පද පේළී - EK LYRICS THREAD PART 2

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
හ්ම්ම්ම්ම්ම්....

රාත්‍රිය උදාවුනා
නින්ද ඇයි නොයෙන්නේ //
රාත්‍රිය උදාවුනා...

ඔබ හමුවු දා පටන්
මා හදවත අවදියෙන් //
රැය පහන් වෙලා යයි
නොවී නිදි දැහැන් :(

රාත්‍රිය උදාවුනා....

ඔබ අවුදින් සිව් දෙසින්
මා දෙනෙතේ දැවටෙමින් //
සිත තැවුල් මවාලයි
පුරා රැය නිතින් :(

රාත්‍රිය උදාවුනා....
T.M. Jayarathne
 
  • Like
Reactions: rcccc

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Jayasiri Amarasekara..................



සේපාලිකා මලයි~
සුදු පාට මීඳුමයි..
හරි ලස්සනයි සුදුයි~
ඇත්තටම ඔබ වගෙයි..
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
පිවිතුරු සිතින් එනු මැන ළඳේ
අවසන් සුසුම් ගිළිහෙන දිනේ
මට පැන් පොදක් අරන් දෝතින්
එතුවක් දුරින් ඉන්න ඈතින්...

ඇය මා ළඟින් වෙළී බැඳී
ළතැවුල් මවා ගියා ඇදී...
ඒ දුක් රැහැන් වලින් මිදී
අද මම විඩා හරින්නෙමී...

තනිකම වගේ සුවක් ලොවේ
මිනිසත් බවේ තවත් නොවේ...
මනසින් ලබන්න හැකි සුවේ
අප ලං වුණොත් දුරස් වෙතේ.


සිසිර සේනාරත්න
 
  • Like
Reactions: rcccc

King GBN

Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    ටිකෙන් ටික ටිකෙන් ටික.... අපි ආවද මේ තරම් දුර...
    කටින් කට කටින් කට..... ලෝකය දැනගෙන අපේ ගැන...
    විටින් විට විටින් විට සමහරු අපි ගැන ගෙතු පද...
    එකක් හැර එකක් හැර ජයගත්තා අද අපේ ලොව....
    අම්මලාට දුන්නාදෝ කඳුළු කෝටියක්‌....
    තාත්තලා හැන්ගුවාද මදුවිතෙහි දුකක්....
    කොනක ඉඳන් බලන ඉන්නේ... යාළුවෝ කැලක්....
    යන්නට පෙර මදුසමයට.... දෙන්න ලොකු දුකක්....
    පොත් මිටියත් මල් කළඹක් වුවා අද... ඔබේ දෑතේ....
    රන් මුදුවක් දිදුලයි ඔබේ සුරතේ... සතුටු සිනා මැද්දේ....
    මං තවමත් ඔය මල් සිනාවේ සිරවී ඇත්තේ....
    සිතාගන්න බෑ.... ටිකෙන් ටික බිඳෙන් බිඳ අපි ආවද මේ තරම් .....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තරු දිලෙන අම්බරයේ...

    තරු දිලෙන අම්බරයේ
    නුඹ ඉන්න මගේ පහසේ
    විඳගන්න මාගේ ආදරේ...
    සංසාරේ නුඹ පැතුවේ
    පැතුමක් වෙලා තිබුනේ
    මගේ කරගන්නමයි හැම භවේ...

    දුටුවද දැනුනද හැඟුනද මගේ බව
    සුරඟුන් පරදන ලස්සන නුඹේ රුව
    අපේ ආදරේ..ආදරේ..ආදරේ...

    නුඹේ සිනහා දැකගන්න
    පතමි මම හැමදාම
    රත්තරං ඔබමයි මගේ පණ...
    ඉන්නම් ඉතින් ලංව
    තුරුලේම හැමදාම
    රත්තරං ඔබමයි මගේ පණ...
    දුටුවෙමි දැනුනෙමි හැඟුනෙමි නුඹේ බව
    දෙව්ලුව පරදී තුරුලේ උණුහුම
    අපේ ආදරේ..ආදරේ..ආදරේ...

    තරු දිලෙන අම්බරයේ...

    -Rahal Alwis ft Lihini-
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අවසන් කදුලත් අවසන් වෙනකන්
    හඩන්න නෙතු නොපියා
    හෙට සිට ආයෙත් පාඩුවෙ ඉන්නම් කිසිවක් නොකියා
    ඹබ ගියා කියා මා කොහොම හිතන්නද මා දුප්පත් හින්දා

    වැලපෙනා වේදනා නුහුරු පපුවේ අවතැන් වෙලා හිතහදා ගන්න බෑ
    ඹබට පමනයි මා පෙම් කලේ
    ඹබ ගියා කියා මා කොහොම හිතන්නද
    මා දුප්පත් හින්දා

    :(
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පෙම් සිහිනේ ඇයි බිඳුනේ...

