පද පේළී - EK LYRICS THREAD PART 2

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    mmeyqc.png

     
    • Like
    Reactions: rcccc and DAMER

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට දුක හිතෙනව හැමවිට දැන්
    ඔබ ළඟ නැති හන්දා
    මුලු රෑ නින්දක් නැහැ මට දැන්
    ඔය ඇස් සිහිවෙනවා
    හඬන තරම් දැවෙන තරම්
    ඔබ හින්ද මං ජීවිතේ
    වෙන කවුරුත් නැහැනෙ ඉතින්
    මං තරම් ආදරේ

    මගේ සෙනෙහේ ඔයා හැරදා
    ගියත් අද වෙන්වෙලා
    වැටෙන කඳුළත් ඇසේ හංඟන්
    හිඳිමි ඔබ ‍එනතුරා
    හදේ සුසුමන් පවා
    ඔයා පතනව සදා
    ලොවේ සිටිනා තුරා
    මගේ පණ ටික ඔයා

    ඔබ ම පතලා සසරෙ දිවියේ
    තනිය මට ළංවෙලා
    කවුද දන්නේ මගේ ශෝකේ
    ළයට දුක හුරුවෙලා
    රැයේ සිහිනේ පවා
    හඬයි මා තනිවෙලා
    ලොවේ සිටිනා තුරා
    මගේ පණ ටික ඔයා

    මට දුක හිතෙනව ..........


    ගායනය :- රොෂාන් ප්‍රනාන්දු
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මල් පිපෙනා වසන්තයට...

    මල් පිපෙනා වසන්තයට
    අයිති වේද පුරහඳ
    ඔබ තරුවක් වී කළුවර රෑ
    මා බලන්න එනවද...

    සුබ සිහින පොතම ඉවර වෙලා
    ගොළු වුණාම සී පද
    රෑ සුසුම් හෙලන සුළඟ වුණත්
    මා ළඟ නවතීවිද
    මට මගේ කියා කියන්න
    ඔබවත් අවසර දෙනවද...

    නිල් එළිය ඇවිත් කවුළු දොරින්
    අරන් ඔබේ සුසුවඳ
    මගෙ නම කියලා කතා කරන
    තුරු බලාන ඉන්නද
    ඔබ එන්න එපා ඒත් එපා
    කීවෝතින් පුරහඳ...

    -ක්‍රිශාන්ත එරන්දක-
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    H.R Jothipala..............



    දකින දසුනේ දෙනෙත ඇඳුනේ~
    සොඳුරු ඔබ රුව වේ..
    පවන ඇසුනේ සවන රැඳුනේ~
    ඔබගේ කටහඬ වේ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තෙමුනු සුදු ගවුමේ...

    තෙමුනු සුදු ගවුමේ
    ඇයිද ඔබ මේ සිසුවියගේ වත සිඹින්නේ
    නාරි රූපා පාන ශෝභා
    වහින වැස්සේ සැඟව සිතුසේ
    නුඹත් හරි වැඩ කරන්නේ...

    තුරුනු විය උතුරා මගේ
    නෙත ඉදිරියේ මේ අඳින සිතුවම්
    මුසුවුනා වාගේ මගේ සිත
    සතපනා දැහනක සුපෙම්...

    කුලුනු ගුණ බිඳ දා මෙසේ
    ඔබ පසුපසින් එන වැස්ස මනරම්
    නැවතුනා මාගේ විසල් ලොව
    කලඹනා මිහිරක පැතුම්...


    -වරදත්ත අරවින්ද-
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලියුම...

    අම්මේ අද මගේ දාසය වෙනි උපන් දිනේ
    මතකෙට ආවෙ සමරපු හැටි හය වෙනි එක මගේ
    ලියුමක් ලියන්න හිතා ගත්තා තනිවෙලා මගේ ලොකේ
    ඉස්සර වගෙනන් නුඹ තමයි මුලින්ම සුබ පැතුවේ...

    අනාථ මඩමේ කෑම අම්මේ මට වහයි
    උබෙන් ගුටියක් කෑවත් මට ඊට වඩා රහයි
    තරහක් එනවා හිතට මාව දාල ගිය එකට
    ආදරෙයි නු
    ට මගේ හීනෙට හරි එනවට...

    මවා ගන්නවා නුඹේ රූපේ මගේ හිතින්
    අකුරු බොඳ උනේ කදුළු වැටෙන නිසා නෙතින්
    හදින් අපි ලං වෙලා ඉන්න නිසා
    තනියක් නැහැ අම්මේ හිටියට දුරින්...

