වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    2626077527_83d30cdaab_o.jpg

    ඒ අස්සේ IDG බඩා මාමිව මානසිකව වට්ටනවා :P
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    thanx macho asai bn car walata
    short ram intake neh ?
    ko bn timing belt cover eka ?
    ecu awada macho mekata

    Chipped ECU

    10745009_816503018402080_13693618_n_zpsyjamvgpg.jpg


    නෝමල් D15B VTEC එන්ජින් එකට ඔය රතු පාට "Off Road Only" කියල Wire Harness එකයි ECU එකයි අතරට සෙට් කරලා තියෙන කෑල්ල ඕනේ නෑ.. ඕකට කියන්නේ OBD II to OBD I Conversion Harness එක කියල.. 3 Stage VTEC (Or any OBD II) එකකට Chipped ECU එකක් දානකොට තමා ඕක දන්නේ.. OBD II එකක් OBD I වලට මාරු කරන්නේ Racing Perpose වලට විතරක් හින්ද තමයි ඔය Off Road Use Only කියල දාලා තියෙන්නේ....
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Chipped ECU

    10745009_816503018402080_13693618_n_zpsyjamvgpg.jpg


    නෝමල් D15B VTEC එන්ජින් එකට ඔය රතු පාට "Off Road Only" කියල Wire Harness එකයි ECU එකයි අතරට සෙට් කරලා තියෙන කෑල්ල ඕනේ නෑ.. ඕකට කියන්නේ OBD II to OBD I Conversion Harness එක කියල.. 3 Stage VTEC (Or any OBD II) එකකට Chipped ECU එකක් දානකොට තමා ඕක දන්නේ.. OBD II එකක් OBD I වලට මාරු කරන්නේ Racing Perpose වලට විතරක් හින්ද තමයි ඔය Off Road Use Only කියල දාලා තියෙන්නේ....
    ඒ කියන්නේ ඹරිජිනල් harness ඒකට චිප් ඒක මැප් කරනවා නේද?
    දැන් ඹය කියෙන චිප් ඒක ඹනේ විමියට configure කරන්න පුලුවන් නේද?
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඒ කියන්නේ ඹරිජිනල් harness ඒකට චිප් ඒක මැප් කරනවා නේද?
    දැන් ඹය කියෙන චිප් ඒක ඹනේ විමියට configure කරන්න පුලුවන් නේද?

    මොකක්.... Chip කරනවා කියන්නේ ECU එක ගලවලා ඇතුලේ තියෙන IC එකක් හෝ කීපයක් මාරු කරන එකට.. එහෙම කරන්නේ ඔරිජිනල් එන Software එක අපිට එන්ජිමේ අපිට ඕනේ කරන දේවල් වෙනස් කරන්නේ දෙන්නේ නැති නිසා.. Chip කරාම අපිට පුළුවන් Ignition Timing, AFR ratio, Rev Limiter, හොන්ඩා එකක් නම් VTEC Cross Over RPM එක වගේ දේවල් වෙනස් කරන්න පුළුවන් අපිට කැමති විදියට.. කැමති විදියට කිව්වට එන්ජිමට ගැලපෙන විදියට.. ඒකට තම Mapping කියන්නේ.. Chip කරාට පස්සේ අනිවාර්යයෙන් Map කරන්න ඕනෙමයි.. ඒක තමා අමාරුම වැඩේ..
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මොකක්.... Chip කරනවා කියන්නේ ECU එක ගලවලා ඇතුලේ තියෙන IC එකක් හෝ කීපයක් මාරු කරන එකට.. එහෙම කරන්නේ ඔරිජිනල් එන Software එක අපිට එන්ජිමේ අපිට ඕනේ කරන දේවල් වෙනස් කරන්නේ දෙන්නේ නැති නිසා.. Chip කරාම අපිට පුළුවන් Ignition Timing, AFR ratio, Rev Limiter, හොන්ඩා එකක් නම් VTEC Cross Over RPM එක වගේ දේවල් වෙනස් කරන්න පුළුවන් අපිට කැමති විදියට.. කැමති විදියට කිව්වට එන්ජිමට ගැලපෙන විදියට.. ඒකට තම Mapping කියන්නේ.. Chip කරාට පස්සේ අනිවාර්යයෙන් Map කරන්න ඕනෙමයි.. ඒක තමා අමාරුම වැඩේ..
    අන්න කතන්දරේ ඹක තමා මම කිව්වේ මචන් මට ගොඩාක් ලොකු දැනුමක් නැ බැන් ඹවාට ඒකයි මම ඇහුවේ සාමානය වෙන දේ තමා දන්‍නේ practical නම් diesel ඒන්ජින් හුටපට තමා
    අප්පේ බන් ඹය වයර් තොගේ ඒකක් හරි short උනොත් හරි නේද :confused:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අන්න කතන්දරේ ඹක තමා මම කිව්වේ මචන් මට ගොඩාක් ලොකු දැනුමක් නැ බැන් ඹවාට ඒකයි මම ඇහුවේ සාමානය වෙන දේ තමා දන්‍නේ practical නම් diesel ඒන්ජින් හුටපට තමා
    අප්පේ බන් ඹය වයර් තොගේ ඒකක් හරි short උනොත් හරි නේද :confused:

    එහෙම උනොත් ඉතින් Bye Bye ECU !!! :sorry::sorry::sorry: කියන්න තම තියෙන්නේ...
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ කතාවත් 13 වැනට් එක ගැනමයි ඕන් ...

    අවුරුද්ද 2001 වගේ වෙන්න ඕන මතක විදිහට.. ඒ කාලේ රස්සාව කරේ කොළඹ රජයේ ආයතනයක කාර්මික නිලධාරියෙක් විදිහට.. මේ කාලේ තමයි මගේ ඥාති සහෝදරයෙක් අනුරාධපුරෙන් කෙල්ලෙක් යාලු කරගෙන බඳින්න කියල සෙට් උනේ.. මුගේ best man විදිහට යන්න උනෙත් මට. අපි දකුණු පළාතේ උනාට මේ කියන එකා රස්සාව කරේ අනුරාධපුරේ .. ඒ හින්ද ඌ එහෙම්ම සහකාරියත් අරගෙන තමයි ගමේ පදිංචියට අවේ..

    දැන් ඔන්න වෙඩින් එක හෙටනම් අද අපි අනුරාධපුරේ යන්න සෙට් උනා.. එත් මේ යන්න පිටත් වෙන දවසේ මට නිවාඩු ගැනීමේ අපහසුතාවයක් නිසා මට සිද්ද උනා කොළඹින් ගමනට එකතුවෙන්න සහ ගෙදර උදවිය රියදුරෙකු හෝ යාළුවෙකු මාර්ගයෙන් මගේ වාහනෙන් කොළඹට ගෙන්නගන්න..මොකද ගෙදර වාහන කීයක් තිබ්බත් මගේ ආදරණීය පියාණන්ට අදටත් වාහනයක් පදවන්නට ඉගෙනගැනීමට උවමනාවක් නැහැ. අනෙකුත් යන ඥාති වරිගයාත් දැන් සුදානම ඒ වෙලාවටම වෙනත් වාහන වලින් අනුරාධපුර යන්න.

    ඔන්න සියලුම කටයුතු අකුරට සිදු උන නිසා මම ෂෝර්ට් ලිව් දාල කාර්යාලයෙන් එලියට පැනගන්න වෙලාවට ඒ කියන්න හවස 3 වෙද්දී මගේ 13 වනට් එක ගෙදර උදවිය හා අනෙකුත් වාහන පෝලිම සමග කොළඹට සැපත් වෙච්චි..

    වාහනේ කොළඹට අරන් ආපු මගේ ප්‍රාණ හා සමාන මිතුරාත් කිරිබත්ගොඩින් උගේ අක්කගේ ගෙදරට බස්සගෙන ඕන් මම අනුරාධපුර දක්වා රථය ධාවනය කරන්න පටන්ගත්ත එහෙනම්..කොළඹට වාහනේ අරන් ආපු මගේ මිතුරු තැනත් මේ වැඩේට එකඟ කරගත්තේ හරීම අමාරුවෙන්..මොකද කියනවනම් මගේ 13 වැනට් එකේ නගින්න අපේ කොල්ලො හරිම අකමැතියි. වැනට් එකේ අන්තිම කාලේ වෙද්දී සල්ලි උන්ට ගෙවල විස්කි බ්‍රැන්ඩි පොවලා තරු පහේ හෝටලේකින් කන්න දෙන්නම් කිව්වත් වැනට් එකේනම් යන්නෙ :no::no::no::no: කියන තැනටම ආව මගේ මිතුරු සමාගම.
    මොකද අනෙකුත් වාහන තිබ්බත් හයර් එකක් යවද්දී වැනට් එක යැව්වේ නොයමම බැරි ගමනක් විතරයි. යවල පාඩු කනවට වඩා ලාභයි ඒ හයර් එක අතාරින එක. ඒ හින්ද නිතරම මගේ පුද්ගලික ගමන් වලට ඉතිරි උනේ වැනට් මරාලේ විතරයි.

