අලුත් අවුරුද්දේ නුඹට ලියමි...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    අලුත් අවුරුද්දේ නුඹට ලියමි...

    රත්තරං....:love:
    එහෙම කිව්වොතින් ඒක නුඹට කරන අවමානයක්...
    මොකද නුඹේ වටිනාකම, නුඹේ ආදරය, රැකවරණය
    මිල ඉහල පහල යන රත්තරං වලට සමාන කරන්න මට කොහෙත්ම බැහැ...

    මම නුඹට අප්පච්චි කියන්නම්...
    මොකද ඒ තමයි මගෙ ලෝකේ පිරිමියෙක්ට තියන අසම සම නාමය...

    පහුගිය අවුරුද්ද පුරා මගෙන් වුනු පුංචි පුංචි අඩු පාඩුකම් වලට පුළුවන් නම් මට සමාව දියන්...
    මොන තරම් කවිකාරියක් උනත් උඹේ ආදරේ පරද්දන්න ආදරේ කරන්න තරම් සංවේදී හිතක් නැහැයි කියල මට වෙලාවකට හිතෙනවා...

    පර්යේෂණාගාරයක් ඇතුලේ ඇහැට නොපෙනෙන
    සෛල වල පණ ගැහෙන හැටි හොයල ගෙදර එද්දී මගේ හොඳ පණ ගිහින්....
    මහන්සිය වැඩි කමට උඹ දිහාවේ ආදරණිය විදියට මොහොතක් බලාගෙන බැරි වෙන දවස් අනන්තයි අප්‍රමාණයි...
    එක හැල්මට මුළුතැන් ගෙට ගිහින්, බත රත් කරලා, එකට වාඩි වෙලා, කන්ටම විතරක් හදාපු ලංකාවේ ටෙලියක් දිහා බලාගෙන, රාත්‍රී ආහාරයෙන් සප්පායම් වෙලා, උඹව දවසේ වැඩ කටයුතු වලින් නිදහස් කලාට, සමහර දාකට ඒක මම කරන්නේ අප්‍රමාණ වෙහෙසෙන් කියල නුඹ හිතින් දුක් වෙන වග මම දන්නවා...
    නුඹ නොදන්නවට ඒ වගේ සිය දහස් වාරයක් මම දුක් වෙනවා උඹත් එක්ක හිනාවෙලා කතා කරන්න තරම් සැහැල්ලු මනසක් හදාගන්න මට බැරි උණු කමට....

    පර්යේෂණාගාර වලට හිරවෙලා ලෝකෙට සෙතක් කරපු බහුතරයක් මහා විද්වත්තු ජීවතේ ගෙව්වේ පර්යේෂණාගාරේ තමන්ගේ ගෙදර කරගෙන...හිතට එකඟව කතා කරනවා නම් මටත් එහෙම පිස්සුවක් තිබුනා...ඒ මම කරන හැමදේම මහා කැප වීමකින් කරන හන්ද...මගේ ජිවිතේ තියන හැම සියුම් දෙයක්ම මගේ ලේ නහර වලට කාවද්දගන්න හන්ද...හැබැයි මගේ ආදරේ වුනු උඹටත් එකේ කිසිම වෙනසක් තිබුනේ නැහැ...

