අපේ ප්‍රවාද

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,884
    1
    43,072
    113
    අපි දකින පාට

    ඇත්තටම අපි දකින මේ ලෝකෙ ඇත්තද ?

    පාටවල්, හඬවල් වගේ දේවල් ඇත්තටම පවතින දේවල්ද ?

    මේ ලෝකය (විශ්වය) ගැන දාර්ශනික විදියට ගත්තම මත දෙකක් තියෙනව. එකක් තමා මේ ලෝකෙ, අපි දකින විදියට කොහොමත් තියෙනව (අපි දකින දේ ඇත්ත). අනිත් එක තමා මේ ලෝකෙ මේ විදියට තියෙන්නෙ, අපි දකින ආකාරය අනුව. එහෙම හිතුවම ඇත්තටම දෙයක් මේ ලෝකෙ නෑ. ඒක අපි අපේ මනසින් නිර්මාණය කරගත්ත දෙයක්.

    බුදුහාමුදුරුවො කිව්ව නේද, මේ විශ්වය, බඹයක් පමණ වූ ශරීරය තුළම දැකගත හැකි යි කියල. ඒ කියන්නෙ අපි මේ ඇත්තයි කියල ඇහැට දකින ලෝකෙ වුණත් බොරුවක්. ඒ අපි දකින දේ අපේ මනසින් නිර්මාණය කරගත් දෙයක්.

    ආ.. අර දාර්ශනික මතවාද දෙක තමා
    1. ද්‍රව්‍ය වාදීන්
    2. විඥානවාදීන්

    පාට කියන දේ අරන් මං ඔයාලට පැහැදිලි කරල දෙන්නං, මොකක් හරි දේක පාට මේකයි කියල කියන එක කොච්චර බොරුවක්ද කියල..
    අපිට යම් වස්තුවක් දකින්ඩ නම් ආලෝකය අවශ්‍යයි. ඒ ආලෝකය වස්තුවක ගැටිල ආපහු පරාවර්තනය වෙලා ඇහැට ඇතුලු උනාම තමා අපිට ඒ වස්තුව පේන්නෙ. වස්තුවක වර්ණය උනත් එහෙමයි..

    දැං මෙහෙමනෙ.. අපිට දවල් කාලෙදි ඉර එළිය නිසා තමා හැම දෙයක්ම පේන්නෙ.. ඔය ඉර එළිය සුදු පාටයි.. හැබැයි අපිට ඉස්කෝලෙදි උගන්නල තියෙනව ඔය සුදු පාට හැදිල තියෙන්නෙ පාට 7 ක් කලවම් වෙලා කියල.. (පාට 7 ක් කිව්වට වර්ණ අනන්ත සංඛ්‍යාවක් තියෙනව). දැං ඔය අපි, අර පාට මේ පාට කියන්නෙ, ඇත්තටම ආලෝකයේ තියෙන විවිධ සංඛ්‍යාත වලින් තියෙන තරංග වලට.. රතු පාටට එක සංඛ්‍යාතයක්.. නිල් පාටට එක සංඛ්‍යාතයක්.. ඒ වගෙ.

    spectrum.jpg

    සංඛ්‍යාතය 405 THz - 480 THz ත් අතර තියෙන ආලෝක තරංගයක් ඇහැට ඇතුලු උනා කියමු.. අපි ඒකට කියන්නෙ අපිට රතු පාට පේනව කියල. :baffled: ඔය උඩ පින්තූරෙනං තරංග ආයාමය අනුව පෙන්නල තියෙන්නෙ..

    11.jpg

    ඉතිං අපේ කතාව මේකනෙ.. සුදු පාට ඇතුලෙ, ඔය කියන හැම පාටක්ම තියෙනව.. අපි කියමු අපිට රතු පාටට පේන, වැලක වනපු ටී ෂර්ට් එකකට මේ සුදු ආලෝකෙ වැටුන කියල. (ඒ කියන්නෙ ඉර එළිය). ඔය ටී ෂර්ට් එකට ඇති රතු පාටක් නෑ.. ඇත්තටම වෙන්නෙ මේකයි.. රතු පාටට පේන ටී ෂර්ට් එක ඇත්තටම රතු පාට නෙමේ..

