සිරිතිලක සහ කුලී රථය
ගම්පහ දුම්රිය ඉස්ටේසුමේ යකඩ කට වෙනදා වගේම බෙරිහන් දෙද්දී සිරිතිලක කුලී රථගාලේ පිටිපස්සට වන්නට තිබූ ගරාදි වැටට හේත්තු වී තමා හැර දමා ඉහළට ඇදෙනා ත්‍රී රෝසස් සිගරැට්ටුවේ දුමාරය දිහා මළානික දෑසින් බලා සිටියේය.
මදින් මද හිරු එළිය නගරය ගිලගත්තා වුවත් හිරු දෙවියා තවමත් සැර පරුෂ නැත. රැකියාව බලා යන එන උන් හැර වෙනත් රාජකාරියකට යන අය තවමත් ගම්පහ නගරයේ පෙනෙන්නට නැත.
තම අත රැදි සිගරැට්ටුව තවමත් අවසන් නොවූ නමුත් එය අසළ වූ කුණු කාණුවකට විසි කර කමිස කොලරය අස්සට වන්නට ගෙල වටා දවටාගෙන සිටි ලේන්සුව අතට ගත් සිරිතිලක එයින් නළල් තලය ඔස්සේ පහළට ඇදෙමින් තිබූ සිහින් ඩා බිදුවකට නැවතීමේ තිත තබන්නට කල්පනා කලේය.
පොල්ගහවෙල දුම්රියේ පැමිණි මගීන් එකා දෙන්නා දුම්රිය ස්ථානයෙන් පිටතට එද්දී හෙතෙම ඒ දෙස විමසිල්ලෙන් බලා සිටියේය. අලංකාර ඔසරියකින් සැරසී මුතු දෙපොටකින් ගෙල සරසාගත් යුවතියක් දුම්රිය ස්ථානය ඉදිරියේ සිට අවට බලමින් සිටියාය. තවත් මොහොතකින් ඇගේ උරහිසේ රැදි බෑගයක් විවෘත කර ඉවතට ඇදගත් කඩදාසි කොළයක සටහන් වූ යමක් තනිව මුමුණමින් සිටිනා විටෙක මේ නම් නගරයට ආගන්තුක තැනැත්තියක් විය යුතු යැයි යන හැගීම සිරිතිලකට පහල වූවේය.
උදේ පාන්දර පළවෙනි ගමන මෙවැනි සුන්දර යුවතියක සමග යන්නට ඇත්නම්, ඒ සිතිවිල්ලෙන් මිදුන සිරිතිලක කෙමෙන් කෙමෙන් ඈ කරා ගියේය. තවමත් අනෙකුත් කුලී රථ කරුවන් රාජකාරියට පැමිණ නැති නිසා නිසැකවම මේ ගමන යා යුතු වන්නේ තමා යයි සිරිතිලකගේ සිත කීවේය.
නෝනා ගම්පහට ආගන්තුකයි වගේ. උදව්වක් එහෙම ඕනෙද..මම මේ ටැක්සි පාක් එකේ ඉන්නෙ.
ආනේ ඇත්තද...මම පළවෙනි වතාවට තමයි ගම්පහ ආවෙ. අද මගේ පත්වීමෙ වැඩ භාරගන්න තියෙන දවස, මෙන්න මේ ඉස්කෝලෙ ලගද තියෙන්නෙ, ඇය තම අත රැදි කඩදාසි කොළය සිරිතිලක වෙත පෑවාය.
ඇගේ වත කමලින් නික්මුනු ගාඩිනියා පුයර සුවද සිරිතිලකගේ තනිකඩ හිත ආශ්වාදයට පත් කළේය. සිරිතිලක හට කථාකරන්නට වචනයක් දෙකක් මතක් කරගන්නට තවත් මොහොතක් ගත විය.
වැඩිදුරක් නෑ නෝනා...මේ බොහොම ලග...ඉන්න මම ඇරලවන්නම්.
අනේ කරදර වෙන්න එපා. මම බස් එකක යන්නම්.
