වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked: කාපිය මාව......... :angry:

    දවස් ගානකට කලින් කපපු ලිඳකට බඩෙක් දැන් වැටිලා :rofl:
    තව ලිං තියනවා ඉස්සරහ :P
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    :angry: මම නැති අතරේ මඩ ගහපු උන් ටික මට අහු උනොත්......... :angry:

    එකනේ මාමේ මේවා මහා කැත වැඩ නේද මාමේ
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :angry: ආ උදළු බළකායේ එකෙක් මේකෙත්........ :angry:

    මේ ලිං කැපිලි පිටිපස්සේ ඉන්නේ කව්රු කියලද හිතුවේ :P
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පේ.. කාලෙකින් ත්‍රෙඩ් එක පැත්තෙ ආවෙ නෑ... විනාඩි දෙක තුනකට මේක ඇතුළට ඇවිත් වැඩක් නැති නිසා දවස් දෙක තුනක් ත්‍රෙඩ් එක දැක්කෙ නෑ වගේ හිටියා..
    කියවන්න බලාගෙන ඇතුළට එනව ඇරෙන්න, උඩින් බලල ගිහින් වැඩක් නෑනේ...


     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේකත් එක්තරා විදිහකට වාහන කට්ටක්ම තමයි.. හැබැයි මම පැත්තකින් සෙට් උන එකක් මිසක්, මටම සෙට් උන මගේම කට්ටක්නං නෙමෙයි...;)

    මට මතක හැටියට මේ සිද්ධිය උනේ, මම ඒ ලෙවල් එහෙම ඉවර කරල හිටපු මුල් සති කිහිපයේදි වගේ.. ඒ කියන්නේ හරිම නිදහසේ ගෙදරට බරක් වෙලා ඉන්න ගන්ධබ්බ සීසන් එකේදී...:P
    ඒ කාලෙ ඉතින් ඕනම මුට්ටියක් දෙපාරක් නොහිතා ඇගේ පෙරල ගන්න කාලෙනේ... :rofl:

    මෙතන ඉන්න අයියල, මාමලත් පොඩ්ඩක් ආයෙත් හැරිල බැලුවොත් මම අර කිව්ව කාලෙ පෙරල ගත්ත හොඳ හොඳ බාල්දි, මුට්ටි ගැන මතක් වෙයි..:cool:

    කොහොම හරි ඉතින්, මමත් ෆ්‍රී එකේ ඉන්නව කියල දන්න නිසා, අපේ හිතවත් අයිය කෙනෙක් මගෙන් ඇහැව්ව, මල්ලි හෙට මොකද කරන්නේ කියලා..
    මමත් ඉතින් කට කොනකින් හිනා වෙලා කිව්ව ඔයාට මොනවහරි උවමනාවක් තියෙනවනං කියන්න මමත් එන්නං කියලා..
    මොකද මූ ඔහොම අහන්නේ මාවත් ඇදගෙන මොකක් හරි ගමනක් යන්න ඕනෙ උනාම කියන එක මට අමුතුවෙන් කියන්න ඕනෙ උනේ නැති නිසා...:rolleyes:

    ඇත්තම කියනවනං ඒ අපේ නැන්දගෙ දුවගෙ මහත්තයා... එයත් අපේ ගෙදර ඉස්සරහම පදිංචි වෙලා හිටිය නිසා, මම ගෙදර ඉන්න දවස් ගැන මිනිහට හොඳ මීටරයක් තිබුණ ඒ දවස්වල...
    මම පොරට අයිය කිව්වට, අයියනං මගෙත් එක්ක මචං ෆිට් එකේ වගේ තමයි ගොඩක් වෙලාවට කතා බහ කලේ...:D

    මේ කියන අයියටත් වාහන පිස්සුව බොහෝම තදේට හැදිලයි තිබුණේ... ඒ වගේම වාහන සම්බන්ධ ගැටළු වලදී, අපේ "පොල්වත්තකොම්" මහත්තයා හා සමාන ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කලේ... ඒ කියන්නේ ටික වෙලාවක් හොඳට හිතල, කොහොමහරි වැඩේ ගොඩ දා ගෙනම පස්ස බලන එක...