    අපි දෙන්න ජිවිතේ පටන් ගත්තු මුල් කාලේ උඹ මට පහදලා දුන්න රස්සාවයි ජීවිතෙයි එකට පටල ගන්න එපා කියල...නැවත නැවත කිව්වා..මම ඒවාට හිත් අමාරු ගත්ත...උඹට දොස් කිව්වා...මම මාව සාධාරණී කරණය කරගත්ත...මම ඉපදුන දවසේ ඉදන් කලේ ඉගන ගත්ත එක උනාට මොන තරම් ජිවිතේ එක්ක හැප්පිලා තිබුනත්, මට අවුරුද්දක් විතරක් වැඩිමහල් උන උඹ ඒ වෙද්දීත් රැකියාවේ අවුරුදු 8ක් සම්පුර්න කරපු ජිවිතේ විවිධාකාර අත්දැකීම් බහුල පිරිමියෙක් කියල තේරුම් ගන්න මට තව අවුරුදු 4ක් 5ක් ගත උනා...ඒක තේරුම් ගන්න බත් මුට්ටි ගානක් ඉදවන්න උනා...අපි ගැහැණු විදිහට ජිවිතේ එක්ක හැප්පුනත් ජිවිතේ කියල දෙන්න, ජීවිතේ ඉගන ගන්න, විශ්වකෝෂයක් වෙච්චි උඹ වාගේ පිරිමියෙක් නොලැබුණා නම්, මම අද තේරුම් අරන් තියන දේවල් තේරුම් ගන්න මට තව අවුරුදු 20ක් වත් යාවි...මගේ ආචාර්ය උපාධියේ වපසරියට ඒවා කොහෙත්ම ලං වෙන්නේ නැහැ...ඒක තේරුම් ගන්න කලින් උඹ මගෙන් හුඟක් දොස් ඇහුවා, උඹ තාත්ත කෙනෙක් වගේ ඒවා ඉවසුවා...මට සමාවෙයන් නොදැනුවත් කමින් උඹේ හිත රිද්දුවට...උඹ තමයි මට ලෝකේ දිහා, මිනිස්සු දිහා විචාර බුද්ධියෙන් බලන හැටි කියල දුන්නේ...මගේ උගත් කමට බුද්ධිමත් කම එකතු කලේ...ඒවාට උඹට පිං...

    උඹව මම ඉස්සර වෙලාම දැක්කේ මම ආචාර්ය උපාධිය කරගහ ගන්න ජීවිතෙත් එක්ක සටන් කරපු කාලේ...මගේ පවුලේ එකම ගැලවුම මගේ දියුණුව කියල හිතාගෙන ඒකායන අරමුණක ජීවිතෙත් එක්ක ඔට්ටු වෙච්ච කාලේ...මම කවි කාරියක් කියල මට අමතක වෙලා තිබුන කාලේ...හෝමෝන වැඩි උණු අය්යලා බස් වල තමන්ගේ සිතැඟි ඉටු කරගන්න එද්දී උන්ට කන් දෙක රත් වෙන්න ධර්ම දේශනා දුන්නු කාලේ...මගේ තාත්තගේ අසනීපයත් එක්ක මගේ සියුමැළි ගැහැණු කම පෑල දොරින් පැනල ගිහින් තිබුන කාලේ...කොටින්ම තාත්ත නැති උණු අපේ පවුලේ මම මහා ලොක්කි උණු කාලේ...(දැනුත් නම් ඒකෙ වෙනසක් නැහැ...එක දුරකථන ඇමතුමයි....) ඔන්න ඒ කාලෙම තමයි උඹ මගේ ජීවිතේට ලං වෙලා මගේ මල්ලි මාව පරිස්සම් කරගන්න හිතාගෙන අරන් දුන්නු පුංචි හෑන්ඩ් ෆෝන් එකට අනවසරයෙන්ම පළමු හිතුවක්කාර කෙටි පණිවුඩය එව්වේ...:love:

    සංගීත පිස්සෙක් උණු උඹ ආයිමත් මාව කවිකාරියක් කළා. උඹ මගේ ගල් හිතේ කුරුටු ගී කෙටුවා...දුක් කරදර පිරිලා තිබුන මගේ ජිවිතේ හිටපු සංවේදී ගැහැණියව හරියටම දැක්කේ උඹම විතරයි.. මගේ අම්මයි මගේ ආදරණිය මල්ලියි ඇරුණම මගේ ගති සිරිත් වල හැම අහු මුල්ලක් නෑරම අඳුර ගත්තු එකම පිරිමියා උඹ....මම දන්නවා මගේ පරස් පර විරෝධී ගති ගුණ තොර බේරා ගන්න උඹටත් සෑහෙන කාලයක් දුක් විඳින්න උනා...මට අද වගේ මතකයි උඹ මම දුරකතනයෙන් උඹත් එක්ක කතා කරපු පළමු දවසේ උඹ කිව්වා "ඔයාගේ ලියන වචන තරම් ඔයා කතා කරන වචන සංවේදී නැහැයි කියල". ඒක ඇත්ත මම මල් කඩන සංස්කෘතියේ ආරම්භයේ පුරුකක් උනත් මම හුරතලේට නැලවිල්ලේ කතා කරන්න අදටත් දන්නේ නැහැ...ඒත් කියන හැම වචනයක්ම වගකීමෙන් කියන්න, අහන කෙනාට ඒ වචන වලින් විශ්වාසයක් රැකවරණයක් ඇති කරන්න, ඒ කෙනාගේ පපුවටම දැනෙන්න කතා කරන්න මම දන්නවා...

    උඹ වෙනුවෙන් මම අවුරුදු ගාණකට පස්සේ මම කවියක් ලිව්වා...උඹ පුදුම උනා ආචාර්ය උපාධිය පස්සේ දුවන මට එහෙම සංවේදී හිතක් තියන එක ගැන. අද මේ එළකිරියේ මල්ලිලා මට කියනව වගේ...උඹ මගේ කවියට තාලයක් දාලා ගිටාර් එක ප්ලේ කර කර දුරකථනයෙන් මගේ නිර්මාණය සිංදුවක් විදියට ගායනා කළා...එදා තමයි මම උඹේ සංගීත හැකියාව ගැන දැන ගත්තේ..අපි සිංදුවක් කළා...ඒ සින්දුවෙන්ම අපේ ජිවිතේ පටන් ගත්තා...ලෝකෙට නාහෙට නාහන හිතුවක්කාරයෙක් උනු උඹ මගේ ළඟ පොඩි දරුවෙක් උනා...මම උඹට අම්ම කෙනෙක් උනා..උඹ මගේ තාත්ත උනා...මම මහා රෝහලේ හර්ද ඒකකයේ නේවාසික වෙද්දී උඹ මරදාන ඉස්ටෙශ්මේ බංකුවක් උඩ රැය පහන් කළා...උඹේ ප්‍රාර්ථනා වලටමද කොහෙද කොහෙන්ද මගේ ජීවිතේට කඩා පහත් උන ඒ අසනීපෙ දන්නෙම නැතිව අද හොඳ වෙලා...


    මගේ හැම ප්‍රශ්නෙකටම උඹ ළඟ හැමදාමත් උත්තර තිබුනා...උඹට යක්ෂ හිතේ හය්යක් තිබුනා..අදටත් මේ හැමදේම උඹ ළඟ තියනවා...මේ ලෝකේ උඹ කියනවා වගේ උඹ නොදන්නේ නටන්න විතරයි..උඹට නටන්න බැහැ..උඹ නටද්දී මට හිනා යනවා...ඒත් උඹ නොදන්නා වෙන දෙයක් ගැන මම ඇත්තටම දන්නේ නැහැ...උඹට සාමාන්‍ය උපාධියක්වත් නැති උනාට ආචාර්ය උපාධි දහයකට දෙන්න බැරි නුවණක් සහ බුද්ධියක් උඹට තියනවා...මම හන්ද රජයේ රැකියාව නැති කරගෙන උඹේ ලංකාවේ ව්‍යාපාර දාලා ආපු උඹට මේ ඇමෙරිකාව ඇතුලේ, මම උඹේ හීනෙ සැබෑ කරගන්න මුළු ජිවිතෙන්ම කැප වෙනවා ..ඒ උඹේම කියල ව්‍යාපාරයක් මේ රටේ හදා ගන්න උඹට හය්යක් වෙලා...

