2. Oil මාරු කිරීම
සාමාන්‍ය කාර් එකක 5000km ට සැරයක් oil change කරන්න වෙන්ව. නමුත් hybrid කාර් එකක 10000km ට සැරයක් වගේ තමයි oil change එකක් කරන්න වෙන්නේ. මේ දවස් වල service එකකට යන වියදම දන්නා කට්ටියට තේරෙනවා ඇති මේක කොච්චර ඉතිරියක් ද කියල.
>> Synthetic oil දාන ඕනෙම වහනයක් මෙහෙම තමයි. Change interval එක 10K. ඕනේ තරම් petrol වාහන එනවා සින්ත එක්ක
3. පරිසරහිතකාමීබව
මේ වාහන වල ඉන්ධන අඩුවෙන භාවිතා කරන නිසා හරිතාගාර වායුවට බලපාන පරිසරයට මුදා හරින්නේ අඩුවෙන්.
>> Hybrid බැටරිය ඉවත් කිරීමේදී ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ. නැත්තම් මොකක් තිබුනත් වැඩක් නැහැ.
4. අලුත්වැඩියා
Hybrid වාහන සාදනු ලබන්නේ ඉතාමත් ඉහල තාක්ෂණයක් උපයෝගී කරගෙන. මේ නිසා අලුත්වදියාවක් අවශ්‍ය වන්නේ ඉතා කලාතුරකින්. ලංකාවෙත් මේ වෙනකොටත් කොලබ ඇරෙන්නට තවත් තැන වල මේ Hybrid වාහන සදහා වෙන් උන තැන් තියනවා. තව ඉස්සරහට තවත් මේ වගේ තැන් වැඩි වෙනවා.
>> කොහෙත්ම නැහැ, දේවල් වැඩි වෙන්න වැඩි වෙන්න කැඩීමේ සම්බව්යහවයත් වැඩි වෙනවා. ඔයාගේ තියරිය හරි නම් Merc කැඩේන්නම බැහැනේ
6. ආරක්ශකාරීබව
ගොඩක් අය තාම තේරුම් අරන් නෑ Hybrid කාර් ඇයි සාමාන්‍ය කාර් එකකට වඩා ආරක්ෂාකාරී කියල හිටං. Hybrid කාර් වල බැටරියට යොදා ගන්නේ nickel laid කියන සංයෝගයයි. නමුත් සාමාන්‍ය කාර් එකක බොහෝ දුරට තියෙන්නේ lead acid බටරියකුයි. ඒ වගේම මේ කාර් වලට ඉන්ධන පොඩි ප්‍රමාණයක් තමයි අවශ්‍ය වන්නේ. මේ කරුණු නිසා සාමාන්‍ය කාර් එකකට වැඩ හදිසි අනතුරකදී Hybrid කාර් එකක් ගොඩක් ආරක්ෂාකාරී.
>> ඇත්තටම ආරක්ෂාව අඩුයි, මොකද ලංකාවෙත් බැටරි ගිනි ගත්ත සින් එකක් ඇහුව මතකයි. කිරියේත් නිකන්ම ගිනිගත්ත වහනයක් දාල තිබ්බ මතකයි.