මේකත් පරණ ජර්නි බසයේම කාපු පරිප්පුවක් තමා සිංහලු.
මට මතක හැටියට මේ ලියන්නේ තුන්වෙනි එපිය..
මේ 2006 අවුරුද්දෙ...
එන්ජින් හදලා.. රී කන්ඩිශන් ගියර් බොක්ස් තියලා.. ටික දොහක් යද්දී කිං පිං වල දෝශයක් ඇවිත්.. සහ ඉස්සරහා බ්රේක් පද්දතියත් කචල් නිසා... බසයට තිබ්බා ඉස්සරහා බාර් එකකුත්.
දැං හරියට බැලුවොත් බොඩිය ඇරුනම මේ ධාවන පද්දතිය සම්පූර්ණයෙන්ම ජපානෙං ගෙනත් හයි කලා වගේ 
සාමාන්‍යයෙන් එහෙම උනාම කවුරුත් හිතන්නේ.. කරදරයක් නැතුව අවුරුදු 2ක් 3ක් දුවා ගන්න පුලුවං ඔයිල් මාරු කරලා ...
එහෙමනේ...
ඉතිං අපිත් එහෙමම තමා හිතුවේ..
ලග ලග හයරුත් ගියා... ජොබ් එකට අමතරව.
ඔන්න සිංහලු එක්තරා බටහිර තූර්ය වාදන කණ්ඩායමක් අරං අපි ගියා සෙනසුරාදා හවසක මීගමුව කඩොල්කැලේ පල්ලියේ මංගල්ලෙට.
ගිහිං බෑන්ඩ් එක ගහනකං බලං ඉදලා.. පෙරහැරක් වීදි සංචාරය එහෙම කලාට පස්සේ රෑ 9 ට විතර එන්න පිටත් උනා එහෙං. මොනවද ඉතිං මීගමුවෙ ඉදං කඩවතට මහා දුරක් යෑ කියලා ආවා
ඔන්න සිංහලු වටරවුමෙං ප්‍රධාන පාරට දාලා 3 වෙනි ගියර් එකට මාරු කරද්දිම එන්ජිම ගැහෙන්න ගත්තා. මො හොල්මන පහු ගිය දවස් ටිකේම අපිව දාපු අමාරු ගැන හොදටම දන්න නිසා ඇල්පෙනෙත්තක් බිම වැටෙන සද්දෙ ඇහුනත් අපි හෙන ඇලර්ට් එකේ හිටියේ ඒ කාලෙ.
ඔන්න දැං ඇක්ස්ලේට් කලාට වාහනේ යන්නෑ... ඒන්ජිම ගොලු වෙලා වගේ... මිස් කරනවා.. එක විකාරයයි.... අපි මේ කොහොම හරි ගියර් අඩු කර කර මේක පිකප් කර ගන්න ට්‍රයි කරනවා....
බස් එක ඇතුලේ එක කාලගෝට්ටියයි. බෑන්ඩ් එකේ උං මේක ඇතුලේ ට්‍රම්පට් ගහනවා. බේස් ඩ්‍රම් ගහනවා... සද්දයක් ආවත් ඇහෙන්නෑ....
බස් එක හයියෙං යන වෙලාවක නං ගානකුත් නෑ.. මේ ල්බ හෙමීට කොටනවා නෙහ්.. අහල පහල මිනිස්සු ගෙවල් වල ගේට්ටු ලගට ඇවිත් බලං ඉන්නවා පෙරහැරක් යනවා වගේ.. ඒවා දැකලා මේක ඇතුලෙ ඉන්න එවුන්ට තව චූන්.. සූරාංගනී ගහනවා දැං
අපිට ඉහ මොල රත්වොල මොකක්ද මේ වෙන්නේ කියලා. අපි හිතුවෙම ඩීසල් පොම්පෙ අවුලක්.. නැත්තං හුලං ඇදලා. ඔය වගේ සීන් එකක් කියලා...
මේ එන්ජිම 4B C2 එකක්. ඩිරෙක්ට් ඉන්ජක්සන්. හුලං අරින්න පුලුවං ඩීසල් පොම්පේ යට ඇනයක් තියෙනවා. ඒක 10 යතුරෙං බුරුල් කරලා පොම්පේ ගහන්න ඕනේ... සාමාන්‍යයෙන් කරන්නේ එහෙමයි..ඩීසල් පෙන පෙන වගේ තියෙන ඒවා යනකං පොම්පේ ගහනවා. ඒ කියන්නේ හුලං.. හරියටම ප්‍රෙශර් උනාම අවුලක් නෑ ඩීසල් විදින්න ගන්නවා වටේටම. දැං ඔය වැඩේ අපි කර ගන්න ඕනේ කියලා දන්නවා. වාහනේ නවතින්න කලින්ම කරන්න ඕනේ දේ හිතාගෙන ඉවරයි.
අපි පුලුවං තරං කොට කොට හරි මේක ඉස්සරහට අරං ගියා. ඇතුලෙ යන එවුන්ට මෙලෝ සිහියක් නෑ එක විකාරයයි. පස් එක දෙවනත් වෙන් නනටනවා.. බෑන්ඩ් ගහනවා
ඔන්න සිංහලු ටික දුරක් යද්දි යන්නම බැරි වෙන් නමිස් කරන්න ගත්තා. අපි එහෙමම අයින් කරලා නතර කලා...
හුරේ.... ඔන්න නතර කලා බැහැපල්ලා.... අනේ හොද අංකල් කියලා කෙල්ලෝ කොල්ලෝ සේරම බිමට පැනගත්තෙ නැතෑ... මෙන්න මුං එලියේ බෑන්ඩ් ගහනවා දැං මුංව බාරගෙන ආපු ටීචර්ලා සර්ලා ළමයින්ට හපං.. උං ඕපදූප කිය කිය පැත්තකට වෙලා ඉන්නවා