    අපි දෙන්නා ලෝකේ අගනගරයෙන් ජිවිතේ පටන් ගත්ත මුල් කාලේ අපේ ආදරේ හන්දා උඹ හුඟක් දුක් වින්දා...මහා හීතලේ උඹ සැතපුම් ගණන් පයින් ගියා රස්සා වලට...ලංකාවේ මොන ලොක්කටත් මේ වගේ රටකට ආවම වෙන දේ මම හන්ද උඹට සිද්ධ උනා...මම ඒ ගැන හිත හිත විඳවද්දී උඹ මට පිට්සා කෑල්ලකුත් අරන් පාන්දර 1ට 2ට ගෙදර ආපු කාලයක් තිබුනා...උඹත් එක්කම මම ඉතින් ඒක කාලා කටත් ඇරගෙන උඹ වැඩ කරපු කඩේ පාර අයිනේ අඩි ගානක් හිම අයින් කරපු හැටි, අඩියක් විතර හිම ගොඩේ උඹේ පුට් බයිසිකලේ කරේ තියාගෙන ආපු හැටි, නිදා නොගන්න නගරේ රෑට මත් වෙච්චි පැටව් පැටික්කියෝ අවසිහියෙන් කරන නාඩගම්, එකී නොකී අමුතු දේවල් ගැන කියද්දී කතන්දරේ වගේ මහා පාන්දර අහගෙන උන්න හැටි මතකයි...වායුසමීකරණය එහෙමත් නැත්නම් උණුසුම් කරපු පර්යේෂණාගාර ඇතුලේ මම නොදැකපු ලෝකේ මම එවෙලෙට උඹේ ඇස් දෙකෙන් දැක්කා...උඹට ඒ දවස් වල ලැබුණු හැම දුකම ජීවිතේට අත්දැකීමක් කරගන්න තරම් උඹ බුද්ධිමත් උනා...උඹ උඹට දැනගන්න ඕනේ කොටස ඒ හැම තැනින්ම ඉගන ගත්තා...ගෑස් station එකේ ඉඳන් රෙස්ටුරන්ට් එක දක්වා තියන හැම ව්‍යාපාරයකම අහුමුළු අවබෝධ කරගන්න තරම් උඹ බුද්ධිමත් උනා. පිට්සා, පාස්ටා, සැන්විච් අද මේවයින් ඕනේ දෙයක් උඹ හදන රසට හැර මම වෙන රසකින් කන්න කැමති නැහැ...අන්තිමේ උඹ, උඹට සුදුසු උඹ පතාගෙන ආපු රැකියාව ලබා ගන්න තරම් වාසනාවන්ත උනා...උඹ අවුරුද්දක් ඇතුලත උඹේ ආයතනයේ හොඳම සේවකයා සම්මානයට පාත්‍ර උනා...මට ඒ සම්මානේ දකින වතාවක් ගානේ ඇහැට සතුටු කඳුලක් එනවා...ඒත් මම උඹට ඒවා මහා ලොකු දේවල් නෙවේ කියල මම දන්නවා...උඹේ හීනෙ මම දන්නවා..උඹ මට මහා විශ්ව කෝෂයක්...මගේ හිතේ තියාගෙන ඇස් දෙක වගේ රැකගෙන උදේ හවා හිතෙන් වන්දනා කරන, උඹ මගේ දෙවෙනි අප්පච්චි...


    මම පර්යේෂණ අස්සේ ලොක්කොන්ගේ ලැබෙන පීඩනය දරා ගන්න බැරිව ඒක ගෙදරට ගෙනෙද්දී උඹම තමයි මට එලකිරියට එන්න පාර පෙන්නුවේ...ආයිමත් සැරයක් නිර්මාණකරණයට මාව දිරි ගැන්නුවේ..

    කාලයත් එක්ක උඹ මට කිව්ව හැමදේම ඇත්ත කියල මම තේරුම් ගත්ත..බහුතරයකගේ පරමාර්ථය තමාගේ වාසිය මිසක් රැකියාවට අවංක සේවයක් කරන එක නෙවේ කියල අමාරු පාරෙන් ඇවිදින් මම තේරුම් ගත්ත. ජීවිතේට දේවල් ලැබෙන්න ලැබෙන්න ජිවිතේ තවත් දේවල් ඉල්ලනවා ...මේක කවදාවත් නිමා වෙන සටනක් නෙවේ...සැබෑ තෘප්තිය තියෙන්නේ නිර්වාණ අවබෝධයේ කියන එක මම දැනගෙන උන්නත් ඒක කරුණු කාරණා සහිතව මට අවබෝධ කරගන්න උදව්වක් උනේ උඹ...ඇත්තටම කෙටි කාලෙකදී මට යන්න ඕනේ උසස්ම තලයකට මම ආව...ඒ එන ගමනේදී මගේ හිතෙන් උඹව මට මොහොතකටවත් මග නොහැරුණත් සමහර යුතුකම් මගේ අතින් මග හැරුන...ඒවා හදාගෙන මගේ පර්යේෂණ වලට අන්තවාදී නොවී ජිවිතේ සමබර කරගන්න හැටි මට කියල දුන්නේ උඹ...තව දෙයක් උඹ තමයි මට රසට උයන්න ඉගැන්නුවේ...ඇත්තමයි උඹ උයන කෑම හරිම රසයි...:yes::yes::yes:

    මම දැන් ගොඩක් උත්සාහ කරනවා මගේ ජීවිතෙන් වැඩිම කාලේ නුඹ වෙනුවෙන් දෙන්න...
    මොකද මේ කෙටි ජීවිත කාලේ මගේ දුක සැප හොයල නිමක් නැති ආදරයක් කොන්දේසි විරහිතව මට දෙන තුන්දෙනාගෙන් මගේ හුස්ම වැටෙන ඉසව්වේ ඉන්න එකම කෙනා උඹ හන්ද...
    මේ කලබල නගරේ අපි දෙන්නට ඉන්නේ අපි දෙන්න විතරක්ම හන්ද..
    ඇහැට නොපෙනන සෛල වලට වඩා උඹේ හුස්ම වල රස්නේ උඹේ දාඩිය සුවඳ උඹේ ආදරණිය ඇස් දෙක මට හොඳට දැනෙන හන්ද ...
    වෙලාවකට මම ගලක් වගේ උන්නට මම උඹට හරිම ආදරෙයි..මම බොළඳ වෙන හැටි කවදාවත් දැනගෙන උන්නේ නැහැ..උඹ හුඟක් ආදරේ ඕනේ මිනිහෙක්...ඒ තරමටම ආදරේ කරන්නත් උඹ දන්නවා..මේ තරම් ආදරේ කරන්න දැනගෙන ඉඳලත් මම, උඹ ඉස්සරහ පරාදයි...
    ජිවිතේ අනිත්‍ය ගැන මහා දාර්ශනික කතා කිව්වට, මට උඹ නැතුව එක තත්පරයක්වත් ජිවත් වෙන්න බැහැ...:(

    මේක උඹ එළකිරියේම දකීවි...මම දන්නවා උඹ හරිම ආසයි මේ වගේ දේවල් වලට...:love:මේ තමයි මගේ ආදරේ...උඹට මොහොතකට හරි හිතුන නම් මට උඹ ගැන පුංචිම දෙයක් හරි අමතක වෙලා කියල, මම මැරෙන තුරාවට ඒ කිසි දෙයක් අමතක වෙන්නේ නැහැ...


    මේ ලබාපු අලුත් අවුරුද්දේ මට උඹ වෙනුවෙන් කරන්න ප්‍රර්ථනා දෙකක් තියනවා..
    ලබන හැම තත්පරයක්ම උඹ නිදුක් නිරෝගී වෙලා මගේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න ඕනේ..
    හැම දුකක්ම දරාගෙන අලුත් අඩි තිය තිය ජිවිතේ ඉස්සරහට යන්න යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕනේ .....:love::love:


    උඹට තෙරුවන් සරණයි....


    මේ උඹේ සුදු මැණිකේ (හැබැයි මට කාලෙකින් එහෙම කිව්වේ නැහැ):love::love:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හිතේ හිරවෙලා තියන දේවල්
    ඔයාගේ හස්බන් ගැන වෙන්න ඕනි
    ඔය දෙන්නටමමයි ළමයි ලපටි ඉන්නවනම් එයාලට්යි
    ඔක්කොමට සුභ 2015
    හිතේ තියන දුක් කරදර පීඩනය නැතිවෙලා
    ජීවිතය සහ්ලුවෙන් ගෙවන්න වාසනාව ලැබේව කියලා පතනවා
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    හිතේ හිරවෙලා තියන දේවල්
    ඔයාගේ හස්බන් ගැන වෙන්න ඕනි
    ඔය දෙන්නටමමයි ළමයි ලපටි ඉන්නවනම් එයාලට්යි
    ඔක්කොමට සුභ 2015
    හිතේ තියන දුක් කරදර පීඩනය නැතිවෙලා
    ජීවිතය සහ්ලුවෙන් ගෙවන්න වාසනාව ලැබේව කියලා පතනවා

    ළමයි ලපටි නම් නැහැ ඉතින්..ඔව් මගේ මහත්තය වෙනුවෙන් ලිව්වේ..ඔයාගේ ප්‍රාර්ථනාවට ගොඩක් ස්තුතියි මල්ලි. ඔයාගෙත් හිතේ තියන සියලුම ප්‍රර්ථනා ඉෂ්ට වෙන නිදුක් නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    niyamie akkiii..oya godake lucky....oyai oyage siya paulatai subama suba nawa wasarake we waaaaaaaaa.....godake sathutin inna hamadama ......happy 2015....
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    niyamie akkiii..oya godake lucky....oyai oyage siya paulatai subama suba nawa wasarake we waaaaaaaaa.....godake sathutin inna hamadama ......happy 2015....

    godak sthuthiyi. oyatath oayage pavule hamotamath sathutayi sarthakathawayayi, nirogi kmayi pirunu suba nawa wasarak vewa !!!:l
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    10896924_815648171807150_1809539395058513062_n.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආදරෙන් ඉන්න ඔයාල දෙන්නට
    ලැබුවාවූ 2015 අලුත් අව්රුද්ද
    නිදුක්, නිරෝගී, සියලු පැතුම් ඉටුවෙන,
    වාසනාවන්ත
    නව වසරක් වේවා!​
     
    • Like
    Reactions: Dewrangi

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ආදරෙන් ඉන්න ඔයාල දෙන්නට
    ලැබුවාවූ 2015 අලුත් අව්රුද්ද
    නිදුක්, නිරෝගී, සියලු පැතුම් ඉටුවෙන,
    වාසනාවන්ත
    නව වසරක් වේවා!​

    ඔයාටත් ඔයාගේ පවුලේ සහ ආදරණිය වූ හැමෝටමත් සියලු පැතුම් ඉටු වන නිදුක් නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
     

    Bandi Putha

    Member
    Sep 30, 2014
    303
    34
    0
    anthima tika kiyawaddi... mage as dekata kadulu awa.. a wage deyak thamang biridagaken ahanna labenne kalathurakin.. yalu wela inna kale nam onnawatath wada.. husband godak luck.. a wagemayi oyath.. labuwa wuu 2015 awurudda..dennatama hoda wenna kiyala mama prarthana karanawa..

    mama meka kiyanne nam nikamata... 3 weniyek gana hithuwoth narakada..??
    :yes: may b thawath adaraneeya wewi ethakota.. ammageyi thathtageyi badima wenne daruwan..!!! jaya wewa...!!!
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔයාටත් ඔයාගේ පවුලේ සහ ආදරණිය වූ හැමෝටමත් සියලු පැතුම් ඉටු වන නිදුක් නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

