වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මාස තුනකටත් අඩු කාලෙකදී වීව්ස් 50 000 කට වඩා වැඩි ප්‍රමාණයක් වැටුන ත්‍රෙඩ් එකට උඹල දීපු දායකත්වය උපරිමයි.. ලියන්න දේවල් නැති උනාට උඹල මේක කියවල යමක් ලබාගන්නවනම් ඒක තමයි මේ ලියන හැමදෙනාගේම සන්තෝසය .. ඒ වගේම කියවල මාරු නොවී කොමෙන්ට් එකක් දාල යන එක ගැන හුඟක්ම ස්තුතියි..


එළකිරි ලොග් උන ගමන්ම කරන්නෙ මේ ත්‍රෙඩ් එක ඕපන් කරන එක... ඒ තරම් දැන් ඇබ්බැහි වෙලා ඉන්නෙ අයියෙ මේකට.... මේක දිගටම ඇදගෙන යන හැමෝටම පිං

:yes::yes:
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
බැංකු කාරයා ගැන නම් කතා එමටයි බන්. . . කාර් එකේ ජැක් එක එන්නෙ Screw Type නෙ. . මූ දන්නෙ හයිඩ්‍රොලික් එක ගැන විතරයි. .මුලු වාහනෙම හොයලා එහෙම ජැක් එකක්. . නැති නිසා වාහනේ ජැක් එකක් නෑ කියලා හොටු පෙර පෙර හිටියෙ. . .මමත් හිතුවා ඇත්තටම කියලා. . වාහනෙ අරන් අවුරුදු 2කට පස්සෙ තමා මට උගෙත් එක්ක ඒ කාර් එකේ යන්න උනෙ. . කරුමෙට රෝදෙක පැච් එකක් ගිහින් මම ඉද්දි ටයර් එක මාරු කරන්න උනා. . . වෙන වාහනෙකින් ජැක් එකකුත් අරන් ජැක් එක ගහලා රෝදෙත් ගලවලා ස්පෙයාර් වීල් රඑක ගන්න යනකොට තම දැක්කෙ Screw Type ජැක් එකක් Spare Wheel එක එන තැන අස්සෙ සාමාන්‍ය පරිදි හිර කරලා තියෙනවා. . .ඌට ඒක පෙන්නලා සුද්ද සින්හලෙන් ඇමතුවට පස්සෙ මූ කියපි මූ හිතන් හිටියෙ ඒක චැසියෙ කෑල්ලක් කියලා බව. . . Spare Wheel එක බර නිසා හයිය වැඩි කරන්න දාපු කෑල්ලක් කියලා තමා මූ හිතන් ඉන්දලා තියෙන්නෙ. . ඔන්න මගෙත් එක්ක එකට බත් පාර්සලෙ කාපු උන්ගෙ තත්වෙ. . .

මාර පොරක් නෙ බැංකු යාළුවා
:lol:
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ඔන්න අද දවසේ එපිය.
මේකත් අර ජර්නි බස් එක ගැනම තමා සිංහලු.
මේ බසය දිව්වේ 192 කියන රූට් එකේනෙ. අපි ගන්න කලිං.
ඉතිං ගෙනාපු දවසේ ඉදං ම මොන මොනවා හරි රෙපෙයාර් තිබුනා.
පොඩි පොඩි රෙපෙයාර් වලට අපි ඉතිං යන්නේ අර අන්තිමට ගියර් බොක්ස් එක හයි කරපු අපේ තාත්තාගේ පරණ යාලුවාගේ ගැරේජ් එකට. දෙයියංග පිහිටයි එතනට ගිහිං ආවත් වාහනේ ගොඩ. ඒ මනුස්සයා හැදුවොත් දුවගන්න පුලුවං ලෙඩ එන්නෑ.


මේ තියෙන්නෙ කටු...

