වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම දන්න එකෙකුත් ගරාජ් එකක් දැම්ම ඉඩමක් කුලියට අරගෙන. ඒත් අල්ලපු ගෙදර එකා කරගෙන යන්න දුන්නෙම නැහැ බන්. ගරාජ් එක වහනකම්ම පෙස්සං ගැහුවා. අන්තිමේ අරු ගරාජ් එක වහල දැම්ම. මිනිහෙක් දියුනුවෙනවට හරිම අකමැතියි බන් අපේ මිනිස්සු. ඒ උනාට කට පුරා ජාති ආලය ඉවරයක් නැහැ.
    සිංහල මිනිසුසන්ගේ නරක පැත්ත ඹක තමා තමුන් රජ උනාම ඇති වෙන ඒකෙක්ට ඉඩක් උදව්වක් කරන්නේම නැ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔන්න මේකත් ඉතින් මගේ අතිජාත හිත මිත්‍ර නිසාන් කොම්පැනියෙන් ගහපු වන් ඇන්ඩ් ඔන්ලි හැඩකාර, දඟකාර, මල වදකාර වැනට් එක ගැනමයි..
    ..........................
    ..........................
    ..........................
    ..........................
    ..........................

    බාස් නැව් ටෝක් දුන්නට උන්ද ගලවපු පලවෙනි ප්ලාස්ටික් ටැංකි රේඩියේටර් එක තමයි මගේ වැනට්ටුව .. බස් ලොරි වල තියෙන්නේ පිත්තල ටැංකි නිසා ඊයම් වලින් පිත්තල වලින් කරන සෙල්ලම් ප්ලාස්ටික් ටැංකි එක්ක කරන්න බැහැ කියල බාස් තේරුම් ගන්න ඇති කියල මම හිතනවා.. ගෝලය හැබැයි බාස්ගේ සායම ඇරිය ගම වටේ..

    වැනට් එක ගැන තව කටු කතා එමටයි මිතුරනේ...

    ලෙඩක් හැදිලා බේතක් ගන්න ඩෙකෙක් ගාවට ගියහම ඩොකාව විස්වාස කරන්න, දෙයක් ඉගෙන ගන්න ගුරුවරයෙක් ලගට යනකොට ගුරුවරයව විස්වාස කරන්න කියලා, පොතේ කියල තිබුනට කවදාවත් ගැරජ් එකකට යනකොට බාසෙක්ව නම් විස්වාස කරන්න එපා කියලා මේකෙන් මොනවට පැහැදිලි වෙනවා.
    Thanks මචං අපිට මේව කියල දුන්නට
     
    • Like
    Reactions: Trouble_Maker

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම දන්න එකෙකුත් ගරාජ් එකක් දැම්ම ඉඩමක් කුලියට අරගෙන. ඒත් අල්ලපු ගෙදර එකා කරගෙන යන්න දුන්නෙම නැහැ බන්. ගරාජ් එක වහනකම්ම පෙස්සං ගැහුවා. අන්තිමේ අරු ගරාජ් එක වහල දැම්ම. මිනිහෙක් දියුනුවෙනවට හරිම අකමැතියි බන් අපේ මිනිස්සු. ඒ උනාට කට පුරා ජාති ආලය ඉවරයක් නැහැ.

    අපේ එව්න්ගේ තියන ලොකුම වැරැද්ද තමයි බං ඔය ඉරිසියාව. පුලුවන් හැම තැනකදිම කකුලෙන් අදින්නම තමයි බලන්නේ අපේම සිංහලයා. :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    වැඩේ කෙරෙන්නේ මෙහෙමයි.. බාස් ටැංකි දෙක ගලවන්න ඉස්කුරුප්පු නියනක් දාල දඟලපු ලොක් සියල්ල බබා වගේ ඇරෙනවා ලොක් අඬුව දාල පහලට නැමුවම .. ටැංකියට කිසිම බලපෑමක් නැහැ... ටැංකි දෙකම ඒ කියපු විදිහටම ගැලෙව්ව... ඊට පස්සේ තියෙන්නේ බාස්ට නොදන්නකමට වැරදුන ඊළඟ පියවර.. ටැංකි දෙක ගැලෙව්වාම core එකේ තියෙනවා රබර් කොටසක්.. ඒකෙන් තමයි core එක සහ ටැංකිය අතර සම්භන්ධය තහවුරු කරන්නේ වතුර එලියට නොයන්න.. බාස් කිව්වේ ඒකට හානිවෙන්නේ නැතිවෙන්න ගලවන්න ඕන හානි උනොත් හයිකරද්දී සීල් කරන්න බැහැ කියල.. එත් මට උපදෙස් ලැබුනේ ඒ රබර් කොටසේ අන්ශුවක්වත් ඉතුරු නොවෙන්න සියල්ලම ඉස්කුරුප්පු නියනක් මගින් සුරා දමන්න කියලයි... සියල්ල අකුරට සුද්ද කරාට පස්සේ core එකේ ඉතුරු වෙන්නේ ප්ලාස්ටික් ටැංකිය ඇතුලට බහින ග්රූ එක විතරයි...

    ඊළඟට තමයි වැදගත්ම කාර්ය තියෙන්නේ.. ඒ සුද්ද කරගත්තු ග්රූ එකට සිලිකොන් ගම් එකේ කට බස්සල සිලිකොන් එක මිරිකගෙන core එක වටේටම ගම් දාගෙන යන්න ඕන... හැබැයි සිලිකොන් පාර කැඩෙන්නේ නැතුව එක දිගට වැටෙන්න ඕන.. එහෙම දාගෙන ගිහින් වටෙන් එනකොට දාන්න පටන් ගත්තු තැනදී සිලිකොන් ගම් පටිය කොන් දෙක එකිනෙකට හමුවෙනවා... ඊටපස්සේ සිලිකොන් වේලෙන්න කලින් ප්ලාස්ටික් ටැංකිය core එකට තියල ග්රූ එකට බස්සල නැවතත් ලොක් අඬුව අරන් කෙලින් කරපු ලොක් ටික නැවත නවාගෙන යන්න ඕන පිළිවෙලට එකම ගානට.
    ඔක්කොම ලොක් ටික නැවුනට පස්සේ එලියට විස්තාපනය වෙන සිලිකොන් ගම් ඇඟිල්ලෙන් ඉවත් කරලා යට ටැංකියටත් එම සත්කාරයම එම පිළිවෙලටම ක්‍රියාත්මක කරා..

    වැනට් එක ගැන තව කටු කතා එමටයි මිතුරනේ...

    mage eketh oya wade hariyata nokara coolant poddak penawa thethamaneta wage plastic cup eka langin :( plastic cup eka magakadi pipuruwata passe nodann ekekgenne wade karagatte :angry:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලෙඩක් හැදිලා බේතක් ගන්න ඩෙකෙක් ගාවට ගියහම ඩොකාව විස්වාස කරන්න, දෙයක් ඉගෙන ගන්න ගුරුවරයෙක් ලගට යනකොට ගුරුවරයව විස්වාස කරන්න කියලා, පොතේ කියල තිබුනට කවදාවත් ගැරජ් එකකට යනකොට බාසෙක්ව නම් විස්වාස කරන්න එපා කියලා මේකෙන් මොනවට පැහැදිලි වෙනවා.
    Thanks මචං අපිට මේව කියල දුන්නට

    මම මේක මෙහෙම එඩිට් කරාට ටොම් මහත්තය අමනාප වෙන එකක් නැහැ.. අද කාලේ ඕනෑම කෙනෙක් විශ්වාස කල යුත්තේ නුවනින් විමසලා බලලයි ..

    දොස්තරව විශ්වාස කරන්න.. එත් බෙහෙත් බොන්න කලින් නොදන්නා බෙහෙතක්නම් google search එකක් දාල බෙහෙත ගැන අවබෝධයක් අරන් බොන එක අද කාලේ හැටියට වැඩි පරෙස්සමට හොඳයි.. මගේ ඥාතියෙකුට මීට සති දෙකකට කලින් දීපු බෙහෙතක් විස වෙලා ඇඟ පුරා ගෙඩි දාල සතියක් ඉස්පිරිතාලේ ලගින්න උනා මචන්. ඒ මදිවට දාපු ගෙඩි පෙන්නන්න ගියපු දොස්තරත් ඒ බෙහෙත දිගටම බොන්න කියල ලෙඩේ වැඩි උනා....අන්තිමේ කරාපිටියේ දොස්තරලා තමයි ලෙඩා බේරාගත්තේ...

