මේ සෙනසුරාදා කථාව නැති වෙයිද දන්නෙ නෑ බං.කලින්ම නිදහසට කරුණු කියලනේ තියන්නේ.
එහ්...
පොල් වෙනුවට ආදේශකයක් නැද්ද එහෙනම් තාවකාලිකව?? 
නැතන් ඉතින් පොල්ව හිමේ ඔබමු?
මේ සෙනසුරාදා කථාව නැති වෙයිද දන්නෙ නෑ බං.කලින්ම නිදහසට කරුණු කියලනේ තියන්නේ.
පොල් වෙනුවට ආදේශකයක් නැද්ද එහෙනම් තාවකාලිකව?? 
මේ සෙනසුරාදා කථාව නැති වෙයිද දන්නෙ නෑ බං.කලින්ම නිදහසට කරුණු කියලනේ තියන්නේ.
එහ්...![]()
පොල් වෙනුවට ආදේශකයක් නැද්ද එහෙනම් තාවකාලිකව??
නැතන් ඉතින් පොල්ව හිමේ ඔබමු?![]()
![]()

ඔන්න සතියෙ දවස් ටිකනම් මම කතා 2 ක් දාලා ඇදලා දුන්නා..
දැන් ඉතින් සෙනසුරාදාට පොල්වත්තෙ කතා තමා ඕනා
මොනාද කතා නේද බං සීට් එකේ වාඩි වුනාම කාට හරි කියනවා ගැටගහපිය මාව සීට් එකට කියලා....සීට් බෙල්ට් OK..ෂොපින් බෑග් දෙකකට හුලං පුරවලා ඩෑෂ් බෝඩ් එක උඩ තියනවා..Air Bag OK..හා කියපං මීට වඩා මොනාද නේද සුදූ.....
![]()








එත් ගේම අතාරින්න බැරි නිසා කොහොම හරි දුවවන්නමයි උත්සාහය..

කාගෙන් ඇමතුම් ආවත් එව්වා සාමාන්‍ය ඇමතුම් උනාට වැනට් එකේ රියදුරා දෙන ඇමතුම හැමදාමත් ඇඟේ මයිල් කෙලින් වෙලා කන් දෙක රත්වෙලා සහලෝල උන ගන්න කෝල් එකක්. ඒ හින්ද වැනට් රියදුරාගේ කෝල් එක වෙනදා වගේම ඉතින් සාක්කුවේ කාලගුණ තත්වයට අයහපත්.. වැනට් එකේ AC මදි වෙලා චොකලට් දියවෙනවලු.. හෙට සෙනසුරාද වරුව නිසා වෙන වාහනයක් යවන්න දාල AC හදන්න වෙනවලු.. වැඩේ කොයි තරම් දරුණු උනත් ඉතින් කෝච්චියෙන් පැනල මැරෙන්න බැරි නිසා කෝච්චිය ගමට එනකම් වාහනේ AC කාරයෙක් ගාවට අරන් යන්න කියල රියදුරාට දැනුම් දීල අයෙත් නින්දට වැටෙන්න හැදුවත් ම්හ්

.. මොන නින්දක්ද වැනට් සොඳුරිය මතක් වෙද්දී..


.. රියදුරා නිවාඩු ගත්තට ගාර්මන්ට් ළමයි නිවාඩු ගන්නේ නැහැනේ මචන්ලා...දවසක් නොයව්වොත් හයර් එකට වෙන එකෙක් කොක්ක ගහනවමයි..

ඒ කියන්නේ AC condenser එක ගලවල fan එක හදල හෝ අලුතෙන් දාල නැවත වැකුම් කරලා ගෑස් ගහන්න වෙනවලු.. කොහොමත් හාර පන්දාහකට කෙළවෙන සීන් එකක්ලු සුපුරුදු විදිහටම.. 



















