ඔන්න ඉතින් මමත් හා හා පුරා කියලා වාහන නිසා කපු කටු කියන්න හදන්නේ . මුලින්ම කියන්න ඕන මගේ රචනා හැකියාව 0යි .
ඔන්න ඉතින් කොල්ලට නව රැකියා ස්ථානයකට යන්න වෙනවා . කොල්ලත් ගෙදර ඉදන් යන්න පුළුවන් නිසා full happy 1 job 1ට සෙට් වෙනවා . ගෙදර ඉදන් යන්න කිව්වාට උදේ හවස 120km දුරක් ගෙවන්න තිබුණා . ඉතින් මොකෝ කොල්ලාට office 1n transport දෙන පොරොන්දුව මත තමා ජොබ් 1ට එන්ටර් උනේ
ඉතින් ඔන්න උබලා හිතේ මවගන්නවා ඇති කොල්ලා KDH 1 හරි Corolla 1 ක හරි සැපට උදේ හවා යනවා ඇති කියලා . උබලා නෙමෙයි මමත් මුල්ම දවසේ හිතුවෙත් ඔහොම .
ඊට කලින් කියන්න එපයි ඔය transport 1කේ සමාජිකයන් ගැන . ඔය use කරන්න දුන්නේ management level අයට විතරයි 600 විතර staff 1 හිටපු අපේ කොම්පෙනියේ මගේ වාසනාවට ඕකට සෙට් උනේ 4දෙනයි .අනිත් ඔක්කොම කාන්තා පාර්ශවේ , ඔය කියන කාන්තා පාර්ශවේ මමත් බැස්සට පස්සේ තව 60km විතර යන්න ඕන .
ඔන්න ඉතින් නිතරගෙයෙන්ම මට ඉස්සරහ අසුන හිමි වෙනවා . ඔහොම කාලයක් යනවා .කිසි ප්රශ්නයක් නෑ .කොල්ලත් අලුත් නිසා කිසි දෙයක් හොයන්නේ නැ .
කොල්ල ඉතින් අවුරුදු 2ක් විතර යනකොට office 1 යමක් කමක් කරන්න පුළුවන් බුවෙක් වෙනවා . ඒ අවසරයෙන් කොල්ලා තමන්ගේ යාලුවෙකුත් ඔය transport 1ට සෙට් කරගන්නවා . ඔන්න දැන් පට්ට case දන්නවනේ බන් ගැණු පුහු මානේ .මුන් HRM ට කියලා අරුව අයින් කරන්න full 1 ක . but කොල්ලා කොහොම හරි තමන්ගේ යාළුවාව තියා ගත්තා .ඔන්න දැන් තමා case 1 පටන් ගන්නේ .
ආ කියන්න බැරි උනානේ අපේ වාහන රාජය ගැන ඒක 58 -**** caravan 1 ක් වාහනයක් කිවුවට මචන් වාහනයක් නෙමෙයි බර බාගයක් . මම පස්සේ තමා දැන ගත්තේ මේක කොම්පෙනියට දාල තියෙන්නේ මේ වාහනේ යන කාන්තා පාර්ශවේ 1ක් කියලා .
ඔන්න ඉතිං ටික කාලයක් යනකොට මේ වාහනේ එන හැම රියදුරෙක්ටම ලෙඩක් හැදෙනවා උන් 50 න් උඩ පාගන්නේවත් නැ , අර උදේට බයිසිකල් රේස් පදින උන් අපිට කින්ඩියක් එහෙම දාගෙන පහුකරලා යනවා , ඔන්න ඉතින් ඔහොම යනකොට කොල්ලට 1ක දවසක් මළ පනිනවා. කොල්ලගේ හිතෙත් අර තරහා තියනවනේ කොල්ලා රියදුරාට දෙහි කපනවා . ඕන්න ඉතින් අරුට දැන් යකා වැහිලා වගේ පාගනවා
අර ගැනී අරුට බනිනවා හිමින් යන් අපි හැපුනොත් ඔය කව්රුත් නැ කියලා . මම කිවුවා උබ පලයන් හැපුනොත් මුලින් මැරෙන්නේ මමනේ කියලා . ඔන්න අරූ දෙවනි දවසේත් උදේ යකා වාගේ ගිහීන් අපිව බැස්සුවා අරූ දැන් හවසත් යකා වාගේ පාගනව ඕනෑ හු @@ ක් කර ගනින් කියලා මම නින්දකට සෙට් උනා .
ඔන්න ඉතින් කොල්ල හීනෙන් office 1කේ ලස්සනම කෙල්ලත් 1ක සෙට් වෙනකොටම Gm ඇවිත් කනට ගහනවා වගේ දැනුනා ,
අර මල යකා බෙරිහන් දෙනවා ,
මහත්තයෝ ! මහත්තයෝ
මොකද හලෝ ? මම බය උන තරම් ,
නැ වාහනේ පොඩ්ඩක් නැවතුනා හීට් 1 නැගලද දන්නේ නැ කියලා ?
ඉතින් හීට් 1 නැගලනම් ඔය මීටර් 1කේ පෙන්නනවනේ ?අරු කින්ඩියට මට හිනා වෙනවා ( 1ත් සාදාරනයි ඔය වාහනේ hone 1න් විතරයි සද්දෙයක් අවේ නැත්තේ . මෙච්චර කලක් ගියපු මට ඕක තේරුනේ නැ )
මොකද තමුසේ හිනා වෙන්නේ ?
නැ මහත්තයෝ මේකේ ඔය කියන මීටරේ වැඩ නැ
ඉතින් මට මොකද්ද කීයන්නේ ?
නැ පොඩ්ඩක් බහින්න මට ෂීට් 1ක උස්සන්න .
ඕන්න අර ගැනි දුම්මල වරම අරන් දෙහි කපනවා . මම කිව්වා හයියෙන් යන්න එපා කියලා .
ඔන්න කොල්ලා හිමින් 4n 1 ත් කනේ ගහගෙන බැහැලා වට පිට බලන කොට , ගෙදරට තව 6 km යි ටවුන් 1ට 4km
ඉතින් කොල්ලට ඇරුන්ට ඕන හු @@ ක් කරගනින් කියලා bus 1 එල්ලෙන්න තිබුනා ,but එහෙම කරන 1ක මගේ ප්රතිපත්ති වල නැ .
දැන් අරු වතුර පුරවනවා .ස්ටාර්ට් කරන්න try කරනවා , අර වාහනේට ගානක්වත් නැ .අරැ බොරුවට දගලනවා විතරයි
දැන් 8.00 පහු කොල්ල ටිකක් ලන් කරලා බැලුවා ,
බැලුවට මූකුත් කරන්නද ? මම දන්න දෙයක් නැ .දැන් අරූ පිස්සා වගේ වාහනේ යට රිංගලා දගලනවා යකා වගේ .
දැන්නම් කරන්න දෙයක් නැ ?තල්ලුවක් හරි දාල බලමු අරු කියපිය
කරන්න දෙයක් නැ ගැනු පාර්ශවේ සමග කොල්ලත් සෙට් උනා තල්ලුවක් දාන්න ,
දැන් අහල පහල උනුත් සෙට් උනා වැඩේට ,
එත් හරියන්නේ නැ ,
දැන් බලන් ඉන්නත් බැ ,එපා වෙලා
- ඉතුරු ටික රැට දාන්නම් -