ඊළග බස් එකට තව පැය භාගයක් වත් යාවි. නෝනා අද පළවෙනි දවස නිසා වේලාසනම ගියොත් නරකද ?
ඒ වදනින් පසුබා ගිය ඇය සිරිතිලක අනුව යමින් ඔහුගේ නවීනතම හිල්මන් රථයේ පසුපස ආසනයට නැගුනේ තම ඔසරිපොට වම් අතින් තදින් අල්ලාගනිමිනි.
.......................................................................................................
එයින් පසු දිනද, ඊටත් පසුදිනද සිරිතිලකගේ කලු පැහැති හිල්මන් රථයම සෙවූ ඇය අවසානයේ එහි දිනපතා යන එන මගියෙකු බවට පත් වූවාය. නුවර ප්‍රදේශයෙන් පැමිණ, ගම්පහට ආසන්න පෙදෙසෙක ඤාති නිවසක නැවතී සිට ඉස්කෝල රස්සාවට දිනපතා ආගිය මේ සුරූපිනිය තම නවතම රථයේ නංවාගෙන උදෑසන කාලයටත්, පාසල අවසන් වෙන මධ්‍යහ්න වේලාවේත් නගරය තුල ධාවනය කිරීම සිරිතිලක වෙත සියුම් ආඩම්බරයක් ගෙන දුන්නේය.
දිනෙන් දින තමා සමග හිතවත් වෙමින්...දොඩමළු වන මේ තරුණිය ගැන මුලින්ම දුටු දින ඇති නොවූ සිතුවිලි පොදියකින් තම චිත්ත සන්තානය වෙලී යන අයුරක් සිරිතිලකට මදින් මද දැනෙන්නට ඇත.
සිරුරේ හැඩයට මනාව ගැලපෙන අත් බෝරිච්චි කල හැට්ටයක් සහිත ඔසරියෙන් හැඩ වූ යුවතියකට,ගෙලේ දැවටුන මුතු මාලයට, දිගටි ඇස් දෙකකට තම හදවතේ මෙතරම් පෙරළියක් කරන්නට හැකි වෙතැයි සිරිතිලක කිසිවිටෙකත් නොසිතුවේය. හා පුරා කියා ඇය මුලිච්චි වූ වසර තුනකට පෙර, සුන්දර උදෑසන සිහිපත් කරනා වාරයක් වාරයක් පාසා තම හදවතේ රිද්මය පවා වෙනස්වන බවක් ඔහුට හැගෙයි.
අද උදෑසන මෙන්ම එදත් පොල්ගහවෙල බලා යන දුම්රියෙන් ඇය ගම්පහ නගරයට පය තැබූ අයුරුත්, පළමු බැල්මෙන්ම නගරයට ආගන්තුක බව දැනුන නිසා ස්වේච්ඡාවෙන්ම ඇයට උදව් කරන්නට ඉදිරිපත් වූ ආකාරයත්...පාසල් ගුරුවරියක ලෙස ඇගේ පළමු පත්වීම ලද පාසල දක්වා ඇය තම රථයෙන් ගෙනගිය අන්දමත්, සිත්තම් පටයක ඇති රූප රාමු සේ වරින් වර ඔහුගේ ඉහ ඉද්දර ජීවමාන වෙයි.
මේ නම් පෙර සසරේ බැදීමක් විය යුතුය. ඇය වැනි උගත්, රූමත් ලලනාවක් තම පතිනිය කර ගන්නට ඇත්නම්......
ත්‍රී රෝසස් දුමෙන් ළය සැහැල්ලු කරගන්නට සිරිතිලකට සිතුනත් කීප විඩකදීම මේ කාරිය නවතා දමන ලෙස ඇගෙන් ලද ඉල්ලීම් ඔහුට හදිසියේ සිහිපත් විය. අද සිට හෝ ඇගේ බහට අවනත වෙන්නට හෙතෙම අමාරුවෙන් හෝ තීරණය කළේය. තමාගේ දුම්පානයට විරුද්ධ වන්නට තරම් ඇයට මා සමග ඇති බැදීම කුමක්දැයි සිරිතිලක හට නොවැටහෙයි.
