වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මාමට තියනවා ලෙඩක්..:yes: අපේ එකෙක් පල්සරේක බ්‍රේක් වොෂර් දාලා මාමට එදා ඉඳන් බ්‍රේක් වොෂර් දාන්න ඕනේ පල්සරේ...:rofl: අපේ අනිත් කුකුල්ලු ටික සාක්කි සපයයි ඔය ගැන..:yes: ඒවගේමද කොහෙද ඕකත්..:P

    දැන් රිදිලා මරු කියෝගෙන එයි...:baffled:

    :dull: නෑ යකෝ.... කොහොමත් DX එකේ බ්‍රේක් මදි.... :( දැන් ඔය ටිකක් හරි තියෙන්නේ මම පිටිපස්සේ පොල් කටු ලයිනර් එක ගලවලා දාලා ලයිනර් ගස්සපු නිසා...... තිබ්බ ෂූ එක හොද නිසා.... ඒකටම ගැස්සුවේ මාකොල Y හන්දියේ අපි බස් වල ක්ලච් ප්ලේට් ගස්සන තැනින්..... :D
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :oo: ලේලන්ඩ් එකේ තරම් කොහෙද බ්‍රේක් මේ ලෝකේ කිසි වාහනේක...... :love: :D :love:

    නෑ මම කියන්නේ FB15 එක තරම් බ්‍රේක් නෑ...... හදිසි බ්‍රේක් මදි...... :( පැඩල් එක නම් ස්මූත් බහිනවා...... :yes: පැඩල් කරලා ගැහුවා කියලා ලොකු වෙනසක් නම් දැනිලා නෑ...... පල්ලමකදි වගේ බ්‍රේක් එක යටටම තද කරන් නොහිටියොත් වාහනේ යනවා..... :dull: ඕවා තමා අවුල්...... :( 60-80ට ගිහින් බ්‍රේක් හදිසි ගහන්න උනොත් ගියර් බොක්ස් එකේ පිහිට තමා...... :dull:

    හෑන්ඩ් බ්‍රේක් එක නම් අංශක 60ක් වගේ තමා ඉස්සෙන්නේ...... :yes:

    හෑන්ඩ් බ්‍රේක් කෙසේ වෙතත් බ්‍රේක් ගහනකොට මගේ ඈගේ මයිල් කෙලින් වෙනවා.... :dull: හැබැයි දෙයියනේ කියලා ඔය හයිබ්‍රිඩ් කාර්...... ත්‍රී වීල් එහෙම මේක හෝන් ගහගෙන එනකොට පාරෙන් අයිනටම ගන්නවා..... වැදුනොත් ඒ වාහන අපරාදේ නිසා..... :P

    ලයිනර් අලුතෙන් ගැහුවනම් පිටිපස්සේ ඩ්‍රම් කැපිල සෙට් එකක් බැහැල නැත්තම් , ඉස්සරහ ඩිෂ් කැපිල නැත්තම් , බ්රේක් ලයින් එකේ හුලන් කියල හිතෙනවා. කෝකටත් බාස් කෙනෙක් අල්ලලා හුලන් පාරක් ඇරලා බලන්න.

    හෑන්ඩ් බ්රේක් එක අංශක 60ක් ඉස්සෙනවානම් පිටිපස්සේ බ්රේක් කට්ට දැමිය යුතුයි පුතේ.. පිටිපස්සේ බ්රේක් ලයිනර් හොඳයි කියල ශුවර්මද ???
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :dull: නෑ යකෝ.... කොහොමත් DX එකේ බ්‍රේක් මදි.... :( දැන් ඔය ටිකක් හරි තියෙන්නේ මම පිටිපස්සේ පොල් කටු ලයිනර් එක ගලවලා දාලා ලයිනර් ගස්සපු නිසා...... තිබ්බ ෂූ එක හොද නිසා.... ඒකටම ගැස්සුවේ මාකොල Y හන්දියේ අපි බස් වල ක්ලච් ප්ලේට් ගස්සන තැනින්..... :D

    පිටිපස්සේ ඩ්‍රම් දෙක සෙට් බැහැල නැහැ කියල විශ්වාසයිද???
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :lol::lol:පට්ට කතාව..:rofl:

    ඉඳල ඉඳල දැම්ම කියලා එහෙම වෙනවද.. හැබැයි අපිට මුලින්ම තිබ්බ වාහනේ කොරොල්ලා KE20ක ඔහොම වුනා..මං හෙන පොඩි ඒ දවස වල..
    අරගෙන සර්විස් කරලා වැඩි හොඳට කූලන්ට් එහෙම දාල යන්න පිටත්වුනා ගමේ තාත්තලගෙ.:yes: මගදි හුටාස් ගාල ගියා හෝස් එකක්..:dull: කොහොමහරි හෝස් එකක් අටෝල දාගෙන ගියා.. :yes:

    :yes: මොකද ඕක දාන්න කලින් STR රේඩියේටර් ෆ්ලෂ් එක දාලා රේඩියේටර් එකේ ඔක්කොම ජරාව ටික යැව්වා..... අම්මෝ අවුරුදු ගානකටම රේඩියේටර් ෆ්ලෂ් එකක් කරාමයි...... ඒකට මම බය වෙලා හිටියේ රේඩියේටර් එක දිය වෙලා යයිද කියලා..... පැයකට කිට්ටුව වතුර යැවෙව්වා ස්ටාර්ට් කරලා....... මුලු මිදුලම දුඹුරු කහ පාටට හැරුනා..... :dull:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :D නෑ නෑ..... අප්‍රේල් මාසේ FB15 එක වෙනුවට.... DX එක අරගෙන පොලොන්නරු යන්න කල්පනා කරේ..... බයයි රේඩියේටර් එකේ වතුර මඩ පාටයි..... යටින් නට් එක ඈරලා වතුර යවන සෙල්ලම් කරන්නත් බයයි..... තියන මඩ ටික කෑලි කෑලි ගැලවිලා යන්න STR රේඩියේටර් ෆ්ලශ් එක දාන්නත් බයයි..... ම්ඩ ගැලවිලා ගිහින් වෙන පුන්ඩවාලයක් පාත් වෙයිද කියලා..... මෙහෙම යන්නත් බයයි හීට් වෙයිද කියලා බය නිසා....... :(

    හොද රේඩියේටර් හදන තැනකුත් නෑ.... අර චාමර රේඩියේටර් කියලා කඩුවෙල (උන්ගේ රට වටේ බ්‍රාන්චස්) දැම්මා ලේලන්ඩ් එක...... උන් තව පොඩ්ඩෙන් රේඩියේටරේ අදින්න ලේලන්ඩ් එකේ මූනම ගලවනවා....... :angry: අන්තිමට මමයි විදිහ කියලා දුන්නේ.... පිලිගත්තෙම නෑ ඒක උන්.... අන්තිමට ගලවන්න උනෙත් එහෙමම තමා...... :P

    තරියගේ වෑන් එකත් එදාම දාලා.... උන් හෝස් වැරදියට හයි කරලා පහුවදා හෝස් එකක් රේඩියේටර් ෆෑන් එකේ ගෑවි ගෑවි තිබිලා පැලිලා..... උන්ගේ @%$&%@*$)*(&%@&(*&$ :angry: :growl:

    පරණ රේඩියේටර් වලට flush දාන්නේ පරෙස්සමෙන් පුතේ.. core එක හිල් වෙන්න ඉඩ තියෙනවා මලකඩ වලට තුනී වෙලා තියන තැන වලින්.. යට හෝර්ස් එක පන්නල උඩ හෝර්ස් එකත් පන්නල වාහනේ ස්ටාර්ට් කරන්නේ නැතුව උඩ හෝර්ස් එකෙන් වතුර පාරක් යවපන් මලකඩ ඔක්කොම එලියට යනකම්.. රේඩියේටර් එකටටත් එමම කරපන්. හොඳටම සුද්ද උනායින් පස්සේ අයෙත් හයි කරලා වතුර පුරවල දවස් කීපයක් දුවල නැවතත් එමම කරලා යේ වතාවක් වතුරෙන් සුද්ද කරහන්.. ඊට පස්සේ කූලන්ට් එකක් දාල ටිකක් දුවහන් AC එහෙම දාගෙන...