එළ මචෝ.. මේවගෙන් අපි මොනා හරි අළුත් දෙයක් ඉගෙන ගන්නවා.... :yes:

කොහෙද ඉතින් මේකෙ නම ගිය බස් හිමියො හිටියට කටුවක් වත් දාන්නෙ නෑ නොවැ
:confused:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මචන් දන්නේ නැති කමට අහන්නේ වාහනයක නො එක තනි අන්කයක් එනකම්ම එකතු කරනව නේද, එතකොට 13 එකට එකතු වෙන්න ඔනේ නේද?:confused:
    9Y7qmQ3.png

    :shocked: :no: නෑ බං මුලු එකතුව ගන්නේ.....

    4567 නම් නම්බර් එක 4+5+6+7=22 මිසක් 22 එකතු කරන්නේ නෑ ආයේ..... 2 + 2 = 4 කියලා...... :yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    [FONT=&quot]මේ පොල් මාමගේ ත්‍රෙඩ් එකේ මම ඔබන තුන්වෙනි කට්ට.මේ සීන් කෝන් එක වුනේ 2011 වගේ.ඒ දවස් ඉතින් ලංකාදීපෙ ලිහිපිටේ අකුරක් නෑර කියවලා ඇඩ් රවුම් කරන, හරි දාන, කතිර දාන කෝල් කරන රථ ගාය දරුනුවට තිබ්බ සංක්‍රාන්ති කාලයක්.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    වාහනේ අයිති අංකල් වගෙ පොරවල් දැන් නම් 5% ක් වත් නැතුව ඇති බං
    :(
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උබගේ මේ කතාව කියවන කොට මටත් වතුරේ ගිහිල්ල උන සිද්දියක් මතක් උනා හරියටම ඔය දවස් වල වුනු සිද්දියක් මේක



    ඉතින් වෙන මුකුත් අවුලක් වෙලා තිබ්බෙ නැද්ද කාර් එකට
    :confused:
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    [FONT=&quot]මේ පොල් මාමගේ ත්‍රෙඩ් එකේ මම ඔබන තුන්වෙනි කට්ට.මේ සීන් කෝන් එක වුනේ 2011 වගේ.ඒ දවස් ඉතින් ලංකාදීපෙ ලිහිපිටේ අකුරක් නෑර කියවලා ...........


    2pqjcx3.jpg



    නියම කතාව මචන්.. ඇත්තටම අද කාලෙ ඒ වගෙ මිනිස්සු හරි අඩුයි..

    ජෙමිනි ගැන කතාවක් නිසා පොඩි දෙයක් කියන්න හිතුනා..මමත් පාවිච්චි කරලා තියෙනවා 64, JT600 ජෙමිනියක්.. මිනිස්සු ගන්න බය වුනාට ඇත්තටම හොඳම සැපපහසු සාක්කුවට බරක් නොදැනෙන වාහනයක්.. හැබැයි එන්ජිම අලුතෙන් හැදුවත් දුම් දාන එකනම් හැමදාම තියෙනවා..
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    බස් කට්ටක්... එළ මචං
    ;)
    බස් ඒක කැඩුනාම ස්කොලෙන් එලියට ඇවිල්ලා බස් ඒක හදන තැන ඉන්නේ සමහර දවස් වලට
    ඒහේම ඉදලා බඩු ගෙන්න යනකොට පොලිස්සියෙන් පවා අල්ලගෙන තියෙනවා :shocked:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    [FONT=&quot]මේ පොල් මාමගේ ත්‍රෙඩ් එකේ මම ඔබන තුන්වෙනි කට්ට.මේ සීන් කෝන් එක වුනේ 2011 වගේ.ඒ දවස් ඉතින් ලංකාදීපෙ ලිහිපිටේ අකුරක් නෑර කියවලා ...........


    2pqjcx3.jpg



    නියම කතාව මචන්.. ඇත්තටම අද කාලෙ ඒ වගෙ මිනිස්සු හරි අඩුයි..

    ජෙමිනි ගැන කතාවක් නිසා පොඩි දෙයක් කියන්න හිතුනා..මමත් පාවිච්චි කරලා තියෙනවා 64, JT600 ජෙමිනියක්.. මිනිස්සු ගන්න බය වුනාට ඇත්තටම හොඳම සැපපහසු සාක්කුවට බරක් නොදැනෙන වාහනයක්.. හැබැයි එන්ජිම අලුතෙන් හැදුවත් දුම් දාන එකනම් හැමදාම තියෙනවා..

    මිනිස්සුන්ගේ පුහු බය මචන් ඒකෙක් ලෙබල් කරාම වාහනේ ආයේ ගන්නේ නැ ඉතින්
    අපේ මාමා කෙනෙක් ගාවත් තිබුනා 2 door hatch back ඒකක් ඒකත් රට වටේ පැද්දා
    ඹය දුම් කතාව නම් ඇත්ත :yes:

    MHV_Isuzu_Gemini_II.02.jpg

     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මිනිස්සුන්ගේ පුහු බය මචන් ඒකෙක් ලෙබල් කරාම වාහනේ ආයේ ගන්නේ නැ ඉතින්
    අපේ මාමා කෙනෙක් ගාවත් තිබුනා 2 door hatch back ඒකක් ඒකත් රට වටේ පැද්දා
    ඹය දුම් කතාව නම් ඇත්ත :yes:

    MHV_Isuzu_Gemini_II.02.jpg


    ඔව් මචන් පුහු බයක් තියෙන්නෙ.. සමහරු එලවලා තියා ජීවිතේට නැගලවත් නැති වාහනවලට චරිත සහතික දෙනවා හොඳ නෑ කියලා
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔව් මචන් පුහු බයක් තියෙන්නෙ.. සමහරු එලවලා තියා ජීවිතේට නැගලවත් නැති වාහනවලට චරිත සහතික දෙනවා හොඳ නෑ කියලා
    අනිත් කාලකන්නි තමා broker ලා උන් තමා වාහන මාකට් ඒක කන්නේ
    දන්නේ නැත් ඒකෙක්ව ඒහේම හම්බුනොත් මවාගෙන කනවා කාලකන්නි
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)

    ඉතින් වෙන මුකුත් අවුලක් වෙලා තිබ්බෙ නැද්ද කාර් එකට
    :confused:

    ඇතුලට වතුර ආපු එකයි .... එන්ජින් එක නතරවෙන්න ගිය එක විතරයි උනේ ......... එකත් උනේ සිද්දිය වෙලාවේ ....... වෙන මුකුත් අවුලක් වෙලා තිබ්බේ නැ බන්
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    උබේ වෙලාව හොඳ නිසා ඔයින් බේරුනේ.. වැඩේ හරියට සිද්ද උනානම් රොඩ් දෙකක් අද වෙනවාමයි.. එකක් ඇහැට පේන්නම ඇද වෙයි.. අනික පේන්න නොපෙනෙන්න ඇද වෙයි.. සමහර වෙලාවට කලාතුරකින් ක්‍රෑන්ක් එකටත් කෙල වෙනවා..


    ඔව් බන් ජපන් වාහනයක් නිසා කිසි අවුලක් නැ කියලා හිතාගෙන හිටියේ .... එත් උබගේ මේ ත්‍රෙඩ් එකේ වෙලා තියෙන දේවල් කියවනකොට දැන් හිතට බයක් එනවා බන්
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    [FONT=&quot]මේ පොල් මාමගේ ත්‍රෙඩ් එකේ මම ඔබන තුන්වෙනි කට්ට.මේ සීන් කෝන් එක වුනේ 2011 වගේ.ඒ දවස් ඉතින් ලංකාදීපෙ ලිහිපිටේ අකුරක් නෑර කියවලා ඇඩ් රවුම් කරන, හරි දාන, කතිර දාන කෝල් කරන රථ ගාය දරුනුවට තිබ්බ සංක්‍රාන්ති කාලයක්.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]



    කට්ට කොටලා ඉවරවෙනකොට හොඳ ගනන්...ඇඟිලි ටික කොටවෙලාද මන්ද:eek:;);)
    පොර නියම බුවෙක් මෙහෙම එවුන් අඩුයි අද කාලේ:yes::yes:
    :shocked: ඉතින් 9 නම් ප්‍රශ්නයක් නෑ නේ .... 13 ගැනනේ මේ කතා කරේ..... :D
    කාලෙකට පස්සෙ ආවේ ආපු ගමන් ලිඳේ:lol::lol::lol:
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    වැනට් ගැන කතාවක් දාන්න හිතුනා..
    මේ වැනට් එක නම් අර අපේ පොල්වත්ත අය්යගෙ එකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් එකක්.සාමාන්‍යයෙන් කරදර කරන්නෙම නැති වාහනයක්..හුලං බැස්සත් ගෙදර ඇවිල්ල නැවැත්තුවට පස්සෙ වෙන්නෙ..ඒ වාහනේ දුන්න එකම වදෙ ගැන තමයි මේ කතාව..ඇත්තටම ඒක වදයක් වුනෙත් අපේ නොදැනීමෙන්..

    මේ කතාවටත් දැන් අවුරුදු 7ක් විතර වෙනවා.මේ වාහනෙ අයිතිවුනෙ මගෙ වයිෆ්ගෙ තාත්තට..
    ඒ කාලෙ ඉතින් වයිෆ් නෙවෙයිනෙ ප්‍රේමවන්තියනෙ..කොල්ලා ඉතින් එයා කියන ඔක්කොටම හා..ඕන වැඩක් කරනවා.

    දවසක් එයලගෙ ගෙදර අය, මාතලේ පැත්තෙ තියෙන ළමා නිවාසයකට දානයක් දෙන්න යනවා. මටත් එන්න කියුවා..මමත් ඉතින් පැනල එන්නම් කියලා ඉතින් ෆුල්ල් හැපී එකෙ ඉන්නවා.. අදාල දවසත් උදාවුනා.. යන්නෙ ඉතින් එයාලගෙ වැනට් එකෙ. මම තමයි ඩ්‍රැයිවර්.මගෙ ප්‍රේමවන්තියයි.. එයාගෙ දෙමව්පියන් සහ තව හිතවත් ආන්ටිලා දෙන්නෙක් තමයි ගියෙ..

    කාලයක් තිස්සෙ වැනට් එකෙ වතුර චූට්ටක් විතර හැමදාම අඩුවෙනවා..ඕක ඉතින් අවුරුදු ගානක් තිස්සෙ වෙන නිසාත් අඩුවෙන ප්‍රමාණය ඉතා කුඩා නිසාත් ගනන් ගතයුතු දෙයක් නෙවෙයි කියන එක තමයි වාහනෙ අයිති කාරයගෙ ඒ කියුවෙ මගෙ අනාගත මාමණ්ඩිගෙ අදහස වුනෙ.හැමදාම වගෙ වතුර පොඩ්ඩක් පුරවලා ඔයිල් එහෙම බලලා පාන්දරම ගමන පිටත් වුනා..

    වෙලවට අදාල තැනට ගිහින් දානෙ එහෙම දීල ඉවර වෙන කොට උදෙ 11.30ට විතර ඇති.ගෙදර යන්නත් කල් වැඩි නිසා හැමොගෙම අදහස වුනෙ කොහෙ හරි විශේෂ තැනක් බලන්න යමු කියලා..මමත් ඉතින් වැඩ්ඩ වගෙ කියුවා ඒතරම් දුරකුත් නැති නිසා රිවර්ස්ටන් යමු කියලා.හැමොගෙම අනුමැතිය යටතෙ දැන් රිවර්ස්ටන් බලා පිටත් වුනා..