පොල් මාමේ...... වෙයා ආ යූ......??![]()



niyamayi....ඔන්න මේකත් වැනට් එක ගැනම තමයි.. මේක ගැන තව සති ගානක් ලියන්න තරම් මු මට දීපු සොමිය ඉවරයක් නැහැ..
මේක ටිකක් විනෝද ජනක සිද්දියක් වගේම දීපු තවත් කටුවක් ..
ඔන්න වැනට් එක ඒ කාලේ දිව්වේ ලෝකෙ පුරාම සුප්‍රසිද්ද චොකලට් ජාතියක් බෙදන්න ඒජන්සිය කරන කෙනාගේ ඩිලිවරි වාහනයක් විදිහට.. මේ හයර් එක දුවන්න ෆ්‍රිජ් එක වගේ AC තියෙන්න ඕන. AC හරියට නැත්තම් චොකලට් දියවෙන හින්ද හයර් එක නැතිවෙනව. වැනට් මරාලේ දුර යවන හයර් යවන එකට වඩා ඩිලිවරි වැඩකට ගම අවට දුවවන එක සාක්කුවේ කාලගුණයට ඉතාමත් යහපත්. දුර ගමන් යවල කීප වතාවක මගේ සාක්කුව සෝදාපාලු උන නිසා චොකලට් හයර් එක දුවන එක ඒ කාලේ ඉල්ලමක් ලැබුන වගේ.. එත් චොකලට් හයර් එක ඉවර වෙලා වැනට් එක රෑට නිකම් තිබ්බේ නැහැ.. රෑට ගාර්මන්ට් දුවනවා සේවකයින් ගෙවල් වලට බස්සන්න . මේ ඔක්කොම කරලත් මාසේ අන්තිමට ගනුදෙනු හදල බැලුවාම අදායම = වියදම හැමදාම.එත් ගේම අතාරින්න බැරි නිසා කොහොම හරි දුවවන්නමයි උත්සාහය..
ඔන්න සිකුරාදා දවසක වැඩ ඇරිලා සාගරිකා දුම්රියේ නැගල වැඩි වෙලාවක් දොයිය බබා වෙන්න උනේ නැහැ.. වැනට් එකේ රියදුරු තැන මගේ දුරකතනයට ඇමතුමක් දීපි..කාගෙන් ඇමතුම් ආවත් එව්වා සාමාන්‍ය ඇමතුම් උනාට වැනට් එකේ රියදුරා දෙන ඇමතුම හැමදාමත් ඇඟේ මයිල් කෙලින් වෙලා කන් දෙක රත්වෙලා සහලෝල උන ගන්න කෝල් එකක්. ඒ හින්ද වැනට් රියදුරාගේ කෝල් එක වෙනදා වගේම ඉතින් සාක්කුවේ කාලගුණ තත්වයට අයහපත්.. වැනට් එකේ AC මදි වෙලා චොකලට් දියවෙනවලු.. හෙට සෙනසුරාද වරුව නිසා වෙන වාහනයක් යවන්න දාල AC හදන්න වෙනවලු.. වැඩේ කොයි තරම් දරුණු උනත් ඉතින් කෝච්චියෙන් පැනල මැරෙන්න බැරි නිසා කෝච්චිය ගමට එනකම් වාහනේ AC කාරයෙක් ගාවට අරන් යන්න කියල රියදුරාට දැනුම් දීල අයෙත් නින්දට වැටෙන්න හැදුවත් ම්හ්
.. මොන නින්දක්ද වැනට් සොඳුරිය මතක් වෙද්දී..
වෙනද වෙලාවටම කෝච්චිය ගමට යද්දී වැනට් එක වෙනද වගේම ඉස්ටෙසමට ඇවිත් මාව ගන්න. ඒ හැමදාම වෙන විදිහ.. උදේට වැනට් එකෙන්ම රාත්‍රී රියදුරා ගෙදරට බස්සගෙන උදෑසන රියදුරාගේ ගෙදරට ගිහින් උන්දැවත් දාගෙන උදෑසන තැපැල් දුම්රියට මාව බස්සගනීම සහ හවසට සාගරිකා දුම්රියෙන් ඇවිත් රියදුරා ගෙදරට බස්සල ඩීසල් ගහල රාත්‍රී රියදුරාට වාහනය දීම තමයි සිද්ද උනේ. රාත්‍රී සේවය රාත්‍රී 9 සිට උදෑසන 4 ට අහවරයි.. නැවතත් උදෑසන සේවය..සමහර දවසට රාත්‍රී රියදුරා මම.. රියදුරා නිවාඩු ගත්තට ගාර්මන්ට් ළමයි නිවාඩු ගන්නේ නැහැනේ මචන්ලා...දවසක් නොයව්වොත් හයර් එකට වෙන එකෙක් කොක්ක ගහනවමයි..
දැන් AC හදන්න ගිය කතාව මෙතැන් සිට...
AC එකේ ප්‍රශ්නයක් නැහැලු... ප්‍රශනය තියෙන්නේ AC condenser fan එකේලු.. ඒ මගුල වැඩ කරන්නේ නැහැල්ලු..ඒ කියන්නේ AC condenser එක ගලවල fan එක හදල හෝ අලුතෙන් දාල නැවත වැකුම් කරලා ගෑස් ගහන්න වෙනවලු.. කොහොමත් හාර පන්දාහකට කෙළවෙන සීන් එකක්ලු සුපුරුදු විදිහටම..
ගම පළාතටම උන්නේ ඒ කාලේ වාහන එලෙක්ට්‍රිකල් බාස්ල තුන්දෙනයි.. එකෙක්වත් හදිසි වැඩකට අල්ලගන්න පුළුවන් එවුන් නෙවෙයි... බාස් උන්නැහේ වැඩේ ටිකක් හදිසියි කිව්වොත් ගමන් වැඩේ කීයටවත් බාරගන්නේ නැති තරම් ලොකු පොරවල් එයාල. එත් මගේ හදිසියට වැඩේ කරන්න පොරක් ගමේ හිටිය.. එයත් බොහොම තරුණ පහේ කෙනෙක්.. එයා ගැන විශේෂණ කියන්න විදිහක් නැහැ කිව්වොත් පොර කව්ද කියල අහල පහල උදවිය දැනගන්නවා.. එහෙම උනොත් මට ලංකාවට ගියාම සනීපෙට ඉන්න විදිහක් නැති වෙනවා, මොකද මම කියන කෙනා මොලේ අතේ පොරක්.. ඒ වගේම පාතාල සම්භන්ධකම් එහෙමත් ඒ කාලේ තිබුන.. ඒ හින්ද බොහොම යාප්පුවෙන් තමයි ඇසුරු කල යුත්තේ. කරන්නම දෙයක් නැති හින්ද සෙනසුරාද උදේ වාහනේ අරන් ගියා මේ කියන සුවිශේෂී බුවා ලඟට AC condenser fan එක හදවන්න. මේ බුවා මගේ හොඳ හිතවතෙක් උනාට සනීපෙට සිනිඳුවට ඇසුරු කල යුතුයි හොස්ස ලඟින් මැස්ස යන්නේ නැති වෙන්න. මු වාහන හදනවා උනාට ට්‍රයල් ගියොත් නම් පැය දෙක තුනකට ගරාජ් එකට එන්නේ නැහැ.. ඒ තරමට මුට මගුල් විසේ..