    ඔයාගේ ත්‍රෙඩ් දැන් තමයි සම්පූර්ණයෙන් කියවලා ඉවර වුනේ. කලින් වතාවේ පෝස්ට් එක දාන්න කලින් ත්‍රෙඩ් එක කියෙව්වේ උඩින් පල්ලෙන්. ඒක එහෙම එකපාර කියවලා ඉවරකරන්න බෑ. කියවපු පේලි දෙපාර දෙපාර කියවන්න ඕනේ. මොකද කවදාවත් ඔය දෙන්නව ඇහැට දැකලා නැති අපේ හිත් වලට ඒ තරම් ඒ වචන ටික වදිනවා. ඒවගේම ඒකෙන් කොල්ලෙකුට ලොකු ආදර්ශයක් ගන්න පුලුවන්. මේවගේ දෙයක් අපට පේනන ඵල කලාට බොහෝම පිං.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මේක කියෙවුවහම ඇත්තටම ඔයාල ගැන ලොකු සතුටක් ඇති උනා. කොහොම උනත් ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔය දෙන්නගේ සියලු පැතුම් ඉටු වන සෞභාග්‍යයයෙන් සපිරි සුභ නව වසරක් වේවා කියල මම ප්‍රර්ථනා කරනවා !....
     
    Last edited:

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    anthima tika kiyawaddi... mage as dekata kadulu awa.. a wage deyak thamang biridagaken ahanna labenne kalathurakin.. yalu wela inna kale nam onnawatath wada.. husband godak luck.. a wagemayi oyath.. labuwa wuu 2015 awurudda..dennatama hoda wenna kiyala mama prarthana karanawa..

    mama meka kiyanne nam nikamata... 3 weniyek gana hithuwoth narakada..??
    :yes: may b thawath adaraneeya wewi ethakota.. ammageyi thathtageyi badima wenne daruwan..!!! jaya wewa...!!!

    oyage adhas walata saha prarthnawan walata godak sthuthiyi malli. oyatath oya adare karana hamotamath niduk nirogi wasanawantha aluth avuruddakata suba pathanawa. daru pataw ganath hithanna one. Theruwan saranayi...
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ඔයාගේ ත්‍රෙඩ් දැන් තමයි සම්පූර්ණයෙන් කියවලා ඉවර වුනේ. කලින් වතාවේ පෝස්ට් එක දාන්න කලින් ත්‍රෙඩ් එක කියෙව්වේ උඩින් පල්ලෙන්. ඒක එහෙම එකපාර කියවලා ඉවරකරන්න බෑ. කියවපු පේලි දෙපාර දෙපාර කියවන්න ඕනේ. මොකද කවදාවත් ඔය දෙන්නව ඇහැට දැකලා නැති අපේ හිත් වලට ඒ තරම් ඒ වචන ටික වදිනවා. ඒවගේම ඒකෙන් කොල්ලෙකුට ලොකු ආදර්ශයක් ගන්න පුලුවන්. මේවගේ දෙයක් අපට පේනන ඵල කලාට බොහෝම පිං.

    ගොඩක් ස්තුතියි මල්ලි. ඒක ඇත්ත, මගේ මහත්තය සියලු සැප සම්පත් සහ අනේක දුක් එක හා සමානව විඳපු කෙනෙක්. ඒ කොයිම වෙලාවකවත් එයා උද්දාමයට පත් උනේවත් සැලුනේවත් නැහැ. හැමදෙයක්ම ජීවිතේට අත්දැකීම් කරගත්ත. අලුත් දෙයක් ඉගන ගත්තා. තමන්ගේ අරමුණු වලට යන්න උදේ හවස වෙහෙස මහන්සි උනා. කොටින්ම ජිවිතේ කිසිම දෙයක් එයාට අභියෝගයක් නෙවෙයි. ඒ අතින් මමයි එයයි හිතන පතන විදිය එක සමානයි. ඒ නිසා තමයි අපි දෙන්නම අද සතුටින් ඉන්නේ. හැමෝම ඒ විදියට හිතන්න උත්සාහ කරනවා නම් ජිවිතේ සාර්ථක කරගන්න ලේසියි.