ඇතුළු කාමරයක නිදනා තම මෑණියන් සිරිතිලකට පෙනෙයි. පියා මියගිය දා සිට තමා හදාවඩා ගන්නට ඇය හෙළු දහිරියත්, කණකර සමග පරම්පරාවෙන් ලැබුනු ඉඩමක්ද විකුණා කුලීරථ රියදුරෙක් වන්නට තමාට මග හෙළිකල මතකයත් ඔහුගේ හිත සංවේදී කරයි.
කවදා හරි බදින ගෑණි අපේ අම්මට සැළකුවේ නැත්තං....
මේ සිතුවිල්ල නිසාම කිසිකලෙකත් කාන්තා පරාණයක් දෙස උවමනාවෙන් නොබැලූ, විවාහයක් ගැන නොසිතූ සිරිතිලකට සුජාතා බණ්ඩාරමැණිකේ නම් මේ යුවතියගේ ගතිගුණ හමුවේ ඒ අහේතුක භිය පහව ගොස් තිබේ.
හැමදාම පස්සෙ සීට් එකේනෙ යන්නෙ...අද මම ඉස්සරහට එන්නද ඩැයිවර් මහත්තයෝ ?
එක් උදෑසනක සුජාතා සිරිතිලකගෙන් විමසුවාය.
ඉස්කෝලෙ නෝනා කැමති නං එන්න...මගේ අහිතක් නෑ...අපිට ඉතිං වැඩිදුරක් යන්න තියෙන එකක්යැ...මේ නැග්ගා මේ බැස්සා....
කුලීරථ නැවතුමේ සිට ඇය උගන්වන පාසලට එතරම් දුරක් දුරක් නොමැති හෙයින් සිරිතිලක එසේ දෙඩුවේය.
ආ ගන්න....
මොනවද ඔය පාර්සලේ....
තමා වෙත දිගුකල පත්තර කොළයක ඔතන ලද පාර්සලයක් ඇගේ සුරතේ වෙයි. ඇගේ රෝස පැහැති සිහින් අතැගිලි මිසක සිරිතිලකට පාර්සලය පිළිබද වගේ ගනනක් නැත.
ඇයි එපාද...මම ගිය සතියෙ ගෙදර ගිය වෙලේ අම්මා හදලා දුන්න අළුවා...කජුත් දාලා....රහයි...
පාර්සලය තමා වෙත බාරදෙන විට ඇගේ රතැගිලි තමාගේ අතැගිලි හා ස්පර්ශ වූ කල සිරිතිලකට දැනුන හැගීම පෙර කිසිදු දිනක ඇති වූ එකක් නොවේ.
අනේ ඉස්කෝලෙ අහවර වෙන වෙලාවට මාව රස්තියාදුවෙ නොදමා අදත් වෙලාවට එනවා නේද...කාර් රථයෙන් බට සුජාතා ඔසරියේ නෙරිය සකසා ගන්නා අතරතුර ඉදිරි කවුළුවෙන් එබෙමින් සිරිතිලකගෙන් ඇසුවාය.
මේ අවුරුදු තුනටම මම ඕනෙ නම් දවස් දෙකක් පරක්කු වෙලා ඇවිල්ලා ඇති. ආයාසයෙන් මවාගත් තරහක් මුහුණට ආරූඩ කර ගනිමින් සිරිතිලක එසේ පැවසූවත් ඒ සැබෑ තරහක් නොවන බැව් ඇය දැන සිටියාය.
නෑ අනේ මේ අපේ ඉස්කෝලෙ නෝනලා ඔයා එන්න පරක්කු වෙද්දි මට විහිළු කරනවා මහත්තයා ආවෙ නැද්ද කියලා ඒකයි එහෙම කිව්වෙ...මම යන්නං එහෙනං.
ඇගේ පුළුලුකුල දෙපසට වැනෙනා රිද්මය දෙස තවත් මොහොතක් ආශා සහගත දෑසින් බලා සිටි සිරිතිලක හිස් හැගීමකින් යුතුව තම රථය කුලී රථ ගාලෙහි නැවැත්වූවේය.
සූටියෝ මෙන්න අපේ මනමාලයා ඇවිල්ලා...රථගාලේ ජේෂ්ඨ රියදුරා වන මාටින් අයියා කාගේත් හිත දිනාගත්තෙකි.
අපිට කොහෙන්ද මාටින් අයියා සිරිතිලක මලයට වදින හයර් වදින්නෙ...පේනවනෙ දැන් නුවර ඉස්කෝලෙ නෝනලා ඉස්සරහා සීට් එකේ යන්නෙ.....
උඹටත් එහෙම හයර් වදියි සූටියො...හැබැයි මේ ආත්මෙ නෙමෙයි...ඊලග ආත්මෙ...
දැන් අපේ කාලෙ ඉවරයි බං...බලහං අපේ වාහන වගේම තමයි අපේ පෙනුමත්...
සිරිතිලක මලයා ඉතිං ගජ ඉලන්දාරියා නොවැ...මෙතනට එන ඕනෙ කෙනෙක්ට ඉස්සෙල්ලාම ඇහැ යන්නෙ මලයගෙ කාර් එකට....අලුත්ම වාහනේකට මෙතැන තියෙන්නෙ ඉතිං ඕක විතරනෙ...
තම කරවටා අතක් යවමින් සිගරැට් පැකැට්ටුව කමිස සාක්කුවෙන් ඉවතට අදිනා මාටින් අයියා තවත් මොහොතකින් සිරිතිලක වෙතද සිගරැට්ටුවක් දිගු කලේය.
ඉදා මලයො...
එපා මාටින් අයියෙ...මම සිගරට් බොන එක නැවැත්තුවා...
අප්පද බොල...මාටින් අයියා, අද මේ හොදට ඉර පායලා තිබුනට දවල් වෙද්දි වහීද මන්දා...
මොකද බොල එක පාරටම එහෙව් තීරණයකට ආවේ...සිරිතිලක වෙත දිගුකල සිගරැට්ටුව සූටියා වෙත දිගු කරමින්ම මාටින් අයියා විමසුවේය.
නෑ ඉතිං මටම හිතුනා...නැවැත්තුවා...සිරිතිලක කකුලේ මාපට ඇගිල්ලෙන් බිම හාරමින් පැවසුවේය.
ඉස්කෝලෙ නෝනද නවත්තන්න කිව්වෙ...අපිටත් එහෙම නෝනලා මුණ ගැහුනා නම් ගොඩාක් දේවල් නවත්තලා...නැද්ද මාටින් අයියා...සූටියා දුම් වලල්ලක් ඉහළට යවා පපු කැනැත්ත සැහැල්ලු කරගත්තේය.
හැබෑට මලයො උඹ වගේ කඩවසම් හාදයෙක්ට ඒ නෝනා හොදට කැපෙනවා බං. නරකද තව ටික දවසක් යන්න ඇරලා හිමින් සීරුවෙ අදහස කියලා බැලුවොත්...මොකද උඹ කියලා නරක එකෙක්යැ...තමන්ටම කියලා අලුත්ම කාර් එකක් තියෙනවා, ඉන්න හිටින්න ගේ තියෙනවා...උගත් කමත් උඹේ නරක නෑ නොවැ.
බලමුකො මාටින් අයියා...උඩරට ඇත්තියක් මේ මට කැමති වෙයිද ? එයා අද මට ගෙදරින් හදාගෙන ආපු අළුවා පාර්සලේකුත් දුන්නා උදේ ඉස්කෝලෙට අැරලපු වෙලේ. දවල්ට බත් කාලම කමු. දැන් මට එයාගෙන් කුලිය ගන්නවත් හිතෙන්නෙ නෑ.

සල්ලි එපා නෝනෙ...මේ පොඩ්ඩ දුර දවස ගානෙ ආවා ගියා කියලා මට ලොකු පාඩුවක් නෑ. තවත් ටික දොහක් ගිය තැන සිරිතිලක ඇගට පතට නොදැනී කීවේය.
එහෙම කියන්න එපා සිරිතිලක. ඔයා කරන්නෙ ඔයාගෙ රස්සාව. ඔයා සල්ලි ගන්නෙ නැත්තං ඔයා එක්ක නැතුව මම වෙන කෙනෙක් එක්ක මීට පස්සෙ ඉස්කෝලෙ යනවා. ඒකට කැමතිද ?
තමා දෙස එක එල්ලේ බලා සිටිනා ඇගේ කාන්තිමත් දෙනෙත දෙස තවත් වේලා බලාසිටින්නට අපහසු වූයෙන් සිරිතිලක එක්වනම අහක බලාගත්තේය. ඒ ඇසිල්ලේ ගුලි වූ මුදල් නෝට්ටුවක් කමිසයේ උඩ සාක්කුවට ඇගේ අතැගිලි වල පහස ලබමින් වැටුන බවක් සිරිතිලකට දැනුනේය.
ඇගේ සුපුරුදු ගාඩිනියා පුයර සුවදින් තම නාස් කුහර මන්මත් වෙද්දී සිහින් රිදුමක් හටගත්තේ හදවතේ ඇතුලු නහරයකින් විය යුතු යැයි සිරිතිලකට සිතුනේය.
මම වෙන කෙනෙක් එක්ක මීට පස්සෙ ඉස්කෝලෙ යනවා.
ඒ වදන ඇසූ සැනින් මේ හැටි රිදෙන්නෙ ඇයි. මම සුජාතට ආදරේ කරනවද ? මේ හැගීමේ අවසානය කුමක් වෙයිද ? සිරිතිලක තමාගෙන්ම ඇසුවේය.
ඒ ගමන මොකද සද්දයක් නැත්තෙ...මා එක්ක තරහා වෙලාද, මම දන්නවා ඔයා මට ගොඩාක් හිතවත් බව, ඒ හින්දනෙ පළවෙනි දවසෙ ඉදලම ඔයාගෙ කාර් එකටම නගින්නෙ. ඇගේ සිහින් සිනා හඩ කෙතරම් මිහිරිද, ඇගේ රුව කෙතරම් මනහරද? මේ දෙවියන් මා වෙනුවෙන් මවපු කෙනාද ? සිතුවිලි සමුදායක අතරමංවූ සිරිතිලක හට රථයේ එන්ජිම පණගන්වන්නට තවත් මොහොතක් අවැසි වූවේය.

එක් සති අන්තයේ දිනෙක ඇය පාසල අවසානයේ හිල්මන් රථයට නැගුනේ මට පොඩ්ඩක් ඔයා එක්ක කථා කරන්න ඕනෙ යනුවෙන් පවසමිනි. ඇයට කියන්නට ඇත්තේ කුමක්දැයි විමසනු රිසිව සිරිතිලකගේ හිත නොසන්සුන් වද්දී උපන් දා සිට ඇවිද ගිය ගම්පහ නගරයේ කිිසිදු කලෙකත් අත් නොවිදි සොදුරු අපහසුතාවක් ඔහුට දැනෙන්නට වූවේය.
කියන්න...සිරිතිලක ඇසෙන නොඇසෙන අයුරින් ඒ වදන තෙපළා ඇගේ විඩාබර මුහුණ දෙස බලා සිටියේය.
තාත්තට ගොඩාක් අසනීපයි කියලා අම්මා ටෙලිග්‍රෑම් එකක් එවලා...ඉක්මනටම ගෙදර එන්න කියලා. කෝච්චියෙ නුවරට ගිහිල්ලත් එතන ඉදන් සෑහෙන දුරක් යන්න තියෙනවා. නුවරින් කුලියට කාර් එකක් අරගෙන තනියෙන් ගෙදර යන්න මට භයයි. ගෙදර අයටත් මාව ගන්න කියලා මේ හදිස්සියේ එවන්න කෙනෙක් නෑ. හැමෝම තම තමන්ගෙ වැඩ එක්ක හිරවෙලා. පුලුවන්ද මට මේ වෙලාවෙ උදව් කරන්න. ඇය ආයාචනාත්මකව ඔහු දෙස බැලුවාය.
තමාගේ සිත තමාටත් හොරෙන් ආදරය කරනා යුවතිය උදව්වක් ඉල්ලූ කලෙක එය කෙසේ ඉටුනොකර ඉන්නද ? සිරිතිලක ඇයට තමාට හැකි උපරිමයෙන් උදව් වන්නට ඉටා ගත්තේය.
ගාස්තුව විදියට සෑහෙන ගානක් යයි. ගම්පහ ඉදන්ම යන්න එපායැ. සිරිතිලක බැරෑරුම් පෙනුමක් මුහුණට ආරූඩ කරගනිමින් පැවසූ ආකාරයෙන් ඇය ඒ සත්‍යයක් බව සිතුවාය.
අනේ කමක් නෑ. ඔයා මගෙන් ගන්නෙ සාධාරණ ගානක් බව මම දන්නවා. ඇය බිම බලාගත්වනම කීවාය. පියාගේ අසනීපය නිතර ඇගේ මුව මඩලේ විකසිත වන සිනහව අතුරුදන් කර ඇති සෙයකි.
මට ශත පහක් එපා. ඔයා ඉස්සෙල්ලා තාත්තගෙ අසනීපයට වියදම් කරන්න. ඊට පස්සෙ අතේ තිබුනොත් මට කීයක් හරි දෙන්න, ඒ හොදටම ඇති...සිරිතිලක තිරිංග මත පාදය තද කරමින් පැවසුවේය.
අනේ....ඔයා කොච්චර හොද කෙනෙක්ද ? ගියර් ලිවරය මත තිබූ සිරිතිලකගේ වමත මත තම දකුණත තබමින් ඇය පැවසුවේ හැගීම්බරවය. පාසලේ උගන්වද්දී ඇගේ අතේ ගෑවී තිබූ රටහුණු ස්වල්පයක් ඇයටත් හොරෙන් සිරිතිලකගේ පිටි අල්ලේ ගෑවී තිබුනි.
කවදා හරි ඔයාව බදින කෙනා හරිම වාසනාවන්ත කෙනෙක් වේවි. හෙට උදේ පාන්දර 6 ට ඉස්ටේසුම ලගට එන්න මම ඇවිල්ලා ඉන්නම් මෙතනට. ඇය නියමිත මුදල ගෙවා රථයෙන් බැස දුම්රිය ස්ථානය කරා ඇදෙන තුරුම සිරිතිලක පියවි සිහියට පැමිණ සිටියේ නැත.
මම බදින්න කැමති කෙනා ඔයා කියලා මට කියාගන්න පුලුවන් නම්.......සිරිතිලක සුක්කානමට හිස තබාගෙනම කල්පනා කලේය.
දෙවන කොටස බලාපොරොත්තු වන්න
පසුව ලියමි : මෙය බ්ලොග් අවකාශයේ සිරා පොරක් වන සිරාගේ,"සිරාගේ කාමරේ" බ්ලොගයෙන් අමුඅමුවේ කල කොපි පේස්ට් කිරීමක් බව කරුණාවෙන් සලකන්න,බොක්කට වැදුනු කතාවක් හෙයින් හුදෙක් බොලා සමඟ බෙදාහදා ගැනීමේ අරමුණින් පමනක් මෙහි පලකරන ලද බව කරුණාවෙන් සලකන්න..
Updated : දෙවන කොටස දෙවෙනි පිටුවේ..
තුන්වන කොටස තුන්වන පිටුවේ..
සිරිතිලක සහ කුලී රථය 1 කොටස...
දෙවැනි වේදිකාවට පැමිණි දුම්රිය පොල්ගහවෙල බලා පිටත් වෙයි.
එම දුම්රිය පොල්ගහවෙල දක්වා සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත.

Last edited:

දෙවෙනි පිට්ටෙ දානවා...