ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට
ඔන්න ඉතිං අපේ එලකිරියේ කොල්ලෝ වෙනුවෙන් ටිකක් පරණ වාහන ගැන ත්රෙඩ් එකක් දාන්න හිතුවා. අපේ රත්තරං සහෝදරය නම් කියන්නේ 10 ට අඩුවෙන් වාහන ගන්න එපා කියලා. අඩුම තරමේ 15 ක් වත් එකතු වෙනකන් ඉන්න කියලා. එයාගේ කතාව හරි තමයි. ඒත් ඉතිං අව්රුදු ගානක් තිස්සේ සතෙන් සතේ එකතු කරලා ලක්ෂ 8 ක් විතර හදාගත්තු කෙනෙකුට 15 ක් එකතු කරනවා කියන්නේ ලොකු දෙයක්. ඒකට තව අව්රුදු 5 ක් විතර යනවනේ. ඒ නිසා මම හිතුවා ලක්ෂ 10 ට අඩු වාහන ගැන නූලක් දැම්මනම් හොදයි කියලා. ඒ වගේ වාහනයක් ගත්තොත් අව්රුද්දක් දෙකක් විතර පාවිච්චි කරලා ආයිත් විකුණලා ඊට වඩා හොද එකකට යන්න පුලුවන් කියන එකයි මගේ නම් අදහස. මේ ත්රෙඩ් එක ලියන්න කලින් ස්තූති වන්ත වෙන්න ඕනේ අපේ රත්තරං සහෝදරයට මොකද මගේ පොඩි කාලේ ඉදන් තිබුන වාහන පිස්සුව වැඩි වුනේ එයා නිසා. ඒවගේම මම දන්නෙ නැති ගොඩක් දේවල් එයාගෙන් අහගෙන තියනවා.
ලක්ෂ 10ට අඩු වාහනයක් කියන්නේ ටිකක් විතර පරණ එකක්. ඒ නිසා ගන්නකොට බොඩිය, එන්ජින් එක ඇතුළු මුළු පද්ධතිය ගැනම හොදින් පරික්ෂා කරන්න ඕනේ. ඒ නිසා ඒ ගැන දැනුමක් නැත්තං දැනුමක් තියන කෙනෙක් එක්කන් යන එක තමයි නුවනට හුරු. ඒ වගේම මෙහෙම වාහනයක් ගත්තොත් බොඩි කිට් ගහලා මොඩිෆයි කරන්න යන්න එපා. එහෙම වුනොත් විකුණ ගන්න අමාරු වෙනවා. මොකද මොඩිෆයි කරන්න ගිය වියදම කවර් වෙන්න කවදාවත් විකුණ ගන්න බෑ. ඒ වගේම මොඩිෆයි කරපුව ගන්නත් එපා. මොකද ෆයිබර් කෑලි ටිකට යටින් අඹලෑලි තියනවද දන්නෙ නෑනේ.
මම දන්න විදිහට වාහන වල විස්තර කියන්නම්. මගේ වැරදි තියනව නම් මේකෙ ඉන්න අය ඒවා කාරුණිකව නිවැරදි කරයි කියලා බලාපොරොත්තු වෙනවා. එහෙනම් වාහන ටික බලන්නකෝ.
Nissan Datsun Sunny - B211 (1976)
මේව නම් ඉතිං ගොඩක් පරණයි. කොල්ලංට නම් ඉතිං වැඩිය ගැලපෙන්නෙත් නෑ. ඒත් ඉතිං ලක්ෂ 2.5 ට අඩුවෙන් හොයාගන්න පුලුවන්. හොදට තෙල් වැඩ කරනවා. ගෙදරක පාවිච්චියට ත්රීවිල් කටුවක් ගන්න වියදම් කරනවට වඩා මේකක් ගන්න වියදම් කරන එක හොදයි.
NISSAN SUNNY B11
මේවා ලක්ෂ 350,000 ත්, මේවා ලක්ෂ 450,000 ත් අතර මිලකට ගන්න පුලුවන්. හොදට තෙල් කරනවා. හැබැයි ඉතිං අව්රුදු 30 ක් 31 ක් විතර මේවා පරණයි. එව්නාට තාමත් හොදට තියන කාර් හොයාගන්න අමාරු නෑ.
Nissan Sunny FB12 (Trad Sunny)
මේක නම් පට්ට භාන්ඩයක්. මේකේ තෙලුත් හොදට වැඩ කරනවා. හැබැයි හොදට හොයල බලල ගන්න ඕනේ. 5FD/1500 cc/Power/ තියන එකක් ගන්න ඕනේ. 1985–1990 අතර කාලේ මේව හදලා තියනවා. කාලය හා වාහනයේ තත්වය අනුව මිල 5 ත් 8 ත් අතර පරාසයක තියනවා. ඩීසල් එකත් තියනවා. හැබැයි පැට්රල් එක තමයි හොද. මේකේ Full light Model එක වඩාත් හොදයි.
Nissan FB 13 (Doctor Sunny)
පරණ ජපන් වාහන අතරින් සැපපහසුව වැඩි වාහනයක් විදිහට මේක හදුන්වල දෙන්න පුලුවන්. තෙලුත් හොදට වැඩ කරනවා. 5FD/1500 cc/full option මේකේ Anniversary model හා Super Saloon එකේ වටිනාකස ටිකක් වැඩී. මේවා 9.10 ත් 10.50 ත් අතර වගේ මිලකට විකිණෙනවා.