    උඹට හැබෑටම කාල සර්ප යෝගය ලබලද බන් FB 15 එක තියෙද්දී DX එකකින් පොළොන්නරු යන්න හිතන්නේ. දන්නවද කාල සර්ප යෝගය කියන්නේ මොකක්ද කියල.. සැප තිබ්බට විඳින්න පිනක් නැහැ ඒ යෝගය ලැබුවාම..
     
    • Like
    Reactions: asanka04024

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :yes: මොකද ඕක දාන්න කලින් STR රේඩියේටර් ෆ්ලෂ් එක දාලා රේඩියේටර් එකේ ඔක්කොම ජරාව ටික යැව්වා..... අම්මෝ අවුරුදු ගානකටම රේඩියේටර් ෆ්ලෂ් එකක් කරාමයි...... ඒකට මම බය වෙලා හිටියේ රේඩියේටර් එක දිය වෙලා යයිද කියලා..... පැයකට කිට්ටුව වතුර යැවෙව්වා ස්ටාර්ට් කරලා....... මුලු මිදුලම දුඹුරු කහ පාටට හැරුනා..... :dull:

    STR එක දාපු එක තමයි හෝර්ස් එක යන්න හේතුව පුටේ .. :yes::yes::yes::yes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    එහෙම වෙනවනම් හොඳයි මචන්. මුකුත්ම නැතුව ඉන්නවට වඩා එහෙම හරි යමක් කෙරෙන එක ලොකු දෙයක්. අපේ රටේ තියන ලොකුම අඩුව තමයි වුර්තීයන් ඉලක්ක කරගෙන කරන අද්යාපනයක් නැති වීම. ඒ හින්ද මෙඩිසින්, ඉංජිනියරින් යන ළමයි ඇරුනාම විශ්වවිද්‍යාල වලට නොතේරෙන ළමයි අනාතයි.. විශ්වවිද්‍යාල වලට තේරෙන ළමයි ඇරුනාම අනෙක් බහුතරයක් ළමයි උසස්පෙළ කරපු අවුරුදු දෙක නිකරුනේ කාලය නාස්ති කිරීමක් කියලයි මම දකින්නේ.

    මම C & G කරන්න ගියේ ජපන් ටෙක් එකට. ඒ කාලේ ප්‍රැක්ටිකල් වලට තිබ්බේ 1983 මිට්සුබිෂි ලාන්සර් කාර්.. මම එතනට යද්දිත් මට ඇස් පියාගෙන ලාන්සර් එකේ එන්ජිම හයි කරන එක සිම්පල් වැඩක්.. වැඩිහරියක් අපේ රටේ වෙන්නේ පරණ මගුල් ගලෝල පෙන්නලා උගන්නල ළමයින්ගේ සල්ලි ටික කඩාගන්න එක තමයි.. එව්වයින් සහතික අරන් එලියට යන ළමයි එළියේ වැඩ කරන්න ගියාම හත්පොලේ ගාගන්නවා.. මම දන්නා කෙනෙක් ඉන්නවා C & G කරලා ගරාජ් එකක් දාගෙන ඉන්න. . ඌ අමු මී හරකෙක්.. මිනිස්සුන්ගේ සල්ලි කන්නේ ටිකෙන් නෙවෙයි... ෆියුස් එකක් දාල ගොඩ දාන්න පුළුවන් වාහනේටත් මූ එන්ජිමක් තියනව අලුතෙන්.. කස්ටමර්ලත් පෝලිමේ එන්නේ.. මෝඩ මිනිස්සුන්ට පව්..