ඔන්න ගිහින් වාහනේ උදේ පාන්දරම ගැලෙව්වා AC condenser එක. බැලුවාම fan එකේ බ්‍රෂ් ගිහින්.. ඔන්න දැන් මම යනවා බ්‍රෂ් හොයන්න.. යන්තම් කළුතර සිරිවර්ධන එකේ තිබිල බ්‍රෂ් දෙකක් අරන් එද්දී මනමාල බාස් කොලුවා ට්‍රයල් එකක් ගිහින්. ට්‍රයල් ගිය වාහනේ අයිති එකයි.. මමයි .. මගේ රියදුරයි ඔන්න බලන් ඉන්නවා ඉතින් ක්ෂිතිජය දිහා බාස් එනකම්.. ඔන්න මු ආව පැය දෙකකට විතර පස්සේ.. දැන් පෝලිමේ ඊළඟට ඉන්නේ වැනට් එක..
මුගේ හොස්ස ලඟින් මැස්ස යන්න බැරි උනාට වැඩ හෙන ක්ලීන්.. කෑල්ලක්වත් මජන් පිටින් හයි කරන්නේ නැහැ.. අපිට ඉතින් තිනර් ගෙන්න කියනව..ලාම්පු තෙල් ඕන කියනව.. පෙට්‍රෝල් ඕන කියනවා.. හැබැයි මොනා ඕන කිව්වත් මම රියදුරා යවල ගෙන්නනවා.. මුගේ ට්‍රයි එක වාහනේ අරන් යන්නයි එව්වා ගෙන්න..ගියොත් පුතේ අයෙ එන්නේ පැය දෙකකින් තමයි.. ට්‍රයි කරන හැම කෙල්ලෙකුගේම ගෙවල් ඉස්සරහින් ගිහින් හොර්න් ගහල ලයිට් ගහල ආයේ මාසේකටවත් අපිටවත් ඒ පාරේ යන්න තියන්නේ නැහැ මු හෙන
![]()
ඔන්න දැන් මු එක්ක තොවිලේ අහවර කරන තැනටම ආව. දැන් තියෙන්නේ AC condenser එක වාහනේට හයි කරලා ඉක්මනට ගිහින් AC gas ගහන්න..
මේ වැනට් එකක පින්තුරයක් නෙවෙයි. එත් වැනට් එකෙත් Condenser එක තියෙන්නේ මෙන්න මේ වගේ එන්ජිමට යටින් ඉස්සරය රෝද දෙක මැද්දේ වගේ..
![]()
මට දැන් හොඳ ගානට මහන්සි හින්ද මම රියදුරාට කිව්වා සපෝර්ට් එකක් දීපන් මම පොඩි නින්දක් දානව කියල වාහනේ පස්සේ සීට් එක ඇල කරගෙන හෙමීට ඇලට් එකක් දාන්න සෙට් උනා.. මට නින්ද ගිහින් වැඩි වෙලාවක් ගියේ නැහැ.. මෙන්න බොලේ කව්ද එකෙක් අමු තිත්ත කුණුහබ්බෙන් අමතනවා ඇහිලා මට උඩ ගිහින් ඇහැරුනා කියපි..![]()
ටික වෙලාවක් ගියා මට මේ මොකද වෙන්නේ කියල ගලපගන්න.. එලෙක්ට්‍රික් බාස් තඩි spanner එකක් අරගෙන මගේ රියදුරා පස්සෙන් පන්නනවා අමු කුහරුපෙන් අමතමින්.. බාස් උන්නැහේගේ නලලෙන් ලේත් එනවා ටිකක්.. නළලේ සහ කම්මුලේ පිරමිඩ් එකක් සයිස් ගෙඩි දෙකක් ඇවිත්.. මුණ වෙස් තට්ටුවක් වගේ ..
![]()
වැඩේ බෙරන්නම බැහැ මු දැන් මගේ එකාව මරන්නමයි පන්නන්නේ.. රියදුරා කිව්වට උන්දැත් මගේ යාලුවෙක්.. මට වඩා අවුරුද්දක් බාලයි.. අපේ එකත් හිනා වෙවී වත්ත වටේ දුවනවා මුගෙන් බේරෙන්න..එන පොට හින්ද නැති හින්ද අපේ එකා පාරේ ආපු ත්‍රීවීල් එකක එල්ලිලා නොපෙනීම ගියා. බාස් අලි දම්මලවත් නවත්තන්න බැහැ .. වටේටම හිතවතුන්ට කෝල් කරනවා ආයුද අරන් වරෙන්, පිස්තෝල අරන් වරෙන්, කදු අරන් වරෙන්.. අද එකෙක් මරන්න ඕන කියල.. දැන් මු කියන්නෙම කපනවා, මරනවා, කොටනවා, කියලයි.. අම්ම මුත්තටවත් ලං වෙන්න බැරි තරම් අසූ හාරදාහටම මල පැනල දැන්..
