වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

harithamanohara

Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    heeheh...... daanawada nadda kiyala baluweee... Vahana walin nam case ekak danata wela naha wennat epaa kiyala hithanava/pathanava..... gattu hama ekama waasidayaka widiyata wikka
    genalla dawas 4i oil maru karaa oil paranai... ammeeee haliiii soooiii taka taka taka taka saddee hoo gaala... nil dumath danava.. wadee goda engima aul... giya apahu aru gavata... mukut naha hadala dennam machan.. badu genat denna kivvaa... aneee e kale itin athee sathee naha ovva hadanna wadiya naha...
    timing chai,adjuster, piston rings, valve rubbers ehema daala gasket ehema daala enakota 45000/= paninava.....

    baluwa wikunanna... hariii soooke... engine nmb eka wenas... (baluwe nahane penumata rawatilaa asawa wadi kamata..... gedara ayai yaluwoi hoooo gaala baninava.....)
    .
    hari bayahanakai machanla samahara welavata... vahanayak ganiddi ganiyek ganna tharamata dewal balanna ona ada kale nam...!!!

    කොමද බන් අව්ලක් නැතුව eng num කෙටුවේ, පරණ එකට උඩින්මද?
    එල.bike වලදී උබ ගොඩක් උදව් කරලා තියනවා මේකේ උන්ට.. තැන්කු වේවා.
    :)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ටැක්ස් වදින්නේ නැතුව ලංකාවට ගේන්න පුලුවන්නේ බං. ඒකයි.

    එල............. අඩුවට ගෙනත් හෙන ලාබයක් තියන් දෙන්න පුලුවන් නිසා වෙන්න ඇති......
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල............. අඩුවට ගෙනත් හෙන ලාබයක් තියන් දෙන්න පුලුවන් නිසා වෙන්න ඇති......

    ඔව් මචං හැබැයි ගස් යන වැඩ. අහු වුනොත් ඉවරයි. හිතපංකෝ 175% ක් බදු ගහන එක මෙහෙට කෑලි කරලා බදු නැතුව ගෙනාවොත් කොහොමද ආතල් එක. ගෙනත් ඇසෙම්බල් කරලා, පරණ වාහනයක පොතක් හොයාගෙන, නම්බර්ප්ලේට් එක ගහනවා. දන්නෙ නැතුව අරගෙන, අහුවුනොත් ඉතිං බඩුත් රාජසන්තකයි. නඩුත් ගොඩයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් මචං හැබැයි ගස් යන වැඩ. අහු වුනොත් ඉවරයි. හිතපංකෝ 175% ක් බදු ගහන එක මෙහෙට කෑලි කරලා බදු නැතුව ගෙනාවොත් කොහොමද ආතල් එක. ගෙනත් ඇසෙම්බල් කරලා, පරණ වාහනයක පොතක් හොයාගෙන, නම්බර්ප්ලේට් එක ගහනවා. දන්නෙ නැතුව අරගෙන, අහුවුනොත් ඉතිං බඩුත් රාජසන්තකයි. නඩුත් ගොඩයි.

    ඒ කියන්නෙ අලුත් නම්බර් ප්ලේට් ඕවට ගහන්න බැරිද?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒ කියන්නෙ අලුත් නම්බර් ප්ලේට් ඕවට ගහන්න බැරිද?

    පොත නැතුව බෑනේ මචං. ඒ නිසා මම දන්න තරමින් වැඩියම වෙන්නේ අර වැඩේ. හැබැයි පොත් එහෙමත් හදනවද දන්නෙ නෑ බං. ලංකාවේ ඉන්නේ පට්ට හොරුනේ.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    කොමද බන් අව්ලක් නැතුව eng num කෙටුවේ, පරණ එකට උඩින්මද?
    එල.bike වලදී උබ ගොඩක් උදව් කරලා තියනවා මේකේ උන්ට.. තැන්කු වේවා.
    :)

    ;););)........................

    Lankavee ovva simple machoooooo.....

    originalma widiyata gahanava nam thani katuwen gahanava supiri waddo innava machan

    normal tibba place eka madala ain karala original nati widiyata gahanna 3000/= (numbers tiyana katu walin.. RMV eke karanava wagee)

    Chassi pava kotana eun innava ban...... habai amarui eka nam engine lesi.

    :):):):):)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කොමද බන් අව්ලක් නැතුව eng num කෙටුවේ, පරණ එකට උඩින්මද?
    එල.bike වලදී උබ ගොඩක් උදව් කරලා තියනවා මේකේ උන්ට.. තැන්කු වේවා.
    :)

    ලංකාවේ වැඩකරුවන්ට ඕවත් වැඩද බන්. මොටෝ බයික් එකක එන්ජින් නොම්බර කොටන එක හරිම සිම්පල් වැඩක්. ග්‍රයින්ඩ් කරා , පොලිෂ් කරා , කෙටුව. හැබැයි කොයි අයිය කෙටුවත් උසාවියකින් රස පරීක්ෂකට දැම්මොත් රස පරීක්ෂක කියනවා නුලටම ඔරිජිනල්ද, කොටලද කියල .

    නොම්බර කෙටිල්ල අපේ එවුන් කරාට චසියේ හෝ එන්ජිමේ අංකය කෙටිල ඇතුලට යන නියත ගැඹුරක් තියනවා . ඒ වගේම අකුරු අතරේ තියන පරතරය නියතයක් අන්තිම මයික්‍රෝ මිලිමීටරෙටම . හොරට කෙටුවාම ඒ කොටන අකුරු වල වෙනස රස පරීක්ෂක කෙනෙකුට ලේසියෙන්ම හොයන්න පුළුවන් වෙනස්කම් ඕන තරම් තියනවා. පියවි ඇහැට බැලූ බැල්මට නියම අංකය වගේ තිබ්බට පරීක්ෂණයක් කරද්දී එයාල ඔව්ව බලන්නේ අන්වීක්ෂ වලින් සහ විශාල කරපු චායාරුප සංසන්දනය කරලා. ඒ හින්ද ඕව කරලා මිනිස්සු රවට්ටන එවුන් කවදාක හරි අහු වෙනවා. ඕව හොයන්න ගත්තාම එක දවසින් වාහනයේ සියලු අයිති කරුවන් අත්අඩංගුවට අරගෙන තමයි පරීක්ෂණ කෙරෙන්නේ.

    අහවල් එක ලාච්චුවට දැම්මාම ඉතින් අහු නොවිච්චත් එක්කම තමයි කියන්නේ මුල ඉඳන්.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේක 2012 වෙච්ච සිද්දියක්.. ඔන්න අපේ බුවෙක් ගාව තිබ්බ 110 හොනට්ටුවක්... බයික් එකේ කන්ඩිෂන් එකගැන ආයේ කතා කරන්න දෙයක් නෑ... සුපිරියටම තිබ්බා... කොච්චර සුපිරිද කියන්නේ ඉස්සරහ ෆෝක් වල ඔයිල් සීල් වලින් ඔයිල් ලීක් උනේ නෑ..:P:P එන්ජිම Overheat වෙන්නේ නෑ...:P:P ටැංකිය දෙපැත්තම ඇඹිල තිබ්බෙත් නෑ වැටිලා...:P:P තව සීට් එක ඉරිලත් නෑ...:P:P Hump එකට කැටලෝයි තට්ටු පිටින් දාලා වැටිලා කැඩිලා තිබ්බ තැන් වහල තිබ්බෙත් නෑ... ටයර් තිබ්බේ Slicks :lol::lol::lol: .. ඉස්සරහ එක කැලිපර් එකක් හිරවෙලා තිබ්බෙත් නෑ.. තව එකී මෙකි නොකී ලෙඩ මුකුත්ම තිබ්බේ නෑ..:P:P:P:lol::lol::lol:හැබැයි මුගේ ගාන ලක්ෂ 3.50යි... ඔන්න ඉතින් මාස 7ක උත්සහයකින් පස්සේ එකෙක් ආවා (ඔව් ඔව් හාවෙක් :yes::yes::yes:) බයික් එක අරන් යන්න.. අනේ ඉතින් හාවා ලක්ෂ 3.50ක් දීල බයික් එක අරන් ගියා.. අපේ එකට කොච්චර සතුටුද කියනවා නම් අරුට අපේ බුවා ෆුල් ටෑන්ක් පෙට්‍රොලුත් ගහලා දුන්නා... හාව පව්.. ඌට වාහනේ පොතයි Trans. Papers දුන්නම ඇති වෙන ලියුම් මුකුත් ඕනේ නෑ කිව්වා.. අනේ ඉතින් හාවා පිටත් කරලා ඒ සතුටට එදා අපි 6 දෙනෙක්ට අපේ බුවා ගානේ හොදට කන්නත් අරන් දුන්න... පහුවදා ක්ලාසුත් කට් කරලා අපි ගියා ඌට තව බයික් එකක් ගන්න කුරුණෑගල... එදාම අපි තව හොනට්ටුවක් අරන් ආවා... මේක ගන්න මම ගිය හන්දා අර කලින් තිබ්බ ලෙඩ ඔක්කොම මේකේ තිබ්බා... :P:P

    ඔන්න දැන් අපේ බුවා හරිම සතුටින් සමාදානයෙන් වෙන්ට ගෑනිත් එක්ක හොනට්ටුවේ රවුන් ගහනවා.. කොහොම හරි අලුත් හොනට්ටුව ගෙනත් දැන් සතියයි... මෙන්න අපේ බුවා උදේ පාන්දර 9ට කෝල් කරලා මට කියනවා "අඩේ පට්ට සීන් එකක් උනානේ.. හාවා ඇවිත් මල පැනල මට තොගේ බයික් එකත් එපා, සල්ලිත් එපා, තෝම තියා ගනින් කියලා ගියානේ.. " කියලා කිව්ව.. මන් කිව්වා එහෙමනම් ආයෙම ඕක විකුණමු කියලා.. ඔන්න එතනින් කතාව ඉවරයි..

    ඉතුරු ටික පටන් ගන්නේ පහුවදා මුගේ ගෙදරට CID එකෙන් ඇවිත් මූව ජීප්පුවේ ඔබන් ගියාට පස්සේ... අපිට ආරංචි උනේ 2ත විතර උදේ 7ත තමා මූව ජීප්පුවේ තොරන් බලන්න එක්ක ගිහින් තියෙන්නේ.. ඔන්න ඉතින් අපේ බුවාගේ පියා වඳින්න ඕනේ හැම එකාටම වැඳලා, බටර් ගලා මූව රෑ 8 වෙනකොට එලියට ගත්තා.. එහෙදිත් හත් අට පාරක් කලන්තේ හැදිලා වැටිලා... මගදිත් දෙපාරක් වැටිලා.. ගෙදර ඇවිල්ල අපිව දැකලත් එක පාරක් වැටුනා... මූ ගොළු වෙලා කියහන්කෝ ජීප්පුවේ ගිය පාර..:P:P අපි බැලුවා මූට අතවරයක් වත් වෙලාද කියලා.. එහෙම සලකුණක්වත් තිබ්බේ නෑ... ඔන්න දවස් දෙකකට පස්සේ තමා මූ ගෙදර මිනිස්සුත් එක්ක වචනයක් කතා කරලා තියෙන්නේ..

    මුගේ බයික් එක අරන් ගිය හාවා එසේ මෙසේ හාවෙක් නෙමෙයිලු.. මිනී මැරුම් චෝදනා 8කට ඕනේ එකෙක්ලු.. ඌ බයික් එක අරන් ගිහිල්ල ගේමක් දෙන්න ගිහින් වැරදිලා.. බයික් එක දැකපු එකෙක් නොම්බරේ දීලා පොලෝසියට.. අයිති එකා බැලුවම අපේ බුවා.. අපේ බුවා ගාව වාහනේ වික්ක කියන්න කිසිම සාක්කියක් නෑ.. ලොලේ ලොල්.. ඒ මදිවට දැන් බයික් එකත් මූ ගාවනේ..CID එක අරන් ගිහින් මුගෙන් මුකුත් අහන්න කලින් ඌ ගැන ඌවත් දන්නේ නැති දේවල් දිගරිනවලු.. මොට්ටසෝරි ටීචර්ගේ නම හිටන් කිව්වලු.. යාළුවෙලා ඉන්න කෙල්ලගේ හත්මුතු පරම්පරාවේම විස්තරත් කියලා.. හැබැයි මූට කිසිම හිංසාවක් කරලා නෑ.. වෙලාවට මුගෙන් ප්‍රශ්න කරන අතරේ හාවව පොලොසියෙන් අල්ලලා.. ඒ හන්දා තමා මූව එවල තියෙන්නේ ගෙදර...පරණ බයික් එක අරන් ගිහින් තිබ්බ එදාම.. සිද්දීය වෙලා දවස් 4න් ගත්ත ගානට වඩා රුපියල් 30000ක් අඩුවෙන් අලුතෙන් ගෙනාපු එක විකිණුව.. එදායින් පස්සේ මේ වෙනකල් ඌ යන්නේ බස් එකේ.. ඒකා වැඩකරන කොම්පැනියෙන් මූට බයික් එකක් දීලා වෙලාවට වැඩට එන්න යන්න.. මූ මැනේජර්ට කියලා "අනේ සර් බයික් නම් එපා... මන් බස් එකේ එන්නම්, වෙලා යන එක ප්‍රශ්නයක් නම් මන් ජොබ් එකෙන් අස් වෙන්නම් " කියලා...:yes::yes:

    මචන් MT 6 එක පුරවනකොට ඒ තියන කොළ සෙට් එකේ විකුණුම් කරුට වෙනම RMV එකට තැපැල් කරන්න කොලයක් තියනවා නේද ගැනුම් කරුගේ ID copy එක්ක. මට මතක විදිහට එහෙම එකක් තිබ්බ. ඒ ගැන අපේ මිනිස්සු දැනුවත් කෙරෙන්නේ හරිම අඩුවෙන්. ඒ හින්ද තමයි මිනිස්සු නොදන්නා අයට වාහන විකුණලා පසුකාලීනව CID එකෙන් ඇවිත් උස්සන් යන්නේ.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;17798989 said:
    මගේ යාලුවෙක් ලාන්සර් බොක්ස් එකක් ගෙනාවා කාලෙකට උඩදි. අම්මේ මාර කන්ඩිශන් කාර් එක. සුපිරි කියන්නේ වදන් නෑ ඉතින්. ඒකාලේ ලාන්සර් එක 2.50ට යනවනම් ඌ ගත්තේ 3.25කට විතර. ඉතින් බුවා ගෙනල්ලා ඕක දුව දුවා උන්න, ඇතුල සම්පූර්න වෙල්වට් කරල තිබ්බේ. වාහනේ දෙනකොට සර්විස් කරලම දීලා වැඩි හොදට. අපේ සමහර උන් වාහන දුවන විදිහට එක පාරක් සර්විස් කරලා මාස ගාන සම්පූර්න උනාම මිසක් කිලෝමීටර් සම්පූර්න වෙලා සර්විස් කරන්නේ නෑනේ:P. කොහොමින් හරි මාස ගානක් ගිහින් සර්විස් එකට දාලා වාහනේ උස්සලා බලද්දි තමා සීන් එක දැක්කේ. අබ ලෑලි ෆ්ලෝ බෝර්ඩ් නට් එකට බෝල්ට් දාලා මවුන්ට් කරලා ඒ උඩ ඉස්සරහා සීට් දෙක හයි කරලා. අබ ලෑලි උඩින් වෙල්වට් ගහලා :baffled::baffled:

    අඹ ලෑලි ටික ගැලෙව්වනම් දොරෙන් බහින්න ඕනේ නෑ ෆ්ලෝ බෝර්ඩ් එකෙන් බැස්සහැකි. අපරාදේ කියන්න බෑ සෝක් ලෑලි ටික:baffled::baffled:

    බලපන් ඒ අයිති මහත්තය කොයිතරම් හොඳ මනුස්සයෙක්ද කියල.. කාර් එකක් එක්ක අඹ ලෑලි දෙක තුනකුත් දෙන්න තරම් ඒ මනුස්සය කොයිතරම් හොඳ මනුස්සයෙක්ද.. අඹ ලෑලි ගණන් බන් දැන් කාර් වලට වඩා..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොත නැතුව බෑනේ මචං. ඒ නිසා මම දන්න තරමින් වැඩියම වෙන්නේ අර වැඩේ. හැබැයි පොත් එහෙමත් හදනවද දන්නෙ නෑ බං. ලංකාවේ ඉන්නේ පට්ට හොරුනේ.

    වර්තමාන තත්වය නම් දන්නේ නැහැ.. එත් මීට අවුරුදු 5ක් 6ක් අතීතයේ නම් ලංකාවේ වාහන සබ්ජෙක්ට් එකේ මොනර කොළ වියදම් කරනවානම් ඕනෑම හොර මගඩියක් කරදෙන්න ඕනා තරම් හොර ඒජන්තල හිටිය අපේ ආශ්චර්යමත් රටේ..
     
    • Like
    Reactions: sha2009

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,606
    2,405
    113
    නිධානයක් උඩ
    පුළුවන් කෙනෙක් ඉන්නවනම් වාහනයක් ගන්න කොට එක නීතියානුකුලද කියලා බලන විදිහ කියනවද ?
    (මේකේ තියන ඒවා බලලා එකසිය ගානට බයවෙලා ඉන්නේ )
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ලංකාවේ වැඩකරුවන්ට ඕවත් වැඩද බන්. මොටෝ බයික් එකක එන්ජින් නොම්බර කොටන එක හරිම සිම්පල් වැඩක්. ග්‍රයින්ඩ් කරා , පොලිෂ් කරා , කෙටුව. හැබැයි කොයි අයිය කෙටුවත් උසාවියකින් රස පරීක්ෂකට දැම්මොත් රස පරීක්ෂක කියනවා නුලටම ඔරිජිනල්ද, කොටලද කියල .

    නොම්බර කෙටිල්ල අපේ එවුන් කරාට චසියේ හෝ එන්ජිමේ අංකය කෙටිල ඇතුලට යන නියත ගැඹුරක් තියනවා . ඒ වගේම අකුරු අතරේ තියන පරතරය නියතයක් අන්තිම මයික්‍රෝ මිලිමීටරෙටම . හොරට කෙටුවාම ඒ කොටන අකුරු වල වෙනස රස පරීක්ෂක කෙනෙකුට ලේසියෙන්ම හොයන්න පුළුවන් වෙනස්කම් ඕන තරම් තියනවා. පියවි ඇහැට බැලූ බැල්මට නියම අංකය වගේ තිබ්බට පරීක්ෂණයක් කරද්දී එයාල ඔව්ව බලන්නේ අන්වීක්ෂ වලින් සහ විශාල කරපු චායාරුප සංසන්දනය කරලා. ඒ හින්ද ඕව කරලා මිනිස්සු රවට්ටන එවුන් කවදාක හරි අහු වෙනවා. ඕව හොයන්න ගත්තාම එක දවසින් වාහනයේ සියලු අයිති කරුවන් අත්අඩංගුවට අරගෙන තමයි පරීක්ෂණ කෙරෙන්නේ.

    අහවල් එක ලාච්චුවට දැම්මාම ඉතින් අහු නොවිච්චත් එක්කම තමයි කියන්නේ මුල ඉඳන්.

    අපෝ. . .ඒ ඉස්සර බන්. . දැන් ලන්කාවෙ මන් දන්න තැන් දෙකක් තියෙනව මැශින් එකෙන් කොටන . . ගිහිල්ලා නම් නෑ. . ඒ උනාට කොටපුවා දැකලා තියෙනවා . . . අනිත් එක කාර් එකකට ලියකියවිලි නතුව පොතක් හදන්න පුලුවන් . . . එක පොතකට ලක්ශ 10 ක් - 12ක් වගේ දාන්න ඔනි වම් සාක්කුවට . . .
     
    Last edited:
    • Like
    Reactions: dj gamaya

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ලංකාවේ වැඩකරුවන්ට ඕවත් වැඩද බන්. මොටෝ බයික් එකක එන්ජින් නොම්බර කොටන එක හරිම සිම්පල් වැඩක්. ග්‍රයින්ඩ් කරා , පොලිෂ් කරා , කෙටුව. හැබැයි කොයි අයිය කෙටුවත් උසාවියකින් රස පරීක්ෂකට දැම්මොත් රස පරීක්ෂක කියනවා නුලටම ඔරිජිනල්ද, කොටලද කියල .

    නොම්බර කෙටිල්ල අපේ එවුන් කරාට චසියේ හෝ එන්ජිමේ අංකය කෙටිල ඇතුලට යන නියත ගැඹුරක් තියනවා . ඒ වගේම අකුරු අතරේ තියන පරතරය නියතයක් අන්තිම මයික්‍රෝ මිලිමීටරෙටම . හොරට කෙටුවාම ඒ කොටන අකුරු වල වෙනස රස පරීක්ෂක කෙනෙකුට ලේසියෙන්ම හොයන්න පුළුවන් වෙනස්කම් ඕන තරම් තියනවා. පියවි ඇහැට බැලූ බැල්මට නියම අංකය වගේ තිබ්බට පරීක්ෂණයක් කරද්දී එයාල ඔව්ව බලන්නේ අන්වීක්ෂ වලින් සහ විශාල කරපු චායාරුප සංසන්දනය කරලා. ඒ හින්ද ඕව කරලා මිනිස්සු රවට්ටන එවුන් කවදාක හරි අහු වෙනවා. ඕව හොයන්න ගත්තාම එක දවසින් වාහනයේ සියලු අයිති කරුවන් අත්අඩංගුවට අරගෙන තමයි පරීක්ෂණ කෙරෙන්නේ.

    අහවල් එක ලාච්චුවට දැම්මාම ඉතින් අහු නොවිච්චත් එක්කම තමයි කියන්නේ මුල ඉඳන්.
    අහවල් එක ලාච්චුවට දැම්මාම ගිය ආත්මේ ගත්ත ඒවත් මතක් වෙයි බන්.මතක් වෙනකොටත් :dull:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේකෙන් මම උඹලට දෙන අවවාදය නම් 13 අංකය එන වාහන නිකම් දුන්නත් ගන්න එපා. RMV වැඩ කරන එවුන් දිවෙන් දිව ගාගෙන උන්නත් විස්වාස කරන්නත් එපා.. හිතවතුන් මාර්ගයෙන් RMV වැඩ කරනවට වඩා 100% ලාභයි සහ විශ්වාසදායකයි පෝලිමේ ඉඳල තමුන්ගේ වැඩේ කරගන්න එක..

    :yes::yes::yes::yes::yes: 100%
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    වාහනයක් ගන්නකොට අලුත් පේන්ට්, අලුත් ටයර්, අලුත් බැටරි කියලා කිව්වම ඒ වහනේ ගැන හොදට හොයලා බලන්න. විශේෂයෙන් අලුත් පේන්ට් කියන්නේ අන්තිම භයානක වෙස්මූනක් වෙන්න පුලුවන්.

    :baffled::baffled::baffled::confused::confused::confused::yes::yes::yes:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මාසේ අන්තිම සතිය නිසා හුස්මගන්න වත් ඉඩක් නැති තරම් වැඩ අධිකයි . ත්‍රෙඩ් එකට අදහස් දාපු බම්ප් කරපු හැමෝටම ස්තුතියි.. සති අන්තයේ තවත් පෙරලිච්ච බාල්දියක් සවිස්තරව ලියනවෝ ....
     
    • Like
    Reactions: dj gamaya

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාසේ අන්තිම සතිය නිසා හුස්මගන්න වත් ඉඩක් නැති තරම් වැඩ අධිකයි . ත්‍රෙඩ් එකට අදහස් දාපු බම්ප් කරපු හැමෝටම ස්තුතියි.. සති අන්තයේ තවත් පෙරලිච්ච බාල්දියක් සවිස්තරව ලියනවෝ ....

    අද පුලුවන් නම් කිඹුලගේ රේඩියෝ අහන්න එන්න මචං. රෑ 8 ට තියන්නේ.
    RpHThWo.jpg
     
    Status
    Not open for further replies.