    මමත් c & g පොල් අන්කලයෝ....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අඩේ ඒක තමයි රත්තරං ටයර් ගැන ත්‍රෙඩ් එක දාපු ගමන් මූට fb15 වේ ඉස්සරහ ටයර් දෙක හොද නැති වුනේ :rofl:

    :growl: ටයර් හතරම දිරලා බොලව් එක තැන තිබිලම..... අනික දැන් 2008 දි දාපු ටයර්..... නිකන් තිබ්බත් දිරන කාලේ...... අනික වාහනේ එලවන මටනේ දැනෙන්නේ ටයර් අවුල් කියලා....... :angry:

    තවම ටයර් දැම්මේ නෑ..... පොලොන්නරු ගමනට DX එකද FB15 ද ගන්නේ කියලා තීරණය කරලම දානවා ටයර්...... FB15 ට හොද ඈලෝයි වීල් සෙට් එකක් කියපල්ලකෝ....... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව් තව කතා තියනවා මාව කන්න එලවන් එයි දැන්..:baffled:

    ඔය වගේම බයික් එකට ආපු පිටිපස්ස ටයර් එකත් මාරු කලා..:P:P

    :frown: බයික් එකට ආපු ටයර් දෙක ටියුබ් නිසා ටියුබ් ලස් කරේ බොල...... :angry: මේවා පාන් ගේන්න කඩේ යන බයික් නෙවේ..... දුර දුවන බයික්..... :love:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :growl: ටයර් හතරම දිරලා බොලව් එක තැන තිබිලම..... අනික දැන් 2008 දි දාපු ටයර්..... නිකන් තිබ්බත් දිරන කාලේ...... අනික වාහනේ එලවන මටනේ දැනෙන්නේ ටයර් අවුල් කියලා....... :angry:

    තවම ටයර් දැම්මේ නෑ..... පොලොන්නරු ගමනට DX එකද FB15 ද ගන්නේ කියලා තීරණය කරලම දානවා ටයර්...... FB15 ට හොද ඈලෝයි වීල් සෙට් එකක් කියපල්ලකෝ....... :D

    bbs-wheels-deep-dish-i18.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හැබැයි මචං එහෙම වෙන්න නම් හේතුවක් නෑ. මම හිතන්නේ ඒ හෝස් එක යන්න තියෙන්න ඇති.

    :oo: හේතුව තමා රේඩියේටර් ෆ්ලෂ් එකේ හොද කමට ඔක්කොම මඩ තට්ටු පිටින් ගැලවිලා යෑම...... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    වතුරත් එක්ක දුවල කාලයත් එක්කම රේඩියේටර් හෝස්වල ඇතුල් පැත්තේ මලකඩ තැන්පත් වෙලා හයිවෙනවා.. පස්සේ කූලන්ට් දැම්මාම ඒ මලකඩ සුද්ද වෙලා කැඩිච්ච මලකඩ වතුරත් එක්ක ඉහල පහල දුවනකොට රේඩියේටර් හෝර්ස් පලුදු වෙලා පුපුරලා යනවා මචන්. වතුරම දුවපු වාහනේකට කූලන්ට් දානවනම් රේඩියේටර් flush එකක් දාල හොඳට සුද්ද කරලා දැම්මාම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ බොහෝදුරට...

