Mamath MR ta chande denna theeranaya kala me sareth..
තවත් සිතා බැලිය යුතුද ..
‘දවසක් මම ගෙයක් දුටිමි- එය ගින්නට හසුව තිබුණි
රත් පැහැ ගත් ගිනි ජාලා එහි පියසින් උසට නැගුණි
එහි තුළ මම දනන් දුටිමි- දොර හැර ඔවුනට හඬගා
පිටවන්නැ යි මම කීවෙමි.
එහෙත් එදන සැලූණේ නැත- හදිසි බවක් පෙන්නුවෙ නැත.
එක් අයෙකුගේ රැවුල පවා පිළිස්සෙද්දි ඔහු ඇසුවේ
ගෙයින් පිටත මීට හොඳද- වැසි වසීද සුළඟ තදද
දැවෙන නිවෙස දමා ගොසින්- ඉන්න ගෙයක් තියෙනවාද?
මෙවැනි ප්රශ්න රාශියක් ය.
මම පිළිතුරු නොදී ඔහුට- නැවත වරක් වුණෙමි නිහඬ.
මට සිතුණා මේ දරුවන් නගන ප්රශ්න නවත්තන්නේ- ගින්නෙන් නැසුණාම කියා’.
‘‘සත්තකින්ම ප්රිය දරුවනි, යම් මිනිසකු පොළෝ තලේ
තැබූ දෙපා දැවෙන තුරා – වෙන තැනකට නොයාවි නම්
ඒ දන හට සරණ යන්න- බණක් නැතිය මට කියන්න’’.
එලෙසයි අප හිමි ගෞතම පිළිතුරු දුන්නේ පෙර කල.’