    ඉර එළිය ඔය ටී ෂර්ට් එකට වැටුනම.. අනිත් හැම පාටකටම අදාල සංඛ්‍යාත හිමි තරංග ඔක්කොම ඔය ටී ෂර්ට් එක උරා ගන්නව.. ඒක ඇවිල්ල ටී ෂර්ට් එක මහල තියෙන මැටීරියල් ඒකෙ භෞතික ගුණයක්. හැබැයි යම් සංඛ්‍යාත පරාසයකට අයත් ආලෝක තරංග ආපහු ටී ෂර්ට් එක මගින් පරාවර්තනය කරනව.. ඒ තමා රතු පාට.. ඇත්තටම රතු පාට කියන්නෙ ටී ෂර්ට් එකට අයිත් ගුණයක් නෙමේ.. අනිත් හැම පාටක්ම උරාගෙන රතු පාට විතරක් පරාවර්තනය කරන නිසා තමා අපිට ඒක රතු පාටට පේන්නෙ..

    මේ විදියට ඕනම දෙයක (අපිට ඒ ඒ වස්තු වල තියේ යැයි හැඟෙන) ගඳ සුවඳ, දිවට දැනෙන රසය, කනට ඇහෙන හඬවල්, හමට දැනෙන රලු සිනිදු, මේ හැම දෙයක්ම බොරුවක් කියල ඔප්පු කරන්ඩ පුලුවං..

    ඒක මම පස්සෙ දවසක ලියන්නං...
     
    Last edited:
    • Like
    Reactions: Dath

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,884
    1
    43,072
    113
    කොපි පේස්ට් නෙමේ.. මම තනියම ලිව්වෙ.. ;)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    බොරුවක් කියල ඔප්පු කරන්නේ ඊට කලින් බිහි උන ඔය බොරුවෙන්මයි නේ ඕයි
    මේ ඔක්කොම බොරු නම් ඇත්ත කුමක්ද ?
    ඕක නලින්ද සිල්ව කියන ගංකබරයගේ න්‍යයය
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,884
    1
    43,072
    113
    බොරුවක් කියල ඔප්පු කරන්නේ ඊට කලින් බිහි උන ඔය බොරුවෙන්මයි නේ ඕයි
    මේ ඔක්කොම බොරු නම් ඇත්ත කුමක්ද ?
    ඕක නලින්ද සිල්ව කියන ගංකබරයගේ න්‍යයය

    මේ පෝස්ට් එකේ කියල තියෙන දේ මුලු විද්‍යා ලෝකයම පිලිගත්ත දෙයක්..
    නලින්ද සිල්ව මෙතනට අදාල නෑ...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    මේ පෝස්ට් එකේ කියල තියෙන දේ මුලු විද්‍යා ලෝකයම පිලිගත්ත දෙයක්..
    නලින්ද සිල්ව මෙතනට අදාල නෑ...

    මුලු විද්‍යා ලෝකයම පිලිගත්ත දෙයක් බොරු කියල කියන්න කෝ සාක්ෂි ?

     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,884
    1
    43,072
    113
    මුලු විද්‍යා ලෝකයම පිලිගත්ත දෙයක් බොරු කියල කියන්න කෝ සාක්ෂි ?


    මොකද්ද බං මේ වෙලා තියෙන්නෙ ?
    මුලු විද්‍යා ලෝකයම, ඔය පාට කියන දේ බොරුවක් කියල කියනව..
    මේක නලින් ද සිල්වගෙ කතාවක් විතරක් නෙමේ..

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    මොකද්ද බං මේ වෙලා තියෙන්නෙ ?
    මුලු විද්‍යා ලෝකයම, ඔය පාට කියන දේ බොරුවක් කියල කියනව..
    මේක නලින් ද සිල්වගෙ කතාවක් විතරක් නෙමේ..


    ඉතිං ඒක එතකොට අපෙහ් ප්‍රවාදයක් වෙන්නේ කොහොමද ? :baffled:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙහෙමයි මචන් පාට කියන එක අර්ථකථනය මෙහෙම උනොත් උඹේ තර්කෙට කිමක්ද වෙන්නේ .....

    යම් වස්තුවකට හිරු එලිය පතිත වී පරාවර්තනය වන සන්කයතය සහිත කිරනයහි එකතුව එම වස්තුවේ පාට ලෙස අර්ථකථනය කල හැක
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ ඔක්කොම අපි අපේ ජිවිත ලේසි කරගන්න හදාගත්ත සංකල්ප.....එක දෙයක් කියන්නද ...අපි ඇතුළු ආසියාතික රටවල් දියුණු වෙන්නේ නැත්තේ ...අපි සංකල්පයන් දිහා බලන්නේ එහි ඇතුලත නියම ස්වරුපය දකින්න ...නමුත් බටහිර සිද්ධ වෙන්නේ සංකල්පයන් උපයෝගී කරගෙන ඒවගෙන් අප්ප්ලිකේෂන් කිරීම.....

    උදාහරණයක් ලංකාවේ ළමයි චක්කරේ පාඩම් කරනවා...කෑල් එක නැතුව විභාගේ ලියනවා....බටහිර ළමයි පොඩි කාලෙම කැල් එකෙන් ගණන් හදන්නේ විභාගෙටත් එකමයි පාවිච්චි කරන්නේ....නමුත් අපේ ළමයිගේ බුද්ධි මට්ටම ඉතා ඉහලයි...හැබැයි අප්ප්ලිකේෂන් භාවිතය අල්පයි ...එකයි අවුල
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බණ්ඩාරනායකපුර ,රාජගිරිය අවට සිටින පුද්ගලයන් !!අවශ්‍යයි
    ක්‍රිකට් තරගාවලියේ හදිසි වැඩ කටයුත්තක් සදහා අවශ්‍ය කොට ඇත
    හැකි ඉක්මනින් මේ ප්‍රදේශයන් අවට කෙනෙක් වේ නම් අමතන්න 0715437072 ට
    please help
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,884
    1
    43,072
    113
    මෙහෙමයි මචන් පාට කියන එක අර්ථකථනය මෙහෙම උනොත් උඹේ තර්කෙට කිමක්ද වෙන්නේ .....

    යම් වස්තුවකට හිරු එලිය පතිත වී පරාවර්තනය වන සන්කයතය සහිත කිරනයහි එකතුව එම වස්තුවේ පාට ලෙස අර්ථකථනය කල හැක

    ඒ තව පැත්තක්.. මටත් ඕක හිතිල තියෙනව බං.. ඉතිං අපිට මේ ලෝකෙ විවිධ විවිධ විදියට අර්ථ දක්වන්ඩ පුලුවං.. මනිහෙකුගෙ බඩ පලල මේ තමා ඇත්ත කියල පෙන්න එකේ බොරුව දැං පේනව නේ.. අපිට පේන බාහිර ලස්සන ශරීරෙ තමා ඇත්ත.. (එහෙමත් කියන්ඩ පුලුවන්නෙ) ඔය මත දෙකම හරි..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒ තව පැත්තක්.. මටත් ඕක හිතිල තියෙනව බං.. ඉතිං අපිට මේ ලෝකෙ විවිධ විවිධ විදියට අර්ථ දක්වන්ඩ පුලුවං.. මනිහෙකුගෙ බඩ පලල මේ තමා ඇත්ත කියල පෙන්න එකේ බොරුව දැං පේනව නේ.. අපිට පේන බාහිර ලස්සන ශරීරෙ තමා ඇත්ත.. (එහෙමත් කියන්ඩ පුලුවන්නෙ) ඔය මත දෙකම හරි..

    ආලෝකය නැති කල්හි වස්තුන්ට පාටක් නැත...පරිසරයේ ආලෝක තත්වය මත වස්තුන්ගේ පාට වෙනස් වේ :shocked:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අවර්ණ කියා වර්ණයක් තිබිය හැකිද?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,884
    1
    43,072
    113
    බණ්ඩාරනායකපුර ,රාජගිරිය අවට සිටින පුද්ගලයින්
    ඉක්මනින් අමතන්න....!

    මොකද යකෝ මේ.. තෝ මේ කොහෙ අස්සෙද රිංගුවෙ ? :angry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    saralawa gaththoth universe eka kiyanne energy and matter. universe eka bihiweddi nirmanaya wechcha mulika laws nisa univese ekata yam yam properties labila thiyanawa. api(humans). kiyanne oya energy and matter deke sankalanayak.

    humanity is universes way of seeing it's self