Toyota Corolla EE80
1983–1987 වෙනකල් මේව හදල තියනවා. අව්රුද්ද හා තත්වය මත 4.50 ඉදලා 6.50 විතර වෙනකල් මිල ගනන් වලට මේවා තියනවා. A/C , P/S තියන එකක් ගන්න එක තමයි හොද.
Toyota corolla AE91
මේකත් ඩොක්ට සනී කාර් එක වගේ සුපිරි භාන්ඩයක්. තෙල් හොදට වැඩ කරනවා. 8 ඉදලා 9.50 විතර වෙනකල් මිල ගනන් වලට මේවා තියනවා. මේවගෙත් නිෂ්පාදන වර්ශයත්, තියන පහසුකම්, තත්වය අනුව මිල වෙනස් වෙනවා.
Mitsubishi Lanser Box
මේව ගැන නම් ඉතිං හැමෝම දන්නව ඇතිනේ. 1979-1984 අතර කාලයේ වාහන තමයි මේවා. තාමත් සුපිරියට තියන ක්ලැසික් කාර් එකක් තමයි ඉතිං. වර්හය හා තත්වය අනුව මිල වෙනස් වෙනවා. 2.80 ත් 5.20 ත් අතර වගේ මිලකට මේවා විකිණෙනවා.
maruti 800
මේක දැම්මට නම් කට්ටිය බණිද දන්නෙ නෑ. ඒත් ඉතිං නොදාත් බෑනේ. මේකේ ආරක්ෂාව නම් අඩුයි තමයි. ඒ නිසා රේස් පදින්න යන්න එපා. ඒ වගේම සැප පහසුවත් ගොඩක් අඩුයි. කාලෙ වෙනස් වුනත් මොඩ්ල් එකේ ලොකු වෙනසක් වෙලා නෑ. ඒත් ඉතිං ගැල්වනයිස් කරල නැති තහඩු නිසා ඉක්මනින් දිරනවා. ගන්නකොට බලලා ගන්න. මේක හොදට තෙල් වැඩකරන, භාවිතයට පහසු කාර් එකක් විදිහට හදුන්වලා දෙන්න පුලුවන්. හැබැයි මරුටියක් ගන්නව නම් 2000න් පස්සේ හදපු එකක් ගන්න. මොකද ඊට කලින් ඒවගේ දිරුම් වැඩී.
පරණ වාහන ගන්නකොට දොර 2 ක තියන ඒවා ගන්න එපා, ඒ වගේම වැගන් ගන්න එකත් අඩු කරන තරමට හොදයි. වාහනේ හොදට බලලා අන්තිමට ඉස්සරහ පැත්තේ වීදුරුවට උඩින් වතුර එකකුත් දාලා බලන්න ඇතුලට වතුර එනවද කියලා.
මේකේ දැම්මේ හොදට තෙල් වැඩකරන, ආයි විකුණ ගන්න පුලුවන් මොඩ්ල් ගැන විතරයි. ඒ වගේම මේවට පාට්ස් හොයාගන්නත් තියනවා. තව වාහන ගැන විස්තර තියනව. ඒවා මේ ත්රෙඩ් එකේ පස්සේ දාන්නම්. වාහනේ බොඩිය හොදද ඇන්ජිම හොදද කියලා බලන ඒවා මම විස්තර කරන්න යන්නෙ නෑ. මොකද ඒවා ගැන විශේෂ දැනුමක් තියන රත්තරං ලොක්කා කලින් පැහැදිලි කරලා තියනවනේ. තව විස්තර ඕනෙ නම් මේ වීඩියෝ එක බලන්න.
වාහන පිස්සුවෙන් මොලේ අව්ල් වෙලා ඉන්න අපේ කස්ටියගේ හිතසුව පිනිසයි ත්රෙඩ් එක දැම්මේ.
ලක්ෂ 10ට අඩු වාහනයක් කියන්නේ ටිකක් විතර පරණ එකක්. ඒ නිසා ගන්නකොට බොඩිය, එන්ජින් එක ඇතුළු මුළු පද්ධතිය ගැනම හොදින් පරික්ෂා කරන්න ඕනේ. ඒ නිසා ඒ ගැන දැනුමක් නැත්තං දැනුමක් තියන කෙනෙක් එක්කන් යන එක තමයි නුවනට හුරු. ඒ වගේම මෙහෙම වාහනයක් ගත්තොත් බොඩි කිට් ගහලා මොඩිෆයි කරන්න යන්න එපා. එහෙම වුනොත් විකුණ ගන්න අමාරු වෙනවා. මොකද මොඩිෆයි කරන්න ගිය වියදම කවර් වෙන්න කවදාවත් විකුණ ගන්න බෑ. ඒ වගේම මොඩිෆයි කරපුව ගන්නත් එපා. මොකද ෆයිබර් කෑලි ටිකට යටින් අඹලෑලි තියනවද දන්නෙ නෑනේ.
මම දන්න විදිහට වාහන වල විස්තර කියන්නම්. මගේ වැරදි තියනව නම් මේකෙ ඉන්න අය ඒවා කාරුණිකව නිවැරදි කරයි කියලා බලාපොරොත්තු වෙනවා. එහෙනම් වාහන ටික බලන්නකෝ. Nissan Datsun Sunny - B211 (1976)

Last edited: