONT="] මෙන් දෙගුණයක් පමණ දිගුවේ. ඉතා විශාල ඇස් පිහිටා තිබේ. මොවුන්ගේ ඇති විශේෂත්වය නම් ප්‍රිමාටේ කුලයට අයත් සත්ත්ව විශේෂ අතුරින් සම්පූර්ණයෙන්ම මාංශභක්ෂක සත්ත්ව විශේෂය මොවුන් වීමයි. කුඩා කෘමින් වෙත පැන ගොදුරු කරගන්නා මොවුන් කුඩා කුරුල්ලන්[/FONT][FONT="], [/FONT][FONT="]වවුලන්[/FONT][FONT="], [/FONT][FONT="]කටුස්සන් සහ සර්පයින් ද ආහාරයට ගනී. ව[/FONT][FONT="]ඳ[/FONT][FONT="]වී වි යාමේ අවධානමට ලක්ව ඇති සත්ත්ව විශේෂ අතරට එක්ව ඇති මොවුන්, අභිජනනය කිරීමෙන් මෙතෙක් සාර්ථක ප්‍රතිඵල ලබාගන්නට නොහැකිව තිබේ.[/FONT]
ඔකාපි (Okapi)
[FONT="]මේ අපූරු සත්ත්ව විශේෂය ජිරාෆ් හා සීබ්‍රා යන සත්ත්ව විශේෂයන්ට ළඟින්ම නෑකම් දක්වයි. මේ සත්ත්වයාගේ බෙල්ල කෙටි ස්වභාවයක් ගනී. මොවුන් වර්තමානයේදී දුර්ලභ සත්ත්ව විශේෂයක් වුවත් පුරාණ ඊජිප්තු කැටයම් චිත්‍ර වල පවා මොවුන් දක්නට ලැබී ඇත. ආදි කල්පික සත්ත්වයෙකු ලෙස සැලකෙන මේ සත්ත්වයා ජිරාෆ්ට සමානකම් දක්වන නමුත් සීබ්‍රා මෙන් ඉරි සලකුණුද ශරීරය මත දක්නට ලැබේ. මොවුන්ගෙන් 10000-20000 ත් අතර සංඛ්‍යාවක් ඉතිරිව ඇතැයි සැලකෙන මුත් වනගතව වෙසෙන මේ සත්ත්වයින් දැකගැනීම ඉතාමත් දුර්ලභ කරුණකි.[/FONT]
සාඕ ටොම් මීයා (Sao Tome Shrew)
[FONT="]
මේ සත්ත්ව විශේෂය මී පවුලට සමානකමක් දක්වන අතර අප්‍රිකා ගයනාව ආසන්නයේ පිහිටි Tome නම් දූපතේ පමණක් දක්නට ලැබේ. මේ විශේෂය ප්‍රමාණයෙන් අඟල් 3ක් පමණ වන අතර සුදු පැහැති දත් ද, සුදු පැහැති බඳ ප්‍රදේශයක්ද දක්නට ලැබේ. වාසස්ථාන ක්ෂය වීමත්,ප්‍රමාණාත්මකව ගහණය අඩු විමත් නිසා දරුණු ලෙස වඳ වී යාමේ තර්ජනයට පත්ව සිටී.
[/FONT]රතු වෘකයා (Red Wolf)
[FONT="]
අළුවන් වෘකයාට ළඟින්ම නෑකම් කියන විශේෂයකි. 1980 දී පමණ මේ සතුන් කැලෑබදව දක්නට ලැබිනි. වර්තමානයේ මේ රතු වෘකයන් රඳවා තබා ගනිමින් බෝකර හැරීමට පියවර ගෙන තිඛෙන අතර වර්තමානයේ රැඳවුම් භාරයේ 200 කට ආසන්න සත්ත්වයින් ප්‍රමාණයක් සිටින බව වාර්තා වේ. මොවුන්ගෙන් 100 ක් පමණ වනගත වාසය සඳහා මුදවා තිබේ. මොවුන්ගේ දඩයම් ප්‍රදේශ සීඝ්‍රවෙන් සීමා වීම මොවුන් වඳ වී යෑමේ අන්තරායට මුහුණු පෑමට හේතුවයි.
[/FONT]
උත්තර කේශ-නාසික වොම්බැට් (Northern Hairy-Nosed Wombat)
[FONT="]
ලෝකයේ ජීවත්වන දැවැන්ත ක්ෂීරපායින් අතරින් දුර්ලභම සතෙක් ලෙස මේ වොම්බැට් විශේෂය සැලකේ. වඳවී යෑමේ අනතුරට මුහුණ පා සිටින මොවුන් අඟල් 39 කටත් වඩා (අඩි 03 කටත් වඩා) දිගින් යුත් අතර සාමාන්‍ය වොම්බැට් විශේෂයන්ට වඩා තරමක් විශාල වේ. වේගයෙන් වර්ගයා බෝ කළත් මොවුන් වඳවී යෑමේ අනතුරින් මිදී නොමැති අතර වර්තමානයේ මේ වර්ගයේ සතුන් 130 ක් පමණ ඇතැයි සැලකේ.