    දැන් මේක කියවන උඹලගේ හිත්වල ඇඳෙන්නේ අනුරාධපුරේ යන ගමන් වැනට් එක මග කැඩිලා මට මගුලට යන්න බැරිවෙලා අතරමග චාටර් වෙන්න ඇති කියලයි.. නැහැ එහෙම උනේ නැහැ.. අපි කිසිම කරදරයක් නැතුව අනුරාධපුරට සැපත් උනා රෑ 10-11 වෙද්දී.. දැන් උඹල හිතන්නේ අපි මගුලට සහභාගී වෙලා එද්දී වැනට් මරාලේ කැඩිලා අපි මහමග චාටර් වෙන්න ඇති කියල.. නැහැ.. එහෙම උනෙත් නැහැ.. අපි කරදයක් නැතුව එන ගමනත් ආව..එහෙනම් මොකක්ද අපිට උනේ...

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:


    මේ පාර වැනට් එක මට බෙදුවේ වෙනස්ම ආකාරයකට වෙනත්ම රෙසිපියකට හදපු පරිප්පුවක්..



    ඔන්න අපි අනුරාධපුරේ අපිට නවාතැන් ගන්න අපේ ඥාතියා වෙන්කරපු හෝටලයට ඇවිත් දෙයියනේ කියල නාකියාගෙන කාල බීල සැතපුනා.. උදේ මගුලට යන නිසා අපිට තිබ්බේ උදේම ලකලහස්ති වෙලා උත්සවයට සහභාගිවෙන්න. මට තිබ්බේ ජැන්ඩි පහට කෝට් බෑයෙන් සැරසිලා අරුගේ දෙවැනි එකා විදිහට යන්න. ඔව්වට මගේ කොහෙත්ම කැමැත්තක් නැති උනාට මගුලේ දෙවැනි එකා විදිහට යන වැඩේ සිද්ද උනේ මගේ මෑණියන්ගේ බලවත් ඉල්ලීම නිසයි..

    දැන් මම හඳුන්වල දෙන්න හදන්න මගේ ලෝකු අම්මගේ පුතණ්ඩිය ගැනයි. මේ කියන අයිය මට වඩා වසර 15 පමණ වැඩිමල්.. උගේ ලොකු පුතා මට වඩා බාල අවුරුදු 8යි. මේ කියන අයියගේ චිං චිං ඩෙලික එකකින් තමයි මම ඩ්‍රයිවින් උනත් පුරුදු උනේ.. ඒ කියන්නේ 1988 කාලේ. ඒ කාලේ ඉඳන්ම ඌ වාහන අයිතිකාරයෙක් උනාට , අද ඌ බස් එකක සහ වෑන් එකක අයිතිකාරයෙක් උනාට ඌ එදත් අදත් එලවන්න දන්නේ මෝටර් සයිකලෙකට අමතරව ත්‍රිරෝද රථයක් විතරයි.. මම මේ ටික ලිව්වේ මගේ මේ අනුරාධපුර ගමන එලකිරියට ලියන්න තරම් වටිනා ගමනක් කරන්න උරදීල කටයුතු කරපු මගේ සුදු අයිය ගැන නොලිව්වොත් මේ කතාව සම්පුර්ණ වෙන්නේ නැති නිසා. අපි ඌට සුදු අයිය කිව්වේ ඌ උගේ අනික් සහෝදරයින්ට වඩා ටික සුදු නිසා හින්ද මිසක් ඌ සුද්දෙක් වගේ හින්ද නෙවෙයි..

    ඔන්න මගුල දවසේ උදේ හතරේ පහේ ඉඳන් ගෑනු උදවිය හෝටලේ දෙවනත් වෙන්න ඇඳුම් අඳින අතරේ මමත් උදේ 6 වගේ වෙද්දී අවදි උනා.. අවදිවෙලා දත් බුරුසුවත් කටේ ගහගෙන දත් මදින ගමන් වැනට් එක ගාවට කිට්ටු වෙලා ඔයිල් වතුර හෙම බැලුව. අනික් වාහන වල මාසෙකට සැරයක් බලන ඔයිල් වතුර වනට් එකේ දවස ගානෙම බලන්නේ මෙයා විශේෂ වර්ගයේ සතවයෙක් නිසා. යන්තම් හරි අඩුපාඩුවක් උනොත් ඉතින් වාහනේ යට පැදුරක් එලාගෙන තමයි පාරේ නිදාගන්න වෙන්නේ කියල අත්දැකීමෙන්ම දන්නවා..මම ඔයිල් වතුර බලල වාහනේ සීට් එක වහනකොටම අපේ සුදු අයිය එකාගේ බාල කොල්ලත් වඩාගෙන වැනට් එක පැත්තට ආපි.. සුදු අයියට ඩ්‍රයිවින් බැරි උනාට වාහන වලින් සල්ලි හොයන නිසා වාහන ගැන හරිම උනන්දුයි.. ඒ වෙද්දී මේ කියන බාල පුතාට වයස අවුරුදු දෙකක් නැහැ මතක විදිහට..

    සුදු අයිය වැනට් එක වටේ රවුමක් ගිහන් බොඩියට එහෙම තට්ටුවක් දාල සුපුරි වැනට් එක නේද කියලත් ඇහුව ඉතින්.. මොකද ඒ තරමටම එක සුපිරි භාණ්ඩයක් බැලු බැල්මට..

    දැන් මම කියන්න යන්නේ මම කොළඹ ඉඳන් ඇවිත් වාහනේ නැවැත්තුව තැන ගැන. අපි නැවතුනු හෝටලයේ තිබ්බ පොල්ගහක් මුල හරියටම මුනට තියල තමයි මම වාහනේ නැවැත්තුවේ . පොල් ගහෙන් එහා පැත්තේ අඩි හයක් අටක් විතර පාතාලයක් තියන බැම්මක් තමයි තිබ්බේ.

    පොල්ගහ මෙන්න මේ වගේ ඇලට හැරිච්ච ගහක්..

    davos_coconut.jpg


    ඔන්න සුදු අයිය වාහනේ වටේ ඇවිදලා ගිහින් රියදුරු අසුනෙන් වාඩි උනා කොල්ල එක්කම. වාහනේ මිල,,අදායම් එහෙම ගැන විස්තර අහපු සුදු අයිය පොඩි පුතාව මගේ අතට දුන්න ඉතින්. මම ඒ වෙද්දී passenger seat එකේ වාඩි වෙලා උන්නේ. වාහනේ යතුර ඩෑෂ් එක උඩින් අරගෙන සුදු අයිය වාහනේ ස්ටාර්ට් කරා.. සාමාන්‍ය දෙයක් නිසා ඉතින් මමත් ආගිය විස්තර අහමින් කයියක් දාගෙන උන්න කොල්ලවත් උකුල උඩ තියාගෙන . සුදු අයියත් ඉතින් වාහනේ ටිකක් රේස් කරලා එහෙම ක්ලච් එක පාගල දැම්ම කියපි ගියර් එක 1st එකට. වාහනයක් තියන කෙනෙක් , ඩ්‍රයිවින් බැරි උනත් යම්කිසි මට්ටමක බුද්ධියක් තියන මනුස්සයෙක් ඒ වාහනේ ක්‍රියාකාරිත්වය ටිකක් හරි දැනගැනීම සාමාන්‍ය දෙයක්. ඒ වගේම සුදු අයියත් රජයේ සැලකියයුතු රැකියාවක් කරන කෙනෙක්. ඒ හින්ද මම හිතුවේ නිකම් වාහනේ කොහොමද කියල බලන්න ගියර් එක දැම්ම වෙන්න ඇති කියල.. එත් මම නොහිතපු වෙලාවක වැනට් එක වෙඩිල්ල පත්තු කරා..

    ටිකක් එන්ජිම රේස් කරපු සුදු අයිය ක්ලච් එක ටිකක් රිලීස් කරා කියහල්ලකෝ. වාහනේ පොඩ්ඩක් ගැස්සුන පාර මගේ ආදරණීය සුදු අයිය බයවෙච්චි.. සුද්ද කලබල උණු කලබලවිල්ලට අක්සිලේටර් එක සම්පුර්ණයෙන් අඩියටම පෑගිලා ඒ කියන්නේ අපේ බාසාවෙන් ලෑල්ලටම පෑගිලා ක්ලච් එක අතෑරිච්චි . දැන් උඹලාට අමුතුවෙන් මම අටුවා ටීකා දාල ලියන්න ඕනෙද වෙච්ච සිද්දිය.. මගේ වැනට් මරාලේ මර හඬ දීගෙන පස්සේ රෝද දෙකෙන් පස් හාරාගෙන කෙලින්ම පොල්ගහ දිගේ හොම්බ උලාගෙන අඩි හයක් විතර උඩ නැගල දකුණු පැත්තට ඇල වෙලා ජබාස් ගාල බිම කියහල්ලකෝ.. මගේ උකුලේ හිටපු පොඩි දරුවා උඩ විසිවෙලා වහලේ වැදිලා මගේ කකුල් දෙක ගාවට වැටුන.. වාහනේ ගුවන් ගත වෙලා බිම වැටුනට සුදු අයිය තවත් අන්දමන්ද වෙලා අක්සිලේටර් එකෙන් කකුල ගන්න අදහසක්ම නැති හින්ද වාහනේ පස් කාහෙන දැන් යන්න අඩි 8 ක් විතර පාතාලෙන් පහලට පනින්න. පොඩි දරුවා බිමට වැටුන චාන්ස් එකෙන් මම සුපර් මෑන්ස් වගේ පැනල ඉග්නීශියන් කී එක ඒ කියන්නේ වාහනේ යතුර එන්ජිම off වෙන්නම කරකැව්වා ඇදිල.. ලෑල්ලට පාගපු පලවෙනි ගියර් එකේ පිකප් වෙච්ච වාහනයක් හෑන්ඩ් බ්රේක් එක ඇදල නවත්තන්න බැරි බව මට ක්ෂණිකවම වැටහුන නිසාත් යතුරෙන්ම off කරපු නිසාත් වාහනේ කණ්ඩිය ළඟටම ගිහින් පහලට නොවැටී නැවතුනා.. සුදු අයිය ක්ලච් එක රිලීස් කරපු වෙලේ ඉඳන් වාහනේ කණ්ඩිය ගාවට ගිහින් නවතින්නම උපරිම කාලය තත්පර 5ක් යන්න ඇති ඕනෙනම්.. ඒ තත්පර 5 ට ....


    පොඩි දරුවාගේ ඔලුවේ ලෙදර් බෝලයක් තරම් ගෙඩියක් ඇවිත් කොහේදෝ ඔලුව වැදිලා.. සුද්දට හානියක් නැහැ.. මටත් ශාරීරික හානියක් නැහැ... එත් වැනට් එක... ඉස්සරහ බෆර් එක කුඩු පට්ටන් පොල් කඩන්න ගස් ගිහින්.. පිටින් පෙනෙන හානිය එපමණයි.. වැනට් එකේ බෆර් එක යකඩ නිසා ඒක හදන එක ලොකු වැඩක් නෙවෙයි.. එත් හානිය එපමණද... නැත මිතුරනේ ... නැත.. ඉස්සරහ හරස් දුනු දෙකයි වැනට් එකට එන්නේ.. ඒ දෙක දෙකට මැදින් කැඩී වෙන්වී ඇත සොඳුර.. එපමණද.. නැත ස්වාමීනී නැත... තවත් ඇත.. එන්ජින් මවුන්ට් දෙකද දෙකට වෙන්වී ඇත.. වැඩිය නැහැ.. තත්පර පහයි... අඩි 8 කන්ඩියෙන් පහලට පැන්නනම් එවන් හපන්කමක් කරපු ලෝකයේ පළමු වැනට් එක විදිහට මගේ වැනට් මරාලේ ගිනස් පොතට යනවා..

    දැන් ඉතින් වැඩේ සීරියස්.. මෙහෙන් මගුලක්.. එහෙන් මම ඒකෙ දෙවැනි අහවල් එකා.. මගුල අහවර වෙලා ගෙදර යන්නත් ඕනා.. එත් වැනට් එකේ මුණ බේරී වෙලා බිම ගෑවෙන්න ඔන්න මෙන්න.. එන්ජිම ක්‍රොස් බාර් එක උඩ ..

    එත් සහෝදරවරුනි කලයුතු පළමු දේ පළමුව කල යුතුයි.. වාහනය අමතක කරලා දාල වටවෙච්ච ඥාති පිරිවර ශේප් න්‍යායෙන් මුකුත් ප්‍රශ්නයක් නැහැ කියල ඇස් වසල අපි හැමදෙනා මගුලට සහභාගී උනා.. අරුව පෝරුවේ හිටෝලා.. ඌ එක්ක එකට වාඩිවෙලා දෙවැනි අහවල් එකාගේ චරිතය අපුරුවට පන පොවලා හවස දෙක වෙද්දී මම කෝට් බෑය ගලෝල විසික් කරලා සුදු අයියාවත් ඇදගෙන නවාතැනට ආව වර යන්න වාහනේ හදාගන්න කියල.. කරුමෙක තරම කියන්නේ මම වාහනේ ගත්තේ මගින් නිසා ටුල් බෑග් එක මේ ගමනට සහභාගී වෙලා නැත .. ඒ කියන්නේ ගරාජයක පිහිට පතන්නට සිද්ද වෙනවාමයි..

    අපි හෙමින් හෙමින් වාහනේ අරන් ගියා ගරාජ් එකකට. උන් හෙන බිසී කියහල්ලකෝ.. යන්තම් කෙදිරි ගාල ගාල එක ගොලයෙක්ව බාගත්ත.. ඊට පස්සේ ඌ වාහනේ ගලවන්න දාල අපි ගියා අමතර කොටස් හොයන්න. දුනු දෙකනම් පලවෙනි කඩෙන්ම හොයාගත්ත.. එත් එන්ජින් මවුන්ට් අනුරාධපුරේ කොතැනවත් එදා හොයාගන්න තිබ්බේ නැහැ ලු..:shocked::shocked::shocked::shocked:

    දුනු දෙකත් අරගෙන ගරාජ් එකට ගියාම ගරාජ් එකේ එවුන් කියන්නේ කුරුණෑගල ගිහින් ගෙන්න වෙනවලු.. උදේට කොළඹින් එන බස් එකක ගෙන්නගන්නම්ලු.. එයාල කරන්නේ එහෙමලු... බස් එකට ගානක් දෙනවලු ගෙනත් දෙනවට...නිකමට හිතන්න පුලුවනිද අනුරාධපුරේ දාන දාඩියට අමතරව මේ වගේ කතාවක් ඇහුවාම කොහොම දාඩිය දානවද කියල...

    ඒ කියන විදිහට ඒ වෙලාවේ කුරුනෑගල යන්න පිටත් උනත් කුරුණෑගලට යද්දී කඩ වහල කඩවල් වල එවුන් ගෙදර ගිහින් බුදිත් .. ඉතිරි වෙලා තිබ්බේ මොලෙන් ගහන ගේමක් විතරයි...ටික වෙලාවක් වෙනදා වගේම කල්පනා සාගරේ කිමිදිලා ගරාජ් එකේ ගෝල තැනට කියල කැඩිච්ච එන්ජින් මවුන්ට් එකක් ගලොගත්ත. වැඩේ ඉක්මන් කරන්න විදිහක් නැහැ.. එන්ජින් මවුන්ට් දාන්නේ නැතුව හරස් දුනු දෙක දාල වැඩක් නැහැ.. මොකද දුනු ගලවල එන්ජින් මවුන්ට් දෙක දාන එක ලේසියි. ඒ කියන්නේ එන්ජින් මවුන්ට් නැතුව මු දුනු හයි කරන්නෙත් නැහැ..

    මගේ අසරණකම කවියෙන් කිව්වම අමතර කොටස් කඩවල උදවිය මට එන්ජින් මවුන්ට් තියන ස්ථානයටම ගිහින් කැමති මවුන්ට් එකක් තෝරාගන්න මට අනුකම්පාව දැක්වුව කිවොත් තමයි නිවැරදි.. කොහොමහරි තෝරලා තෝරලා ලඟින් යන්න පුළුවන් තරම් ඒ ජාතියේ මවුන්ට් දෙකක් මම හොයාගත්ත.. හැබැයි ෆෙදර් එක තියන තැන වෙනස්..ඔරිජිනල් එකේ ෆෙදර් එකයි.. මම තෝරගත්තු එකේ ෆෙදර් දෙකයි..

    මේ තියෙන්නේ වැනට් එකේ එන්ජින් මවුන්ට් එක . කාලෙකින් වැනට් එකක එන්ජිමට එබිලා නැති නිසා මීට ටිකක් වෙනස්ද කියල මතය නිවැරදි නැහැ..එත් බොහෝදුරට මේකම තමයි. මේ ඊ තලෙන් පෙන්නලා තියෙන්නේ මවුන්ට් එකේ එන ෆෙදර් එක. ඒ කියන්නේ මේ බොත්තම වගේ එක ගිහින් චසියේ ඒ සයිස්ම හිලකට තමයි සෙට් වෙන්නේ ගැස්සෙනකොට මවුන්ට් එක එහා මෙහා නොයන්න. දෙපැත්තේ තියන ඇන දෙකෙන් එකක් චැසියට සහ එන්ජිමට නට් වලින් සවිවෙන්නේ. මැද කොටස රබර්. ඒ රබර් කොටසින් තමයි එන්ජ්මේ vibration එක වාහනයට දැනෙන එක නවත්වන්නේ. වාහනේ පොල් ගහෙන් වැටුන නිසා ඒ impact එක මවුන්ට් එකට දරාගන්න බැරි නිසා තමයි මේ රබර් කොටස දෙකට කැඩුනේ ..

    mount_zpsw0ilban3.jpg


    මම කඩවල් ගානේ බඩ ගාල මගේ දුක කවියෙන්, විරින්දුවෙන් කියල, අනුකම්පාව දිනාගෙන කඩේ ඉස්ටෝරුවටම ගිහින් මට ඕන මවුන්ට් දෙක තෝරාගත්තේ දෙපැත්තේ හයිවෙන ඇන දෙක හරියටම එන්ජිමට චැසියට 100% ක් සෙට් වෙන එකක් උනාට ගෙනාපු මවුන්ට් එකේ ෆෙදර් 2 බැගින් තියනවා චැසියේ ෆෙදර් හෝල් එකට වැටෙන්නේ නැති තැන්වල.. මගේ අවශ්‍යතාවය වාහනය ගමට ගෙනියන එක විතරයි... ඊටපස්සේ කරන දෙයක් කරන්න කාලය,,මුදල්.. අමතරකොටස් ප්‍රශ්නයක් නැහැ.. ඒ හින්ද තෝරාගෙන ආ මවුන්ට් දෙක වාහනේට හයිකරන්නනම් විලෝපික ෆෙදර් දෙක ග්‍රයින්ඩරයක් මාර්ගයෙන් ගාල මවුන්ට් එකෙන් මකා දමන්න ඕන.. එත්...:sorry::sorry::sorry:

    ගරාජ් එකේ හෙඩ් බාස් සහ ගෝලයා එකහෙලාම ප්‍රතික්ෂේප කරනවා ෆෙදර් එක ග්‍රයින්ඩ් කරලා දාන්න.. උන් කියන්නේ .. ඕව හරියන වැඩද... වැඩක් කරනවානම් ඒකට හරියන කෑල්ල ගෙනත් දෙන්න ඕන.. අන්තිමේ මම කවි කියල.. විරිඳු කියල.. කොහොම හරි එකඟ කරගන්න උත්සහ කරත් හෙඩ් බාස් ඉන්නේ එයාගේ තීරනෙට හෑන්ඩ් බ්රේක් ඇදල අඩ තියල ගියර් එක රිවස් එකටම දාල. ඒ කියන්නේ ඔරිජිනල් මවුන්ට් එක නැතුව මුන් වාහනේ හයි කරන්නෙම නැහැ. හවස 6 වෙද්දී ඔරිජිනල් එක අරන් අවොත් වාහනේ හයි කරලා දෙනවා නැත්තම් හෙටලු... මම පොරොන්දු උනා මම ඔරිජිනල් මවුන්ට් දෙකක් ගේනවා 6 වෙන්න කලින් ගරාජ් එක වහන්න එපා කියල..

    නැවතත් ගමනේ වෙල්ඩින් කඩයක් හොයාගෙන..සුදු අයිය හෙවනැල්ල වගේ මා පස්සෙන්.. වියදමට මොනරු ඕන තරම්.. එත් හිතේ විසඳුමක් නැහැ..කියන්නෙම මල්ලි ඇවිදලා වැඩක් නැහැ හෙට කුරුනෑගල ගිහින් ගෙනත් දෙමු.. ගෙදර කට්ටිය මේ වාහනේක පටොල යවමු.. අපි හෙට මේක හදාගේම යමු...

    කලින් රස්සාවේ හැම මාසෙකම අනුරාදපුරේ සතියක් වැඩ කරපු නිසා අනුරාදපුර කියන්නේ මට නුපුරුදු තැනක් නෙවෙයි.. ඒ හින්ද හොයාගෙන ගිහින් වෙල්ඩින් කඩේකට ගොඩ උනා. එයාලගේ ප්‍රතිචාරය.. තියල යන්න මහත්තය.. උදේට එන්න හදල තියන්නම්...:shocked::shocked::shocked::shocked::shocked::shocked:

    එහෙම බෑ .. මේක එවෙලේම කෙරෙන්න ඕන වැඩක්.. මොකද ගරාජ් එක වැහුවොත් සියලු සිහින බොඳ වෙනවා...මම වැඩේ කරගන්නද ඇහුවාම වෙල්ඩින් කඩ හිමියා මට ග්‍රයින්ඩර් එක දෙන්න බැහැ කියනවා.. එක සාධාරණයි..මොකද its a killing tool . මට ග්‍රයින්ඩර් එක අතට හුරුයි කියල කිව්වට එයා එක පිළිගන්නේ නැහැ.. අන්තිමේ මම පීරක් ඉල්ලගෙන වැඩේට බැස්ස.. පැය භාගෙන් ෆෙදර් 4 තිබ්බ තැනවත් හොයාගන්න බැරිවෙන්න පීරිගාල දැම්ම.

    කාර්ඩ් බෝර්ඩ් කෑල්ලක් අරගෙන පරණ මවුන්ට් එකෙන් ඔරිජිනල් ෆෙදර් එක තියන තැන හරියටම මාර්ක් කරගෙන අලුත් මවුන්ට් දෙකේම ෆෙදර් එක එන තැන මාර්ක් කරා. වතුර බකට් එකක් අරගෙන අලුත් මවුන්ට් එක රබර් එක වැහෙන්නම වතුරේ බස්සල වෙල්ඩින් බාස් උන්නැහේට කිව්වා තියාපිය කියල මම කියන තැන වෙල්ඩින් ඩොට් එකක් කියල . මෑන්ස් හරියටම වැඩේ කරා. වෙල්ඩින් එකෙන්ම ෆෙදර් එක හදල පීරෙන් ගාල ඔරිජිනල් තාලේටම හැදුව මවුන්ට් එක. වැඩේට ගියේ පැයක් වගේ තමයි..

    නැවතත් ගරාජ් එකට.. හෙඩ් බාස්ට වේදනාවේ උපරීම ලකුණු.. ගෝලයට කොත්තුවක් .. දුම්වැටි කිහිපයක්... පැය දෙකක් යන්න කලින් වැනට් එක රෙඩි ගමේ එන්න..
    එත් හෙඩ් බාස් අන්තිමේ අපිව පරාද කරා... දුනු දෙක දාල මවුන්ට් දෙක දාන්න 2500ක් ගාන කිව්වා. වැඩේ කෙරිලා නිසා සුදු අයිය දාහේ කොළ දෙකයි පන්සීයේ කොලේකුයි දීල ඌ ට හෙන ඉල්ලුවද කියල මම දන්නේ නැහැ. එත් මම ගෝලයට ටිප් එකක් දුන්න වැඩේ කරගත්තු සන්තෝසෙට.. වැඩේ ගොඩදාගත්තට මොකද ගෙදර ඇවිත් මිදුලේ නවත්තල එන්ජිම ඕෆ් කරනකම් හිත සීතල වෙන්නේ නැහැ ඉතින් ගමන් ආවේ වැනට් එකේ හින්ද. මොකද විශ්වාශ කරන්න පුළුවන් කැරැට්ටුවක් වැනට් එකට තිබ්බේ නැහැ.

    සුද්දගෙනුයි මගෙනුයි මොනරු ටිකක් අනුභව කරපු නිසාද කොහෙද ගෙදර එනකම් වැනට් රාජයා ආයේ අසනීප උනේ නැහැ...

    එදා හිටන් අද වෙනකනුත් සුදු අයිය අපේ ගෙදර සිංහල අවුරුද්දට ආවත් මිදුලේ තියන වාහන වල යතුරු අයින් කරන්න මගේ පියාණන් වහන්සේ අමතක කරන්නේනම් නැහැ. වැනට් එක පොල් ගහෙන් වැටිලා කණ්ඩිය ලඟට ගිහින් මම එජිම ඔෆ්ෆ් කරලත් සුද්ද අක්සිලේටර් එකඟ කකුල ගත්තේ මම කිව්වයින් පස්සේ..එතකම්ම උන්ද උන්නේ ලෑල්ලට පාගාගෙන..

    පුළුවන් නම් කව්රුහරි එකෙක් මේක ගිනස් පොතට දාපල්ලා ලෝකයේ පළමු වතාවට පොල් කඩන්න ගිය වැනට් එක කියල..

    මම මේකෙන් උඹලාට දෙන අවවාදයනම් දුර ගමනක් ගිය වෙලාවක නුපුරුදු කෙනෙක් රියදුරු අසුනේ වාඩි කරන්න එපා..වාහනේ යතුර කාටවත් දෙන්නත් එපා.. එදා ඒ තත්පර 5 සිද්දිය ගොඩ දාන්න අපි දෙන්නගෙන් දහදාහක් විතර වියදම්. වාහනේ කන්ඩියෙන් පහලට වැටුනානම් අපි තුන්දෙනාගේ ජීවිත කෙසේ වෙතත් අත පය, කොන්ද, දත් කැඩෙන්න ඉඩ තිබ්බ..මම හදල දාපු එන්ජින් මවුන්ට් දෙකනම් අයෙ කැඩුනේ නැහැ වැනට් එක විකුනනකම්ම.

    වැනට් එකේ කතා ඉවරද... නැත සොඳුර නැත.. තව තියනවා....
     
    • Like
    Reactions: Eranga.B
    Status
    Not open for further replies.