වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

asanka04024

Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    images.jpg

    images2.jpg
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අද කතාව ඉවරයක් කරලා දාන්න ටයිම් එකක් ලැබෙයි වගේ........ :P ආ කියපල්ලා බලන්න...... වමට ස්ටියරින් වීල් එක කැපුවහම...... රෝද දකුණට කැපෙන්න ඉඩ තියෙන්නේ මොන වගේ දෙයක් උනොත්ද කියලා......?? :rofl:

    බස් එක ලේලන්ඩ් කටුවක් වීම නිසා?:confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කෝ මේකේ ඉන්න උන්.... ඔන්න ජාතක කතාවේ සෝදුපත් (හරි වැරදි) බලන ගමන් ඉන්නේ මම..... :D :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔන්න කුකුළනි..... තොපි පුල පුලා බලාගෙන හිටපු...... ස්ටියරින් වීල් එක වමට කැපුවහම..... රෝද දකුණට හැරෙන ජාතක කතා වස්තුව....... :D :P

    ඉතින් මේකේ රස ගුණ අපේ පොල් මාමා ඈතුලු අනෙක් කතෘ මණ්ඩලය ලියන කතා වගේ ලස්සන රසවත් නම් වෙන එකක් නෑ...... :no: :sorry: ඒ නිසා වැරදි ඈතොත් සමාවෙන්න. :D

    ඕන් කුකුළණි..... දැනට මේ කට්ට සෙට් වෙලා..... අවුරුදු 6ක් 5ක් විතර වෙනවා ඉතින්....... :yes: මතකත් නෑ ඉතින්....... :P

    ඔන්න එහෙනම් ජාතක කතාව....... මේක රස කරලා ලියන එක තමා අමාරුම..... :dull:

    ඔන්න ඉතින් ඒ කාලේ..... 1992 - 2001 තිබ්බේ මෙන්න මේවා තමා අපි ලග...... ඔය තියෙන්නෙ අපි දීපු අයත් තාම අපේ තීම් එකෙන්ම දුවනවා..... :love:

    547635_440628622669950_1785593156_n.jpg


    ඕන්න ඉතින් කුකුළණි..... අපි තමා හා හා පුරා කියලා 2001 අවුරුද්දෙදි...... මේ පලාතට ලේලන්ඩ් එකක් බස්සපු මුල්ම කට්ටිය..... :D ඒ කාලේ ඉතින් ලේලන්ඩ් ගන්නකොට.... අපි ඉතින් දුවන්නෙත් වැඩි කලබල නැති පාරක නිසා...... පවර් ස්ටියරින්...... සින්ක්රොමෙෂ් ගියර් පස්සේ ගියේ නෑ......

    ඔක්කොම බස් ගත්තේ...... නෝමල් ස්ටියරින් නෝමල් ගියර් බොක්ස් එක්ක තමා...... :yes: ඒ කාලේ පවර් ස්ටියරින් ගත්තේ නෑ..... එකක් තමා..... ඒ කාලේ; ඉස්සර කට්ටිය ඔටෝ ගියර් බොක්ස් එක්ක තිබ්බ වාහන ගන්න බය උනා වගේ..... තාත්තා බය උනා..... පවර් ස්ටියරින්...... සින්ක්රෝමෙෂ් ගියර් බොක්ස් වලටත්..... අනික ගත්තෙත් ලීස් කරලා නිසා....... ගානත් අඩු වෙන නිසා..... නෝමල් ස්ටියරින් නෝමල් ගියර් බොක්ස් තමා ගත්තේ....... :yes:

    304177_214756411923840_2071114864_n.jpg


    පේනවනේ..... පවර් ස්ටියරින් බඩු කෑලි ටික නෑ....... :no: පවර් ස්ටියරින් ඔයිල් කෑන් එක.... බට සෙට් එක...... පවර් බොක්ස් එක පේන්නේ නෑ මේ ෆොටෝ වල...... :no:

    306772_204407746292040_73514704_n.jpg


    හැබැයි ඉතින්...... 2008 - 2009 වගේ වෙනකොට...... ඩ්රයිවර්ලා පවර් ස්ටියරින් නැතුව බස් එලවන එක ප්රතික්ෂේප කරන්න ගත්තා..... කඩුවෙල බස් ස්ටෑන්ඩ් එකේ වටයක් කරකවලා ගන්න..... ඉබි මස් කාලා එන්න ඕනා ඉතින් පවර් ස්ටියරින් නැති බස් එකක්...... :P

    ඈත්තටම පවර් ස්ටියරින් එකක උවමනාව එන්නේ ලග කැපිල්ලේදී තමා....... 2001 තිබ්බ සිටුවේෂන් එක නෙවේ නේ ඉතින් තරගේ වැඩි උනා නේ බස් අතර...... ඉතින් ඩ්රයිවර්ලාට ඕනා ලග ලග දඩ බඩ ගාලා වාහනේ කපලා ගන්න..... ඉතින් මුන් ස්ට්රයික් පවර් ස්ටියරින් නැතුව බස් එලවන්න බෑ කියලා...... :rofl: :dull: :P

    දැන් ඉතින් මොකෝ කරන්නේ..... නෝමල් ස්ටියරින් බොක්ස් එක ගලවලා දාලා...... පවර් ස්ටියරින් කරන්න ඕනා බස් එක........ :yes:

    මුලින්ම කෝල් කරලා බැලුවා ලේලන්ඩ් කම්පැණියටම.... පනාගොඩ...... :yes: අම්මා ගහයි බැට් එකෙන් කිව්වලු...... මුන් ඉල්ලනවා ලක්ෂ 4 1/2 කට කිට්ටුව පවර් කරලා දෙන්න සහ වැඩ කරන දවස් 5ක් 7ක් වැඩේ ඉවර කරලා බාර දෙන්න.... ඒ මදිවට පවර් ස්ටියරින් බොක්ස් ඉන්දියාවෙන් ගේන්නත් ඕනාලු..... ඈඩ්වාන්ස් කරන්න ඕනාලු ඒකටත්........ 4 1/2 ගානේ බස් දෙකට ලක්ෂ 9ක්..... කජු ඈටද කොස් ඈටද...... :dull: අනික දවස් 5ක් 7ක් ඕක කම්පැණියේ දාලා තියෙන එකේ පාඩුව...... :(

    හරියන්නේ නෑ ඒ වැඩේ..... ලක්ෂ 9ක් ඉවරත් වෙනවා..... කාලෙත් වැඩී..... බැලුවා ඒ ගමන පංචිකාවත්තේ ලේලන්ඩ් කඩන තැනකින්...... :yes: බුවා ඉල්ලනවා...... පවර් ස්ටියරින් පොම්පෙටයි..... බොක්ස් එකටයි ලක්ෂ 2ක්....... 2ක් ම ගන්නවා කිව්වහම 1.85කට එකක් දෙන්න හා කිව්වා....... :yes: ඒත් ඉතින් ඔයිල් ටැංකිය.... බට සෙට් එක එහෙම ගන්නත් තව වියදම් ඉතින්...... :dull: ඈයි හයි කරන්න යන වියදම....... :yes: :dull: :(

    දැන් මොකද කරන්නේ....... සිකවිලා ඉන්නේ..... එහෙන් බස් වල වැඩ කරන උන් ටික ගේම..... පවර් ස්ටියරින් නැතුව කෑම එපා කියලා....... හුටා...... නෑ..... නෑ...... :no: :no: පවර් ස්ටියරින් නැතුව බස් එක එලවන්න බෑ කියලා....... :angry: එහෙන් අම්මා කෑ ගහනවා..... මුන්ට පවර් ස්ටියරින් කරලා දෙන වැඩේ බලන්න කියලා........ :dull:

    අපේ බස් හදන එකාට මම පවර් ස්ටියරින් වැඩේ කිව්වහම..... බුවා මග ඈර ඈර හිටියා ඔය පාරේ දුවන්න මොන පවර් ස්ටියරින්ද.... ඔන්න ඔහොම ඔය ස්ටියරින් බොක්ස් ලෙඩක් දෙනකම් දුවලා..... අවුලක් ආව දවසටම හදමු කියලා...... :yes: :dull: ඕක කියලා ඩ්රයිවර්ලා සනසන්න බෑ නේ...... ඩ්රයිවර්ලා කියන කතාවත් ඈත්ත....... 2001 තිබ්බ බස් ප්රමාණෙට වඩා දැන් බස් ප්රමාණේ සයිස් එකෙනුත් වැඩි...... කඩුවෙල ස්ටෑන්ඩ් එකේ වටයක් හැරෙව්වහම..... හොද ගණන් කියන එක..... මාත් ඉතින් හිටි ගමන් බස් එකේ වැඩ කරන නිසා..... කඩුවෙල ස්ටෑන්ඩ් එකේදි ලැබෙන පෝරියල් එක දන්නවනේ...... :(

    ඕන් ඉතින් සිංහළු....... ඔහොම දැන් ටික දවසක් බුම්මන් ඉන්නකොට ආරංචියක් ලැබුනා..... මොරටුවේ පැත්තේ ගැරේජ් එකක අඩුවට පවර් ස්ටියරින් කරනවා කියලා....... :yes: ඒ කාලේ ඉතින් මගේ දුප්පත් පල්සරෙත් නෑ.... :no: ගියා පාරේ බස් එකේම ඔය කියන ගැරේජ් එක බලන්න....... මොරටුවේ පරණ පාරේ ශෙඩ් එකට පොඩ්ඩක් මෙහා තියෙන පාරක තමා ඕන් ඔය කියන ගැරේජ් එක තියෙන්නේ...... ගිහින් බැලින්නම් කිරි අප්පට බල්ලෝ පැනපි කිව්වලු..... ගැරේජ් එකේ හෙඩ් බාස් හෙවත් අයිති බුවා.... මොරටුව කොළඹ ප්රයිවට් බස් 10ක් 20ක් අයිති ඩයල් එකක්..... :yes: මෙච්චරත් තියෙද්දි මේ යකා මොන රෙද්දකට මජන් නාගෙන ඉන්නවද කියලත් නොහිතුනා නෙවේ...... :P


    දැන් ඉතින් කතා කරා මෙහෙම සීන් එකක් තියෙනවා..... පවර් ස්ටියරින් කරන්න... පුලුවන්ද කියලා..... මූ කිව්වා හරි කරමු කියලා..... ගණන් ඈහුවා කොහොමද කියලා මම..... මූ කියපි 1.35කට කරලා දෙන්නම් කියලා හයි කරලම...... :yes: මාත් ෆුල් හොල්මන්...... :shocked:

    ගණන් ලොකු වෙනසක් තියෙන නිසා....... මම ඈහුවා..... මොනවද දැන් දාන බඩු කියලා....... :yes:

    බඩු ලිස්ට් එක......

    1. ලේලන්ඩ් පවර් ස්ටියරින් පොම්පේ
    2. ජපන් පවර් ස්ටියරින් බොක්ස්
    3. හයිඩ්රොලික් බට
    4. ලේලන්ඩ් ඔයිල් ටැංකිය (යකඩ එක දාන්නේ...... ප්ලාස්ටික් එක නෙවේ කියලත් කිව්වා)


    ඔය බඩු ටික + වැඩ කුලිය ඔක්කොම 1.35කට කරලා දෙන්නම් කිව්වා..... මම හොල්මන්.... උඩින් ලාභයි නේ...... :D මම ඈහුවා දවස් කීයකින් වැඩේ කරලා දෙනවද කියලා..... උදේ 7.30 - 8ට ගෙනත් දැම්මොත්..... හවස් වෙනකොට හයි කරලත් දෙන්නම් කිව්වා...... :shocked: මම දැන් ෆුල් හැපී..... දවසෙන් වැඩෙත් ගොඩ..... ගානත් අඩුයි..... අනික මූ බස් ගොඩක අයිති ඩයල් එකකුත් එක්ක....... ඒට්කන් ස්පෙන්ස් එකේ..... ආමි එකේ ලොකු වාහන එහෙමත් ගැරේජ් එකේ තියෙනවා හදන්න ගලවලත්....... :D :love: විශ්වාසේ තියන්න පුලුවන් ඩයල් එකක් වගේ..... ඒ උනාට ඇග පුරා මජන් නාගෙන ඉන්න එක නම් මට ඈල්ලුවේ නෑ.... වයසත් එක්ක ඩයල් එක...... :yes:

    වැඩේ ලාභ උනාට ඉතින් තව කීයක් හරි අඩු කරගන්න හිතාගෙන..... ඈහුවා එක බස් එක නෙවේ දෙකක්ම තියෙනවා...... එකක් ඉස්සෙල්ලා කරලා දෙන්න..... ඒ වැඩේ ගොඩ නම් අනිකත් ඊලග සතියේ ගේනවා හදාගන්න කියලා..... අන්තිම කීයකට කරලා දෙතහැකිද කියලා....... :rolleyes: ඕන් බුවා කතා දහසක් කියලා...... අමාරුවෙන්...... 1.25කට කැමති කරෝ ගත්තා...... :D :cool:

    කොච්චර හැපිද කියනවා නම්...... එවෙලෙම ඊලග සතියේ දිනේකුත් දාගෙන..... ලක්ෂෙක ඈඩ්වාන්ස් එකකුත් දීලා.... බිලකුත් ලියාගෙන ගෙදර ආවා මම..... :yes:

    ඕන් සිංහළු ඒ සුභ දිනයත් උදා උනා කියහන්කෝ....... අපේ අම්මා මුලින්ම පවර් ස්ටියරින් කරන්න තෝරා ගත්තේ...... අපේ වාහන ඔක්කොම නඩත්තු කරලා දෙන බස් එක තමා...... :D :P :love:

    මාත් ඉතින් සෙට් උනා කුණ කන්න යන්න අපේ ඩ්රයිවරයා එක්ක....... මොකද මුන්ට පාරවල් කියලා කොහේ හරි යැව්වොත් මලාට හරි තැනට නම් යන්නේ නැති බව අත්දැකීමන් දන්න නිසා...... :rofl:

    ගියා උදේ 7.30 වෙනකොට මොරටුවට.... බාසාත් ඒ වෙනකොටත් වැඩ පටන් අරන් අනිත් වාහන වල..... මට ඉතින් ෆුල් හැපි... මූ අටටවත් වැඩේට අත ගැහුවොත්...... දවස් එක දෙක වෙනකොට වැඩේ ඉවර කරලා ගෙදරත් යන්න පුලුවන් තමා කියලා..... :D :cool: :love:

    දැන් ඉතින් මායි ඩ්රයිවරයයි කට ඈරන් බලාගෙන ඉන්නවා..... මූ දැන් මේකට අත තියයි..... දැන් අත තියයි කියලා...... ම්හු...... මූ අත තියෙන පාටක් නෑ....... මට දැන් මල....... :angry: වෙලාවත් 9.30යි..... ඈහුවා බාසුන්නැහේ වැඩේ පටන් ගන්නේ නැද්ද කියලා..... "හරි හරි මහත්තයා...... තවම පවර් ස්ටියරින් බොක්ස් එක ලැබුනේ නෑ...... ගලවන්න එච්චර වෙලා යන්නේ නෑ..... පවර් ස්ටියරින් බොක්ස් එක විතරයි අඩු..... අනිත් ඔක්කොම ගෙනත් තියෙන්නේ..... එන්නකෝ පෙන්වන්න..... " කියලා ඕන් පොරගේ ඔෆිස් කෑල්ල ඈතුලට එක්කන් ගිහින් පවර් පොම්පේ / බට සෙට් එක (ඒත් ඒවා දෙපැත්ත බට් කරලා නෑ) පවර් ඔයිල් ටැංකිය එහෙම පෙන්නුවා...... :yes:

    දැන් ඉතින් හැපි..... පවර් බොක්ස් එක විතරනේ අඩු..... අනිත් ටික හරි ඒක ගේනකම් හයි කරන්න බැරියෑ කියලා..... :D ඕන් ඉතින් 10ට 10.30ට විතර වැඩේ පටන් ගත්තා..... තියෙන බඩු ටික ගලවන්න..... පැයක් වත් ගියේ නෑ...... තිබ්බ නෝමල් ස්ටියරින් බොක්ස් එකයි.... ඒක හයි වෙලා තියෙන යකඩ බොක්ස් කෑල්ලයි....... ඔක්කොම බිමට පත බෑවා...... :yes:

    දැන් ඉතින් ඔන්න පවර් පොම්පේ / පවර් ඔයිල් ටැංකිය එහෙමත් හයි කරා...... :yes: ඒත් සිංහළුනේ..... තවමත් පවර් බොක්ස් එක නම් නෑ...... :no: බලන් ඉන්නවා ඉන්නවා බඩු නෑ........ :dull: දවල් දෙක විතරත් වෙලා....... :( බලන් ඉදලා බැරිම තැන මායි ඩ්රයිවරුයි කාලා එන්න කියලා ගියා...... ගිහින් එනකොට අ.හු.වේ. බාසා මාරු වෙලා.... කොහේ ගියාද කියලා ගැරේජ් එකේ ඉන්න අනිත් බාසාලාගෙන් ඈහුවහම...... පංචිකාවත්තේ ගියාලු ත්රී වීල් එකක පවර් බොක්ස් එක ගේන්න...... :frown: බාසාගේ #@&^(*@&)@(&($@*&@(* :angry:

    දැන් ඉතින් සිංහළුනේ..... මායි ඩ්රයිවරයයි දත් මිටි කකා බලාගෙන ඉන්නවා මේ යකා පවර් බොක්ස් එකත් අරන් එනකම්........ වෙලාව 4.30යි..... මූ නෑ...... :angry: බලාගෙන ඉදලා බැරිම තැන ගත්තා කෝල් එකක් බාසා හෙවත් ගැරේජ් එකේ අයිති බස් මුදලාලිට....... :yes: මූ කියපි මග එනවා..... පංචිකාවත්තේ ලේලන්ඩ් එකටත් ගියා පොම්පෙට එන ඈණයක් හොයන්න..... එතන පරක්කු උනා කියලා........ :frown: මූව මට විශ්වාස නැති නිසා ගත්තා කෝල් එකක් පංචිකාවත්තේ ලේලන්ඩ් එකට...... අරගෙන ලේලන්ඩ් එකේ අදුරන උන්ගෙන් ඈහුවා මෙහෙම මෙන්න මේ බාසා ආවාද කියලා...... බැලින්නම් ඈවිත් තියෙනවා....... :yes:

    ඕන් කොහොමින් කොහොම හරි බාසා 5.30ට විතර ආවා මොරටුවට...... :yes: මගේ ඉතින් මල අතේ..... ඈයි යකෝ දැන් ඕක අර බොක්ස් කෑල්ලට අළුතෙන් හිල් කපලා එහෙම අටවන්නත් එපායේ....... :angry: ඕන් මූ ආව වෙලාවේ ඉදන් මගේ මූණවත් බලන්නේ නැතුව වැඩ වැඩ වැඩ..... මොකද මගේ මූණේ දැන් යක්කු නටනවා පේනවා ඈති බාසාට....... මල අතේ..... :angry:

    දැන් මේක කියවන තොපි හිතාගෙන ඉන්නේ.... ඕක තමා කාපු කට්ට කියලද.....?? නෑ යකුනේ නෑ..... හොද හොද සෙල්ලම් තව ඉස්සරහට බොලව්....... :P :P

    ඕන් කොහොමින් කොහොම හරි බාසා වැඩේ ඉවර කරලා.... ස්ටියරින් බොක්ස් එක හයි කරා බස් එකට...... දැන් බස් එක කොට උඩ තවම...... :yes:

    දැන් තමා වෙලාව බස් එක ස්ටාර්ට් කරලා එහෙම..... වැඩසටහන ලෙසටම වෙනවා කියලා බලන්න...... :yes: දැන් බස් එක කොට උඩ..... ඩ්රයිවර් සීට් එකේ..... බාසා බස් එක යට..... මම බස් එකේ ඉස්සරහට වෙලා බලාගෙන ඉන්නවා වෙන වැඩේ....... :yes:

    ඔන්න සිංහළුනේ ඔබ පුල පුලා බලා සිටි ඒ සිද්ධිය...... :yes: :yes:

    දැන් බාසා ඩ්රයිවරයට කියනවා...... වමට කපන්න...... දකුණට කපන්න කියලා...... කොට උඩ නිසා ගින්නක් නැතුව කැපෙනවා....... :yes: ටිකක් වෙලා ඕක බලාගෙන ඉන්නකොට..... මට පෙනුනා අමුත්තක්....... :shocked: අපේ ඩ්රයිවරයා වමට කපනකොට...... කොට උඩ තියෙන බස් එකේ...... රෝද කැපෙන්නේ දකුණට...... ඩ්රයිවරයා දකුණට කපනකොට..... රෝද කැපෙන්නේ වමට........ :shocked: දැන් ඉස්සරහා ඉන්න මමත් ෆුල් හොල්මන් මේ මොන පුන්ඩවාලයක්ද මේ කියලා....... :shocked: :shocked:

    බාසා බස් එක යට..... මම බාසාට කිව්වා..... බස් එක වමට කපනකොට රෝද දකුණට කැපෙන්නේ..... දකුණට කපනකොට රෝද වමට කැපෙන්නේ කියලා...... ඒක අහපු බාසත් හොල්මන් වෙලා..... ආවා බස් එකේ යටින් එලියට..... ඈවිත් දැන් බුවා එලියේ ඉදන් බලාගෙන කියනවා වමට කපන්න..... දකුණට කපන්න කියලා........ :rofl: දැන් බුවත් හොල්මන්..... ආයේ බුවා බස් එක යටට...... :yes: දැන් ආයෙත් මොකක්දෝ පයන්නක් කරලා ආයෙත් එලියට ඈවිත් බලනවා..... එමමයි සිංහළු....... :dull:

    මගේ මල අතේ...... :angry: මම ඈහුවා බාසුන්නැහේ මේ මොන පයන්නක්ද කියලා.... බාසා කියපි..... "කලබල වෙන්න එපා මහත්තයා...... ජැක් එක බෑවහම වැඩේ හරි කියලා...... " :yes: :lol:

    දැන් ඕන් බෑවා ජැක් එක...... බෑවා කියලා එන්ජිම ස්ටාර්ට් කරන්නේ නැතුව පවර් වැඩ කරන්නේ නෑ නේ..... ඕන් දැන් ස්ටාර්ට් කරා..... කරලා කපනවා වමට දකුණට...... මොන........ :lol: කලින් වගේම තමා...... :angry: ජැක් එකෙන් බිමට බෑවහම කැපෙන ක්රමේ වෙනසක් වෙනවයෑ...... මම බාසාගේ සියළු නෑ සිය මිතුරන් මතක් කරමින් ඉන්නේ මේ වෙනකොට...... :angry: :angry:

    බාසාත් හොල්මන්....... :angry: :frown: මූ දැන් පිස්සෙක් වගේ බස් එක යටට යනවා.... උඩට එනවා..... වමට දකුණට කපලා බලනවා...... වෙනසක් නෑ....... :dull:

    ආ දැන් ඔය හති දාගෙන මේක කියවගෙන කියවගෙන එන මහත්තුරු කියමු බලන්න මොකක්ද වෙලා තියෙන්නේ මෙතන කියලා....... :D :P

    මේන් අපේ මහත්තුරු දෙන්නෙක් දුන්න උත්තර...... :yes:

    steering knuckle දෙක දෙපැත්ත මාරු කරලා දැම්මාම එහෙම විය හැකිය සොඳුර..

    ගේම් ගහද්දි නම් ඔහොම සිද්ධි වෙලා තියනවා. (ඒවා සෙටිංස් ගිහින් හදාගත්තා :P) ඒත් ඇත්ත ජීවිතේදි නම් අත්දැකීමක් නෑ මචෝ. :no:

    :D :P නෑ හිතවතුනි නෑ....... ඕවා නෙවේ උත්තර....... :no: (ස්ටයිල් එක කොපි කරා පොල් මාමාගෙන් ;) )

    ඕන් දැන් බාසා ආයෙත් බිමට බෑවා ගෙනාව පවර් බොක්ස් එක....... බාලා...... තිබ්බ නෝමල් බොක්ස් එකත් එකක් කම්පෙයා කරනවා ඉතින්...... :shocked: බිබිලි නගින බෙලි කටු කිව්වලු..... යකඩෝ..... පවර් බොක්ස් දෙක වැඩ කරන්නේ දෙවිදිහකට....... ඔරිජිනල් ආව එකේ අර ස්ටියරින් බොක්ස් එකේ අත දකුණට හැරෙනකොට..... අළුතෙන් ගෙනාව එකේ හැරෙන්නේ වමට....... ඉතින් හරිනේ හේතුව....... :yes: දැන් බාසා දහ අතේ කල්පනා කරනවා මොන පයන්නක්ද මේ උනේ කියලා...... :yes: වෙලාවත් රෑ 8ත් පහු වෙලා...... දැන් ඉතින් මොකක් කරන්නද..... දැන් මේකට විසදුමක් නෑ නේ..... හෙට කරමු කියලා වැඩේ නැවැත්තුවා....... :yes:

    මායි ඩ්රයිවරයයි..... බාසාගේ සියළු ඥාති හිතමිත්රාදීන්ට පින් දෙමින්...... කොත්තු දෙකකුයි..... බියර් කෑන් දෙකකුයි...... මදුරු කොයිල් එකකුයි (රෑට බස් එකේ නිදියන්න බලාගෙන) අරන් ආවා...... :yes: කොත්තුව කකා බියර් එක ගසනකොට අපේ බාසාව මතක් වෙලා ගත්තා කෝල් එකක්..... අරන් කිව්වා විස්තරේ....... ගත් කටටම බුවා කියපි..... ජපන් බොක්ස් එකක් නේද ගෙනාවා කිව්වේ..... ඔය අර ටෙන් වීල් වලට එන පිටිපස්සේ බොක්ස් එක ගෙනත් ඈත්තේ කියලා...... ටෙන් වීල් ඉසුසු ජපන් ලොරි වල ඉස්සරහා රෝද දෙකට පස්සෙන් එන තනි රෝද දෙක වමට කැපුවහම දකුණට කැපෙන්නනේ තියෙන්නේ...... :yes: :P බඩුම තමා..... අර ලොන්ත කොකටු බාසා ගෙනත් තියෙන්නේ එහෙනම් එහෙම ස්ටියරින් බොක්ස් එකක්..... ඒක තමා අවුලට හේතුව........ :angry: :frown:

    ඕන් දැන් මදුරු විමානෙක නින්දක් දාලා..... පහුවදාට එලි වෙලා..... බාසා උදේම ඌ උස්සන් ආපු පුන්ඩවාල ස්ටියරින් බොක්ස් එක දිහා බලාගෙන අහස පොලොව ගැටලන්න කල්පනා කරනවා........ :P මම ඉතින් සිද්ධිය දන්න නිසා..... බාසාට ටික වෙලාවක් අහස පොලොව ගැටලන්න දීලා..... වැඩර් වගේ ඒ ගොනාට පැහැදිලි කරා වෙලා තියෙන දේ....... ඒ ගමන ඕන් ආයෙත් ත්රී වීල් එකක් අරන් අර බොක්ස් එකත් පටවන් මූ කොළඹ ගියා......... :yes: දැන් ඉතින් මායි ඩ්රයිවරයයි බලාගෙන ඉන්නවා මූ එනකම්..... මොන දවල් දොලහ වෙලත් මූ නෑ..... කෝල් එකක් දීලා බැලුවහම කියපි තවම බොක්ස් හොයනවා කියලා...... එදා සෙනසුරාදා දවසක්...... කඩත් වහනවනේ ඉක්මනට....... කොහොමින් කොහොම හරි හවස 3ට විතර බාසා හිස් අතින්ම ආවා හරියන බොක්ස් එකක් නෑ කියලා හොයාගන්න..... කුරුණෑගල ගිහින් තමා හොයන්න වෙන්නේ කියලා..... ඒකට ඉතින් සදුදා වෙනකම් බලාගෙන ඉන්න එපායේ...... ඈමතුවා බාසාට කන් පාත් වෙන්න........ :growl: :angry: ඈයි යකඩෝ දවසෙන් වැඩේ ඉවර කරලා දෙන එක දැන් දවස් දෙකක්....... :angry: :angry:

    දැන් බාසා දහ අතේ කල්පනා කරනවා....... කල්පනා කරලා කරලා අන්තිමට...... උගේ බස් එකක් පේන්ට් කරන්න ගලවලා තිබ්බා එතන..... ඒකේ තිබ්බ පවර් ස්ටියරින් බොක්ස් එක ගලවලා හයි කරලා දුන්නා....... :yes: ඒක පොඩි කැන්ටර් එකකද කොහෙද පවර් බොක්ස් එකක්...... ඒකෙන් ඒ බස් එක කොහොම දිව්වද මන්දා...... :dull: මූ ඊළග සතියේ බොක්ස් එකක් අරන් ඈවිත් ගෙදරටම ඈවිත් හයි කරලා දෙන පොරොන්දුව පිට අර පරණ අටමගලේ අපේ එකට හයි කරලා දුන්නා....... රෑ 10ට විතර තමා ඒ මගුලත් හයි කරන් ගෙදර අරන් ආවේ බස් එක....... :yes:

    ඒ පවර් බොක්ස් එකේ ඔයිල් ලීක්..... අපේ බාසාට පෙන්නුවහම..... පොර කිව්වා හොයලා හොද පවර් බොක්ස් එකක් හයි කරමු කියලා....... මාස හතරක් පහක් ඔයිල් දදා ඒ බොක්ස් එකෙන් දිව්වා අපි....... :yes: අර මොරටුවේ බාසා ඉතුරු 25000ත් ඉල්ලුවට මම දුන්නේ නෑ....... :no: ඌ බොක්ස් එකක් ගෙනල්ලා කෝල් කරෙත් නෑ...... :no: මම ඌට කෝල් කරෙත් නෑ..... මක බාස් කෙනෙක්ගෙන් වැඩක් ගන්නවට වඩා හොදා නිකන් ඉන්නවා....... අපෝ එතන තිබ්බ දවස් දෙකට.... ඌ බස් එකේ සිදු පේන්ට් එක මජන් කරා..... හැම තැනම මජන් පාරවල්....... :angry:

    මේ ඉන්නේ අපේ වන් ඈන්ඩ් ඔන්ලි ඕනා පයන්නකට විසදුම් තියෙන බාස්....... :yes: :D

    2moaufo.jpg


    මාස ගානකට පස්සේ.... අපේ වැඩකරු එක්ක කුරුණෑගල.... නුවර පැත්තේ ගිහින්.... ෆූසෝ ටෙන් වීල් එකට එන ජපන් බොක්ස් දෙකක් ගෙනත් බස් දෙකටම සෙට් කරා...... දැන් කැපෙන්නේ බටර් වගේ....... :love: ලේලන්ඩ් ඔරිජිනල් බොක්ස් එකකට වඩා ලෙසටම කැපෙනවා මම අපේ බාස් එක්ක නුවරින් හොයාගෙන ආව පවර් බොක්ස් දෙක...... :yes: ඔව් ඔව් :yes: FB15 එකේ ඩිකියේ දාගෙන තමා ගෙනාවේ....... :D පස්ස බිමට පාත් වෙලා ආවේ කාර් එක නුවර ඉදන්....... :P

    33xwsi9.jpg


    :oo: මේ වගේ සීන් එකකින් ඉගෙන ගත යුතු පාඩම් උඹලම දාපල්ලා....... :yes: මගේ අත රිදෙනවා මේක ටයිප් කරලා....... :baffled:


    ඔය Quote කරන කට්ටිය...... මේ සම්පූර්ණ ජාතක කතාව Quote කරන්න එපා....... :no:
     
    • Like
    Reactions: ~WickZ~ and Mr.Tom

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    :rolleyes: උත්තරේ ලගට ඈවිත්ද මන්දා කියලත් හිතෙනවා.... ඒත් පැහැදිලි මදි වගේ..... :dull:

    ලෙෆ්ට් හෑන්ඩ් ඩ්‍රයිව් කරන ට්‍රක් එකක ස්ටීරින්ග් බොක්ස් එක ගෙනත් ලන්කාවෙ ලෙලන්ඩ් එකකට සෙට් කලහම වම දකුන මාරුවෙල තමයි කැපෙන්නෙ මාමෙහ්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔන්න කුකුළනි..... ....

    ඔය Quote කරන කට්ටිය...... මේ සම්පූර්ණ ජාතක කතාව Quote කරන්න එපා....... :no:


    සම්පූර්ණ ජාතක කතාව Quote කරන්න එපා.

    thanku aaharayata
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔන්න බොලව් දැන් තියෙන විදිහ......

    ඔය තියෙන්නේ පවර් ඔයිල් ටෑංක් එක..... අර මොරටුවේ බාසා හයි කරපු යකඩ ටැංකිය.... ඕකේ ඔයිල් ලෙවල් එක එලියෙන් පේන්නේ නැති එක හරිම කරදරයක්....... අනිත් බස් එකට අපේ බාස් හයි කරේ ප්ලාස්ටික් ටැංකියක්.... ගානත් අඩුයි.... ඔයිල් ලෙවල් එකත් පේනවා එලියෙන්ම.... :D

    2cqiogm.jpg


    ඔන්න අළුතෙන් හයි කරපු ෆූසෝ ටෙන් වීල් එකේ පවර් බොක්ස් රාජයා...... :yes:

    2j4olc1.jpg


    පැහැදිලි මදි වගේ නම් මේකත් බලන්න..... :D

    2mbo9.jpg


    මේවා ඉතින් මේ දැන් උණු උණුවේ ගත්ත ෆොටෝ හරිය...... :P

    m9lf6p.jpg


    පේනවනේ භාණ්ඩේ....... ඔරිජිනල් ලේලන්ඩ් පවර් බොක්ස් එකට වඩා ලොකුයි..... පට්ට බරක් මේක....... කැපෙන්නේ බටර් කෑල්ල වගේ..... :love:

    දැන් අපේ උන්ට සින්ක්‍රොමෙෂ් ඕනා වෙලා කුරු කුරු ගගා ඉන්නේ...... ඊළග පාර ගියර් බොක්ස් එකක් බාන්න උනහම..... සින්ක්‍රොමෙෂ් බොක්ස් එකක් (කඩන තැනකින් හොයලා) හෝ අපේ වැඩකරු ලව්වා...... ජපන් ගියර් බොක්ස් එකක් තියවන්න තමා කල්පනාව...... :D :yes:

    අපේ වැඩ කරු මේවා විකුණන්න දෙන්නේ නෑ... අළුත් එන ලදරම් වගේ නෙවේ මේවා යකඩ කදන් කියලා..... පිස්සු නටන්නේ නැතුව ඉන්නලු..... ඒක නම් සහතික ඈත්ත..... :yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔන්න කුකුළනි..... තොපි පුල පුලා බලාගෙන හිටපු...... ස්ටියරින් වීල් එක වමට කැපුවහම..... රෝද දකුණට හැරෙන ජාතක කතා වස්තුව....... :D :P

    බඩා මාමිගේ ලේලන්ඩ් කතන්දරේ දාල නේද :D
    එල එල :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ලෙෆ්ට් හෑන්ඩ් ඩ්‍රයිව් කරන ට්‍රක් එකක ස්ටීරින්ග් බොක්ස් එක ගෙනත් ලන්කාවෙ ලෙලන්ඩ් එකකට සