Boot Sindu ahamu

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    9d6Kxjw_700wa_0.gif
     

    timrocker

    Member
    Jan 16, 2014
    454
    8
    0
    Kiribathgoda
    https://youtu.be/HLcchXcO2bk

    කොහේ හෝ නුඹ නතර වි
    කාට හෝ ජීවිතය දී
    තුටින් නම් මට ඒ ඇති
    මගේ නොවුනට කම් නැතී නුඹ
    මගේ නොවුනට කම් නැතී...

    උන්න දා අපි අපේ වී නුඹ
    දුන්නු සෙනෙහස අරුමැති
    ලෝභ නෑ හිත අහිමි දා අද
    මමත් දැන් මට හිමි නැතී...

    නුඹ ළඟත් මතකය ඇතී
    නමුදු අපි වෙන් වී ඇතී
    එපා රිදවුම් ගන්න දිවියට
    අපිට හිමි ජීවිත ඇතී....
     

    timrocker

    Member
    Jan 16, 2014
    454
    8
    0
    Kiribathgoda
    https://youtu.be/ZrgPkNSRX6s

    මගේ හිත මහ මෙරක් නම් තැලෙන තරමට දරා ඉන්නම්
    මගේ හිත මහ ගඟක් නම් දැවෙන තරමට නිවා ගන්නම්
    පුංචි හෝ තව ඉඩක් ඇත්නම් තනිව තරුවක් වගේ ඉන්නම්
    එදා සන්තක හදවතේ මං හදට නොපෙනී වෙන්ව යන්නම්.............

    වැවේ කෙකටිය දරා ගන්නේ දියේ කුස තුළ ආදරෙන්
    අහස කොතරම් හඬා වැටුණත් සයුර නැත දුක් කරදරෙන්
    සසර ගමනෙදි නුඹට දුන් සිත වෙන් කරනු බෑ මේ ලෙසින්
    එවන් පිවිතුරු මගේ හදවත දකිනු බැරි ඇයි සෙනෙහසින්...........

    රැයේ පිපෙනා මලක් වුව නුඹ නොවේ කලුවර පෙම් හිතක්
    සඳේ එළියට කොමළ වන විට බිඟුන් කැඳවන පෙම් ගුලක්
    නුඹව සන්තක බවක් දැනුනේ නුඹට පෙම් බැඳි එක හිතක්
    නුඹේ සුවඳට අලුත් වන හැම තවම නොඉඳුල් පෙම් හිතක්.............
     

    timrocker

    Member
    Jan 16, 2014
    454
    8
    0
    Kiribathgoda
    https://youtu.be/evbJTdMtbaA

    වෑ කන්ද වගේ නුඹ රැකගන්නම්
    රෑ සිසිල දිදී සනසනවානම්
    රෑ හඳපානට යන්න කියන්නම්
    මා ළඟට වෙලා නුඹ ඉන්නවානම්...

    පැලි වලන් පැලුණු ජීවිත පතුලේ
    නිල් දියවර වී පිරුනිද ලදුනේ
    කවි පද ඇවිළෙන හිත ඉස්මත්තේ
    නුබ හිනා වෙයන් මගේ ඕලූ මලේ ...

    පෙණ පාසී ඇවිත් රළ පිට නැගලා
    නුබේ හිත ගන්නට මාන බලන දා
    පිටවාන වගේ නොසැළීහිටපන්
    කැන්දානයන්න දිනයක් එනකන්...
     

    timrocker

    Member
    Jan 16, 2014
    454
    8
    0
    Kiribathgoda
    https://www.youtube.com/watch?v=kWGF3ZAt6RE

    ඉවසන්න බැරි තරම් ....
    කදුළු නෙත හිර කරන් ...
    පෙම් කලේ නෑ ඔයා ...
    සත්තකින් මං තරම් ...
    වැටෙන හුස්මක් ගිහින් ...
    අඩන හිත තනිකරන් ...
    මම නොවෙයි ඔයහිතයි ...
    පළිගන්නේ රත්තරං ...
     

    timrocker

    Member
    Jan 16, 2014
    454
    8
    0
    Kiribathgoda
    https://www.youtube.com/watch?v=MWDYIT2qjNY

    මං නුඹෙම ද අහන හිතින්..
    නුඹ මගෙමද හිතනවානම්..
    මං විතරද අහන මුවින්..
    මගෙ විතරද කියනවා නම්..

    සාගරේ හඬදිගේ..
    මේ ගඟ ගලනවානම්..
    මං නුඹ නුඹ මගේ..
    අපි අපේ විතර නම්..

    සද අහසට රළු පොළව දුරයි කියනවා..
    හිත තිබුනේ දෙතැනක ඇයි අහනවා..
    කිසිවක් නොඅසා ගං දිය පහර ගලා යනවානම්..
    අපි ගැන දන්නා කවුරුත් තව නෑ..
    අපි අපේ විතර නම්...//

    සාගරේ හඬදිගේ..
    මේ ගඟ ගලනවානම්..
    මං නුඹ නුඹ මගේ..
    අපි අපේ විතර නම්..//
     
    Last edited:
    • Like
    Reactions: kellsupun

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    :D ahh.. Mamath boot kanna boot denna reboot wenna bootloader eka unlock karanna boot order eka wenas karanna... Blah blah.. Ee hema detama kalin naturally aasa kale me wage sindu walata thamai. Mata kella kiiwa mokada ane oyaa wiraha sindu walatama kemathi kiyala. :rofl: antimata eekima mage wirahawa una.. :( mata niwan sepa lebewa..

    :rofl:
    Math ehemai, kohomath godak aya asa me wage sindu walata thamai. :yes:
    hmm! :sorry: aththatama wirahawath ekka me sindu ahanawa kiyanne ithin hithaganna puluwan. :(


    sudu nandita kenti gindo :lol::lol:

    nathooo :P
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :rofl:
    Math ehemai, kohomath godak aya asa me wage sindu walata thamai. :yes:
    hmm! :sorry: aththatama wirahawath ekka me sindu ahanawa kiyanne ithin hithaganna puluwan. :(

    :) Hmm.. Thuwala wennama ona wedanawa therenna. Mamath issara oya wage thama hitiye. Me sindu ehuwata aulak na, kalpana wenne na. Ehema ehema.. Kaaleth ekka thamai love seen walata petlila mehema une.. :cool: Eeth den me wage...........


     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    Menna magenuth ekak..:)



    සොදූරිය ....කාලය කොතරම් නපුරුද
    දිවිහිමියෙන් කදුලැලි පුරවාගෙන
    රැකගත් ආලය උදුරා ගෙන ගිය
    කාලය කොතරම් නපුරුද සොදුරිය........

    පෙරුම් පුරා දුක සේ ගලපාගත්
    කවිය ඔබම වී නැලවුනු යුගයක
    හදබැදි ඔබ රුව සිහෙනෙකවත් නැත
    ඒ රුව කොතරම් මිහිරිද සොදුරිය....

    සොදුරිය.....

    ලොවට හොරා වෙලිලා බිහිකරගත්
    වසන්තයෙ සද මියැදුනු දවසක
    බෙදා හදාගත් දුකවත් අද නැත
    ඒ දුක කොතරම්.... මිහිරිද සොදුරිය...

    සොදුරිය....
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
    උඩ ඉගිලෙන විට වැහිලීනී
    එබී බලා රිය කවුළු දොරින්
    යට ගිය දවසේ දෑස පියා ඉගිලී

    අඳුරු ලලා සෙන්කඩගල වැස්සේ
    දිය දහරා පාටයි දේදුන්නේ
    තෙමී තෙමී ආදර මධු වැස්සේ
    ගිය දෙදෙනා අද යනවා දෙමන්සලේ...

    රිය ඇතුලේ උණුසුම ඔබට දිදී
    නහවයි මා රිය සක මඩ වතුරේ
    නෑ හිත රිදුනේ - අදත් එදා සිහිවී
    අපේ සබදකම් නෑ රියසක දන්නේ...

    මුතු කුඩ ඉහලන...//

     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හදේ කොතැනක හෝ හිඳී ඔබ
    නිදා නොනිදා මෙන්
    බලා අවසර සොයා කල් දැන
    වෙළා හස රැහැනින්
    පෙළයි මා මුදා සුව දැහැනින්

    සයුරු ඉම රත් සිතිජ රේඛාවේ
    මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ
    තළා මා සිත පලා ගිය ඔබ
    දවලයි මා - අද
    තනි වෙනා මොහොතින්

    උතුම් පිවිතුරු පේ‍්‍රමයේ නාමෙන්
    සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
    ඉනූ කඳුළ ද සිඳෙන්නට පෙර
    යදින්නම් - ඔබ
    මැකී යනු මතකින්