    එක පාරක් ලගට ඇවිත් අල්ලගන්න අතින්
    පරිවාසේට එන්න උනා සමාවෙන්න ඉතින්
    අනාථ උන විනාශ උන කාලකන්නි හිතින්
    මම සුබ පතනවා ඉන්න තැනක ඉන්න අම්මේ හොදින්...

    දෙවියන්දෝ මා හට කුරිරු උනේ
    ඉරණමදෝ මේ මගේ...
    මං ඉන්නේ ඔබේ මතකේ දැවටිලා
    අසරණ වී එදා මතකේ ගිනියම් උනා
    අඳ වුණු ජීවිතේ ලියුමක ලිය උනා...

    බල්ලන්ට සැප ළමයි මැරෙද්දි පාරේ
    තාත්තලා එක් වෙලා දුව කෙලෙසන කාලේ
    මම අම්මා හොයනවා පීරලා තුන් ලෝකේ
    තවත් එකෙකුගේ
    අම්මා මරලා ගන්න ඇගේ මාලේ...

    ජීවිත යකඩ මරණය කාන්දම
    ඒ කාන්දම මාවත් අදිනවා ටික ටික
    මොන රජෙක් උනත් අපි මැරෙනවා දවසක
    තව ඉවසන්න බැහැ මාව ගන්න
    නුඹේ ලඟට...

    අවතාර වගේ සිතුවිලි තනිකම ගාව
    තනියම අඬනවා නිදියනකන් තාම
    අම්මේ නු
    අද නැති නිසා මගේ ගාව
    තනිවෙලා මම මාංචු නැති හිර ගේක...

    අවුරුදු ගානක්
    නුට ලියපු ලියුම් මිටිය
    එවනවා දන්නවනං දිවිය ලෝකේ ලිපිනය
    ඇරයුම සතුටට දුක ආවෙ සාදෙට
    උපන් දිනේ දවසෙම
    නු ගියා සුනාමියට...

    දෙවියන්දෝ මා හට කුරිරු උනේ
    ඉරණමදෝ මේ මගේ...
    මං ඉන්නේ ඔබේ මතකේ දැවටිලා
    අසරණ වී එදා මතකේ ගිනියම් උනා
    අඳ වුණු ජීවිතේ ලියුමක ලිය උනා...


    නරකාදිය ඉදි කරන් මහා රළක සැඟවුනා
    නරකාදිය ඉදි කරන් ඔබ නිහඩව බොඳ උනා
    මාගේ ජීවිතේ මර උගුලක් උනා...

    දෙවියන්දෝ මා හට කුරිරු උනේ
    ඉරණමදෝ මේ මගේ...
    මං ඉන්නේ ඔබේ මතකේ දැවටිලා
    අසරණ වී එදා මතකේ ගිනියම් උනා
    අඳ වුණු ජීවිතේ ලියුමක ලිය උනා...


    Kaizer Kaiz ft LiL NeO

     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    MG Danushka..................


    තනි වූ වෙලාවක ඔබ මගේ ලඟ~
    ඉන්න මා හැරදා නොයා...
    පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත~
    දෙනවා මං නොමිලෙම ලියා..
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
    ඔබට ආදරේ කියනා අයුරින්
    පෙර දවසක මා පෙම් කරනා සඳ
    මටද ආදරේ කියා තිබේ...

    සාගර වෙරළේ සොඳුරු සෑඳෑවක
    රඟහල කෙළවර අඳුරු නිමේෂක
    අද ඔබ ළඟ ඔබ සනසාලන ඈ
    පෙර දවසක මා තුරුළට වී හිඳ
    මටද ආදරේ කියා තිබේ...

    සක්‌මන් මළුවක දෙපා ගෙවෙද්දී
    දොඩමළු පෙම්බස්‌ ගොළුවී යද්දී
    මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈ
    සනහස සඟවා දෙනෙත නුරාවෙන්
    මටද ආදරේ කියා තිබේ...
    :dull:
     
    • Like
    Reactions: DAMER

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    පෙරහැර එනවා කස පුපුරණවා හේවිසි නද පතුරණවා…
    කස කරුවන්ගේ දහඩිය මුඟුරින් පාවඩ මඟ අතුරනවා…

    යදමින් බැඳි ඇතු අසීරු ගමනින් හෙමිහිට පාද තබන්නේ...
    යන ගමනේ ඉම දැක ගනු රිසියෙනි ඇත් ගොව්වන් ගාටන්නේ...
    ගුරුන්ගෙ අණටයි නිදිමත දරු කැළ කළගෙඩි අරගෙන එන්නේ…
    පන්තේරුව බොල් පින්නෙන් නැහැවී දෑතට දියවී යන්නේ…

    පාර දෙපැත්තේ පොඩි මිනිසුන් දෙ‍ස නිළමේවරු නොබලන්නේ...
    රජ සිටුමැතිවරු නරඹන තැන් වල නිළමේවරු නවතින්නේ…
    එතැනදි වැයුමේ රිද්මය වැඩිවී හොඳ හොඳ නැටුම් පෙනෙන්නේ…
    එළි අඩු පන්දම් තෙල් නැති පන්දම් තෙල් ගල්වා දල්වන්නේ...

    හිතේ වේගයට හේවිසි හොරණෑ තම්මැට්ටම් අඬවන්නේ...
    මාළක්කම් මැද වෙස් නළුවන්නේ පීඩිත මු‍හුණු පෙනෙන්නේ...
    අඹු දරුවන්නේ කුස් පුරවන්නයි වන්නම් තාළ වයන්නේ...
    වේළ දෙවේළට අත සරු වෙන්නයි කොහොඹ කළේ නටවන්නේ...

    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
    සංගීතය - රෝහණ වීරසිංහ.
     
    • Like
    Reactions: DAMER

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    මල් පෙරහැර එන්නා සේ හිඳිමි
    ඔබ මහද පුරා ඇවිදින සුව විඳිමි
    ගැල් පෙරහැර යන්නා සේ නිදමි
    ඔබ අහක බලා ගිය පසු දුක් විඳිමි
    ඒ දුක නිමක් නැති එනමුදු කමක් නැතී
    යළි හිත හදා ගමි සදහට පතා එමි
    හඹා එමි සදා ඔබම පතමී

    නිල් තරු බිම විටිලා සේ දුටිමී
    ඔබෙ නෙතු සඟලේ එළි සේරම දුටිමී
    නිල් එළි පෙල දැවෙනා සේ දුටිමී
    ඔබ ඉවත බලා ගිය දුක හා ගැටෙමී

    සඳ රැජිනිය වඩිනා සේ දුටිමී
    හිත ඇතුලෙන් පන්තේරූ නැටුම් නටමි
    පෙරහැර මා හැරගිය බව දුටිමී
    ඔබ මා ලඟ නැවතී ඇති බව දුටිමී
    ඒ සැප නිමක් නැතී තාමත් පමා නැතී
    ඔබෙ සිත බදා ගමී සදහට සිනාසෙමී
    සිනාසෙමී සදා ඔබම පතමී

    නිල් තරු බිම වැටිලා සේ දුටිමී
    ඔබෙ නෙතු සඟලේ එළි සේරම දුටිමී
    සඳ රැජිනිය වඩිනා සේ දුටිමී
    සඳ ඇතුලෙන් පන්තේරු නැටුම් නටමී

    ගැල් පෙරහැර යන්නා සේ නිදමි
    ඔබ අහක බලා ගිය පසු දුක් විඳිමි
    පෙරහැර මා හැරගිය බව දුටිමී
    ඔබ අහක බලා ගිය දුක හා ගැටෙමී
    ඒ දුක නිමක් නැති එනමුදු කමක් නැතී
    යළි හිත හදා ගමි ඔබෙ සිත බදා ගමී
    හඹා එමි සදා ඔබම පතමී

    මල් පෙරහැර එන්නා සේ දුටුවා
    ඔබ මහඳ පුරා ඇවිදින සුව වින්දා
    පෙරහැර මා හැරගිය බව දුටුවා
    ඔබ අහක බලා ගිය පසු දුන් වින්දා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Sunil Edirisinghe...................


    අවපස අහසක තරු ලකුණක් සේ~
    අපමණ සයුරක තුරු දසුනක් සේ..
    දිගු දිවි ගමනේ..ඉම ඔබ රැඳුණේ~
    දිගු දිවි ගමනේ..ඉම ඔබ රැඳුණේ..
     
    • Like
    Reactions: thilihare

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    අවසන් කදුලත් අවසන් වෙනකන්

    අවසන් කදුලත් අවසන් වෙනකන්
    හඩන්න නෙතු නොපියා
    හෙට සිට ආයෙත් පාඩුවෙ ඉන්නම් කිසිවක් නොකියා
    ඹබ ගියා කියා මා කොහොම හිතන්නද මා දුප්පත් හින්දා

    වැලපෙනා වේදනා නුහුරු පපුවේ අවතැන් වෙලා හිතහදා ගන්න බෑ
    ඹබට පමනයි මා පෙම් කලේ
    ඹබ ගියා කියා මා කොහොම හිතන්නද
    මා දුප්පත් හින්දා
     
    • Like
    Reactions: thilihare and DAMER

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කණක මිණක තරුවක රුව
    නොපෙණුනි ඔබ දකින තුරා
    ලොවක සිරිය නොදුටිමි මා
    ඔබෙ සෙනෙහස ලබන තුරා

    විලක දොලක සුව නොලදිමි
    ඔබ මා හා රැඳෙන තුරා
    මලක සුවඳ ඇත මසිතේ
    ඔබ මා ලඟ සිටින තුරා

    අහස පොළව වටපිටාව හරිම හිස්තැනක්
    ගහක් කොලක් දියක් නොමැති කාන්තාරයක්
    ඇදී එන්න ඒ මොහොතේ හඬා වැටෙන හද මඬලට
    ඔබයි මමයි ඉන්නා තැන කොහෙද තනිකමක්
    නැහැනෙ තනිකමක්...
     
    • Like
    Reactions: thilihare

    kandegama91

    Member
    May 28, 2013
    61
    10
    0
    කණක මිණක තරුවක රුව
    නොපෙණුනි ඔබ දකින තුරා
    ලොවක සිරිය නොදුටිමි මා
    ඔබෙ සෙනෙහස ලබන තුරා

    විලක දොලක සුව නොලදිමි
    ඔබ මා හා රැඳෙන තුරා
    මලක සුවඳ ඇත මසිතේ
    ඔබ මා ලඟ සිටින තුරා

    අහස පොළව වටපිටාව හරිම හිස්තැනක්
    ගහක් කොලක් දියක් නොමැති කාන්තාරයක්
    ඇදී එන්න ඒ මොහොතේ හඬා වැටෙන හද මඬලට
    ඔබයි මමයි ඉන්නා තැන කොහෙද තනිකමක්
    නැහැනෙ තනිකමක්...


    :love:ඔබයි මමයි ඉන්නා තැන කොහෙද තනිකමක්
    නැහැනෙ තනිකමක්...:love:
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    හමු නොවනා ලෙස ආයේ....
    වෙන්වන්නද හමුවුයේ.
    ආදරේ දුන්න කාලේ ඉවරයිද
    වෙනස මට දැනෙනවා
    වේදනා දැනෙනවා
    අප හමුවූ මුල් දිනයේ ආදරෙන් සිත් වෙලී
    වෙන් නොවෙනා ලෙස දිවුරූ පොරොන්දුව කඩ වී
    වේදනා දෙන්න එපා මගෙ ආදරේ බිඳ දමා
    වේදනා දැනෙනවා මේ ආදරේ වෙනසක් වෙලා
    ඔබයි එදා මගේ සිතේ ආදරේ වැපිරුවේ
    ඔබම තැනූ මේ සිහිනේ තනිව මා ඉන්නේ
    වේදනා දෙන්න එපා මගෙ ආදරේ බිඳ දමා
    වේදනා දැනෙනවා මේ ආදරේ වෙනසක් වෙලා
     
    • Like
    Reactions: rcccc

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දුක දරාගන්න හිත හයිය වුණී
    ඔබ කියා දුන්නු පෙම හින්දමනේ
    මට හිනාවෙන්න පිණ තාම නොවේ
    පුදුමයක් වගේ හැර ගියපු දිනේ
    කවදා ද දැණුනේ මාව
    පිට කෙනෙකු සේ හිතනා
    හැමදා ම වැරදියි කීව
    මා වැරදි නෑ කරලා

    මගෙ කෙරුව දුකනම් ආයේ
    ඔබෙ වෙන්නෙපා
    මට තිබුණු හැම දේ වගෙ ම
    ඔබ වූ නිසා
    කවදා ද දැණුනේ මාව
    පිට කෙනෙකු සේ හිතනා
    හැමදා ම වැරදියි කීව
    මා වැරදි නෑ කරලා

    දිවි දෙවෙනි කෙරුවත් මාගේ
    නොලැබෙන නිසා
    හැපි හැපි හඬා ම මත්තේ
    හිත සැනසුවා
    කවදා ද දැණුනේ මාව
    පිට කෙනෙකු සේ හිතනා
    හැමදා ම වැරදියි කීව
    මා වැරදි නෑ කරලා

    දුක දරාගන්න ...............


    ගායනය :- ගයනි මධූෂා
     
    • Like
    Reactions: rcccc

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මගෙ හිතට හරි නැහැ... ලොකු දුකකුත් නෑ.. එත් මට ආදරේ කරන්න එනෙක් ඔනේ... මගේ දුක සතුට බෙදා ගන්න පුළුවන් කෙනෙක්... මං ගැන හොයන මට මේ ලෝකෙන් වැඩියෙන්ම ආදරේ කරන කෙනා... මට පාළුයි.. තනියි... හිත ගොඩක් නොසන්සුන්.... :(