    ඒ දවස්වල මේ කියන අයියගේ රැකියාව උනෙත් ඉලෙක්ට්‍රොනික් වැඩ කරන එක. ඉතින්, හිටපු ගමන්, වෑන් එකක හරි ලොරියක හරි සෙට් එකක් හරි, මොකක් හරි වයරින් අව්ලක් රෙපයාර් කරනකොට, මමත් ගෙදර ඉන්න දවසට කාන්දම වගේ ඒ පැත්තට අදෙනවා..

    මොකද ඉතින් වැඩ බැරි උනාට ඇඟේ හොඳටම උණ තියෙනවනේ..
    ඉතින් වයර් කැල්ලක් අමුණන්න, සෙට් එකේ ඇන ටික දානකන් අල්ලන් ඉන්නව වගේ පොඩි පොඩ් වැඩ වලට මමත් ඉතින් පැත්තක් ඉඳල සපෝට් එකක් දුන්නා..:P


    කොහොම කොහොමහරි මේ අයියගෙ ඔලුවටත් ගැහැව්ව පරණ 4DR 5 ජීප් එකක් අරගෙන හොඳට හදල ගන්න ඕනෙ කියන මහා කුජීත පිස්සුවක්...

    CS00003160DLH2EJRKEG.jpg


    මමත් ඉතින් ජීප් එකක් කිව්වොත් දිරපු මරුටි ජිප්සියක් හරි කමක් නෑ කියන ලා බාල මානසිකත්වයෙන් ඉඳගෙන ෂාහ්. මරුනේ කියල කිව්ව...:rolleyes:

    මොකද මටත් හෙන ආසවක් තිබුණා හොඳට දිලිසෙන්න අලුතෙන් කොළපාටින් පේන්ට් කරල, ලා දුඹුරු පාට ටෙන්ට් රෙද්ද ගහල, හොඳ ලොකු ටයර් සෙට් එකක් එහෙම දාපු ජිප් එකකට...:cool:

    මට ඉතින් එහෙම එකකට යන්න චාන්ස් එකක් නැති එකේ, අයියට මම ෆුල් සපෝට් එකක් දුන්න බොක්කෙන්ම... මොකද මට ඕක හදන හැටි මුල ඉඳලම බලාගෙන ඉන්න ලැබෙනව කියල දැනගෙන හිටිය නිසා...

    ඒත් දැන් ප්‍රශ්න දෙක තුනක් තියෙනවා..:dull:

    පළවෙනි එක ජීප් එකක් ගන්න එකේ, සාමාන්‍ය තත්ත්වෙ කාර් එකක් අරගෙන පාවිච්චි කරන එක.. ඒක බොහොම පහසුවෙන් වගේම වැඩි අවධානමක් නැතුව කරන්න පුලුවන් කියන එක අයියගෙ අක්කටත් හොඳටම තෙරුම් ගිහින් තිබුන කාරණයක්...

    ඒ වගේම අක්ක හෙන අකමැත්තෙන් හිටියෙ, කොලපාට පරණ පොලිස් ජීප් එකක නැගල ගමන් බිමන් යන්න... (එක අතකට ඒකත් සාධාරණයි..)

    කොහොමහරි අයියයි මමයි එක පැත්තෙ නිසා අක්ක මටත් බැන බැන හිටිය, මුන් දෙන්නටනම් හොඳටම පිස්සු.. ඔය පරන ඒව උස්සන් ඇවිත් හැමදාම හද හද තමයි ඉන්න වෙන්නේ කියලා....

    hqdefault.jpg


    ඒ වගේම අක්ක පුලුවන් හැම පැත්තෙන්ම අයියට විරුද්ධවමයි කතා කලේ ජීප් එකක් ගේන්න ගහපු ප්ලෑන සම්බන්ධයෙන්...

    ඕක නිකන් හරි ගමනක් යද්දි මග කැඩුනොත් තල්ලුවක්වත් දාන්නේ නෑ හොඳේ... මම බස් එකේ නැගල ආපහු එනව.. මටනං බෑ ඔයවගේ පරන යකඩ ගොඩවල් තල්ලු කරන්න....
    ඔන්න ඔය වගේ දරුණු ගනයේ, වචන ද දා වැඩේ හුටස් කරන්නමයි ට්‍රයි කලේ...:oo:

    හැබැයි අයියගේ නොසැලෙන අදිෂ්ඨානෙ හමුවේ, ලංකාදීපෙටත් පින් සිද්ද වෙන්න ජීප් එකක්නං හොයා ගත්ත...
    පොර දැන් ඕක බලන්න යන්න තමයි මට අඬ ගැහැව්වේ...