    පෙම් සිහිනේ ඇයි බිඳුනේ
    මා හැර ගියේ කුමරියෙ ඔබයි
    වරද මාගේ නොවෙයි
    තාම මම ආදරෙයි...


    මාගේ පැල්පතේ ඉසුරු නෑ කියා
    ඔබ මගෙන් වෙන් උනා
    වෛරයක් නෑ හිතේ මං ආදරෙයි...
    සමුගෙන ගියදා යළි සිහිවීලා
    හැඩුවාදෝ ආයේ...


    නිහඩ රත්‍රියේ සුවඳ ගෙනාවේ
    අහිමි වු ආදරේ
    තාම මම ආදරෙයි මං ආදරෙයි...
    ඔහු හා බැදිලා වෙනතක යනවා
    මා අමතක කරලා...

    -නාමල් උඩුගම-
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දෑසේ ඔය රුව මැවිලා...

    දෑසේ ඔය රුව මැවිලා
    නෑ ලඟ සැනසුම රැඳිලා
    කාලය හෙමිහිට ගෙවිලා
    යයි තව අපි දුර ඇදිලා...

    හදවත ගැහෙනා ගැහෙනා මොහතක් පාසා
    මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා
    ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා
    මේ සංසාරේ ඔබ සතුටයි මට ඕනා...

    රෑ අහසේ තරු නෑ දැන් හිනැහෙන්නේ
    ඔබ කොහෙදෝ මා හැරදා අද ඉන්නේ
    මගෙ ලෝකේ ඔබ පමණයි මට උන්නේ
    ඔබ ගියදා දුක විතරයි මට ලැබුණේ...
    පාළුවේ තනිවෙලා මා ඉන්නවා
    ඔබ ලඟින් උන්නු කාලයේ
    දුන් ආදරේම ජීවිතේ වෙලා...

    මා දන්නා කවුරුත් නැහැ ඔබ වාගේ
    දුක දන්නේ කවුරුද මගෙ ඇස්වාගේ
    සැනසෙන්නම් උන්නා නම් නෙතු මානේ
    මියැදෙන්නම් ලඟටම වී ඔය තුරුලේ...
    පාළුවේ තනිවෙලා මා ඉන්නවා
    ඔබ ලඟින් උන්නු කාලයේ
    දුන් ආදරේම ජීවිතේ වෙලා...

    -විරාජ් පෙරේරා-
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    දිනෙක හිරු බැස යන වෙලාවක
    සයුරු වෙරලක හුදකලාවෙක...
    කල්පනාවේ සිටිය මොහොතක
    මතක් විය සිතුවිලි අතීතෙක...

    සයුර මා විය අහස ‍ඔබ විය
    දෙදෙන ලංවූ ක්ෂිතිජයක් විය
    ඒ වෙලාවේ මට මතක් විය

    කලක් ලොව අප ගැන සිතූ හැටි...
    සයුර මා විය අහස ‍ඔබ විය
    දෙදෙන රැවටූ ක්ෂිතිජයක් විය
    කී කථා‍වේ අරුත වැටහින‍
    අහස සමුදුර එකතු වී ඇත..




     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිල් අහස් ගව්ව සිඹින තරම්...

    නිල් අහස් ගව්ව සිඹින තරම් මතකයන් පිරි
    මල් හීන මවන සුසුම ඔබයි ආදරේ හිමි
    මගෙ ආදරේ හිමි ඔබ රෝස කුසුමකි
    නිල් අහස් ගව්ව සිඹින තරම් මතකයන් පිරි...

    සනසන්නේ ඔබ තමයි නැලවෙන්නේ මං තමයි
    පෙම් මාලිගාවේ සුවඳ පිරෙන දවස අත ලඟයි
    පෙම්වතෙකු වෙන්න පැතු පැතුම් ඔබට අත වනයි
    ඔබට අත වන...

    හිමිදිරියේ පිබිදුනු හිරු පවා සැඟවුනු
    ලා නිල්ල වැදුනු මල් යායට එන්න පේවුනු
    රන් පාට සඳක් පායා එයි මමයි ඔබේ සඳු
    මමයි ඔබේ සඳු...

    -චාමික-

     
    • Like
    Reactions: DAMER

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සිතට හොරා මං...

    සිතට හොරා මං ඔබේ වෙලා දැන්
    ලොවට හොරා මං පෙම් කරන්නම්
    ඇගේ නිසා මං දුරින් හිඳින්නම්
    දුරට වෙලා මං පෙම් කරන්නම්
    වැටහෙන්නෑ
    කඳුළු ඇයි මෙසේ
    වෙන් වෙන්නෑ මියෙන තුරු මගේ ආදරේ...