අපිටත් මොකෝ... එන්ජිමේ පියන ඇරින්න කලිං මුංව කොහොමත් බස්සන්න එපැයි. ඒකත් සිද්ද උනා නේ කියලා එන්ජිමේ පියන ඇරලා ඒක ගලවලාම පැත්තකට දාලා ටූල් කිට් එකත් අරං ඉස්සෙල්ලම බුරුල් කලා පොම්පේ ඇනේ. මේ ලබ්බ තියෙන්නේ හෙන අස්සක.. දෙයියනේ කියලා 3 පොලක් විතර අත පුච්ච ගත්තා. ඊට පස්සේ යාත්තං පොම්පේ ගහන්න ගත්තා... හිතුවා වගේම ඉස්සෙල්ලම හුලං ටික ගිහිං... ඊට පස්සේ ප්‍රෙශර් උනා.
වැඩේ හරි නේ සිංහලු.. වීරයා වගේ එන්ජිමේ පියන වහලා කාපට් ටික දාලා.. නැගපල්ලා කියලා කෑ ගහලා ටූල් බොක්ස් එකත් පිලිවෙලට දාලා.. අත් දෙකත් පිහදාගෙන ඔන්න දැං ආයේ යනවා....

අර කටුනායක එයාපෝට් එක පේන දැල් ගහලා තියෙන හරිය තියෙනවා නේද සිංහලු...
එන්න ඒක පටං ගත්තා විතරයි...මෙන්න මේ ලබ්බ ආයේ මිස් කරනවා.

කාට කියන්නද. අපි බැලුවා පුලුවං තරං මේ අධි ආරක්ශක කලාපය පන්නලා යන්න...
මොන යනවද .. ජර්නියට එතනම ඉන්න ඕනේ කිව්වා.
කරුමෙ තමා...
ඔන්න මං ආයේ දොර ඇරියා.. හිප්පි හුරේ කියලා පැනපි මේ කිකිලියෝ ටික එළියට. දැං චූ බරයි ලු.. ටොයිලට් යන්න ඕනේ ලු
හා එහෙනං එක්ක යං කියලා ඔන්න ටීචර්ලා ටික මුංවත් දක්කගෙන ගියා .
මායි තාත්තයි මොකෑ කොරන්නේ.. ආයෙමත් පාරක් කාපට් අයිං කරලා.. පියන ඇරලා ගලවලා පැත්තකිං තියලා... ටූල් කිට් එක අරං 10 ඇනේ බුරු්ල කරලා පොම්පෙ ගහනවා....
මේ පාර ඩීසල් එන්නෙම නෑ සිංහලු... ඒත් ටැංකියේ බඩු තියෙනවා...
මාර කෙලියක් නේ මේක
ඉස්සෙල්ලම බැලුවා බට මොනවා හරි කැඩිලා ද කියලා. නෑ ඒවා හොදා... ඉන්ජෙක්ටර් හතරම හොද තදට තියෙනවා.. ඩීසල් ලීක් උන පාටකුත් නෑ..
ටැංකියේ ඉදං එන බටත් පේන තරමිං කැඩිලා නෑ. බස් එක යටට ටෝච් එක්ක ගහලා බැලුවා. අවුලක් නෑ .. කොහෙං වත් ඩීසල් යන්නේ නෑ.
ඒ අස්සේ උඩ දගලද්දි ඩීසල් බටයක් බුරුල් වෙලා ඒ බටේ තිබ්බ ඩීසල් ටිකත් බිම..
ඒක ආයේ ගැහුවා.
මොකද වෙන්නේ කියලා දහ අතේ කල්පනා කරලා.. අන්තිමට මතක් උනා... මේකේ ඩීසල් පොම්පෙ යට තියෙනවා ෆිල්ටර් එකක්. ඒකේ තියෙනවා මට මතක විදිහට 17 ඇනයක්. ඇනය හයි වෙලා එන්නේ ඔය කියන දැල් ෆිල්ටර් එකට.
ඒක ලග මොකක් හරි ලබ්බක් හිර වෙලා වත් ද කියලා හිතලා දැං ඒක ගලවන්නයි කල්පනාව...
ඒත් ඉතිං යට රිංගන්න එපැයි.. අර චූ දාන්න ගිය උං ඈත එනවත් පේනවා. ඉක්මනට උඩු කය ගලෝලා දාලා රිංගුවා බස් එක යටට.
ඒ කාලේ තිබ්බ 1100 පෝං කෑල්ලේ ටෝච් එක ඔන් කරලා කටේ ඔබාගෙන.. 17 යතුරත් අරං..
දැං හොයනවා කෝ මේ ඇනේ කියලා... ම්හ්.... බඩු පේන්න නෑ..
මං උඩට ආවා. ඊට පස්සේ තාත්තා...
ම්හ්... එයාටත් හොයා ගන්න බෑ...
ආයේ මං....
ඔය විදිහට වට කීපයක් ගියා. දැං දෙන්නටම මල... දෙන්නා බැන ගන්නවා. එතන නෙවෙයි මෙතන.. ඒක නෙවෙයි මේක කියලා 

දැං බස් එක ඇතුලේ හිටිය චූන් සේනාවගේ චූන් බැහැලා. උං බාගයක් නිදි. ඒ අස්සේ අම්මලා තාත්තලාගෙං කෝල් එනවා මොකද පරක්කු කියලා.

අන්තිමට පෝං එක ටීචර්ලාට භාර දීලා අපි දෙන්නම බස් එක යට ... තාර පාර රස්නෙයි.. ඒ අස්සේ වැලිත් තියෙනවා... ඒ වැලි වලට අර වැටිච්ච ඩීසල් කලවං වෙලා.. අපි එහෙට මෙහෙට දගලද්දි පිටවල් කැපිලා..
පට්ටම දැවිල්ලයි...
පුදුම චාටර් එකක් කාලා ඇනේ හොයා ගත්තා සිංහලු. හෙන දෙබලක් මැද තමා මේක තියෙන්නේ. 17 යතුර වට කාලයි එක පාරකට කරකවන්න පුලුවං.
ඒ මදිවට ආයේ ගලෝලා මං අරං ආයේ දාන්න ඕනේ.
තාත්තාටයි මටයි මලේ මල. පස්සේ කෝල් කලා වෙන බසයකට එන්න කියලා.
නැත්තං එළි වෙනකං මෙතන නෙ..
ඔන් නඅපි ආයේ ඇනේ ගලෝනවා... කොහොමෙං කොහොමෙං හරි ඇනේ ගලෝලා බැලින්නං... ඒ ෆිල්ටර් එකේ පට්ට විදිහට රොඩු තිබුනා. අපි ඒක සුද්ද කරලා ආයේ හයි කර කර ඉන්නකොට ඇහෙනවා සද්දයක්..
කව්ද ඔය කට්ටිය. දන්නෙ නැද්ද මෙතන කොහෙද කියලා. මොකද මෙතන නතර වෙලා ඉන්නෙ.
ඉබ්බා කටුවෙං එලියට ඔළුව දානවා වගේ මං බස් එක යට ඉදං හෙමීට ඔ්ළුව දාලා බැලුවා..
හුටා !!! ..බැලින්නං හමුදාවෙං
හොද වෙලාවට පෙන්ශන් ගිය හමුදාවෙ එක්කෙනෙක් තමා බෑන්ඩ් එකේ මාස්ටර්. මිනිහා ශේප් කරලා දුන්නා කේස් එක. අපි මේක හදා ගන්න බැරි උනොත් තල්ලු කරං හරි මේ සෝන් එකෙං එළියට ගෙනියනවා කිව්වා.
ඔන්න සිංහලු පිටවල් කපාගෙන දාඩිය පෙරාගෙන යක්කු දෙන්නෙක් වගේ අපි උඩට ඇවිත් පොම්පේ ගහලා බසය ඉස්ටාට් කලා. දැං ආයේ බබා වගේ දුවනවා
දඩ බඩ ගාලා අත් දෙක හෝදගෙන උඩ කොටස ඇදගෙන එන්ජිං පියන යාංතං වහලා ඒක උඩිං ටූල් කිට් එක තියාගෙන (ආයේ කොයි වෙලාවෙ මොන හුයන්නක් වෙයිද දන්නෑ නේ ) ඔන්න එනවා....ටිකක් දුර එද්දි ඈත එනවා අපේ බැකප් බසය. සෙනග සේරම ඒකට පටෝලා අපි දෙන්නා මේකට දෙහි කප කප හෙමින් ආවා. අතර මගදි 3 පොලක විතර නතර කරලා පොම්පේ ගහන් නඋනා. බොහොම අමාරුවෙං ගෙදරට ආවා. එද්දි පාන්දර 3යි

පිට පට්ට දැවිල්ලයි. හැම තැනම කැපිලා. බසයේ කාපට් 2ක් දාලා තමා ඉස්සෙල්ලා රිංගුවේ. ඒත බං එහෙට මෙහෙට දගලද්දි කාපට් කැලේ..

අමාරුවෙංම නාලා පහුවදා උදේ වෙනකං මුනිං අතට දොයිය ගත්තා. උදේ වෙද්දි පිටේ තුවාල පැසවලා. ඒ මදිවට උන.
තාත්තා ගෙදරම ඩීසල් ටැංකිය ගලවලා හිස් කරලා කාර් එකේ දාගෙන ටිංකර් වැඩපොලකට ගිහිං ටැංකිය පළු කරලා ඊට පස්සේ සර්විස් එකකට ගිහිං සේරම කාමර සුද්ද කරවලා තිබුනා. උඹලා කිව්වට පිලි ගනියිද දන්නෑ අගල් 2ක් විතර ගනකං රොඩු තට්ටුවක් තිබුනා ලු ඇතුලේ..
මේ ටැංකිය පළු කරලා මයි. මීට කලිං කරලා නෑ... පාස්සපු පාටක් වත් තිබිලා නෑ.. කොහොමද මේ රොඩු මේකට ආවේ කියන එක නං අදටත් අපිට හිතා ගන්න බෑ. කලින් දුවපු උං මොකක් හරි ජිල්මාට් ක්‍රමේකට ඩීසල් දැම්මා ද දන්නෑ

සතියක් විතර විදවලා විදවලා යාන්තං තුවාල සනීප කර ගත්තා. මේ වැඩේ උනාට පස්සේ සති 5යි බස් එක අපේ ගෙදර තිබුනේ .
විකුණුවා..
නිමි .
මට මතක හැටියට මේ ලියන්නේ තුන්වෙනි එපිය..
මේ 2006 අවුරුද්දෙ...
එන්ජින් හදලා.. රී කන්ඩිශන් ගියර් බොක්ස් තියලා.. ටික දොහක් යද්දී කිං පිං වල දෝශයක් ඇවිත්.. සහ ඉස්සරහා බ්රේක් පද්දතියත් කචල් නිසා... බසයට තිබ්බා ඉස්සරහා බාර් එකකුත්.
දැං හරියට බැලුවොත් බොඩිය ඇරුනම මේ ධාවන පද්දතිය සම්පූර්ණයෙන්ම ජපානෙං ගෙනත් හයි කලා වගේ 
සාමාන්‍යයෙන් එහෙම උනාම කවුරුත් හිතන්නේ.. කරදරයක් නැතුව අවුරුදු 2ක් 3ක් දුවා ගන්න පුලුවං ඔයිල් මාරු කරලා ...
එහෙමනේ...
ඉතිං අපිත් එහෙමම තමා හිතුවේ..
ලග ලග හයරුත් ගියා... ජොබ් එකට අමතරව.
ඔන්න සිංහලු එක්තරා බටහිර තූර්ය වාදන කණ්ඩායමක් අරං අපි ගියා සෙනසුරාදා හවසක මීගමුව කඩොල්කැලේ පල්ලියේ මංගල්ලෙට.
ගිහිං බෑන්ඩ් එක ගහනකං බලං ඉදලා.. පෙරහැරක් වීදි සංචාරය එහෙම කලාට පස්සේ රෑ 9 ට විතර එන්න පිටත් උනා එහෙං. මොනවද ඉතිං මීගමුවෙ ඉදං කඩවතට මහා දුරක් යෑ කියලා ආවා

ඔන්න සිංහලු වටරවුමෙං ප්‍රධාන පාරට දාලා 3 වෙනි ගියර් එකට මාරු කරද්දිම එන්ජිම ගැහෙන්න ගත්තා. මො හොල්මන පහු ගිය දවස් ටිකේම අපිව දාපු අමාරු ගැන හොදටම දන්න නිසා ඇල්පෙනෙත්තක් බිම වැටෙන සද්දෙ ඇහුනත් අපි හෙන ඇලර්ට් එකේ හිටියේ ඒ කාලෙ.
ඔන්න දැං ඇක්ස්ලේට් කලාට වාහනේ යන්නෑ... ඒන්ජිම ගොලු වෙලා වගේ... මිස් කරනවා.. එක විකාරයයි.... අපි මේ කොහොම හරි ගියර් අඩු කර කර මේක පිකප් කර ගන්න ට්‍රයි කරනවා....
බස් එක ඇතුලේ එක කාලගෝට්ටියයි. බෑන්ඩ් එකේ උං මේක ඇතුලේ ට්‍රම්පට් ගහනවා. බේස් ඩ්‍රම් ගහනවා... සද්දයක් ආවත් ඇහෙන්නෑ....
බස් එක හයියෙං යන වෙලාවක නං ගානකුත් නෑ.. මේ ල්බ හෙමීට කොටනවා නෙහ්.. අහල පහල මිනිස්සු ගෙවල් වල ගේට්ටු ලගට ඇවිත් බලං ඉන්නවා පෙරහැරක් යනවා වගේ.. ඒවා දැකලා මේක ඇතුලෙ ඉන්න එවුන්ට තව චූන්.. සූරාංගනී ගහනවා දැං
අපිට ඉහ මොල රත්වොල මොකක්ද මේ වෙන්නේ කියලා. අපි හිතුවෙම ඩීසල් පොම්පෙ අවුලක්.. නැත්තං හුලං ඇදලා. ඔය වගේ සීන් එකක් කියලා...
මේ එන්ජිම 4B C2 එකක්. ඩිරෙක්ට් ඉන්ජක්සන්. හුලං අරින්න පුලුවං ඩීසල් පොම්පේ යට ඇනයක් තියෙනවා. ඒක 10 යතුරෙං බුරුල් කරලා පොම්පේ ගහන්න ඕනේ... සාමාන්‍යයෙන් කරන්නේ එහෙමයි..ඩීසල් පෙන පෙන වගේ තියෙන ඒවා යනකං පොම්පේ ගහනවා. ඒ කියන්නේ හුලං.. හරියටම ප්‍රෙශර් උනාම අවුලක් නෑ ඩීසල් විදින්න ගන්නවා වටේටම. දැං ඔය වැඩේ අපි කර ගන්න ඕනේ කියලා දන්නවා. වාහනේ නවතින්න කලින්ම කරන්න ඕනේ දේ හිතාගෙන ඉවරයි.
අපි පුලුවං තරං කොට කොට හරි මේක ඉස්සරහට අරං ගියා. ඇතුලෙ යන එවුන්ට මෙලෝ සිහියක් නෑ එක විකාරයයි. පස් එක දෙවනත් වෙන් නනටනවා.. බෑන්ඩ් ගහනවා

ඔන්න සිංහලු ටික දුරක් යද්දි යන්නම බැරි වෙන් නමිස් කරන්න ගත්තා. අපි එහෙමම අයින් කරලා නතර කලා...
හුරේ.... ඔන්න නතර කලා බැහැපල්ලා.... අනේ හොද අංකල් කියලා කෙල්ලෝ කොල්ලෝ සේරම බිමට පැනගත්තෙ නැතෑ... මෙන්න මුං එලියේ බෑන්ඩ් ගහනවා දැං මුංව බාරගෙන ආපු ටීචර්ලා සර්ලා ළමයින්ට හපං.. උං ඕපදූප කිය කිය පැත්තකට වෙලා ඉන්නවා

අපිටත් මොකෝ... එන්ජිමේ පියන ඇරින්න කලිං මුංව කොහොමත් බස්සන්න එපැයි. ඒකත් සිද්ද උනා නේ කියලා එන්ජිමේ පියන ඇරලා ඒක ගලවලාම පැත්තකට දාලා ටූල් කිට් එකත් අරං ඉස්සෙල්ලම බුරුල් කලා පොම්පේ ඇනේ. මේ ලබ්බ තියෙන්නේ හෙන අස්සක.. දෙයියනේ කියලා 3 පොලක් විතර අත පුච්ච ගත්තා. ඊට පස්සේ යාත්තං පොම්පේ ගහන්න ගත්තා... හිතුවා වගේම ඉස්සෙල්ලම හුලං ටික ගිහිං... ඊට පස්සේ ප්‍රෙශර් උනා.
වැඩේ හරි නේ සිංහලු.. වීරයා වගේ එන්ජිමේ පියන වහලා කාපට් ටික දාලා.. නැගපල්ලා කියලා කෑ ගහලා ටූල් බොක්ස් එකත් පිලිවෙලට දාලා.. අත් දෙකත් පිහදාගෙන ඔන්න දැං ආයේ යනවා....

අර කටුනායක එයාපෝට් එක පේන දැල් ගහලා තියෙන හරිය තියෙනවා නේද සිංහලු...
එන්න ඒක පටං ගත්තා විතරයි...මෙන්න මේ ලබ්බ ආයේ මිස් කරනවා.

කාට කියන්නද. අපි බැලුවා පුලුවං තරං මේ අධි ආරක්ශක කලාපය පන්නලා යන්න...
මොන යනවද .. ජර්නියට එතනම ඉන්න ඕනේ කිව්වා.
කරුමෙ තමා...
ඔන්න මං ආයේ දොර ඇරියා.. හිප්පි හුරේ කියලා පැනපි මේ කිකිලියෝ ටික එළියට. දැං චූ බරයි ලු.. ටොයිලට් යන්න ඕනේ ලු
හා එහෙනං එක්ක යං කියලා ඔන්න ටීචර්ලා ටික මුංවත් දක්කගෙන ගියා .
මායි තාත්තයි මොකෑ කොරන්නේ.. ආයෙමත් පාරක් කාපට් අයිං කරලා.. පියන ඇරලා ගලවලා පැත්තකිං තියලා... ටූල් කිට් එක අරං 10 ඇනේ බුරු්ල කරලා පොම්පෙ ගහනවා....

මේ පාර ඩීසල් එන්නෙම නෑ සිංහලු... ඒත් ටැංකියේ බඩු තියෙනවා...
මාර කෙලියක් නේ මේක
ඉස්සෙල්ලම බැලුවා බට මොනවා හරි කැඩිලා ද කියලා. නෑ ඒවා හොදා... ඉන්ජෙක්ටර් හතරම හොද තදට තියෙනවා.. ඩීසල් ලීක් උන පාටකුත් නෑ..
ටැංකියේ ඉදං එන බටත් පේන තරමිං කැඩිලා නෑ. බස් එක යටට ටෝච් එක්ක ගහලා බැලුවා. අවුලක් නෑ .. කොහෙං වත් ඩීසල් යන්නේ නෑ.
ඒ අස්සේ උඩ දගලද්දි ඩීසල් බටයක් බුරුල් වෙලා ඒ බටේ තිබ්බ ඩීසල් ටිකත් බිම..
ඒක ආයේ ගැහුවා. මොකද වෙන්නේ කියලා දහ අතේ කල්පනා කරලා.. අන්තිමට මතක් උනා... මේකේ ඩීසල් පොම්පෙ යට තියෙනවා ෆිල්ටර් එකක්. ඒකේ තියෙනවා මට මතක විදිහට 17 ඇනයක්. ඇනය හයි වෙලා එන්නේ ඔය කියන දැල් ෆිල්ටර් එකට.
ඒක ලග මොකක් හරි ලබ්බක් හිර වෙලා වත් ද කියලා හිතලා දැං ඒක ගලවන්නයි කල්පනාව...
ඒත් ඉතිං යට රිංගන්න එපැයි.. අර චූ දාන්න ගිය උං ඈත එනවත් පේනවා. ඉක්මනට උඩු කය ගලෝලා දාලා රිංගුවා බස් එක යටට.
ඒ කාලේ තිබ්බ 1100 පෝං කෑල්ලේ ටෝච් එක ඔන් කරලා කටේ ඔබාගෙන.. 17 යතුරත් අරං..
දැං හොයනවා කෝ මේ ඇනේ කියලා... ම්හ්.... බඩු පේන්න නෑ..

මං උඩට ආවා. ඊට පස්සේ තාත්තා...
ම්හ්... එයාටත් හොයා ගන්න බෑ...
ආයේ මං....
ඔය විදිහට වට කීපයක් ගියා. දැං දෙන්නටම මල... දෙන්නා බැන ගන්නවා. එතන නෙවෙයි මෙතන.. ඒක නෙවෙයි මේක කියලා 

දැං බස් එක ඇතුලේ හිටිය චූන් සේනාවගේ චූන් බැහැලා. උං බාගයක් නිදි. ඒ අස්සේ අම්මලා තාත්තලාගෙං කෝල් එනවා මොකද පරක්කු කියලා.

අන්තිමට පෝං එක ටීචර්ලාට භාර දීලා අපි දෙන්නම බස් එක යට ... තාර පාර රස්නෙයි.. ඒ අස්සේ වැලිත් තියෙනවා... ඒ වැලි වලට අර වැටිච්ච ඩීසල් කලවං වෙලා.. අපි එහෙට මෙහෙට දගලද්දි පිටවල් කැපිලා..

පට්ටම දැවිල්ලයි... පුදුම චාටර් එකක් කාලා ඇනේ හොයා ගත්තා සිංහලු. හෙන දෙබලක් මැද තමා මේක තියෙන්නේ. 17 යතුර වට කාලයි එක පාරකට කරකවන්න පුලුවං.
ඒ මදිවට ආයේ ගලෝලා මං අරං ආයේ දාන්න ඕනේ. තාත්තාටයි මටයි මලේ මල. පස්සේ කෝල් කලා වෙන බසයකට එන්න කියලා.