    ගරාජ් බාස්ලානම් ඉතින් අනවශ්‍ය පමණට විශ්වාස කරොත් උන් අපිව හිඟන්නො කරනවා මාසෙන් දෙකෙන්..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    mage eketh oya wade hariyata nokara coolant poddak penawa thethamaneta wage plastic cup eka langin :( plastic cup eka magakadi pipuruwata passe nodann ekekgenne wade karagatte :angry:

    හරියට වැඩේ කෙරිලා නැහැ වගේ.. ඔය වැඩෙත් දෙතුන් වතාවක් කරද්දී ලොක් ටික කැඩෙන්න බලනවා නැවිලා දිගඇරිලම .
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බඩා මාමිගේ දෙමුහුන් සිහිනයට මොකද උනේ?? :P:P:P

    බඩා මාමි DX එක දෙමුහුන් කරන්නද ඒ ගමන හදන්නේ.. අනේ වාසනාවන් ..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔන්න මේකත් ඉතින් මගේ අතිජාත හිත මිත්‍ර නිසාන් කොම්පැනියෙන් ගහපු වන් ඇන්ඩ් ඔන්ලි හැඩකාර, දඟකාර, මල වදකාර වැනට් එක ගැනමයි..

    සිද්දිය ලියන්න කලින් මගේ වැනට් එක ගැන හඳුන්වල දෙන්න අටුවා ටීකා ටිප්පනි ලියන එක කාලය නාස්ති කිරීමක් වෙයි මම හිතන්නේ. මොකද ත්‍රෙඩ් එක බලන උදවිය මට වඩා මගේ වැනට් එක අඳුනනවා ඇති. වැනට් එක ගැන නොදන්නා උදවිය ත්‍රෙඩ් එක මුල ඉඳල කියවන ආවොත් හොඳ අවබෝධයක් ලැබෙයි මගේ වැනට් මල්ලි ගැන.

    ඔන්න දවසක් නැවතත් මගේ රියදුරාගෙන් දුරකථන ඇමතුමක් .. මම උන්නෙ රාජකාරි ස්ථානයේ.. වෙනද වගේම වැනට් මරාලෙ ලෙඩක්.. වාහනේ බොයිල් කරලා නැවතුනාලු .. අපරාදේ කියන්න බැහැ මගේ අතිජාත හිතවත් රියදුරු ගෝල තැන වාහනේ නැවතුන ගමන් සීට් එකෙන් බහින්නත් කලින් මට දැනුම්දීල තමයි සීට් එකෙන් බහින්නේ.

    දුරකථනය මගින් රෝග ලක්ෂණ විමසලා බැලුවාම වාහනේ තියෙන්නේ රේඩියේටර් බ්ලොක් එකක් කියල එවකට දියුනු වෙමින් පැවතුන, තවමත් දියුණුවෙමින් පවතින, කවදාවත් සම්පුර්ණයෙන් දියුණුවූ තත්වයට පත්වෙන්නේ නැති මගේ කාර්මික ඥානයට වටහිච්චි කිව්වලු. වෙලාවේ හැටියට රේඩියේටර් එක ගලවල සුද්ද කරලා හයි කරන්න තරම් දවල් කාලය මදි නිසා වාහෙනේ පහුවදා ගලවන පොරොන්දුව මත පළාතේම එවකට සිටි රේඩියේටර් විශේසඥඥ වේද මහත්තයෙකුගේ ගරාජයේ ඇඩ්මිට් කරන්නට ගෝල තැනට උපදෙස් දීල තවත් හාර පන්දාහකට කෙල නොවේවා කියල හිතෙන දෙවියන්ගෙන් ඉල්ලුව කිව්වොත් තමයි නිවැරදි. මොකද ඒ වෙද්දී වැනට් එක මාව හිඟන්න කරන්න ඔන්න මෙන්න තිබ්බේ.

    ඔන්න ඉතින් දෙයියනේ කියල පහුවදා නිවාඩුවක් එහෙම දාල ගරාජ් ඩියුටි එකට අනුයුක්ත වෙන්ට කියල සෙට් උනා මාත් මගේ ගෝල තැනත්. මම මේ කියන රේඩියේටර් විශේසඥඥ ගරාජ් වෙද මහත්තයගෙන් මගේ වාහනේකට කලින් බෙහෙත් අරගෙන තිබ්බෙම නැහැ. මේ කියන බාස් උන්නැහේ පුර්නකාලීනවම කරේ රේඩියේටර් සුද්ද කිරීමත් දුනු හැඩගසා සවි කිරීමත් පමණයි.. ඔන්න ඉතින් අපි දෙන්නත් උදේ පාන්දරම ගිහින් ඇඩ්මිට් උනා උදෙන්ම ඉක්මනට ඔපරේෂන් එක ඉවර කරගත්තොත් ඉක්මනට ටිකට් කපන් ගෙදර එන්න පුළුවන් නිසා.

    වෙද උන්නැහේගෙ ලොරි ටෝක්ස් නැව් ගණන් කිව්වලු.. අපිටත් ඉතින් ඕන ඉක්මනින් සැත්කම කරගෙන ගෙදර මාරුවෙන්න නිසා සියලුම නැව් ටෝක්ස් අහගෙන වැඩේ කරන්න උපරිම සහයෝගය. ඔන්න ලොක්ක රේඩියේටර් එක ගලවල ගත්ත කියපි. දැන් ඔන්න තඩි ඉස්කුරුප්පු නියනක් අරගෙන ප්ලාස්ටික් රේඩියේටර් ටැංකිය කොර් එකට හයිවෙලා තියන යකඩ ලොක් එකින් එක අමාරුවෙන් පළල කරන්න පටන් ගති. වැඩේ කෙරෙන තාලෙන් මගේ කාර්මික මීටරේට ටිකක් විතර අවුල් හින්ද මම කෝකටත් ඇහුව ඕක ගලවන්න වෙන ක්‍රමයක් නැද්ද ඔය විදිහට ගැලෙව්වොත් ප්ලාස්ටික් ටැංකිය පැලෙන්න ඉඩ තියනවා නේද කියල... බාස් නෙවෙයි ඇරියේ.. අයෙත් නැව් ටෝක්ස්.. එකටත් එක්ක මගේ ගෝල රියදුරු තැන.. ඌත් බාස්ගේ වරුණේ ඉවරයක් නැහැ.. මොකද මුන් දෙන්නම එකම ගමේ...

    කොයි වෙලෙත් ලොරි, බස් පිරිලා ඉතිරෙන මේ බාස්ගේ ගාරාජ් එක දිහා බැලුවම අවුලක් වෙන්න විදිහක් නැහැ. මොකද උපන්දා හිටන්ම එන යන ගාලු පාරේ හය හතර තේරෙන දවසේ හිටන්ම ගාලු යද්දී දකින මේ ගරාජ් එකේ වැරදියට වැඩක් වෙන්න විදිහක් නැහැ කියන මතය ටිකක් මගේ ඔලුවේ තිබ්බ. මොකද බාස් මක බාස් කෙනෙක් උනානම් මෙච්චරකල් සනීපෙට ගරාජ් එක කරගෙන යන්න විදිහක් නැති නිසා.. විශේෂයෙන් අපේ දකුණු පළාතේ.

    ඔන්න බාස් අමාරුවෙන් දත කාගෙන යකඩ ලොක් සියල්ලම ඇරලා ප්ලාස්ටික් ටැංකි දෙක වෙන් කරා.. දැන් තියෙන්නේ core එක සුද්ද කිරීම.. ඒකට බාස් චන්ඩිය.. මොකද හැමදාම කරන වැඩේ නිසා වැඩ දාල සුද්ද කරන්නේ. ඔන්න ඉතින් ලාම්පු තෙල්ද අරවද මේවද කියන හැමදේම අපි අතට පයට වඩම්මනවා .. එහෙම නොකර බෑ .. රේඩියේටර් සුද්ද කරන්නයි.. දුනු හැඩ ගහන්නයි ආපු ලොරි බස් තියෙද්දී අපේ කරදරෙන් බේරෙන්න බැරි තැන බැහැයි කියා කියා තමයි බාස් වැඩේට අත ගැහුවේ.

    ඔන්න දැන් වාහනේක ඔයිල් කුරකින් ඒ කියන්නේ dip stick එකකින් බාස් රේඩියේටර් එක සුද්ද කරනවා. ඒ කියන්නේ භූමිතෙල් දාල core එකේ හැම සිදුරකටම dip stick එක බස්සනවා. හිරවෙලා තියන එව්වා හෙමින් හෙමින් කොට කොට දෙපැත්තෙන්ම කොටලා කොටලා ඔන්න බාස් රේඩියේටර් එක සුද්ද කරලා ඉවර කරා.. දැන් තියෙන්නේ ප්ලාස්ටික් ටැංකි දෙක නැවත සවිකිරීම..

    ඔන්න ඉතින් core එක හොඳින් වතුරෙන් සෝදලා එහෙම භූමිතෙල් සියල්ල ඉවත් කරලා බාස් ප්ලාස්ටික් ටැංකි දෙක හයිකරන්නයි සුදානම. අපි දෙන්නත් ඉතින් මහා යකදුරාට දුම්මල අල්ලන ගෝලයෝ වගේ හැම තැනින්ම ගොට්ට අල්ලනව . බාස් කොහොමෙන් කොහොමෙන් හරි ප්ලාස්ටික් ටැංකි දෙක core එකට තියල යකඩ ලොක් ටික කටුවකින් ගහල තද කරා. හැබැයි මගේ ඇහැට වැඩේ සම්පුර්ණයෙන්ම අවුල් ජාලයක්. මගේ ඔලුවේ මිම්මට ටැංකි දෙක මුලින් තිබ්බ තරම් තදින් core එකට හයි උනේ නැහැ කියල පැහැදිලියි.. එත් බාස්ගේ නැව් ටෝක්ස් නිසා මමත් කට වහගෙන උන්න හයි කරලම බලමු කියල..