![]()
දැන් මුගේ වැඩපොළ වටේ අහල පහල උදවිය පිරිලා..බොහොම යාප්පුවෙන් ලං වෙලා ඇහුව මොකද මහත්තයෝ උනේ කියල.. වෙච්චි දේ අහපල්ලකෝ... බාස් වෑන් එක යටට ගිහින් බිම දිගාවෙලා AC condenser එක හයි කරන්න සෙට් වෙලා අපේ එකාට කියල අත් දෙක යටට දාල AC condenser එක අල්ලගනින්, මම ඇන ටික දානකම් කියල.. අපේ එකා හරි අල්ලගත්ත කියල කිව්වාම බාස් AC condenser එක අතැරලා ඇන දාන්න සෙට් වෙලා.. අපේ එකා අත වැරදිලා AC condenser එක බාස්ගේ මුණ උඩට අතැරලා... ඉතින් මරන්න එලවන්නේ නැතුව තියෙයිද කොල්ලනේ... බාස්ගේ මුණ වෙස්මුන වෙලා.. මොටරුයි, condensor එකයි, ප්ලාස්ටික් කවරයි ඔක්කොම බර කිලෝ 20ක් පැනල මම හිතන්නේ. හිතාගන්න පුලුවනිද අනපේක්ෂිත වෙලාවක ඒ වගේ බරක් මුණ උඩට පත බෑවුනාම මොනවද හිතෙන්නේ කියල..
දැන් වැඩේ කරන එක නවත්තල බාස් මගේ රියදුරා මරන්න යන්නයි සුදානම. හැබැයි මුව මරන්න වටිනවා කරපු වැඩේට.. බාස්ගේ දත් ටික නොකැඩි බේරුන එක උගේ වාසනාව. මුණ වෙස්මුණ වෙන්නම වැඩේ සිද්ද වෙලා.. අන්තිමේ බාස් ගරාජ් දොර වහල බඩු ටික ඇතුලට දාල ත්‍රීවිල් එකක නැගල යන්න ගියා ඩ්‍රයිවර් ගෙනත් දීපන් ඊට පස්සේ වාහනේ හයි කරන්නම් කියල....
![]()
මම වහාම කෝල් එකක් දීල රියදුරා දැනුවත් කරා ආරක්ෂාව තහවුරු කරගන්න කියල කොහෙහරි වහන් වෙලා ..
දැන් වැනට් එක අතර මග. මම මහ මග.. ටූල්ස් නැහැ වැඩේ ගොඩදාගන්න.. හනික ත්‍රීවිල් එකක් අරන් ගෙදර ගිහින් අරන් ආව මගේ ටූල් බෑග් එක. හැමදාම සුපුරුදු විදිහට ජීවිතේ වැඩි කාලයක් ගත කරපු වැනට් එකේ යටට ගිහින් AC condensar එක අමුනගත්ත .. එත් අමුනගෙන AC හදන එකා ලඟට යද්දී ඌ කඩේ වහල ආගිය අතක් නැහැ කියපල්ලකෝ...
ඉරිදා දවසත් තියන හින්ද උදේ ඇවිත් AC ගෑස් ගහගන්න පුළුවන් නිසා වැඩි කලබලයක් තිබ්බේ නැහැ ඉතින් මට . ගෙදර ගිහින් රෑ ගාර්මන්ට් හයර් එකත් යවල උදේ ඇවිත් බැලුවාම තමයි අයෙත් ඔලුව පිස්සු වැටෙන ආරංචියක් ඇහුවේ.. AC හදන බුවා කතරගම ගිහින්... දැන් ඉතින් කාපන්කෝ පරිප්පු.. නැවත ගහන්න කියල පරෙස්සමට ටැංකියට පුරවගතපු 2L ගෑස් ටිකත් උගේ කඩේ ඇතුලෙ .
සඳුදා උදේට වාහනේ චොකලට් හයර් එක නොයව්වොත් එකටත් වෙන එකෙක් කොක්ක ගහන නිසා වාහනේ යැවිය යුතුමයි.. ඒ කියන්නේ ඉරිදා දවස ඇතුලත AC පද්දතිය සෑදිය යුතුමයි.. දන්නා කියන හැම තැනටම ගියා මිතුරනේ.. AC බස් පිරිල හැමතැනම.. වැනට් එක එකෙක්වත් සතේකට ගණන් ගන්නේ නැත.. ටිකක් වෙලා කල්පනා කර කර ඉන්නකොට මතක් උනා ෆ්‍රිජ විතරක් හදන්න දන්නා AC ගැන තවම ඉගෙනගනිමින් ඉන්න මගේ පාසල් මිතුරෙක්.. කෙලින්ම වැනට් එකෙන් උගේ ගෙදරට..
ඌ දන්නෙ ෆ්‍රිජ් හදන්න විතරයිලු... වාහන ගැන මෙලෝ දානයක් දන්නේ නැතිලු.. දැන් තියෙන්නේ මගේ මිත්‍රයට ඔටෝ AC පන්තිය පැවැත්වීම.. ඌ දන්නවා තියරිය.. එත් ප්‍රෙෂර් කොයිතරම්ද කියල දන්නෙත් නැහැ.. ප්‍රෙෂර් ඩිස්චාර්ජ් ලයින් තියන තැන දන්නෙත් නැහැ. ලීක් බලන්න ඕන තැන් දන්නෙත් නැහැ. හැබැයි ඌ ගාව ගෙජ් එක තියනවා. ගෑස් විකුණන තැන ඌ දන්නවා ... ෆ්‍රිජ් compressor එකකින් අටවගත්තු වැකුම් පොම්පෙකුත් තියනවා.. ඉතින් වෙන මොනවද මිතුරනේ මට ඕන...
කොළඹ ප්‍රසිද්ද ටෙක්නිකල් කොලේජ් එකක ඔටෝ මොබයිල් උගන්වන මගේ ඥාතියෙකුට කෝල් කරලා ඒ ටෙක් එකේම AC උගන්වන ගුරුතුමාව සම්භන්ධ කරගෙන කෝල් එකක් අරන් ප්‍රෙෂර් තියෙන්න ඕන ගාන අහගත්තා.. වැකුම් කරා පැය භාගයක් විතර..වැකුම් කරලා තියෙන්න ඇරිය ගෙජ් සම්පුර්ණයෙන් වහල පැයක් විතර.. තියල ගියා යාළුවගේ මොටෝවෙන් 2L ගෑස් ටිකක් අරන් එන්න..වැකුම් කරලා ටික වෙලාවක් තිබ්බාම ලීක් තියනවනම් වැකුම් ලෙවල් එක අඩුවෙලා ප්‍රෙෂර් 0 වෙනවා ටික වෙලාවකින්..
![]()
මුකුත් අවුලක් නැහැ.. පැයකට පස්සෙත් වැකුම් ලෙවල් එක තිබ්බ තැනම තියෙනවා.. ගෑස් ගැහුව.. මේ තියෙන්නේ වැනට් රාජයා ෆ්‍රිජ් එක වගේ... ඔන්න එදා තමයි මගේ ෆ්‍රිජ් විතරක් හදන්න දැනගෙන හිටපු මිත්‍රය ඔටෝ AC පැත්ත කරන විදිහ ගැන අත් පොත් තිබ්බ දවස.
එලෙක්ටික් බාස් හෙමිහිට ශේප් කරගත්ත දවස් දෙක තුනකට පස්සේ. එහෙම ශේප් කාර්ඩ් එකක් දාගන්නකම් මගේ අතිජාත රියදුරා වාහනේ වැඩ කරේ නැහැ.. මොකද මොලේ අතේ තියන් ඉන්න බාස් ඒ තරම් විස්වාස කටයුතු පුද්ගලයෙක් නෙවෙයි නිසා. ඔන්න ඔහොමයි ඒ කට්ට මම අනුභව කරේ.. බාස් කාරය වාහනේ හයි කරන එක නවත්තල ගරාජ් එක වහල ගෙදර ගිය වෙලාව වෙද්දී මම වැඩේ වෙනුවෙන් ඌට දවල්ට ප්‍රයිඩ් රයිස් කවල, සිගරට් පොවලා . කොකාකෝල පොවලා දාහකට දෙදාහකට විතර බිලක් දාලයි තිබ්බේ. එහෙම නොකර උගෙන් වැඩක් ගන්න බැරි පොරක්.. අන්තිමේ වැඩේ ඉවර වෙද්දී වැඩේට යන සාමාන්‍ය වියදම වගේ දෙගුණයක් හැමදාමත් වගේ වියදම් වෙලා... ඒ ඉතින් වැනට් රාජයාගේ උපන් හපන්කම් ...
මේකෙනුත් උඹලට මම කියන්නේ ඕනෑම ප්‍රශ්නයකට උත්තරයක් තියෙනවා කොතන හරි හොඳට හිතල බැලුවාම.. අනික් කාරණේ තමුන්ගේ වැඩේ කෙරෙන වෙලාවට මොන බැරි අමාරුකම් තිබ්බත් එතන ඉන්න වග බලාගනිල්ලා.. නැත්තම් වෙන එකෙක් කරන අත් වැරැද්දට උනත් වන්දි ගෙවන්න වෙන්නේ අපේ මුදලින්, කාලයෙන් ..
වැනට් එක ගැන ඉවරයි ද??? අපෝ නැහැ.. තව තියනවා කොල්ලනේ...
ඔන්න මේකත් වැනට් එක ගැනම තමයි.. මේක ගැන තව සති ගානක් ලියන්න තරම් මු මට දීපු සොමිය ඉවරයක් නැහැ..
වැනට් එක ගැන ඉවරයි ද??? අපෝ නැහැ.. තව තියනවා කොල්ලනේ...



මේ ආවෝ.. ඔන්න සතියේ මගේ කටුව දැම්ම..රෑ 2.20යි වෙලාව. ඕක ලියන්නත් අද ඊට වඩා කට්ටක් කෑව බන්.. මම දොයියෝ..![]()
එල එල..... ශොප් එක වහලා පාටි එකකට යන්න ලෑස්ති වෙලා ඉන්නකොට දැක්කේ...... මේක නොකියවා පාටි යන්න බෑ කියලා හිතුනා...... 
ඔන්න මේකත් වැනට් එක ගැනම තමයි.. මේක ගැන තව සති ගානක් ලියන්න තරම් මු මට දීපු සොමිය ඉවරයක් නැහැ..
මේක ටිකක් විනෝද ජනක සිද්දියක් වගේම දීපු තවත් කටුවක් ..
ඔන්න වැනට් එක ඒ කාලේ දිව්වේ ලෝකෙ පුරාම සුප්‍රසිද්ද චොකලට් ජාතියක් බෙදන්න ඒජන්සිය කරන කෙනාගේ ඩිලිවරි වාහනයක් විදිහට..

ඔන්න මේකත් වැනට් එක ගැනම තමයි.. මේක ගැන තව සති ගානක් ලියන්න තරම් මු මට දීපු සොමිය ඉවරයක් නැහැ..

patta pata pata, thawa liyapan saththalane 