    රිවර්ස්ටන් ගිහින් ඇතිනම් මතක් ඇතිනෙ.. ටිකක් දුර යනකොට කන්ද පටන් ගන්නවනෙ..දැන් කන්ද මුදුනට ටිකක් කිට්ටුවෙනකොට මම දැක්කා වාහනෙ හීට් එක එක පාරටම නගිනව.වහාම වාහනෙ නවත්තලා කෝකටත් කියලා යට බැලුවා මෙන්න බොලෙ රේඩිටරෙ ගාවින් පොඩි වතුර පාරක් ගලා ගෙන යනවා..බැලින්නම් රේඩිටරෙ ලීක් එක ටිකක් ලොකුවෙලා.වාහනෙ පොඩ්ඩක් නිමෙනකල් ඉඳලා එතන තිබුන පොඩි වතුර පාරකින් රේඩිටරෙට වතුර පුරවලා ආයෙම ගමන පිටත් වුන..පොඩි බයක් හිතෙ තිබුනට ඔච්චර දුර ආපු එකෙ නොගිහින් ඉන්නත් බෑනෙ..

    රිවර්ස්ටන් උඩටම ගිහිල්ල ආයෙම පිටවල පතනට යනකල්ම හීට් එක නැග්ගෙ නෑ.ඒ අවට සිරි නරඹල දැන් කට්ටියම එන්න ලෑස්ති වෙලා ආයෙම වතුර බෝතලයක් විතර දැම්මා.. දැන් ආයෙත් පිටත් වෙලා කන්ද නගිනවා ..ටිකක් දුර ආවා විතරයි ආයෙම හීට් එක නගීන්න පටන් ගත්තා.. නවත්වලා යටින් බැලුවාම රේඩිටරෙන් ගංගාවක් ගලනවා..ඒ වෙලාවෙනම් දෙවියො බුදුන් සිහිවුනා. තත්වෙ බරපතලකම තේරුනෙ අපෙ මාමන්ඩිටයි මටයි විතරයි මම හිතන්නෙ. කාන්තා පාර්ශවයටනම් ඉතින් මෙලො ගානක් නෑ..

    හිතන්නකො රිවර්ස්ටන් මුදුනෙදි මේ වගෙ වැඩක් වුනාම.දැන් වෙලාවත් 5 පහුවෙලා.ලගපාත ගරාජ් තියා මනුස්සයෙක්වත් හරියට නෑ.. මොනවා කරන්නද කරන්න තිබුන එකම දේ වාහනෙ කොහොමහරි පහලට අරන් එන එක..කරපු වැඩෙ තිබුන හැම හිස් බෝතලෙටම වතුර පුරවගත්තා හදිස්සියක්දි ගන්න. පල්ලම නිසා වාහනෙ ලොකුවට රත්වෙන්නෙත් නැති නිසා හෙමින් හෙමින් ආවා..

    දැන් මම ඉස්සරහ බලනවටවත් වඩා බලන්නෙ වාහනෙ හීට් එක නගිනවද කියලා.. කොහොම කොහොම හරි ටික දුරක් එනකොට අයෙම වතුර දා ගත්තා...ඇත්තටම වතුර දාන එකත් ලේසි වැඩක් වුනෙ නෑ.. රත්වුන වාහනෙක රේඩිටර් මූඩිය අරින එක කොයිතරම් අමාරු වැඩක් ද කියලා දන්නවනෙ.. කොහොමහරි වාහනෙ මගට එනකොට ටිකක් රෑත් වෙලා...ගරාජ් වහලා..පස්සෙ අපි තීරණයක් ගත්තා වතුර දම දම හරි ගෙදරට යනවා කියලා.

    කොහොමහරි නුවරට එනකොට 4 පාරක් වතුර දැම්ම.. ගෙදරටම එනකොට 6-7 පාරක් විතර වතුර දැම්ම මට මතක විදියට..සමහර තැන් වල වතුර දාන්න නතර කරපුවාම වතුර ගන්න තැනක් නෑ.. ගෙවල් වලට තට්ටු කරලා කතාකරල ගත්තු වෙලාවලුත් තිබුන..කොහොම කොහොම හරි ගෙදර ආව කියමුකො..