    ඔන්න වැඩේ අහවරයි කියල බාස් ගෝලයෙක් දාල රේඩියේටර් එක හයි කරා... වතුරත් පිරෙව්වා. දැන් තියෙන්නේ ප්‍රතිපල නිකුත් කෙරීම පමණයි.. ගෝල තැන වාහනේ ස්ටාර්ට් කරා... මෙන්න බොලේ නයගරා ඇල්ල මෙහෙ... රේඩියේටර් එක නයගරා ඇල්ල වගේ... වටෙන්ම වතුර විදිනව හරිම සුන්දරයි... උත්කෘෂ්ටයි... මනස්කාන්තයි...

    මම ඉතින් ඇහුව බාස්ගෙන් මේ මොකෝ බාස් උන්නැහේ කියල ... දැන් බාස් කියන්නේ වෙන කතාවක්.. එයා එක තමයිලු මුලින්ම කිව්වේ මේක කරන්න බැහැ කියල.. මේවා එහෙම හදිසියට කරන්න පුළුවන් වැඩ නෙවෙයිලු... හදිසියට කරපු නිසා core එක සුද්ද වෙලා නැති නිසාලු වටෙන් වතුර යන්නේ.. ආයෙ ගලවන්න වෙනවලු.. එත් දැන් බැහැලු .. දවසක් දෙකක් යාවිලු හරියට කරලා දෙන්න.. නා නා ප්‍රකාර නෙගෙටිව් කතා ගොඩක් කියපු බාස් ගෙදර ගිහින් කාල එන්නම් කියල උන්නැහේගේ කාර් එකේ නැගල යන්න ගියා...

    ගෝල තැන සහ මම ඉතින් බෙල්ල දික් වෙනකම් බලාගෙන ඉන්නවා මු එනකම්.. ම්හ් හවස 2 උනා.. නැහැ... 3 උනා නැහැ.. 4 උනා ම්හ් .. හවස 5ත් උනා... පොර ආගිය අතක් නැත... මගේ කාර්මික ඥානය ඉහවහ ගිහින් උපරිමේටම මල පැනපු නිසා පාරෙ ගිය ලොරියක් කතා කරගෙන වැනට්ටුව ගෙදර ඇදගෙන එන්නට අවසානයේ තීරණය කරන්නට අකමැත්තෙන් උනත් සිද්ද උනා... ඊයේ ස්ටාර්ට් කරගෙන වතුර දදා අරගෙන ගිය වාහනේ ගෙදර ආවේ ලොරියක එල්ලිලා අන්තිමට..

    වාහනේ දවස් ගණන් හයර් එකට නොයව්වොත් හයර් එකට බඩේ පාර වදින්න ඉඩ තියන නිසා කෙසේ හෝ වාහනය පහුවදා හයර් එකට යවන්න ඕන... ටික වෙලාවක් නයගරා අල්ල දිහා බලාගෙන ඉන්නකොට හිතුන කොළඹ ප්‍රසිද්ද ටෙක්නිකල් කොලීජියක උගන්වන මගේ ඥාති සහෝදරයා ඇමතිය යුතුයි කියල... ගත්ත දුරකථන ඇමතුමක්... බාස්ගේ ක්‍රමවේදය වැරදියි කියල ඒ වෙලේ තේරුනත් අන්තිමේ තහවුරු උනේ ඒ කෝල් එකෙන් පස්සේ තමයි... දුරකතනයෙන්ම වැඩේ කෙරෙන්න ඕන විදිහ ගැන උපදෙස් ලැබුන.. නැවත ගලවල ගත්ත රේඩියේටර් රාජයා වාහනයෙන් එලියටම..

    දැන් වැඩේට අවශ්‍ය උපකරණ තුනයි .. ලොක් අඬුවක්, හීනි ඉස්කුරුප්පු නියනක් සහ සිලිකොන් ගම් එකක්.. රෑම දන්නා අඳුනන හාර්වෙයාර් එකක පිටිපස්සේ දොරට තඩිබාලා යන්තම් සිලිකොන් එකක් ගත්ත. ලොක් අඬුවක් සහ ඉස්කුරුප්පු නියන් මා ගාව තිබ්බ..