    මමත් ඉතින් පහු වෙනිදා උදෙන්ම ගෙදරටත් හෙන ලොකුවට අයියත් එක්ක ජීප් එකක් බලන්න යනව කියල, ගමනට අවසර එහෙම අරගෙන ඒ කාලෙ හැටියට ජාතික ඇඳුම වෙච්ච, ඩෙනිමයි ටී ෂර්ට් එකයි ඩොට් ඩොට් බාටා දෙකයි දාගෙන අයියලාගෙ ගෙදරට වාර්තා කලා...:lol:

    ඒ යද්දිත් අක්කගෙ අති සුමිහිරි සෙත් පිරිත් සජ්ජායනා මැද අයියත් ගමනට සූදානම් වෙනවා...
    මම ගිය ගමන් අක්ක කියපි, දෙන්නත් එක්ක පෙට්‍රොල් ගහන් ඔච්චර දුර ගිහින්
    "වැඩක් නෑ අනේ... ඒක හරි නෑ... පරණ ලඩියක් කියාගෙන හිස් අතින් එන්න තමයි ඔය දඟලන්නේ" කියලා..:baffled:
    ඒ කියන්නේ වාහනේ හරි නැත්තං අපිට වැරදිලාවත් ගෙදර ඇවිත් ඒ හේතුව ඉදිරිපත් කරන්න බෑ කියන එක...:dull:

    පත්තරේ ඇඩ් එකේ හැටියට වන්ඩිය තිබුණේ හොරණ පැත්තේ.. අපි බයික් එකේ තමයි වාහනේ බලන්න යන්න ලෑස්ති උනේ...

    අයියත් සෙකන්ඩ් වෙන්න කැමති නැති නිසා කියපි, ඔයා දන්නෙ නෑනේ වාහන ගැන.. ඒක ඔය ගානට දෙන්නෙත් හදිස්සි නිසා කියලයි කිව්වේ.. අපි යද්දිත් ඇඩ්වාන්ස් කරල තියෙයිද දන්නෙත් නෑ..
    මෙතන ඉඳල පේන කියන්නේ නැතුව ගිහිල්ලම බලන එක හොඳයි... කියල..
    පොර ඒ ටික කිව්වේ හෙන ගැම්මේන්... ඔයා කොහොම කිව්වත් මේක බලන්න යනවමයි කියන්න වගේ...:cool:

    මමත් ඉතින් බිම හාර හාර බලන් හිටිය, දෙන්න දෙමහල්ලෝ එකඟතාවයකට ඇවිත් ගමන පටන් ගන්නකං...:angry:

    අන්තිමට ඉතින් අක්කගේ සෝ සුසුම් සහ දහසකුත් එකක්, නෙගටිව් ටෝක්ස් මධ්‍යයේම අපි දෙන්න ජීප්පුව බලන්න යන්න ගමන පිටත් උනා...:baffled:

    ගමන සගයා උනේ මෙන්න මේ ජාතියෙ බයික් එකක්....

    CG125_1.jpg


    අනේ අම්ම්බෝ.. ඕකෙ පිටිපස්සෙ සීට් එකෙ දුර යද්දි පස්ස පැත්තට හම්බ වෙන සැප ගැන කියන්න මට වෙනම ත්‍රෙඩ් එකක් දාන්න වෙයි...:baffled:

    දෙන්නත් එක්ක උදේ 8 වෙද්දි ගෙදරින් හොරණ බලා පිටත් උනා....
    ඇත්තම කියනවනං පටන් ගත්ත තැන ඉඳලම කටුම තමයි..
    මොකද අපි හොරණට යන පාර දැනගෙන නෙමෙයි ආවේ.. ඒවගේම ජීප් එක තිබුණ තැන එකාටත් හරියට පාර කියන්න තේරෙන්නෙ නෑ.. උගෙන් පාරවල් අහනවට වැඩිය ලේසියි, ඌ කියන මග සලකුණු වෙන එකෙක්ගෙන් අහගෙන ඌ ඉන්න තැන හොයා ගන්න එක..:angry:

    ඔන්න අපි කොට්ටාව හන්දියට ඇවිත් ත්‍රී වීල් අන්කල් කෙනෙක්ගෙන් හොරණට යන්නේ කොහොමද කියල ඇහැව්වාම,

    පොර දාගෙන හිටිය කණ්නාඩි කුට්ටම ලස්සනට ගලවල පෙට්ටියට දාල, පෙට්ටිය හිමීට උඩ සාක්කුවේ දාගෙන, බල බල හිටපු පත්තරෙත් නවල කැබි එකට දාලා, අපි ආවෙ කොහෙන්ද කියලත් අහල, විනාඩි 5ක් විතර කල්පනා කරල කරල කිවව,
    පුතා මමත් මේ හයර් එකක් ආව ගමන්, පොඩ්ඩක් වෙන කාගෙන් හරි අහල බලනවද කියලා...:frown:

    මට අඩුම ගානෙ, හරි අන්කල් බොහොම ස්තූතියි කියල කියන්නවත් වෙලාවක් නැතුව ගියා අයිය බයික් එක ස්ටාර්ට් කරගෙන රටේ නැති අලුත් ජාතියෙ කුණුහරුප වගයක් එහෙම කිය කිය ඉගිල්ලුන විදිහට...:oo:

    කොහොම හරි පාරවල් හොයාගෙන, පැය 2ක විතර ගමනකින් පස්සෙ අපි හොරණට කිට්ටු කලා...
    ඊට පස්සෙ ආයෙත් අදාල වාහනෙ හිමිකරුට කෝල් එකක් දුන්නාම හොරණ ඉඳලත් තව කිලෝ මීටර් 2ක් ඇතුළට එන්න පාරක් කිව්ව...
    කෝල් කරාම කියල තිබුනේ හොරණ හන්දියෙ ඉඳල විනාඩි 5යි කියල..

    අපිත් ඉතින් මුලින් අර කිව්ව පාර පහු කර ගෙන ගිහින්, ආයෙත් හරවන් ඇවිත් අර කිව්ව පාරට බයික් එක දා ගත්තා...
    හප්පේ යනව යනව යනව යනවා.. එහෙමත් යෑමක්...
    කුඹුරු මැද්දෙන්, බඩවැටි අයිනෙන්, පාලම් උඩින්, ලොවෙත් නැති යෑමක් ගියා....
    අන්තිමට ජීප් එකේ පොර අපිට කිව්ව පොදු නාන ලිඳක් හම්බ වෙනකන් දිගටම එන්න එයා අපිව එතනට ඇවිත් එක්කන් යන්නං කියලා...

    SAM_1806.jpg


    ඇත්තම් කියනවනං හොරණ ඉඳල කිලෝ මීටර් 2ක් විතර ආවට පස්සෙ තමයි අර ලිඳ ලඟට ආවේ.. අරූ කිව්ව විදිහට ඒ ලිඳ ලඟ නවත්තන් හිටියනං එහෙම අපි දෙන්න තාම ගුටි කනවා....:baffled:
    ඒකෙ එදා නනා හිටියෙ ගෑනු ටිකක් විතරයි.. අපි දෙන්න එතනින් බයික් එකේ යද්දි තමයි සමහරු රෙදි අඳින්න ගත්තේ...
    අයිය මගෙන් ඇහැවව මල්ලි උඹ මුකුත් දැක්කද කියලා..
    මම කිව්ව නෑ නෑ.. දැක්කෙ නෑ වගේ යමු කියල....:rofl:

    අපි ඒ අය දිහා නොබැලුවට ඒ අය අපි දිහා බලාගෙන ඔරවන්න පටන් ගත්ත zoo එකට ගෙනත් දාපු අමුතු සත්තු දෙන්නෙක් දිහා බලනව වගේ...:confused:
    අපි ඉතින් ලිඳ පහු කරන් ගිහින් බයික් එක නවත්තල ආපහු අර ජීප් බුවාට කෝල් එකක් දුන්න...

    තවත් විනාඩි 10කට විතර පස්සෙ තව බයික් එකක එකෙක් ලිඳ ගාවට ඇවිත් කැරකි කැරකි ඉන්නව දැක්ක නිසා අපි ගිහින් ඇහැව්වාම තමයි දැන ගත්තෙ පොර අර ජීප් එකේ හිමි කරු කියල...
    මිනිහ ගමේ එකෙක් නිසාද මන්ද අර ගෑනු ටික ඊට පස්සෙ පස්සෙනං අපි දිහා බැලුවේ නෑ...:cool:

    ඔන්න ආයෙත් ගමන පටන් ගත්ත..
    පුරුදු විදිහටම රබර් වතු මැදින්, කුඹුරු පහු කරන්, ගුරු පාරවල් දිගේ තවත් විනාඩි 10ක ගමනක්...
    අයිය මට මග දිගටම කිව්වේ, මල්ලී, පාර මතක තියා ගනින් කියල විතරයි....:eek:

    යාන්තං පරණ වාහන දෙක තුනක් නවත්තල තිබ්බ අමුතුම විදිහෙ ප්ලේස් එකකට අපි ඇතුළු උනා...
    මම ඉතින් හතර අතේ ජීප් එක හොයනවා..:rolleyes:
    එතන ලඟ පාතම එකක් නවත්තල තිබ්බ...
    ඒක හොඳටම දිරපු ලොවෙත් නැති හුචක්කුවක්...

    blogger-image--1522092787.jpg


    අයියත් බයෙන් බයෙන් වගේ ඇහැව්වා, මේකද වාහනේ කියල...
    මම වගේම අයියත් හිතුවේ අපි බලන්න ආව එක ඇතුළෙ කොහෙ හරි නවත්තල ඇති කියලා.... එලියෙ දිරල යන්න තිබුණ ජීප් එක අපි බලන්න ආව වාහනේ කියල අපි හිතන්නවත් කැමති උනේ නෑ...:dull:

    ඒත් දෙයියනේ දුර කතර ගෙවාගෙන, පාරවල් හොයාගෙන අපි බලන්න ඇවිත් තිබුනෙ අර දිරපු හුචක්කුවම තමයි...

    දැන් ඉතින් මොන දෙයියන්ට කියන්නද..? අයියත් ඉතින් බොරුවට වටේ ඇවිදිනව.. මමත් ඉතින් කරන්න දෙයක් නැති කමට ජීප් එකට කිට්ටු කලා...
    ඒක ඇතුලේ පරන පෝසිලෙන් කෝප්ප සෙට් ඒකකුත් තිබ්බ... ඒ කෝප්ප ටික විතරයි කැඩිල තිබ්බෙ නැත්තේ..:P

    ඩ්‍රයිවගේ පැත්තෙ ෆ්ලෝ බොර්ඩ් එකක් නෑ.... ටෙන්ට් එක ඉරිල ගන්න දෙයක් නෑ.... ස්ටියරින් වීල් එකට අලුත්ම කවරයක් දාල තිබ්බ, ඒක මොකට දැම්මද මන්ද..?:rofl: ස්ව්ච් මුකුත්ම නෑ.. ස්පිඩෝ මීටර් එක කැඩිලා.. ඒකෙ වීදුරුව නෑ....

    අක්ස්ලේටර් පැඩල් එක නෑ.. පොඩි කූරු කෑල්ලක් විතරයි.... අලුත් හෙඩ් ලයිට් දෙකයි.. ඒත් පත්තු වෙන්නෙ නෑ... කන්නාඩි නෑ.. දොරවල් දිරල.. වීදුරු නෑ.. සීට් ඉරිල.. ඉඳ ගන්නවනං ඉටි රෙද්දක් දා ගන්න වෙන තරමට සවුත්තු වෙලා... රිම් හතරම දිරල... හැබැයි රෝද ටික අලුත්...:P

    ගාන ඇහැව්වාම ලක්ශ 4 මාරක්ලු...:baffled:

    අඩු කරන්න හැදුවාම 4 තමයිලු අන්තිම.. මේ හුචක්කුව පාරෙ ගෙනියනව කියන එකත් හීනයක් වගේ.. බලද්දි රජයේ ඔක්ශන් එකකින් ඇදගෙන ආව සීන් එකක් තිබිල තියෙන්නේ...
    ඒත් බැට්‍රිය දැම්මොත් දැන් උනත් ස්ටාර්ට් වෙනව කියල අයිති කාරයා එන්ජිම ගැනනම් හොඳ කතන්දර ගොඩක් කිව්ව අපි එක්ක...:oo:

    පැය තුනක් විතර කට්ට කාගෙන ඇවිත් විනාඩි 10කින් විතර වාහනේ බලල හිස් අතින්ම එන්න හැරුනා...
    මොකද හදාගෙන දුවනව කියල ඔහොම එකක් හදන්නනම් සල්ලියි ,කාලෙයි, හොඳ වැඩ දන්න ගරාජ් එකකුයි හැම දේම තියෙන්න ඕනේ.. ඒත් අයියට ඕය වගේ එකකට සල්ලි යට කරන ඒක බොරු වැඩක්..

    අපිට අර කෑලේ ඉඳල හොරණ ටවුන් එකට එන්න පැය බාගයක් විතර ගියා.. පාර හොයා ගන්න බැරුව එහාටයි මෙහාටයි කැරකිල කැරකිල., ගිනි අව්වේ පුදුම දුකක් වින්ඳේ....

    එන ගමන් අයියගෙන් කිසිම කතාවක් නෑ...
    මට තිබ්බ එකම ප්‍රශ්නෙ අක්කට කියන්නෙ මොකද්ද කියන එක...

    අයියත් දහ අතේ කල්පනා කරන්නේ ඕක ගැනම තමයි.. මට ඒක හොඳටම තේරිලයි තිබුනේ..:rofl:
    බැරිම තැන මමම ඇහැව්ව..
    ඒ අයියේ, දැන් ගෙදර ගිහින් අපි මොකද කියන්නේ කියලා...

    පොර හොඳට හුස්මක් එහෙම අරගෙන මට කියනව, මල්ලී ඇත්ත කියන්න ගියොත් මට ගෙදර ඉන්නනං වෙන්නේ නෑ.. උඹට ඇහුනේ උදේ වරුවෙ ටික විතරයි, ඊයෙ රෑ ඉඳලම අක්ක මේකට උදැල්ල දදාමයි හිටියේ ඕයි කියල...

    පස්සෙ ඉතින් අයියව බේරා ගැනීමේ පරම පිවිතුරු උතුම් ඡේතනාවෙන් අපි අක්කට බොහොම සාර්ථක බොරුවක් හදා ගත්ත හොරණ ටවුන් එකට එන්න කලින්ම...

    බොරුව තමයි,
    අක්ක උදේ වරුවෙ කෙඳිරි ගගා හිටිය නිසා අපි යනකොටත් එකෙක් ඇවිත් ඒ සුපිරි ජිප් එකට ඇඩ්වාන්ස් කරල කියන එක....
    උදේම කියව කියව ඉන්නෙ නැතුව වේලාසනින් අපිව පිටත් කළානම් හවසට නියම ජීප් එකක ගෙදර එන්න තිබුණා. ඒත් ඔයා මුල ඉඳලම අදි මදි කරපු නිසාම ඔන්න ජීප් එක නැති උනා කියලා...:rofl:

    දෙන්නත් එක්ක එක දිගටම ඔය බොරුව එකම විදිහට කියන හැටි පාඩම් කර කර ඇවිත් ලස්සනට තාලෙට දිග ඇරියට අක්කට පුංචි සැකයක් ඉතුරු වෙලා තිබුණා හොඳටම අපි දෙන්න ගැන...
    මොකද අපි ඒ ගැන වැඩිය කතා කළේ නෑ වගේම අක්කට උනත් වැඩිය අනං මනං කියන්න ගියෙ නෑනේ...

    අපේ අයියන්ඩිගෙ ජීප් සිහිනය එතනින්ම බොඳ උනා ආයෙ ඒ හීනෙ පෙන්නෙම නැති වෙන්න....

    ඔන්න ඔහොමයි කිසිම තේරුමක් නැතුව තවත් කට්ටක් නිමා උනේ....

    ටිකක් දුර වාහනයක් බලන්න යනවනං අයිති කාරය තරහ උනත් කමක් නෑ.. වාහෙනේ ගැන සම්පූර්ණ විස්තරේම අහල දැන ගෙන යන්න...
    විශේෂයෙන්, එන්ජින් එක ස්ටාර්ට් වෙනවනම් සමහරු කියන්නෙ ගුඩ් රනින් කන්ඩිෂන් කියලා..

    ඒ වගේම ඇවිල්ලම බලන්නකො කියල මග අරින්න හදනවනං කොහොමහරි විස්තර දැනගෙනම යන්න බලන්න....

    තියෙන තැනත් හරියටම අහ ගන්න... සමහරු වාහනේ බලන්න එන එකක් නැති වෙයි කියන බයට හරියට තැන නොකියා ලඟම ටවුන් එකේ නම විතරයි කියන්නේ.. ඒත් එතන ඉඳල එන්න ඕන තැනයි, ගතවෙන වෙලාවත් එක්කම අහ ගන්න බලන්න....

     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    මේකත් එක්තරා විදිහකට වාහන කට්ටක්ම තමයි.. හැබැයි මම පැත්තකින් සෙට් උන එකක් මිසක්, මටම සෙට් උන මගේම කට්ටක්නං නෙමෙයි...;)
    හප්පේ කුජීතයි නේ
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ලෝකයෙ ජීවත් වන්නට
    සනියක් ඕනෑ වේ
    ටෙක් ස්මාට් එකෙහි කාලය ගෙවන බඩා
    ටොෂීබා ලැපටම ඉඹ ඉඹ ඉන්න බඩා.
    ඩෙල් එක හොද යැයි කියලා කිව්ව යුරා
    හොරෙන්ම හොරන්ම ඒසර් වික්ක යුරා..


    ඈහ්...:oo:
    කටේ කෙළත් හිඳුනද මන්ද...?:confused:
    මගේ එක තාම තියෙනව නේද...?
    :eek:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේකත් එක්තරා විදිහකට වාහන කට්ටක්ම තමයි.. හැබැයි මම පැත්තකින් සෙට් උන එකක් මිසක්, මටම සෙට් උන මගේම කට්ටක්නං නෙමෙයි...;)

    මට මතක හැටියට මේ සිද්ධිය උනේ, මම ඒ ලෙවල් එහෙම ඉවර කරල හිටපු මුල් සති කිහිපයේදි වගේ.. ඒ කියන්නේ හරිම නිදහසේ ගෙදරට බරක් වෙලා ඉන්න ගන්ධබ්බ සීසන් එකේදී...:P
    ඒ කාලෙ ඉතින් ඕනම මුට්ටියක් දෙපාරක් නොහිතා ඇගේ පෙරල ගන්න කාලෙනේ... :rofl:





    එළ මචෝ.. වාහනයක් බලන්න යනව නම් හොඳ උපදෙස් ටිකක්
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මේකත් එක්තරා විදිහකට වාහන කට්ටක්ම තමයි.. හැබැයි මම පැත්තකින් සෙට් උන එකක් මිසක්, මටම සෙට් උන මගේම කට්ටක්නං නෙමෙයි...;)



    අපේ ඔෆිස් එකෙත් දිරනවා පැජරෝ 32 කොට මොඩල් එකක්. දැක්කම දුකේ බෑ. අළුත් එන්ජින් එකක් තියල මාස තුනක් නෑ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේකත් එක්තරා විදිහකට වාහන කට්ටක්ම තමයි.. හැබැයි මම පැත්තකින් සෙට් උන එකක් මිසක්, මටම සෙට් උන මගේම කට්ටක්නං නෙමෙයි...;)

    11.gif
    11.gif
    11.gif
    11.gif
    :cool:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    සිංහලු මගේ අළුත් සින්දුවක් රිලීස් කලා ...
    අහලා බලපල්ලා... මගේ කිව්වේ මං ලියපු එකක් හොදේ :D
    ****http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/download-adare-dun-oya-eranda-colombage-sinhala-mp3
    Spam ලින්කුවක් වැටිලා තියෙන්‍ේන
    මම අර duate ඒකක් දාන්නද කට්ටියටම බලන්න :rolleyes:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අපේ ඔෆිස් එකෙත් දිරනවා පැජරෝ 32 කොට මොඩල් එකක්. දැක්කම දුකේ බෑ. අළුත් එන්ජින් එකක් තියල මාස තුනක් නෑ
    බැරිද මුකුත් කරලා වාහනේ අරගන්න
    කාලකන්නි ලොක්කො ඉන්නවා බන් උන්ට ඹව්වා ගානක් වත් නැ :angry::angry:
     
    Status
    Not open for further replies.