    දැන් ඊලග ප්‍රශ්නෙ තමයි වාහනෙ හදන එක.පහුවෙනිදට මගෙ රාජකාරිය වුනෙ ඒක.
    වයිෆ්ලගෙ ගෙදර ඉඳන් කිලොමීටරයක් විතර දුරින් තියෙනවා ගරාජ් එකක්.ඒකෙ බාසා සියල්ල දත් එකෙක්.වාහනෙ වැඩි දුරක් අරන් යන්න බැරි නිසාත් අර බාස් පුලුවන් කිව් නිසාත් අපේ මාමන්ඩි අර බාසාව විස්වාශ කල නිසාත් වාහනෙ රේඩිටරෙ එතන ගලවන්න තීරනය කලා.. රේඩිටරෙ ගලවල බැලුවාම තමයි වැඩෙ තේරුනෙ.

    වැනට් එකෙ එන්නෙ ප්ලාස්ටික් රේඩිටර් ටැංකියක්නෙ.කලින් ඒක පොඩ්ඩක් විතර පුපුරල තිබිල..කලින් අයිතිකාරය සිලිකන් ගම් වලින් වහලා..හැබැයි අවුරුදු ගානක් වැඩෙ අල්ලලා හිටලා..පොඩි ලීක් එකක් විතරයි තිබිල තියෙන්නෙ...ඒකයි අර හැමදාම වතුර පොඩ්ඩක් අඩුවුනෙ ..රිවර්ස්ටන් වලදි තමයි ආයෙම හොඳටම සිදුර ලොකුවෙලා තියෙන්නෙ..

    අර බාස් ආයෙම සිලිකන් දාල රේඩිටරෙ නැවත හයි කරලා දුන්නා..දවසයි දිව්වෙ ආයෙම ලීක්
    ආයෙම ගැලෙව්ව .. ඒ පාර පොර කියනවා ෆයිබර් කරලා බලමු කියලා.. ඔන්න ඉතින් රේඩිටරෙ අරන් ගිහින් ෆයිබර් කලා..දවසයි...ආයෙම ලීක්...

    ඒ පාර මූ කියපි මහත්තය මේකට රේඩිටරයක් අලුතින් දාන්න වෙනවා ..වෙන විකල්පයක් නෑ කියලා..එහෙනම් ඉතින් මොනව කරන්නද කියලා මාමණ්ඩියි මමයි පරන රේඩිටරෙත් මගෙ කාර් එකෙ දාගෙන මුලු නුවර වටේම වැනට් රේඩිටර් හෙව්වා..නැති තැන ගම්පොල වෙනකල් වාහන පාර්ට්ස් තියෙන හැම කඩේකම බැලුවා.තිබුනෙ නෑ. දැන් මොකද කරන්නෙ කියලා කල්පනා කර කර එනකොට රේඩිටර් වැඩ කරන තැනක් දැකලා පොඩ්ඩක් කතා කලා.. එතැනින් කියුවා ටැන්කිය ප්ලාස්ටික් වුනාට ප්‍රශ්නයක් නෑ..ඒ ප්ලස්ටික් ටැන්කිය අයින් කරලා පිත්තල වලින් හදලා දෙන්නම් කියලා..

    අන්තිමෙ එතනින් හදලා ඒප්‍රශ්නෙ සම්පූර්නයෙන්ම විසදුනා..ඊට පස්සෙ වතුර බිංදුවක්වත් ලීක් වුනෙ නෑ..

    මෙතන මට කියන්න ඕන තව දෙයක් තියෙනවා..

    වාහනේක මොකක් හරි ලෙඩක් ආවොත් ඒ ලෙඩේට අදාල තැනට අරන් යන්න..අපි අපෙ ධනය ශ්‍රමය කාලය හැමදෙයක්ම නැතිකරගත්තෙ අදාල තැනට ගියෙ නැතිනිසා..අපි මුලින්ම රේඩිටර් වැඩපොලකට ගියානම් ප්‍රශ්නෙ මුලින්ම විසඳිල..

    ඒ වගේම ඔය එකම බාස් හැම වැඩේම කරන ගරාජ් වලට යන්න එපා.. උදා-සමහර බාස්ල මිකැනිකල් වැඩත් කරනවා..ඉලෙක්ට්‍රික් වැඩත් කරනවා.තව ටින්කර් පේන්ට් වැඩත් කරනවා..කවදාවත් එහෙම ගරාජ් වලට යන්න එපා.ඒ අයට එකක්වත් හරියට බෑ
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වැනට් ගැන කතාවක් දාන්න හිතුනා..
    මේ වැනට් එක නම් අර අපේ පොල්වත්ත අය්යගෙ එකට වඩා
    ඹන්න කියවන්න පටන්ගත්තා මම:yes::yes::D
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වැනට් ගැන කතාවක් දාන්න හිතුනා..
    ඒ වගේම ඔය එකම බාස් හැම වැඩේම කරන ගරාජ් වලට යන්න එපා.. උදා-සමහර බාස්ල මිකැනිකල් වැඩත් කරනවා..ඉලෙක්ට්‍රික් වැඩත් කරනවා.තව ටින්කර් පේන්ට් වැඩත් කරනවා..කවදාවත් එහෙම ගරාජ් වලට යන්න එපා.ඒ අයට එකක්වත් හරියට බෑ
    100% කතාව ඇත්ත මචන් උන් බාස්ලා නෙවේ මක බාස්ලා
    හැබැයි ඉදලා හිටලා ඉන්නවා ඹය ඹක්කොම හොදට පුලුවන් අය


    මචන් පොඩි දෙයක් කියන්නම් ඒ වගේ ලොකුවට වතුර ලික් වෙනවානම් රෙඩියෙටර් මුඩිය ගලවලා යන්න රත් විමත් අඩු වෙනවා වතුර ලික්වෙන වෙගෙත් අඩු වෙනවා
    ඹය රෙඩියෙටර් මුඩිය හදලා තියෙන්නේ ඒක්තරා ප්‍රමානෙකට රෙඩිටරේ ඇතුලේ පිඩනය අල්ලලා තියාගන්න ඒතකොට අර හිල් උන තැනින් වැඩිපුර වතුර අඩු වෙනවා ඒතකොට තව රත් වෙන්න ගන්නවා
    මුඩිය අයින් කරාම සම්පුර්නෙන්ම පිඩනේ වායු ගොල පිඩනේට සමාන වෙනවානේ ඒතකොට වතුර ලික් වෙන ඒක අඩු වෙනවා
    :D
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    100% කතාව ඇත්ත මචන් උන් බාස්ලා නෙවේ මක බාස්ලා
    හැබැයි ඉදලා හිටලා ඉන්නවා ඹය ඹක්කොම හොදට පුලුවන් අය


    මචන් පොඩි දෙයක් කියන්නම් ඒ වගේ ලොකුවට වතුර ලික් වෙනවානම් රෙඩියෙටර් මුඩිය ගලවලා යන්න රත් විමත් අඩු වෙනවා වතුර ලික්වෙන වෙගෙත් අඩු වෙනවා
    ඹය රෙඩියෙටර් මුඩිය හදලා තියෙන්නේ ඒක්තරා ප්‍රමානෙකට රෙඩිටරේ ඇතුලේ පිඩනය අල්ලලා තියාගන්න ඒතකොට අර හිල් උන තැනින් වැඩිපුර වතුර අඩු වෙනවා ඒතකොට තව රත් වෙන්න ගන්නවා
    මුඩිය අයින් කරාම සම්පුර්නෙන්ම පිඩනේ වායු ගොල පිඩනේට සමාන වෙනවානේ ඒතකොට වතුර ලික් වෙන ඒක අඩු වෙනවා
    :D
    thnks machan
     
    Status
    Not open for further replies.