    :dull: රේඩියේටර් ෆ්ලෂ් එකෙන් තමා බඩු බනිස් උනේ මගේ හිතේ..... අම්මෝ එදා පැයක් විතර උඩින් වතුර දාලා ස්ටාර්ට් කරලා...... රේඩියේටර් මූඩිය ඈරලා රේඩියේටර් ෆ්ලෂ් එක යැව්වේ....... අම්මෝ ආව දුඹුරු පාට වතුර ගොඩ........ :baffled: ඈති අවුරුදු ගානක් එහෙම දිව්වා....... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    user cp එකට ඔලුව දැම්ම නිකමට වගේ. එකෙක් රෙප් කපල ගිහින් මේ ත්‍රෙඩ් එකට "උස්සපු තැන් දාපන් " කියල.. රෙප් නම් ඔක්කොම කැපුවත් ප්‍රශනයක් නැහැ පුතේ.. මම ඕව කන්නයැ . එත් මේ ලියන පොස්ට් එකක්වත් කොහෙන්වත් උස්සපුව නෙවෙයි... මෙව්වගෙ 100% ක් සත්‍ය සිදුවීම්.. උස්සල දාන කැත වැඩ මා ගාව නැහැ කොල්ලනේ..:no::no::no: කොහෙන් හරි කොපි කරානම් ඊට යටින් ලියනවා ගත්තේ මෙතනින් කියල... තරහක් , ඉරිසියාවක් තියනවනම් කොන්ද කෙලින් සිංහලයෙක් වගේ කෙලින් ඇවිත් කිව්වනම් තමයි වටින්නේ ගුණක් හෝ දොසක්... සියලු ගුණ දොස් භාරගැනීම සන්තෝසයෙන් තමයි කෙරෙන්නේ... :love::love::love::love:

    :frown: පිස්සු උට්ටලා එදත් හිටියා අදත් ඉන්නවා මාමේ........ :yes: ගණන් ගන්න එපා ඕවා..... :no:

    මාමා එලකිරි කතා දාන්න මාමේ..... අපි දෙන්නම් දවස ගානේ රෙප්..... අනික මේකේ ඉන්න ගොන් උට්ටෝ හිතාගෙන ඉන්නේ අපි රෙප් එකතු කරලා තමා කන්නේ බොන්නේ කියලා..... :lol: පව් අහිංසක හිත් තැලෙයි මාමේ මුකුත් කියන්න එපා....... :dull: :baffled:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :dull: රේඩියේටර් ෆ්ලෂ් එකෙන් තමා බඩු බනිස් උනේ මගේ හිතේ..... අම්මෝ එදා පැයක් විතර උඩින් වතුර දාලා ස්ටාර්ට් කරලා...... රේඩියේටර් මූඩිය ඈරලා රේඩියේටර් ෆ්ලෂ් එක යැව්වේ....... අම්මෝ ආව දුඹුරු පාට වතුර ගොඩ........ :baffled: ඈති අවුරුදු ගානක් එහෙම දිව්වා....... :dull:

    රේඩියේටර් flush දැම්මම කැඩෙන මලකඩ ඇතුළු flush එකේ ඉතුරු මිතුරු එන්ජිම ඇතුලේ ඉතුරු වෙනවා වතුර එක්ක . පස්සේ ඔක්කොම හරි කියල කූලන්ට් දාල දුවද්දී අර ඉතුරු වෙච්චි මලකඩ කොටස් වලට හෝර්ස් ටිකෙන් ටික තුනී වෙනවා.. ඊට පස්සේ හොඳ වෙලාවක් එහෙම බලල පුපුරලා යනවා...:no::no::no:ඔන්න ඕකයි වෙන්නේ ..මමනම් කිසිම කෙනෙකුට කියන්නේ නැහැ රේඩියේටර් flush දාන්න කියල... දැම්මොත් විනාසයක්ම තමයි ඉතින්..,,
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :frown: පිස්සු උට්ටලා එදත් හිටියා අදත් ඉන්නවා මාමේ........ :yes: ගණන් ගන්න එපා ඕවා..... :no:

    මාමා එලකිරි කතා දාන්න මාමේ..... අපි දෙන්නම් දවස ගානේ රෙප්..... අනික මේකේ ඉන්න ගොන් උට්ටෝ හිතාගෙන ඉන්නේ අපි රෙප් එකතු කරලා තමා කන්නේ බොන්නේ කියලා..... :lol: පව් අහිංසක හිත් තැලෙයි මාමේ මුකුත් කියන්න එපා....... :dull: :baffled:

    අනිවා පුටේ ... රෙප් වලින් තමයි මේ අපි දෙයියනේ කියල කාල ඇඳලා ඉන්නේ.. අහෝ රෙප් නැති දා අපිට කුමක් වෙයිද දෙයියෝ...:lol::lol::lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ලයිනර් අලුතෙන් ගැහුවනම් පිටිපස්සේ ඩ්‍රම් කැපිල සෙට් එකක් බැහැල නැත්තම් , ඉස්සරහ ඩිෂ් කැපිල නැත්තම් , බ්රේක් ලයින් එකේ හුලන් කියල හිතෙනවා. කෝකටත් බාස් කෙනෙක් අල්ලලා හුලන් පාරක් ඇරලා බලන්න.

    හෑන්ඩ් බ්රේක් එක අංශක 60ක් ඉස්සෙනවානම් පිටිපස්සේ බ්රේක් කට්ට දැමිය යුතුයි පුතේ.. පිටිපස්සේ බ්රේක් ලයිනර් හොඳයි කියල ශුවර්මද ???

    :no: ඩ්‍රම් කැපිලා නෑ..... ඉස්සරහා ඩිස්ක් එකත් හොදා...... :yes: හැබැයි ඒක පොඩ්ඩක් ෆේස් කරා කියලා කලින් අයිති *කන්නා නම් කිව්වා...... :angry:

    එදා ලයිනර් ගහපු වෙලාවෙම වොෂර් දාපු නිසා..... ඌ වරුවක් හුලං නම් යැව්වා...... :yes:

    බ්‍රේක් ලයිනර් අදුරන තැනකින් ගැස්සුවේ...... ඌ සිරා ඩයල් එක.... කවදාවත් අවුල් දෙයක් නම් කරලා දෙන්නේ නෑ..... අපි ඉස්සර නම් ලේලන්ඩ් වලට අළුත්ම කම්පැණි ක්ලච් ප්ලේට් දැම්මේ..... දැන් කරන්නේ පරණ ගලවපු අපේ ප්ලේට් වලට උගෙන් ගස්සනවා ෂූ එක...... :)
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අනිවා පුටේ ... රෙප් වලින් තමයි මේ අපි දෙයියනේ කියල කාල ඇඳලා ඉන්නේ.. අහෝ රෙප් නැති දා අපිට කුමක් වෙයිද දෙයියෝ...:lol::lol::lol::lol::lol::lol:

    :P:P:P:P:P අර හයිබ්‍රිඩ් ත්‍රෙඩ් එකේ පොස්ට් වලට මගෙත් රෙප් කපලා... මන් මේ මාසේ අන්තිමට රෙප් වලින් පෙට්රෝල් ගහන ට්‍රිප් එකක් යන්න හිටියේ.. දැන් යන්න වෙන්නේ නෑ....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අනිවා පුටේ ... රෙප් වලින් තමයි මේ අපි දෙයියනේ කියල කාල ඇඳලා ඉන්නේ.. අහෝ රෙප් නැති දා අපිට කුමක් වෙයිද දෙයියෝ...:lol::lol::lol::lol::lol::lol:

    :baffled: පව් මාමේ අහිංසකයාගේ හිත තැලෙයි..... ඌවා කරවන්න එපා....... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පිටිපස්සේ ඩ්‍රම් දෙක සෙට් බැහැල නැහැ කියල විශ්වාසයිද???

    :no: මාමා දන්නවනේ ඉතින්..... ගැරේජ් එකට ගියත් ඉතින් පැත්තකට වෙලා බලන් ඉන්න සිරිතක් නෑ නේ අපේ...... මම එදා ලයිනර් ගහද්දි අල්ලලාම බැලුවා සෙට් වැටිලද කියලා...... එහෙම අවුලක් නෑ...... :no:
     
    Status
    Not open for further replies.