    නෙතු සිඹින සිඹින සුසුමන් පවා
    පාරවයි හද මගේ
    ඔය ගලන ගලන
    කඳුළින් නෙතේ
    සසලවයි සිත මගේ
    කඳුළු පුරෝගෙන ඉන්න හිතාගෙන
    නුඹේ සිනා වල මියදෙන්නම් ඉතින් මං

    මියදෙන්නම් ඉතින් මං...

    පෙරදා රෑ අහසේ පෑයු සඳ සාවී
    අද රෑ මගේ අහසේ පායපන් රහසේ
    නුඹ දන්නවාද දන්නේ නෑ මගේ ආදරේ
    නුඹ ඉන්නවාද දන්නේ නෑ මගේ ලෝකයේ...
    නුඹට දැනෙනවාද දන්නේ නෑ මගේ ආදරේ...

    -රහල් අල්විස්-
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයා එක්ක දුරක් යන්න
    හීන දැක්කා මෙමා
    මඟක් දුරට ඇවිත් ඇයි ද
    ඔයා මේ වෙනස් වෙලා
    දරාගන්න දුකක් බැරුව
    හුඟක් පසු‍තැවෙමි මා
    සෙනේ දුන්නූ මගේ හිතට
    මේ වාගෙ දුක දෙන්නෙපා

    ආදරයෙන් හිමිවීම
    මට හිමි නැතිව ඇතී
    අහිමි වෙලා දුක්වීම
    ඉරණම වෙන්න ඇතී
    මගෙ ආදරය හඳුනන්න
    ඔය හිතට බැරිවෙන්නැතී
    ඒ හින්ද වෙන්වෙන්නැතී
    ඔබ මාව හැරයන්නැතී

    තනිවුණු මගෙ හැම රෑක
    දෙනෙත් තෙමයි ඔබෙ මතක
    අපි දැන් දෙන්නෙක් නේද
    ඔබේ ස්නෙහෙ දැන් කොහිද
    මගෙ ජීවිතයෙ හැමදාම
    හිතගාව ඔබ ඉන්නවා
    වෙනසක් නොවී පෙර ලෙසින්
    හැමදාම හරි ආදරෙන්

    ඔයා එක්ක ..............


    ගායනය :- කසුන් චාමිකර
     
    • Like
    Reactions: DAMER

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හමුවන්න අයිති නැතිමුත්
    අපි හමුවුණා ලොව ම රවටා
    එක්වෙන්න හීන මැවුවත්
    එක්වෙන්න බෑ අපට කිසිදා
    ආයෙ නොයෙනා දිනෙක මතුදා
    මට ලැබුණොතින් ඔයා
    පිළිගන්නවා පාවඩ එළා

    හද පතුළේ රැඳුණ මගේ
    ආදරේ සඟවාලා
    දැතැන අපේ හිමි අරණේ
    කාටවත් නොපවසා
    ආයෙ නොයෙනා දිනෙක මතුදා
    මට ලැබුණොතින් ඔයා
    පිළිගන්නවා පාවඩ එළා

    මධු කුළයේ බඹරු ඔබේ
    ආදරේ පොරකාලා
    රැගෙන ඔබේ වටින ම දේ
    හැරගියත් ඉඟිලිලා
    ආයෙ නොයෙනා දිනෙක මතුදා
    මට ලැබුණොතින් ඔයා
    පිළිගන්නවා පාවඩ එළා

    හමුවන්න අයිති .............


    ගායනය :- ශාහිල් හිමංස
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මා තනිවුණු බව දැකලා
    කඳුළක් නැද්ද ඉණුවේ නෙතේ
    හැරයන්නට දුරස්වෙලා
    වරදක් නැහැනෙ මාගෙන් වුණේ
    එකපාරක් ඉඩදෙන්න
    ඔබෙ ළඟ මට ඉන්න
    පවසන්න මේ ආදරේ
    ඔබ තරමට මට ළංවූ
    තව කවුරුත් නෑ ජීවිතේ

    ආදරෙන් පැරදෙනා
    පෙම්වතුන් දෙස බලා
    මතකයි ද දුක්වුණා
    මටත් වැ‍ඩියෙන් ඔයා
    අද මාව රවටලා
    ගියේ ඔබමයි කියා
    අදහන්න බැරි නිසා
    සිත අතරමන් වෙලා

    ඔබ තරමට .............

    රිදවනා මතකයේ
    රැඳුණු හසරැලි ඔබේ
    අද කඳුලු කැට වෙලී
    වැටෙයි නෙතඟින් මගේ
    ලැබුණෙ පිවිතුරු සෙනේ
    මගෙන් විතරයි ලොවේ
    සිහිවෙනා හෙට දිනේ
    යලිත් ඔබ එයි ළඳේ

    ඔබ තරමට .............

    මා තනිවුණු .............


    ගායනය :- මංජුල පුෂ්පකුමාර
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රිදවන්නට ආයේමත්
    මතකෙට ඉඩදෙන්නෙපා
    ඔබ මා සතුවීල උන් බව
    කිසිවිට අඟවන්නෙපා
    අපෙ ඇසුරක් වූ අයුරක්
    කාටත් පවසන්නෙපා
    අප වෙන්කරනා ලෝකෙක
    මතු අප ඉපදෙන්නෙපා

    මතක සමරු එක් කරලා
    දවාලන්න අළු කරලා
    අපේ සෙනෙහසේ සටහන්
    තියාගන්නෙපා
    හිතේ හැඟුම් කැටි කරලා
    කඳුළු බිඳක දියකරලා
    නෙතු හරින්න යයි ගලලා
    නවත්වන්නෙපා

    අතරමගදි හමුවීලා
    දුටුවෝතින් මඟහැරලා
    ඔයා යන්න පිටුපාලා
    යලි බලන්නෙපා
    ඔබට නොදැනි සැඟවීලා
    පෙනෙන දුරක ඉමි රැඳිලා
    ඉතින් ඉන්න හිනැහීලා
    මා සොයන්නෙපා

    රිදවන්නට ආයේමත් ...........


    ගායනය :- උදය ශ්‍රී
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මං ආදරේ තරම්
    මට ආදරේ නොවී
    මා සිතින් දුරට වී
    ඇයි මගේ රත්තරන්
    වාවන්න බැරි තරම්
    වේදනා මට දෙමින්
    හිනැහිලා ඉඳින්නේ
    කෙලෙස දෝ ඔහු ළඟින්
    මං ආදරේ තරම්

    මට අහිමි හීනයේ
    හිත අතරමන් වෙලා
    ඔබ සිහිවෙලා හඬාවී
    අසරණව තනිවෙලා
    හදවතට ළංවෙලා
    ඔබ කීව පෙම් කථා
    යලි නොඇසෙනා දුකින් හඬාවී
    දරාගනු බැරි නිසා

    මං ආදරේ තරම් ...........

    හිත ළඟම දැවටිලා
    මගේ වෙන්නට පතා
    ඔහු ළඟම හිනහැණුනේ
    ඇයි මෙලෙස රිදවලා
    නැතුවාට මං ඔබේ
    පෙරවාගෙ ඔය හිතේ
    හැමදා මගේ හදේ හිඳීවී
    ඔයා මට ළංවෙලා

    මං ආදරේ තරම් ...........


    ගායනය :- මංජුල පුෂ්පකුමාර
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිලුපුල් දෙනෙතයි කෝමල මුහුණයි
    ඔබ මට කුසුමක් වගෙයි හැඟෙයි
    මගෙ හිත සසලයි දෙනුවන් කැළඹෙයි
    කියාගන්න බෑ ආදරේ

    දිගු නෙත් බැල්මයි සුදු ඔබෙ මුහුණයි
    ඔබ මා ළංවූවා
    මගෙ හද නිසලයි ඔබව ම ඈඳියි
    සිත අසරණ වෙනවා

    නිලුපුල් දෙනෙතයි ............

    ඔබ මා ඇමතූ මුල් දින ‍සැනෙකින්
    මගෙ මුව ගොළු වූවා
    පෙම් ලොව ඔබමයි ඔබව ම පතමින්
    අද මා ලතවෙනවා

    නිලුපුල් දෙනෙතයි ............


    ගායනය :- Daddy
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරේ පාරා යාවි නම්
    රෑ පුරා කඳුළේ මා දවා
    ජීවිතේ පෑරූ කාරණා
    මා සිතේ ගැඹුරේ මා දරා

    සඳ හැඬුවා රෑ පුරා
    හිත රිදුනා රෑ දිවා
    හිමි නොවුණා තනිවෙමි මා
    එක්වෙනු බෑ යලි ඔබ හා

    ආදරේ රිදවා මේ තරම්
    දුක ලැබී ගලනා වේදනා
    මා දරා හිඳිනා කාරණා
    ඔබෙ සුවේ පතමී සෑමදා

    සඳ හැඩුවා ............

    හද ගැඹුරේ වේදනා
    විඳගමි මා චෝදනා
    හිමි නොවුණා තනිවෙමි මා
    එක්වෙනු බෑ යලි ඔබ හා


    ගායනය :- බාචි සූසෑන්