    වැඩේ කෙරෙන්නේ මෙහෙමයි.. බාස් ටැංකි දෙක ගලවන්න ඉස්කුරුප්පු නියනක් දාල දඟලපු ලොක් සියල්ල බබා වගේ ඇරෙනවා ලොක් අඬුව දාල පහලට නැමුවම .. ටැංකියට කිසිම බලපෑමක් නැහැ... ටැංකි දෙකම ඒ කියපු විදිහටම ගැලෙව්ව... ඊට පස්සේ තියෙන්නේ බාස්ට නොදන්නකමට වැරදුන ඊළඟ පියවර.. ටැංකි දෙක ගැලෙව්වාම core එකේ තියෙනවා රබර් කොටසක්.. ඒකෙන් තමයි core එක සහ ටැංකිය අතර සම්භන්ධය තහවුරු කරන්නේ වතුර එලියට නොයන්න.. බාස් කිව්වේ ඒකට හානිවෙන්නේ නැතිවෙන්න ගලවන්න ඕන හානි උනොත් හයිකරද්දී සීල් කරන්න බැහැ කියල.. එත් මට උපදෙස් ලැබුනේ ඒ රබර් කොටසේ අන්ශුවක්වත් ඉතුරු නොවෙන්න සියල්ලම ඉස්කුරුප්පු නියනක් මගින් සුරා දමන්න කියලයි... සියල්ල අකුරට සුද්ද කරාට පස්සේ core එකේ ඉතුරු වෙන්නේ ප්ලාස්ටික් ටැංකිය ඇතුලට බහින ග්රූ එක විතරයි...

    ඊළඟට තමයි වැදගත්ම කාර්ය තියෙන්නේ.. ඒ සුද්ද කරගත්තු ග්රූ එකට සිලිකොන් ගම් එකේ කට බස්සල සිලිකොන් එක මිරිකගෙන core එක වටේටම ගම් දාගෙන යන්න ඕන... හැබැයි සිලිකොන් පාර කැඩෙන්නේ නැතුව එක දිගට වැටෙන්න ඕන.. එහෙම දාගෙන ගිහින් වටෙන් එනකොට දාන්න පටන් ගත්තු තැනදී සිලිකොන් ගම් පටිය කොන් දෙක එකිනෙකට හමුවෙනවා... ඊටපස්සේ සිලිකොන් වේලෙන්න කලින් ප්ලාස්ටික් ටැංකිය core එකට තියල ග්රූ එකට බස්සල නැවතත් ලොක් අඬුව අරන් කෙලින් කරපු ලොක් ටික නැවත නවාගෙන යන්න ඕන පිළිවෙලට එකම ගානට. ඔක්කොම ලොක් ටික නැවුනට පස්සේ එලියට විස්තාපනය වෙන සිලිකොන් ගම් ඇඟිල්ලෙන් ඉවත් කරලා යට ටැංකියටත් එම සත්කාරයම එම පිළිවෙලටම ක්‍රියාත්මක කරා..

    ටැංකි දෙකම අකුරටම ලොක් ටික නවල ඊළඟට කරේ රේඩියේටර් එක වාහනයට සවි කිරීම... ඥාති සහෝදරයාගෙන් උපදෙස් ලැබුනේ වතුර උදේ වෙනකම් දන්න එපා කියලයි.. වැඩේ සාර්ථකයි කියල මගේ ඥානයට තහවුරුයි.. ඒ හින්ද සියල්ල පිරිසිදු කරලා ගෝලයටත් ඇමතුමක් දීල උදේ 4.30 වෙද්දී මම වාහනේ අරන් එනවා කියල නා කියාගෙන දොයිය බබෙක් උනා.. අපේ බාප්පනම් මට ඒ කාලේ කිව්වේ පැදුරක් දාගෙන ඕක යටම බුදියපන් කියල රෑටත් ...

    මේ තියෙන්නේ සයිස් දෙකක රේඩියේටර් කොර් දෙකක්.. රතු පාට කොටසේ තමයි සිලිකොන් දාන්න ඕන.. කහ පාටින් පෙන්නලා තියෙන්නේ ටැංකි සම්භන්ද කරන ලොක් .. කොළ පාටින් පෙන්නලා තියෙන සිදුරු වලින් තමයි වතුර ගමන් කරන්නේ.ඒවා තමයි බ්ලොක් වෙන්නෙ

    DatsunZX-Radiator-Cores_zpsjxiwrrfj.jpg

    මේ තමයි ප්ලාස්ටික් ටැංකි
    images

    මෙහෙම තමයි සම්පුර්ණ උනාම තියෙන්නේ

    images

    උදේ අවදිවෙලා වතුර පුරවල වාහනේ ස්ටාර්ට් කරා... මේ තියෙන්නේ බබා වගේ.. නයගරාව හිඳිලා... වැඩේ සාර්ථකයි... වාහනෙත් රියදුරාට දීල මගේ රස්සාව බලල තැපැල් දුම්රියට ගොඩ උනා.. වැඩිය උදම් අන්න විදිහක් තිබ්බේ නැහැ.. මොකක්ද සියල්ල අනියත මේ විශ්වයේ වැනට් එක ඊළඟ උදාවෙන හැම තත්පරේම අනියත බව අත්දැකීමෙන් දන්නා නිසා..

    බාස් නැව් ටෝක් දුන්නට උන්ද ගලවපු පලවෙනි ප්ලාස්ටික් ටැංකි රේඩියේටර් එක තමයි මගේ වැනට්ටුව .. බස් ලොරි වල තියෙන්නේ පිත්තල ටැංකි නිසා ඊයම් වලින් පිත්තල වලින් කරන සෙල්ලම් ප්ලාස්ටික් ටැංකි එක්ක කරන්න බැහැ කියල බාස් තේරුම් ගන්න ඇති කියල මම හිතනවා.. ගෝලය හැබැයි බාස්ගේ සායම ඇරිය ගම වටේ..

    වැනට් එක ගැන තව කටු කතා එමටයි මිතුරනේ...

    තවත් පොල්කට්ටක් :D නියමයි පොල් අංකල් මේවයින් අපි හැමෝම ගොඩක් දේවල් ඉගනගන්නවා :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්න මේකත් ඉතින් මගේ අතිජාත හිත මිත්‍ර නිසාන් කොම්පැනියෙන් ගහපු වන් ඇන්ඩ් ඔන්ලි හැඩකාර, දඟකාර, මල වදකාර වැනට් එක ගැනමයි..

    බාස් නැව් ටෝක් දුන්නට උන්ද ගලවපු පලවෙනි ප්ලාස්ටික් ටැංකි රේඩියේටර් එක තමයි මගේ වැනට්ටුව .. බස් ලොරි වල තියෙන්නේ පිත්තල ටැංකි නිසා ඊයම් වලින් පිත්තල වලින් කරන සෙල්ලම් ප්ලාස්ටික් ටැංකි එක්ක කරන්න බැහැ කියල බාස් තේරුම් ගන්න ඇති කියල මම හිතනවා.. ගෝලය හැබැයි බාස්ගේ සායම ඇරිය ගම වටේ..

    වැනට් එක ගැන තව කටු කතා එමටයි මිතුරනේ...

    ඔය වගේ ගොබ්බ බාස්ලා තමයි වැඩිපුර ඉන්නේ... කොහොමත් බාසෙක් නැව් ටෝක් දෙනවනම් ඌ සතපහකට ශුවර් නෑ...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම මේක මෙහෙම එඩිට් කරාට ටොම් මහත්තය අමනාප වෙන එකක් නැහැ.. අද කාලේ ඕනෑම කෙනෙක් විශ්වාස කල යුත්තේ නුවනින් විමසලා බලලයි ..

    දොස්තරව විශ්වාස කරන්න.. එත් බෙහෙත් බොන්න කලින් නොදන්නා බෙහෙතක්නම් google search එකක් දාල බෙහෙත ගැන අවබෝධයක් අරන් බොන එක අද කාලේ හැටියට වැඩි පරෙස්සමට හොඳයි.. මගේ ඥාතියෙකුට මීට සති දෙකකට කලින් දීපු බෙහෙතක් විස වෙලා ඇඟ පුරා ගෙඩි දාල සතියක් ඉස්පිරිතාලේ ලගින්න උනා මචන්. ඒ මදිවට දාපු ගෙඩි පෙන්නන්න ගියපු දොස්තරත් ඒ බෙහෙත දිගටම බොන්න කියල ලෙඩේ වැඩි උනා....අන්තිමේ කරාපිටියේ දොස්තරලා තමයි ලෙඩා බේරාගත්තේ...

    ගරාජ් බාස්ලානම් ඉතින් අනවශ්‍ය පමණට විශ්වාස කරොත් උන් අපිව හිඟන්නො කරනවා මාසෙන් දෙකෙන්..