[/FONT]සීෂෙල්ස් හි කෝෂ-වලිග වවුලා (Seychelles Sheath-Tailed Bat)
[FONT="]පැසක් වැනි පියාපත් ඇති මේ වවුල් විශේෂය සීෂෙල්ස් දූපත් වල වාසය කරයි. මේ අ[/FONT][FONT="]වට දූපත් වල බහුල ලෙස වාසය කළත් මේ වවුලන් නිතර නිතර වාසභූමි වෙනස් කරන නිසාවෙන් වඳවී යෑමේ අවධානමක සිටී. ලෝකයේම මේ වර්ගයේ වවුලන් 100 [/FONT]
ජාවා රයිනෝ (Javan Rhino)
[FONT="]
මිහිමත වෙසෙන රයිනෝ විශේෂ පහෙන් එකකි. ඉන්දියානු රයිනෝසිරස්ට වඩා ප්‍රමාණයෙන් කුඩා වේ. ඉන්දුනීසියාව ඇතුළු ගිණිකොන දිග ආසියානු රටවල වෙසෙයි. මොවුන්ගේ ගහනය 60 ක් පමණ දක්වා පහත බැස තිබේ. දැනට රැඳවුම් භාරයේ මෙම වර්ගයේ කිසිදු රයිනෝ සතෙක් නොමැති නිසා අභිජනනය කිරීම පිළිබඳව ද ප්‍රශ්ණකාරී වී ඇත. වියට්නාම් යුද්ධය නිසා මේ සත්ත්වයින්ට තමන්ගේ වාසභූමි අහිමි වීම හේතුවෙන් ඔවුන් වඳවීමේ අනතුරට මුහුණ පා ඇතැයි කියවේ. ලෝකයේ විශාලතම ක්ෂීරපායින් අතුරින් දුර්ලභම සත්ත්වයෙකි.
[/FONT]රන් සේද කොටියා (Golden Tabby Tiger)
[FONT="]ඉතාමත් අලංකාර සත්ත්ව විශේෂ[/FONT][FONT="]යක් වන මොවුන් දැනට දක්නට ලැඛෙන්නේ රැඳවුම් භාරයේ පමණි. මොවුන්ගේ නිලීන ජාන නිසා රන්වන් පැහැය ලැබී ඇති බව පැවසේ. අමූර් ව්‍යාඝ්‍රයා හා බෙන්ගාලි කොටියා මොවුන්ගේ පෙළපතේ ළඟම නෑදෑයින් වේ. වර්ෂ 1900 න් පමණ පසු වනගතව මොවුන් දුටු බවට සාක්ෂි නොමැත. දැනට රැඳවුම් භාරයේ 30 ක් පමණ ඉතිරිව සිටී.[/FONT]
යැන්සි නදියේ ඩොල්ෆින් (Baiji)
[FONT="]
චීන නදී ඩොල්ෆින් ලෙසද හැඳින්වේ. චීන කාර්මිකකරණය නිසා මේ සත්ත්ව විශේෂය නෂ්ඨ විශේෂයක් ලෙස සලකන්නට යෙදී තිබේ. වර්ෂ 2006 න් පසු මේ වර්ගයේ ඩොල්ෆින් සතෙක් සොයාගත නොහැකිව තිබේ. මොවුන් උපරිම 13 ක් පමණ ඇතැයි ගණන් බලා ඇති මුත් බොහෝදුරට මේ වර්ගයේ සතුන් එකෙකුට හෝ දෙදෙනෙකුට වඩා පැවතිය නොහැකි බව පරිසරවේදින්ගේ අදහසයි.
[/FONT]
පීනා දූපතේ ඉදිබුවා (Pina Island Tortoise)
[FONT="]මේ වර්ගයේ ඉබ්බන්ගෙන් ඉතිරිව ඇත්තේ එක් තනි ඉබ්බෙක් පමණි. වසර 100 ක් පමණ වයසැති ඌ ජෝර්ජ් යන නමින් හැඳින්වේ. ගැල්පගෝස් දිවයිනේ සංරක්ෂණ කණ්ඩායම් භාරයේ මෙම සත්ත්වයා දිවි ගෙවයි. ලොව සිටින මේ වර්ගයේ එකම සත්ත්වයා ජෝර්ජ් පමණක්ද යන්න පිළිබඳ සැක [/FONT][FONT="]පහළ වී ඇති අතර පරිසරවේදීන් උත්සුක වන්නේ මේ තනි සත්ත්වයාට තවත් ගැහැණු සත්ත්වයෙක් සොයා මේ වර්ගය බෝකර ගැනීමටයි.[/FONT]



