වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේකත් පරණ ජර්නි බසයේම කාපු පරිප්පුවක් තමා සිංහලු.
    මට මතක හැටියට මේ ලියන්නේ තුන්වෙනි එපිය..

    මේ 2006 අවුරුද්දෙ...

    එන්ජින් හදලා.. රී කන්ඩිශන් ගියර් බොක්ස් තියලා.. ටික දොහක් යද්දී කිං පිං වල දෝශයක් ඇවිත්.. සහ ඉස්සරහා බ්‍රේක් පද්දතියත් කචල් නිසා... බසයට තිබ්බා ඉස්සරහා බාර් එකකුත්. :cool: දැං හරියට බැලුවොත් බොඩිය ඇරුනම මේ ධාවන පද්දතිය සම්පූර්ණයෙන්ම ජපානෙං ගෙනත් හයි කලා වගේ :lol:
    සාමාන්‍යයෙන් එහෙම උනාම කවුරුත් හිතන්නේ.. කරදරයක් නැතුව අවුරුදු 2ක් 3ක් දුවා ගන්න පුලුවං ඔයිල් මාරු කරලා ...
    එහෙමනේ...

    ඉතිං අපිත් එහෙමම තමා හිතුවේ..
    ලග ලග හයරුත් ගියා... ජොබ් එකට අමතරව.

    ඔන්න සිංහලු එක්තරා බටහිර තූර්ය වාදන කණ්ඩායමක් අරං අපි ගියා සෙනසුරාදා හවසක මීගමුව කඩොල්කැලේ පල්ලියේ මංගල්ලෙට.
    ගිහිං බෑන්ඩ් එක ගහනකං බලං ඉදලා.. පෙරහැරක් වීදි සංචාරය එහෙම කලාට පස්සේ රෑ 9 ට විතර එන්න පිටත් උනා එහෙං. මොනවද ඉතිං මීගමුවෙ ඉදං කඩවතට මහා දුරක් යෑ කියලා ආවා :D

    ඔන්න සිංහලු වටරවුමෙං ප්‍රධාන පාරට දාලා 3 වෙනි ගියර් එකට මාරු කරද්දිම එන්ජිම ගැහෙන්න ගත්තා. මො හොල්මන පහු ගිය දවස් ටිකේම අපිව දාපු අමාරු ගැන හොදටම දන්න නිසා ඇල්පෙනෙත්තක් බිම ‍වැටෙන සද්දෙ ඇහුනත් අපි හෙන ඇලර්ට් එකේ හි‍ටියේ ඒ කාලෙ.

    ඔන්න දැං ඇක්ස්ලේට් කලාට වාහනේ යන්නෑ... ඒන්ජිම ගොලු වෙලා වගේ... මිස් කරනවා.. එක විකාරයයි.... අපි මේ කොහොම හරි ගියර් අඩු කර කර මේක පිකප් කර ගන්න ට්‍රයි කරනවා....
    බස් එක ඇතුලේ එක කාලගෝට්ටියයි. බෑන්ඩ් එකේ උං මේක ඇතුලේ ට්‍රම්පට් ගහනවා. බේස් ඩ්‍රම් ගහනවා... සද්දයක් ආවත් ඇහෙන්නෑ....

    බස් එක හයියෙං යන වෙලාවක නං ගානකුත් නෑ.. මේ ල්බ හෙමීට කොටනවා නෙහ්.. අහල පහල මිනිස්සු ගෙවල් වල ගේට්ටු ලගට ඇවිත් බලං ඉන්නවා පෙරහැරක් යනවා වගේ.. ඒවා දැකලා මේක ඇතුලෙ ඉන්න එවුන්ට තව චූන්.. සූරාංගනී ගහනවා දැං
    5.gif


    අපිට ඉහ මොල රත්වොල මොකක්ද මේ වෙන්නේ කියලා. අපි හිතුවෙම ඩීසල් පොම්පෙ අවුලක්.. නැත්තං හුලං ඇදලා. ඔය වගේ සීන් එකක් කියලා...

    මේ එන්ජිම 4B C2 එකක්. ඩිරෙක්ට් ඉන්‍ජක්සන්. හුලං අරින්න පුලුවං ඩීසල් පොම්පේ යට ඇනයක් තියෙනවා. ඒක 10 යතුරෙං බුරුල් කරලා පොම්පේ ගහන්න ඕනේ... සාමාන්‍යයෙන් කරන්නේ එහෙමයි..ඩීසල් පෙන පෙන වගේ තියෙන ඒවා යනකං පොම්පේ ගහනවා. ඒ කියන්නේ හුලං.. හරියටම ප්‍රෙශර් උනාම අවුලක් නෑ ඩීසල් විදින්න ගන්නවා වටේටම. දැං ඔය වැඩේ අපි කර ගන්න ඕනේ කියලා දන්නවා. වාහනේ නවතින්න කලින්ම කරන්න ඕනේ දේ හිතාගෙන ඉවරයි.
    අපි පුලුවං තරං කොට කොට හරි මේක ඉස්සරහට අරං ගියා. ඇතුලෙ යන එවුන්ට මෙලෝ සිහියක් නෑ එක විකාරයයි. පස් එක දෙවනත් වෙන් නනටනවා.. බෑන්ඩ් ගහනවා :nerd:

    ඔන්න සිංහලු ටික දුරක් යද්දි යන්නම බැරි වෙන් නමිස් කරන්න ගත්තා. අපි එහෙමම අයින් කරලා නතර කලා...
    හුරේ.... ඔන්න නතර කලා බැහැපල්ලා.... අනේ හොද අංකල් කියලා කෙල්ලෝ කොල්ලෝ සේරම බිමට පැනගත්තෙ නැතෑ... මෙන්න මුං එලියේ බෑන්ඩ් ගහනවා දැං මුංව බාරගෙන ආපු ටීචර්ලා සර්ලා ළමයින්ට හපං.. උං ඕපදූප කිය කිය පැත්තකට වෙලා ඉන්නවා :eek::eek:

    අපිටත් මොකෝ... එන්ජිමේ පියන ඇරින්න කලිං මුංව කොහොමත් බස්සන්න එපැයි. ඒකත් සිද්ද උනා නේ කියලා එන්ජිමේ පියන ඇරලා ඒක ගලවලාම පැත්තකට දාලා ටූල් කිට් එකත් අරං ඉස්සෙල්ලම බුරුල් කලා පොම්පේ ඇනේ. මේ ලබ්බ තියෙන්නේ හෙන අස්සක.. දෙයියනේ කියලා 3 පොලක් විතර අත පුච්ච ගත්තා. ඊට පස්සේ යාත්තං පොම්පේ ගහන්න ගත්තා... හිතුවා වගේම ඉස්සෙල්ලම හුලං ටික ගිහිං... ඊට පස්සේ ප්‍රෙශර් උනා.
    වැඩේ හරි නේ සිංහලු.. වීරයා වගේ එන්ජිමේ පියන වහලා කාපට් ටික දාලා.. නැගපල්ලා කියලා කෑ ගහලා ටූල් බොක්ස් එකත් පිලිවෙලට දාලා.. අත් දෙකත් පිහදාගෙන ඔන්න දැං ආයේ යනවා....:cool::cool:

    අර කටුනායක එයාපෝට් එක පේන දැල් ගහලා තියෙන හරිය තියෙනවා නේද සිංහලු...
    එන්න ඒක පටං ගත්තා විතරයි...මෙන්න මේ ලබ්බ ආයේ මිස් කරනවා. :eek::eek::sorry:
    කාට කියන්නද. අපි බැලුවා පුලුවං තරං මේ අධි ආරක්ශක කලාපය පන්නලා යන්න...
    මොන යනවද .. ජර්නියට එතනම ඉන්න ඕනේ කිව්වා.
    කරුමෙ තමා...
    ඔන්න මං ආයේ ‍දොර ඇරියා.. හිප්පි හුරේ කියලා පැනපි මේ කිකිලියෝ ටික එළියට. දැං චූ බරයි ලු.. ටොයිලට් යන්න ඕනේ ලු :eek:
    හා එහෙනං එක්ක යං කියලා ඔන්න ටීචර්ලා ටික මුංවත් දක්කගෙන ගියා .
    මායි තාත්තයි මොකෑ කොරන්නේ.. ආයෙමත් පාරක් කාපට් අයිං කරලා.. පියන ඇරලා ගලවලා පැත්තකිං තියලා... ටූල් කිට් එක අරං 10 ඇනේ බුරු්ල කරලා පොම්පෙ ගහනවා....:sorry:

    මේ පාර ඩීසල් එන්නෙම නෑ සිංහලු... ඒත් ටැංකියේ බඩු තියෙනවා...
    මාර කෙලියක් නේ මේක
    5.gif


    ඉස්සෙල්ලම බැලුවා බට මොනවා හරි කැඩිලා ද කියලා. නෑ ඒවා හොදා... ඉන්ජෙක්ටර් හතරම හොද තදට තියෙනවා.. ඩීසල් ලීක් උන පාටකුත් නෑ..

    ටැංකියේ ඉදං එන බටත් පේන තරමිං කැඩිලා නෑ. බස් එක යටට ටෝච් එක්ක ගහලා බැලුවා. අවුලක් නෑ .. කොහෙං වත් ඩීසල් යන්නේ නෑ. :eek: ඒ අස්සේ උඩ දගලද්දි ඩීසල් බටයක් බුරුල් වෙලා ඒ බටේ තිබ්බ ඩීසල් ටිකත් බිම.. :sorry: ඒක ආයේ ගැහුවා.

    මොකද වෙන්නේ කියලා දහ අතේ කල්පනා කරලා.. අන්තිමට මතක් උනා... මේකේ ඩීසල් පොම්පෙ යට තියෙනවා ෆිල්ටර් එකක්. ඒකේ තියෙනවා මට මතක විදිහට 17 ඇනයක්. ඇනය හයි වෙලා එන්නේ ඔය කියන දැල් ෆිල්ටර් එකට.
    ඒක ලග මොකක් හරි ලබ්බක් හිර වෙලා වත් ද කියලා හිතලා දැං ඒක ගලවන්නයි කල්පනාව...
    ඒත් ඉතිං යට රිංගන්න එපැයි.. අර චූ දාන්න ගිය උං ඈත එනවත් පේනවා. ඉක්මනට උඩු කය ගලෝලා දාලා රිංගුවා බස් එක යටට.
    ඒ කාලේ තිබ්බ 1100 පෝං කෑල්ලේ ටෝච් එක ඔන් කරලා කටේ ඔබාගෙන.. 17 යතුරත් අරං..
    දැං හොයනවා කෝ මේ ඇනේ කියලා... ම්හ්.... බඩු පේන්න නෑ.. :sorry:
    මං උඩට ආවා. ඊට පස්සේ තාත්තා...
    ම්හ්... එයාටත් ‍හොයා ගන්න බෑ...
    ආයේ මං.... :sorry: ඔය විදිහට වට කීපයක් ගියා. දැං දෙන්නටම මල... දෙන්නා බැන ගන්නවා. එතන නෙවෙයි මෙතන.. ඒක නෙවෙයි මේක කියලා :lol::sorry::sorry:
    දැං බස් එක ඇතුලේ හිටිය චූන් සේනාවගේ චූන් බැහැලා. උං බාගයක් නිදි. ඒ අස්සේ අම්මලා තාත්තලාගෙං කෝල් එනවා මොකද පරක්කු කියලා. :sorry::shocked:

    අන්තිමට පෝං එක ටීචර්ලාට භාර දීලා අපි දෙන්නම බස් එක යට ... තාර පාර රස්නෙයි.. ඒ අස්සේ වැලිත් තියෙනවා... ඒ වැලි වලට අර වැටිච්ච ඩීසල් කලවං වෙලා.. අපි එහෙට මෙහෙට දගලද්දි පිටවල් කැපිලා.. :sorry::sorry: පට්ටම දැවිල්ලයි...
    පුදුම චාටර් එකක් කාලා ඇනේ හොයා ගත්තා සිංහලු. හෙන දෙබලක් මැද තමා මේක තියෙන්නේ. 17 යතුර වට කාලයි එක පාරකට කරකවන්න පුලුවං. :sorry: ඒ මදිවට ආයේ ගලෝලා මං අරං ආයේ දාන්න ඕනේ.
    තාත්තාටයි මටයි මලේ මල. පස්සේ කෝල් කලා වෙන බසයකට එන්න කියලා.
    නැත්තං එළි වෙනකං මෙතන නෙ.. :eek:

    ඔන් නඅපි ආයේ ඇනේ ගලෝනවා... කොහොමෙං කොහොමෙං හරි ඇනේ ගලෝලා බැලින්නං... ඒ ෆිල්ටර් එකේ පට්ට විදිහට රොඩු තිබුනා. අපි ඒක සුද්ද කරලා ආයේ හයි කර කර ඉන්නකොට ඇහෙනවා සද්දයක්.. :eek:
    කව්ද ඔය කට්ටිය. දන්නෙ නැද්ද මෙතන කොහෙද කියලා. මොකද මෙතන නතර වෙලා ඉන්නෙ. :eek:
    ඉබ්බා කටුවෙං එලියට ඔළුව දානවා වගේ මං බස් එක යට ඉදං හෙමීට ඔ්‍ළුව දාලා බැලුවා..
    හුටා !!! ..බැලින්නං හමුදාවෙං :shocked:

    හොද වෙලාවට පෙන්ශන් ගිය හමුදාවෙ එක්කෙනෙක් තමා බෑන්ඩ් එකේ මාස්ටර්. මිනිහා ශේප් කරලා දුන්නා කේස් එක. අපි මේක හදා ගන්න බැරි උනොත් තල්ලු කරං හරි මේ සෝන් එකෙං එළියට ගෙනියනවා කිව්වා.
    ඔන්න සිංහලු පිටවල් කපාගෙන දාඩිය පෙරාගෙන යක්කු දෙන්නෙක් වගේ අපි උඩට ඇවිත් පොම්පේ ගහලා බසය ඉස්ටාට් කලා. දැං ආයේ බබා වගේ දුවනවා :eek:
    දඩ බඩ ගාලා අත් දෙක හෝදගෙන උඩ කොටස ඇදගෙන එන්ජිං පියන යාංතං වහලා ඒක උඩිං ටූල් කිට් එක තියාගෙන (ආයේ කොයි වෙලාවෙ මොන හුයන්නක් වෙයිද දන්නෑ නේ ) ඔන්න එනවා....ටිකක් දුර එද්දි ඈත එනවා අපේ බැකප් ‍බසය. සෙනග සේරම ඒකට පටෝලා අපි දෙන්නා මේකට දෙහි කප කප හෙමින් ආවා. අතර මගදි 3 පොලක විතර නතර කරලා පොම්පේ ගහන් නඋනා. ‍බොහොම අමාරුවෙං ගෙදරට ආවා. එද්දි පාන්දර 3යි :sorry::(:(

    පිට පට්ට දැවිල්ලයි. හැම තැනම කැපිලා. බසයේ කාපට් 2ක් දාලා තමා ඉස්සෙල්ලා රිංගුවේ. ඒත බං එහෙට මෙහෙට දගලද්දි කාපට් කැලේ.. :eek::sorry:
    අමාරුවෙංම නාලා පහුවදා උදේ වෙනකං මුනිං අතට දොයිය ගත්තා. උදේ වෙද්දි පිටේ තුවාල පැසවලා. ඒ මදිවට උන.
    තාත්තා ‍ගෙදරම ඩීසල් ටැංකිය ගලවලා හිස් කරලා කාර් එකේ දාගෙන ටිංකර් වැඩපොලකට ගිහිං ටැංකිය පළු කරලා ඊට පස්සේ සර්විස් එකකට ගිහිං සේරම කාමර සුද්ද කරවලා තිබුනා. උඹලා කිව්වට පිලි ගනියිද දන්නෑ අගල් 2ක් විතර ගනකං රොඩු තට්ටුවක් තිබුනා ලු ඇතුලේ.. :eek:
    මේ ටැංකිය පළු කරලා මයි. මීට කලිං කරලා නෑ... පාස්සපු පාටක් වත් තිබිලා නෑ.. කොහොමද මේ රොඩු මේකට ආවේ කියන එක නං අදටත් අපිට හිතා ගන්න බෑ. කලින් දුවපු උං මොකක් හරි ජිල්මාට් ක්‍රමේකට ඩීසල් දැම්මා ද දන්නෑ :eek::nerd::nerd::nerd:

    සතියක් විතර විදවලා විදවලා යාන්තං තුවාල සනීප කර ගත්තා. මේ වැඩේ උනාට පස්සේ සති 5යි බස් එක අපේ ගෙදර තිබුනේ .
    විකුණුවා..

    නිමි .


     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේකත් පරණ ජර්නි බසයේම කාපු පරිප්පුවක් තමා සිංහලු.
    මට මතක හැටියට මේ ලියන්නේ තුන්වෙනි එපිය..

    මේ 2006 අවුරුද්දෙ...



    මේක කට්ටක් නෙවෙයි කටු ඉඹුලක් නේ බං :shocked:
    අඩෝ තුවාල පැසවලා උනත් ගැනුනා කිව්වම කතාව අහපු මටත් නිකන් අප්සෙට් :(
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේකත් පරණ ජර්නි බසයේම කාපු පරිප්පුවක් තමා සිංහලු.
    මට මතක හැටියට මේ ලියන්නේ තුන්වෙනි එපිය..
    නිමි .


    ඹන්න මම කියෙව්වො
    දැන් ඒහේනම් හෙමිට සිවිලියන් ඒක ගැන ලියමු නේ කාර් ඒකත් ඇතුලුව
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේකත් පරණ ජර්නි බසයේම කාපු පරිප්පුවක් තමා සිංහලු.
    මට මතක හැටියට මේ ලියන්නේ තුන්වෙනි එපිය..

    මේ 2006 අවුරුද්දෙ...

    නිමි.


    ජර්නි එක වික්කට කාපු කටු ඉවර නැහැනේ බන්.. ඒ හින්ද "නිමි." කියන එක අයින් කරමු.. වාහන හින්ද කාපු කටු ඉතින් රොබින්හුඩ් වගේ තමයි.. ඉවරයි වගේ පෙනුනට ඉවර නෑ ..

    මහපාරෙ දිගාවෙලා කට්ට කළුවරේ ෆෝන් එකේ ටෝච් එකෙන් වාහන හදද්දී දැනෙන සනීපෙ කියන්න වචන නැහැ බන්.. මමත් වැනට් එකේ සුපිරි කට්ටක් කෑවා දෙහිවල සත්තු වත්ත ගාවදි මහ රෑක .. ඉදිරියේදී ලියන්නම්..

     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :yes::yes::yes::sorry:
    ඒ එපිය හෙට දාන්නං. දැං අත් රිදෙනවා :sorry:

    හදිසි වෙන්න අවශ්‍ය නෑ මචන්.. එළකිරියේ පිටු තියෙනවනේ ඕන තරම්.. නැවතිල්ලේ ලියමු අපි.. මමත් අද එකක් ලියන්න ඕන.. තාම මේ හිත හිත ඉන්නවා කොයි එක ලියන්නද කියල..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේක කට්ටක් නෙවෙයි කටු ඉඹුලක් නේ බං :shocked:
    අඩෝ තුවාල පැසවලා උනත් ගැනුනා කිව්වම කතාව අහපු මටත් නිකන් අප්සෙට් :(

    කටු ඉඹුල තිබ්බේ මා ගාව බන්. එක වාහනෙකින් කාපු කටු ගණන් හදල බැලුවොත් මගේ 13 වැනට් එක පරද්දන්න කාටවත් බෑ ..:lol::lol::lol::lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කටු ඉඹුල තිබ්බේ මා ගාව බන්. එක වාහනෙකින් කාපු කටු ගණන් හදල බැලුවොත් මගේ 13 වැනට් එක පරද්දන්න කාටවත් බෑ ..:lol::lol::lol::lol:

    කටු ඉඹුල තිබ්බේ මා ගාව බන්. එක වාහනෙකින් කාපු කටු ගණන් හදල බැලුවොත් මගේ 13 වැනට් එක පරද්දන්න කාටවත් බෑ ..:lol::lol::lol::lol:

    අද ලියනවද? එහෙනම් ඇහැරලා ඉඳල කියවලාම නිදියනවා :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේක කට්ටක් නෙවෙයි කටු ඉඹුලක් නේ බං :shocked:
    අඩෝ තුවාල පැසවලා උනත් ගැනුනා කිව්වම කතාව අහපු මටත් නිකන් අප්සෙට් :(
    :sorry: ඩීසලුයි වැලියි නේ බං. මොකක් හරි ජර්ම් එක්ක ගිහිං වෙන් නඇති. O/L කරන්න ඕන්න මේන නවගේ. මොනවා උනත් ඉස්කෝලේ නොයා සතියක් විතර ගෙදර හිටියා.. උඩ කොටස අදින්නෙම නැතුව :D:yes:

    කටු ඉඹුලක් තමා. ඒත් අපෙන් පස්සේ ගත්ත කෙලා අපිට පේන්නම දුවනවා. දැං අවුරුදු 5කටත් වැඩියි. එන්ජින් ගියර් බොක්ස් වලට අත තියලා නෑ තාම :eek:

    ඹන්න මම කියෙව්වො
    දැන් ඒහේනම් හෙමිට සිවිලියන් ඒක ගැන ලියමු නේ කාර් ඒකත් ඇතුලුව
    ජර්නිය එක්ක බලද්දි සිවිලියන් ගැන ලියන්න දෙයක් නෑ බං. ගිය ගමන් ගැන තමා ලියන්න තියෙන්නේ. ජර්නිය තමා වැඩිපුරම වද දුන්න වාහනේ

    ජර්නි එක වික්කට කාපු කටු ඉවර නැහැනේ බන්.. ඒ හින්ද "නිමි." කියන එක අයින් කරමු.. වාහන හින්ද කාපු කටු ඉතින් රොබින්හුඩ් වගේ තමයි.. ඉවරයි වගේ පෙනුනට ඉවර නෑ ..

    මහපාරෙ දිගාවෙලා කට්ට කළුවරේ ෆෝන් එකේ ටෝච් එකෙන් වාහන හදද්දී දැනෙන සනීපෙ කියන්න වචන නැහැ බන්.. මමත් වැනට් එකේ සුපිරි කට්ටක් කෑවා දෙහිවල සත්තු වත්ත ගාවදි මහ රෑක .. ඉදිරියේදී ලියන්නම්..


    ආයේ ලියනවා නං කාර් එක ගැන තමා :lol: හැබැයි මොන හේතුවක් නිසාද මන්දා මං ආසා නෑ මේ කාර් එක නිසා මං කන්නේ කට්ටක් කියලා පිලි ගන්න. මේක පට්ට ආතල් වැඩක් යකෝ.. :lol::lol::cool:
    9.gif
    කාර් එක තමා ජීවිතේ මේ ටිකේ :cool::cool::yes:

    හදිසි වෙන්න අවශ්‍ය නෑ මචන්.. එළකිරියේ පිටු තියෙනවනේ ඕන තරම්.. නැවතිල්ලේ ලියමු අපි.. මමත් අද එකක් ලියන්න ඕන.. තාම මේ හිත හිත ඉන්නවා කොයි එක ලියන්නද කියල..
    :yes: ලියන්නං ආයේ ඉඩ තියෙන වෙලාවක. කොහොමත් මං මොකක් හරි ලියන් නගියොත් ඔය වගේ තමා.. ටිකක් දිගට ඇදෙනවා. ගනං ගන්න එපා
    7.gif
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :sorry: ඩීසලුයි වැලියි නේ බං. මොකක් හරි ජර්ම් එක්ක ගිහිං වෙන් නඇති. O/L කරන්න ඕන්න මේන නවගේ. මොනවා උනත් ඉස්කෝලේ නොයා සතියක් විතර ගෙදර හිටියා.. උඩ කොටස අදින්නෙම නැතුව :D:yes:

    කටු ඉඹුලක් තමා. ඒත් අපෙන් පස්සේ ගත්ත කෙලා අපිට පේන්නම දුවනවා. දැං අවුරුදු 5කටත් වැඩියි. එන්ජින් ගියර් බොක්ස් වලට අත තියලා නෑ තාම :eek:

    ඉතින් හරිනේ බං ඒකෙ අවුරුදු 20ක විතර කටු උඹල ඉස්සරහටත් එක්ක කාලනේ වික්කේ :lol:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේකත් පරණ ජර්නි බසයේම කාපු පරිප්පුවක් තමා සිංහලු.
    මට මතක හැටියට මේ ලියන්නේ තුන්වෙනි එපිය..


    ඒ කාලේ තිබ්බ 1100 පෝං කෑල්ලේ ටෝච් එක ඔන් කරලා කටේ ඔබාගෙන.. 17 යතුරත් අරං..
    දැං හොයනවා කෝ මේ ඇනේ කියලා... ම්හ්.... බඩු පේන්න නෑ.. :sorry:


    වාහනයක් රෑක කැඩුනාම 1100 එකෙන් ලැබෙන උදව්ව ඇපල් I 6 එකකිනුත් ලැබෙන්නේ නැහැ බන්. වට්ටන්නට, පෙරලන්නට , දමල ගහන්නට, ඕනදෙකට ඔට්ටු භාන්ඩෙ තමයි Nokia 1100 එක.. මං ලංකාවේ ඉඳන් මුල්ම වතාවට මෙහෙ එද්දී ගෙනාපු 1100 එක තාම තියෙනවා මා ගාව.. ඒ ෆෝන් එකට කතා කරන්න පුලුවනිනම් කියාවි වාහන හින්ද කාපු කටු මට වඩා හොඳට..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වාහනයක් රෑක කැඩුනාම 1100 එකෙන් ලැබෙන උදව්ව ඇපල් I 6 එකකිනුත් ලැබෙන්නේ නැහැ බන්. වට්ටන්නට, පෙරලන්නට , දමල ගහන්නට, ඕනදෙකට ඔට්ටු භාන්ඩෙ තමයි Nokia 1100 එක.. මං ලංකාවේ ඉඳන් මුල්ම වතාවට මෙහෙ එද්දී ගෙනාපු 1100 එක තාම තියෙනවා මා ගාව.. ඒ ෆෝන් එකට කතා කරන්න පුලුවනිනම් කියාවි වාහන හින්ද කාපු කටු මට වඩා හොඳට..
    :yes::yes: කී පාරක් නං බිම වැටිලා ඇතිද.. හොදම සීන් එක තමා එක පාරක් එන්ජිම උඩට ටෝච් එක අල්ලං ඉන්නකොට වැටුනා කියපංකො බිමට..... :sorry: කෑලි 4කට විතර ගියා... ආයේ එකතු කලාම වැඩ...
    එහෙම කී පාරක් නං වෙලා ඇතිද
    9.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉතින් හරිනේ බං ඒකෙ අවුරුදු 20ක විතර කටු උඹල ඉස්සරහටත් එක්ක කාලනේ වික්කේ :lol:
    :yes: ඔව් ඒකත් ඇත්ත...
    ඒත් මචංතත සමහර වාහන තියෙනවා කොච්චර වියදං කලත් ඒ අයිතිකාරයාට යා දෙන්නෑ..
    හැබැයි වෙන කෙනෙක්ට නිධානයක් හම්බුනා වගේ උදව් දෙනවා :yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :yes: ඔව් ඒකත් ඇත්ත...
    ඒත් මචංතත සමහර වාහන තියෙනවා කොච්චර වියදං කලත් ඒ අයිතිකාරයාට යා දෙන්නෑ..
    හැබැයි වෙන කෙනෙක්ට නිධානයක් හම්බුනා වගේ උදව් දෙනවා :yes:

    ඔව් වාහන විතරක් නෙවෙයි සමහර මිනිස්සු පවා ඉන්නවා ඉන්නකන් හරියන්නේ නැති :yes:
    ඉස්සර අපේ ඉඩමක් තිබ්බ ඒකේ මොනවා කරත් හරියන්නේ නෑ පස්සේ විකුණලා දැම්ම දැන් ගත්ත එකා අහල පහල අනික් ඉඩමුත් ගන්න තරම් පෝසතෙක් වෙලා :lol:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අද ලියනවද? එහෙනම් ඇහැරලා ඉඳල කියවලාම නිදියනවා :D

    දැන් උඹලාට රෑ වෙලා බන්. මම ලියාගෙන යනවා මේ. උදේ නැගිටලා කියවහන්..දාන වෙලාවක් කියන්න බැහැ .. අද මම නිවාඩුවක් දාල මේ ඉන්නේ.. එත් රාජකාරි දුරකථන ඇමතුම් , e mail වලට පිළිතුරු සපයන ගමන් තමයි ලියන්නේ. ඒ හින්ද ටික වෙලාවක් යාවි..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔන්න මේකත් මගේ අතිජාත හිතමිත්‍ර වැනට් රාජයා ගැනමයි....

    වැනට් එක අරගෙන අවුරුද්දක් වගේ ලං වෙද්දී මගේ ආර්ථික තත්වය අන්තෙටම පිරිහීගෙන යන වාතාවරණයක් ඇතුලේ මම උන්නේ හිඟන්නෙක් වෙන්න ඔන්න මෙන්න. අනෙකුත් ආදායම් සහ රැකියාවෙන් ලැබෙන ආදායම ඔක්කොම එකතුකරලා ඉස්කෝලේ ඉගෙනගත්තු ගිණුම්කරණය, වානිජ්‍ය හා මුල්‍ය, ආර්ථික විද්‍යාව ඇතුළු සියලුම තාර්කික න්‍යායාත්මක සූත්‍ර වලින් හදල බැලුවත් මගේ ආදායම සහ වියදම අතර තිබ්බෙ ඍන ශේෂයක්. ඒ කියන්නේ මගේ ආදායම් වියදම් ලෙජර් එක බැලන්ස් වෙන්නේ තියා ඒ අහලකටවත් එන්නේ නැහැ මේ වැනට් මරාලේ නිසා..මාසෙන් දවස් 30ක් කැඩෙන්නේ නැතුව දිව්වත් 31 වෙනි දවසේ කැඩෙනවා අනිවාර්යයි.. ඒ කියන්නේ සමහර මාස වල මගේ ආදායක් වියදම් ශේෂ පත්‍රය මාසේ දවස් 30ක් වෙනකම් ධන ශේෂයක් පෙන්නුවත් 31 වෙනි දවසේ එකතුවෙන වියදම් වලින් නිකම්ම ඍන අගයක් ඉතුරු කරලා ක්ලෝස් වෙන්නේ. මේ තත්වය එන්න එන්නම නරක අතට හැරෙන හින්ද අන්තිමේ මම තීරණය කරා වැනට් රාජයා විකුනන්න.

    ඔන්න ඉතින් හා හා පුරා කියල හික්කඩුව ආසන්නයේ සීනිගම දේවාලේ හරියේ තිබ්බ හිතවතෙකුගේ සෙල් එකකට ඇමතුව වාහනේ විකුණලා දෙනවද කියල අහන්න. මේ කියන හිතවතාත් කිව්වා ඉතින් අරන් එන්න බලන්න ඕන කියල ඉස්සෙල්ල. ඔන්න ඉතින් ඉරිදා දවසක හවස් වරුවෙ පහට විතර මමයි මගේ රියදුරු තැනයි තවත් යාළුවෙකුයි පිටත් උනා සේල් එකට යන්න..:cool::cool::cool:

    වැනට් රාජයා කොයි තරම් අවිස්වාස උනත් මේ වගේ පොඩි දුරක ගමනකට ඉතින් ඒ තරම් ලොකු අවිස්වාසයක් තිබ්බෙත් නැති නිසා ටූල් බොක්ස් මුකුත් නැතුවම අපි ගමන යන්න යනව .. අපේ ගමනාන්තය වෙන සේල් එකට හරවන තැන මෙන්න බොලේ මහා සෙනග ගොඩක් පිරිලා..:shocked::shocked::shocked: අපිත් ඉතින් හෙමි හෙමිහිට වාහනේ ලං කරා.. ලං කරාම තමයි දැක්කේ ගාලු පැත්තේ ඉඳන් කොළඹ පැත්තට යන්න ආපු කාර් එකක් රියදුරාට නින්ද ගිහින් වැටක් කඩාගෙන වත්තකට ගිහින් ගල් ගොඩක හැප්පිලා නැවතිලා..:shocked::shocked::shocked: වැඩේ සිද්ද උන ගමන්ම ඉස්සෙල්ලම ස්ථානයට පැමිණෙන පලවෙනි වාහනය තමයි වැනට් එක.. පාරට පැනපු තරුණ පිරිස වහාම වැනට් රාජයා නවත්වනු ලැබුව .. ඒ පළාතේ හැටියට ඉතින් නවත්වන්නේ නැතුව යන්න විදිහක් නැතිම තරම්.. එත් මොනම තත්වයක් උඩදී උනත් පාරක අනතුරකට පත්වෙලා ඉන්න කෙනෙක් මහමග දමා නොනවත්වා යාම කිසිම රියදුරෙකු නොකළයුතු කටයුත්තක් නිසා මම වාහනේ නැවැත්තුවේ අකමැත්තෙන් නෙවෙයි..

    තරුණ පිරිස කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව ලෙඩ්ඩු සියල්ලම වැනට් එකට පැටෙව්වේ කලයුතු දේ කරන්න අවසර ගැනීමක් අවශ්‍ය නැති නිසා.. එයාල එයාලගේ යුතුකම අකුරට ඉෂ්ට කළා කිව්වොත් තමයි නිවැරදි.. ගාලු පාර දෙපැත්තේ ජීවත්වෙන උදවියට වාහන අනතුරු කියන්නේ අසාමාන්‍ය දෙයක් නෙවෙයි.. සද්දෙන්ම දන්නවා අනතුරේ ස්භාවය එයාල... අනතුරට පත්වෙලා ඉන්න පිරිස වාහනේ දෙපලු කරලා හරි එලියට ගන්න ගාලු පාර අවට ජීවත්වෙන මිනිස්කම හඳුනන මිනිස්සුන්ට ගතවෙන්නේ විනාඩි කිහිපයක් විතරයි... ඉස්සෙල්ලම එන වාහනේට ලෙඩ්ඩු ටික පැටෙව්වයින් පස්සේ ඌ ලෙඩ්ඩු ටික ගෙදර අරන් ගියත් කාටවත් කිසිම ප්‍රශ්නයක් නැහැ..

    ඔන්න දෙයියනේ කියල එක ලෙඩෙකුගේ නළල මැද්දෙන් පොරොවෙන් ගහල වගේ පැලිලා ලේ විදිනවා.. පුංචි ළමයි දෙන්නයි ..එයාලටත් ටිකක් තුවාලයි.. එත් බරපතල නැහැ.. රියදුරා නොහොත් ළමයින්ගේ පියාට තුවාල නැති උනාට ටිකක් කල්පනාව මදියි.. ඔන්න දැන් වැනට් රාජයා හෙඩ් ලයිට් දාගෙන.. hazard දාගෙනhorn ගහගෙන formula 1 එකක් ගානට ඉගිල්ලෙනවා කිව්වොත් තමයි නිවැරදි.. මම තමයි රියදුරා.. මොකද මම තමයි වාහනේ එලවාගෙන ආවෙ ගෙදර ඉඳන්ම .. මගේ නිල රියදුරාත් ජනේලෙන් ඔලුව අත පය එලියට දාගෙන පාරේ වාහන අයින් කරලා ඉඩ ඉල්ලනවා.. ලඟම තියන රෝහල හික්කඩුවේ ආරච්චි කන්ද රෝහල නිසා කෙලින්ම කරාපිටි යනවට වඩා ලෙඩුන්ගේ යහපත වෙනුවෙන් ආරච්චි කන්ද රෝහලට ගෙනියන්න අපි තීරණය කරා ඉතින්. ගාලු පාරෙන් හැරිල ආරච්චි කන්දට යන බද්දේගම පාර ඒ කාලේ ටිකක් ගොඩැලි සහිත තාර පාරක්.. වැනට් රාජයා යන්නේ පැන පැන ඉතින්.. සමහර වෙලාවට උඩින් ගිහින් ඉස්සරහ රෝද බිම වදිද්දී ඉස්සරහ බෆර් එකත් බිම ඉලෙන තරම්.. දන්නා කියන වැඩ කිඩ ඔක්කොම දාගෙන අපි ආරච්චි කන්දට ලෙඩ්ඩු අරගෙන ගියා කියමුකෝ... උන් නෙවෙයි ලෙඩ්ඩු ඉසිපිරිතාලේ අතුලටවත් ගත්තෙ .. දොස්තර තැන වාහනේටම ඇවිත් ලෙඩ්ඩු බලල සේලයින් ගහල මට කියාපි ඉක්මනට කරාපිටි අරන් යන්න කියල... උන්ට බනින්න සාප කරන්න වෙලාවක් නැති නිසා නැවත වැනට් රාජයාව හරවාගෙන නැවතත් අර උඩ විසික් වෙන පාරේම උඩ පැන පන කරාපිටි යන්න පිටත් උනා.. දැන් පිටිපස්සේ හිටපු අපේ යාළුවගේ අතේ සේලයින් බෝතල් .. ඌ ඒවා උඩට කරලා අල්ලාගෙන ඉන්න අතරේ මම රියදුරයි මගේ සහයක රියදුරයි නැවතත් vannette Formula 1 ගේම පටන් ගත්ත.

    ගාලු පාරට දාල හික්කඩුව පහු කරලා වැඩි දුරක් එන්න ලැබුනේ නැහැ මෙන්න බොලේ වැනට් රාජයා ඩෑෂ් එකෙන් charging ලයිට් එක පත්තු කරලා පෙන්නුවා බැටරිය චාර්ජ් වෙන්නේ නැහැ කියල... වෙලාව කළුවරත් වැටීගෙන එන වෙලාව නිසා ලයිට් නැතුව යන්න විදිහකුත් නැහැ.. ඊට අමතරව බ්රේක් පැඩල් එකත් ගල් ගෙඩිය වගේ තදයි ..එත් ලෙඩ්ඩු හින්ද හෙමින් යන්නත් බැහැ ..චර්ජින් නැතුව ටික දුරක් formula 1 ගේමෙන් ආපු වැනට් රාජයා ගින්තොටට ටිකක් මෙහා පිංතාලිය හන්දියේදී ඩීසල් පොම්පේ වහල එන්ජිම නවත්තල දැම්ම තව දුරටත් ඩීසල් පොම්පේ අරගෙන ඉන්න තරම් බලයක් බැටරියේ නැති නිසා.. අපේ හිත්වල මේ අසරණ ලෙඩ්ඩුන්ට අනුකම්පාව දයාව තිබ්බට යකඩ ගොඩට එහෙම හිතක් පපුවක් තියන එකක්යැයි ඉතින්.. එහෙම හිතක් පපුවක් තිබ්බනම් සතියකට දෙතුන් වතාවක් හෝදලා කරලා දවස ගානේ දුම් අල්ලලා සාත්තු කරන මට එහෙම වද 32 දෙන එකක් නැහැනේ ඉතින්..

    වාහනත් කැඩිලා ඇති මගේ ඕන තරම් මහ මග.. එත් එදා තරම් මම අසරණ උනේ නැහැ කවමදාකවත්.. ලේ වැගිරෙන ලෙඩ්ඩු තුන්දෙකෙන් එක්ක වාහනේ මග කැඩුනාම දැනෙන සනීපෙ කොහොමද කියල නිකමට හිතාගන්නකෝ... මම හනික වාහනෙන් පැනල එතන ටවුන් ඒස් එකක් නවත්තල තිබ්බ ගෙදරකට දිව්ව. මම ගේට්ටුව පෙරලගෙන දුවගෙන ගිය දිවිල්ලට ඒ ගෙදර මිනිස්සු භය උනා.. එත් මම බැගෑපත් වෙලා උදව් ඉල්ලුව.. කොහොම හරි මේ ලෙඩ්ඩු හතරදෙනා කරාපිටියට දාන්න කියල.. මුලදී ඒ ගෙදර උදවිය මාව විස්වාස කරේ නැහැ.. පස්සේ පාරට ඇවිත් බැලුවාම වැඩේ ඇත්ත කියල එයාල තේරුම් ගත්ත..ලෙඩ්ඩු දැක්ක ගමන් ගෙදර මහත්තය වාහනේ එලියට අරගෙන ලෙඩ්ඩු ටික පටවාගෙන කරාපිටි යන්න ගියා.. එත් අපේ ලෙඩේට ඉතින් කරාපිටියේ බෙහෙත් තියන එකක්යැ ඉතින්.. ඔන්න දෙයියනේ කියල වාහනේ ගාලු පාරෙන් පිංතාලිය පාරට තල්ලු කරලා දාගෙන එන්ජිම ඇරලා බැලුව ඉතින් ගෙදර යන විදිහක් හොයාගන්න ඕන නිසා..

    ඔල්ටෝනේටරයේ බෙල්ට් එක අවසන් ගමන් ගොස් ඇති බැවින් තව දුරටත් එහි ඔල්ටෝනේටර් බෙල්ට් එකක් ඇත්තේ නැත.. තිබෙන්නේ පුලි පමණය... රාත්‍රී 7.30 පමණ වී ඇති බැවින් ගාල්ලට නුදුරේ ඉන්නා ඥාති වරිගයා අමතා උදාව් උදාව් කී සැනින් ඥාති සහෝදරයින් තිදෙනෙකු ස්ථානයට වාර්තා කරා හැකි විගහින්.. ඊට පස්සේ කරේ එයාල එක්ක ගිහින් බෙල්ට් එකක් ගොයාගන්න කඩයක් තියනවද කියල බලන්න.. පැයක විතර උත්සාහයකින් පස්සේ බෙල්ට් ගෙන්න ගියපු උන් හිස් අතින්ම ආව නිසා වෙනයම් වූ විකල්පයක් ගැන හිතන්න මට සිද්ද උනා ඉතින්.

    අහල පහල ගෙදරකින් හීනි තංගුස් ලනුවක් ඉල්ලගෙන ඒක කොහු ලනුවක් එක්ක අඹරල බෙල්ට් පුලි වලින් දාල පුළුවන් තරම් අතින් තද කරලා දැම්ම ගැටයක් .. වැඩේ ටිකක් සාර්ථකයි.. බටරියත් නිකම් තිබිල Dry charge වෙලා නිසා යතුර on කරාම ඩීසල් පොම්පෙ ඇරෙනවා කනට ඇහෙනවා. ඒ හින්ද තල්ලුවක් දාල 2nd එකේ දාල අතෑරපු ගමන් නැවත වැනට් රාජයාට පන ආව..ලනුව බෙල්ට් එකෙන් කරපු දේ 100% ක් නිවැරදිව කරන්නේ නැති උනත් ගැටේ ගාවින් නැවතී නැවතී අමාරුවෙන් ඔල්ටෝනේටර් එක කරකවන නිසා අපි ඉක්මනින් ගෙදර එන්න පිටත් උනා සහයෝගයට ආපු ඥාතීන්ට ස්තුති කරලා..

    ගමන එන්න පිටත් උනාට ලයිට් දාපු ගමන් ලණුවට අමාරුයි ඔල්ටෝනේටර් එක කරකවන්න..බැටරිය dead නිසා යන්තම් කරකවල චාර්ජ් කරාට ලයිට් දාගෙන යන්න තරම් බලයක් දෙන්න අමාරුයි ලනුවෙන් ලිස්සන ගමන් කරකවල.. බැටරිය නැතුවම ධාවනය කරන්න පුළුවන් ක්‍රමවේදයක් තිබ්බත් ක්‍රියාත්මක කරන්න 17 රින්ච් එකක් අවශ්‍යයි.. ඩීසල් පොම්පෙ සොලොනොයිඩ් එක ගලවල දැම්මාම ලෝකේ වටේ උනත් යන්න පරණ ඩීසල් වාහන වලට බැටරිය අවශ්‍ය නැහැ.. තල්ලුවක් දාල ස්ටාර්ට් කරගත්තාම ගියා.. හැබැයි ඔල්ටෝනේටර් එකෙන් බ්රේක් පද්ධතියේ බුස්ටර් එක වැකුම් කරන මොඩල් එකක්නම් බ්රේක් එක ගල් ගෙඩිය වගේ තදයි .. එහෙම තත්වයක් යටතේ formula 1 ආකාරයෙන් ධාවනය ඉතාම ඉක්මනින් ලඟම තියන ශික්ෂණ රෝහල වෙත යන ගමන සමහර විට one way වෙන්නත් පුළුවනි..

    සොලොනොයිඩ් ගලවන්න 17 රින්ච් හොයන්නත් විදිහක් නැහැ.. තැන තැන නවත්ත නවත්ත යන්න පුළුවන් කමකුත් නැහැ ලනු බෙල්ට් එක නිසා.. ලයිටුත් නැහැ.. එහෙම එද්දී තමයි මතක් උනේ ගාලු පාරේ තියන චෙක් පොයින්ට් එක.. එන හැම වාහනයක්ම නැවැත්තුවේ නැතත් ලයිට් නැතුව එන වාහනේ අනිවාර්යෙන්ම නවත්තන බව දන්නා නිසාත්.. වාහනේ පුරාම ලේ තියන නිසාත් චෙක් පොයින්ට් එක හරහා ගමන බොහෝ දුරට නැති ප්‍රශ්න වලට අත වැනීමක් නිසා අවසානයේ තීරණය කරා මග නවත්තල උදේ උනාම ඩීසල් පොම්පේ සොලොනොයිඩ් එකක් ගලවල යන්න. ඊට පස්සේ ඉතින් සිද්ද වෙච්චි දේ කියන්න ඕන නැහැනේ.. ගෙදරට ඇමතුමක් දීල රියදුරයි මමයි වාහනෙම දොයිය බබා උනා අනෙක් යාළුවා බස් එකේ ගෙදර යවල.. උදේ රියදුරාගේම පියතුමාගේ ට්‍රැක්ටර් එක අරන් ඇවිත් ඇදගෙනම ගිහින් හදන්න දැම්ම.. බැලුවාම ඔල්ටෝනේටර් එකේ රේසර් එකක් ටිකක් හිර වෙලා. ඊට අමතරව ඩයෝඩ් කීපයක් නොඑන ගමන් ගිහින් .... එදත් ඉතින් ඔක්කොම හදල කරලා ඉවර වෙද්දී දෙතුන්දාහක් කුඩු...ගෙදරට හැතැක්ම 5 ක් තියෙද්දී වාහනේ ගෙදර ගෙන්න බැරි උන එකම දවස එදා තමයි... වාහනේ ලේ තිබ්බේ නැත්තම් එදත් කොහොමහරි "වයසට ගියත් හවසට ගෙදර (තල්ලු කරගෙන හරි) :lol::lol:.."

    මේකෙන් මම උඹලාට කියන්නේ මහ පාරේදී කවදත් Always expect unexpected ..... යන්න ගියේ එක අහක.. අන්තිමේ ගෙදර ආවේ වෙනත් විදිහකට...මේ ඔල්ටෝනේටර් එක මට දීපු වද 32 ගැන ලියන්න ගන්න කාලේ අපරාදේ ... ඉස්පිරිතාලේ අරගෙන ගිය කට්ටියගේ ළමයින්ගේ තාත්ත සතියකට පස්සේ මගේ දුරකථන අංකය හොයාගෙන කතා කරලා ස්තුති කරා.. ඒ මනුස්සය මගේ අංක කොහොම හොයාගත්තද කියන එක අදත් ප්‍රශනයක් මට..එත් කාට හරි ස්තුති කරන්න ඕනෙනම් කොහොම හරි ඒක කල යුතුයි කියන දේ ඒ මනුස්සය මට එදා ඔප්පු කරලා පෙන්නුවා.. ඒ මනුස්සය එයාර් ලංකා එකේ වැඩ කරන කෙනෙක් කියල එදා මට කිව්වා. සමහර විට ඒ දරුවෝ අද එළකිරියේ මේ පොස්ට් කියවනවද දන්නෙත් නැහැ..

    තව දෙයක්... කවදාවත් අනතුරකට පත්වෙලා ඉන්න කෙනෙක් මහා මග දාල යන්න එපා.. අපි හැමෝම වාහන වල යන උදවිය විදිහට අපිත් කොයි වෙලේ අනතුරකට පත්වෙනවද කියල අපිට කියන්න බැහැ .. :yes::yes::yes:එහෙම වෙලාවට අපිට පිහිටට එන්නේ තවත් අපි වගේම මහ මග යන එන කෙනෙක් විතරයි.. මම තව වතාවක් එහෙම ලෙඩ්ඩු ඇද්ද.. ඒ කතාවත් පසුවට ලියන්නම්..
     
    • Like
    Reactions: HSW

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :yes: ඔව් ඒකත් ඇත්ත...
    ඒත් මචංතත සමහර වාහන තියෙනවා කොච්චර වියදං කලත් ඒ අයිතිකාරයාට යා දෙන්නෑ..
    හැබැයි වෙන කෙනෙක්ට නිධානයක් හම්බුනා වගේ උදව් දෙනවා :yes:

    මේ හැමදේම වෙන්න පළමු සහ අවසන් හේතුව තමයි මචන් කර්මය.. ඒ ඒ කාලෙට ඒ ඒ දේවල් සිද්දවෙන්නේ ඒ පවු පලදීමක් විදිහට තමයි.. අපි මේ ගෙවමින් ඉන්නේ අපි කරපු පින් සහ පවු..වෙන දෙයක් නැහැ.. ඒකයි එකම වාහනේ මිනිස්සු දෙන්නෙකුට දෙවිදිහකට ප්‍රතිපල ගේන්නෙ ....
     
    • Like
    Reactions: DLM

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    රස කරලා හැඩ කරලා වැඩ දාල ලියපන් පුතේ... උඹල මේ දවස්වල බිසී වගේ නේද සිංහල අවුරුද්ද ළඟ ලඟම එන හින්ද.. තව නොබෝ දිනකින් මමත් ලංකාවට එන්න මේ දවස ගණන් කරමින් ඉන්නේ.. වාහන job 3 ක් දැනටම සෙට් වෙලා ඥාති වරිගයාගේ..:(:(:(:(:(
    අවුරුද්දට ගෙදර ඇවිත් බෙලිහුල්ඔය පැත්තෙ චාරිකා කරනවනං වරෙන් අපේ ගෙදර:yes:
    මේකත් පරණ ජර්නි බසයේම කාපු පරිප්පුවක් තමා සිංහලු.
    මට මතක හැටියට මේ ලියන්නේ තුන්වෙනි එපිය..


    නිමි කියන්න එපා බං
     
    • Like
    Reactions: DLM

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63


    මහපාරෙ දිගාවෙලා කට්ට කළුවරේ ෆෝන් එකේ ටෝච් එකෙන් වාහන හදද්දී දැනෙන සනීපෙ කියන්න වචන නැහැ බන්.. මමත් වැනට් එකේ සුපිරි කට්ටක් කෑවා දෙහිවල සත්තු වත්ත ගාවදි මහ රෑක .. ඉදිරියේදී ලියන්නම්..


    හි හි මහපාරේ දිගා වෙලා. උබලට කියන්න මම අද කොලබ ගිහින් එනකොට පහලකඩුගන්නාවේ තැනක බාසේකද නැතනම් අයිතිකරයද දන්නේ නැ වාහනේ හදනවා මහපාරේ දිගා වෙලා.ටිපර් එකක් මේ යකා සරමක් ඇදලා මහපාරේ යන මිනිස්සුන්ට ඔක්කොම පේනවා. උට ගානකුත් නැ.යටට මොකුත් ඇදලත් නැ ටිපර් එක අස්සට ඔලුව දාගෙන ආතල් එකේ වැඩ :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.