    ඒක නම් ඇත්ත මචං. දැන් ඩොකාලත් ඔහොම කියනවා. ඊට වැඩිය හපං නුසුදුසු උං ෆාමසි වල ඉදලා වැරදි බේත් දුන්නම.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔය වගේ ගොබ්බ බාස්ලා තමයි වැඩිපුර ඉන්නේ... කොහොමත් බාසෙක් නැව් ටෝක් දෙනවනම් ඌ සතපහකට ශුවර් නෑ...
    බයික් වැඩේ මොකො මේ උබ ගියොත් පොටො ටිකක් අරන් ඇවිත් දාපන් හොදේ අර බයික් ත්රේඩ් ඒකේ
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඩොක්ටර් කෙනෙක්ට එක පාරක් වැරදුනොත් මැරෙන්නේ බොහෝ විට එක ලෙඩයි. . . ඒ උනාට වාහනයක් හදන ටෙක්නීෂියන් කෙනෙක්ට වැරදුනොත් කීයක් මැරෙයිද කියන්න බෑ. . අපි මජන් ගාගෙන ඉන්න නිසා මිනිස්සු අපිව ගණන් නොගත්තට ඩොක්ටර් කෙනෙක් හා සමාන වගකීමක් අපිටත් තියෙනවා. . අපි රටේ සම-හරක් බාස්ලා, ටෙක්නීෂියන්ලා, සහ ඉංජිනේරුවන් (එයාලා එහෙමයි කියන්නේ) නිසා මේ ෆීල්ඩ් එක බල්ලට ගිහින් තියෙන්නේ. . .
     
    • Like
    Reactions: polwattacom

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    බයික් වැඩේ මොකො මේ උබ ගියොත් පොටො ටිකක් අරන් ඇවිත් දාපන් හොදේ අර බයික් ත්රේඩ් ඒකේ

    බයික් ගැන කතා කරන්න එපා යකෝ. . . හදවත සසල වෙනවා. . බයික් එකක් අරන් මාස 4ක් වෙනවා . . තාම රෙජිස්ටර් කර ගන්න බැරි උනා. . :angry::angry::angry::angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බයික් වැඩේ මොකො මේ උබ ගියොත් පොටො ටිකක් අරන් ඇවිත් දාපන් හොදේ අර බයික් ත්රේඩ් ඒකේ

    හෙට තමයි මචං යන්න ඉන්නේ... ගියොත් අනිවා ෆොටෝ ටිකක් ගහන් එන්නම්... :yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බයික් ගැන කතා කරන්න එපා යකෝ. . . හදවත සසල වෙනවා. . බයික් එකක් අරන් මාස 4ක් වෙනවා . . තාම රෙජිස්ටර් කර ගන්න බැරි උනා. . :angry::angry::angry::angry:
    ඒව්වා නෙවේ බන් මව්න්ටන් පිස්සුවක් ගහලා තියෙන්නේ කට්ටියට මේ දවස් වල
    Mountain bike එකක් ගන්න තැනක් කියපල්ලා..

    trek-mountain-bike002-elite9-8.jpg

    mountain_bike_giant.jpg

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හෙට තමයි මචං යන්න ඉන්නේ... ගියොත් අනිවා ෆොටෝ ටිකක් ගහන් එන්නම්... :yes:
    හෙට මට වැඩ බන් සැරටම නැත්තම් මගේ chevyයේ රව්මක් දාලා යන්න ඒන්න තිබුනා පොට් ඒකට අලුත් ඒවා ටික බලාගන්න
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඩොක්ටර් කෙනෙක්ට එක පාරක් වැරදුනොත් මැරෙන්නේ බොහෝ විට එක ලෙඩයි. . . ඒ උනාට වාහනයක් හදන ටෙක්නීෂියන් කෙනෙක්ට වැරදුනොත් කීයක් මැරෙයිද කියන්න බෑ. . අපි මජන් ගාගෙන ඉන්න නිසා මිනිස්සු අපිව ගණන් නොගත්තට ඩොක්ටර් කෙනෙක් හා සමාන වගකීමක් අපිටත් තියෙනවා. . අපි රටේ සම-හරක් බාස්ලා, ටෙක්නීෂියන්ලා, සහ ඉංජිනේරුවන් (එයාලා එහෙමයි කියන්නේ) නිසා මේ ෆීල්ඩ් එක බල්ලට ගිහින් තියෙන්නේ. . .

    මජං ගාගෙන හිටියත් හරියට වැඩ කරන එකාට රෙස්පෙක්ට් එක තියෙනවා මචං... මම වැඩ කරවගන්න බාසා එහෙම පොරක්... ලංකාවේ නම් වාහන ඉංජිනේරුවෝ නෑ මම දන්න තරමින්...
     
    Status
    Not open for further replies.