ඒ වුනාට බන් ,report නොකරන නිසා තමයි කෙල්ලොන්ගේ අතින් කොල්ලෙක් දූෂණය වුනාම ඒක ගැන කවුරුත් හොයන්නේ නැත්තේ. කෙල්ලෙක් rape වුනොත් මිනිස්සු මැරෙන්න හදනවා, රේප් කරපු එකාව හිරේ දානකම් නමුත් ඕකේ අනෙක් පැත්ත වුනොත් කමක් නෑ, ඌ lucky වෙන්න ඇති අරවද මේවද ගොඩයි. ඒ වගේම රේප් වෙච්ච කොල්ලොන්ටත් වැරදි මානසිකත්වයක් සමාජය විසින් දෙනවා, කෙල්ලෙක් අතින් රේප් වෙන එක හොදයි කියලා. උබ හිතන්න ඔය මානසිකත්වයම කෙල්ලොන්ගේ ළගත් තිබ්බා නම් ස්ත්‍රී දුෂණ කියන දේ දරුණු අපරාධයක් වෙයිද? එතකොට ස්ත්‍රී දුෂණ කියන දේ සාමාන්‍යය දෙයක් බවට පත් වෙනවා. හැම දේටම වැරැද්ද සමාජයේ, සමාජය කොල්ලොන්ට කියනවා උබලා කෙල්ලොන්ගේ අතින් රේප් වුනොත් ඒක ගොඩක් හොදයි, උබලා lucky , මේ සමාජයම කෙල්ලොන්ට කියනවා, උබලා කොල්ලෙක් අතින් රේප් වුනොත් උබලා විනාශයි, උබලගේ නම්බුව ඉවරයි, අර කොල්ලා දරුණු අපරාධයක් කරේ, ඌව එල්ලන්න ඕනේ. අපි ජීවත් වෙන්නේ gynocentric සමාජයකයි මම හිතන්නේ මේකට හේතුව ඒකයි.