අපිත් මේවයේ ඉන්නේ අපිට නොමිලේ ජීවත්වෙන්න අපේ ලංකාව තියන හින්ද තමයි බන්. මේ රටවල්වල හැමදේම සල්ලි. ලංකාවේ එහෙම නෑ .
එත් ලංකාවේ තියන දේශපාලන, සමාජයීය, ආර්ථික, නීතිමය දුර්වලකම් එක්ක මුදලක් උපයල ඉතුරුවක් කරලා ආයෝජනයක් කරනවා කියන එක හීනයක් විතරයි. මොකක්දෝ කරුමෙකට හරිම අසාධාරණ විදිහට වැඩ කරන්නේ නැති, මහන්සි වෙන්නේ නැති , ඉගෙනගත්තු නැති , කිසිම සුදුසුකමක් නැති පිරිසක් වෙහෙසවෙන මිනිස්සුන්ගේ උපයන දෙයින් සුපිරි ජීවිත ගත කරනවා.එත් 365 දවසෙම වෙහෙසෙන බහුතරයක් මිනිස්සුන්ට තමුන්ගේ දරුවන්ට අවුරුද්දකට වතාවක් ඇඳුමක් අරන් දෙන්නවත් වත්කමක් නැති විදිහට ආර්ථිකේ බින්දුවටම පිරිහිලා.. මම මේ ඉරිසියාවකට කියන කතාවක් නෙවෙයි.. රට ඇතුලේ කිසිම සාධාරණ භාවයක් නැහැ . ගාල්ලෙ එකා බස් ගාස්තු ගෙවාගෙන පැය 3ක් ගෙවාගෙන කොළඹ රස්සාවට යනවා,, කොළඹ එකා කාලය මුදල් වැය කරගෙන ගාල්ලේ රස්සාවට යනවා.. ගාල්ලේ එකා ගාල්ලට ස්ථාන මාරුවක් ඉල්ලුවට දෙන්නෙත් නැහැ.. කොළඹ එකා කොළඹට ස්ථාන මාරුවක් ඉල්ලුවට දෙන්නෙත් නැහැ... නගරේ ප්‍රසිද්ද විද්‍යාලයේ බෙල් එක ගහනකොට ගෙදරට ඇහෙන දුර ඉන්න එකාගේ ළමය ඒ ඉස්කෝලෙට තේරෙන්නේ නැති උනාට හැතැක්ම 10ක් එහායින් ඉන්න එක්කගෙ ළමය ඒ ඉස්කෝලෙට යනවා...නීතිය රකින උන් මහජනතාවට කතා කරන්නේ සලකන්නේ නය කාරයෝ ගානට..ආණ්ඩුවේ කන්තෝරුවකට වැඩක් කරගන්න යන මනුස්සයෙකුට සලකන්නේ නායක ඉල්ලන්න ආව ගානට... මන්දගාමී දුම්රිය ඉස්සෙල්ල යවල සීග්‍රගාමී දුම්රිය ඊට පස්සෙන් ඒ පීල්ලේම යවන්නේ.. උදේ 7.30 ට ගෙදර මිදුලෙන් කාර් එකට නැගල ඔෆිස් එකේ පොටිපෝවෙන් බහින ලොක්ක උදේ 3 ට ගෙදරින් පිටත්වෙලා වැඩට එන එකා විනාඩි 5 ක් පරක්කු උනාම රතු ඉර ගහල ඌව වරුවක් නිවාඩු යවනවා.
අපේ රටේ මනුස්සකම අන්තෙටම පිරිහිලා මචන්.. සාධාරණයක් නැහැ කොතැනවත්.. ඔය පාරේ ගියොත් ලංකාව කොතන නවතියිද කියල හිතන්නවත් අමාරුයි.. එහෙම බැලුවාම මේ රටවල් හරිම සාමකාමියි.. ජනාධිපති ඉස්සරහට හම්බ උනත් කතා කරන්නේ mr . president කියල. අවුරුදු 12ක් ලංකාවේ ආණ්ඩුවේ රස්සාවක් කරලා මට තියෙන්නේ කලකිරීමක් විතරයි... රට පුරාම බොරුව, වංචාව, අසාධාරණය, දුෂණය, භීෂණය රජවෙලා...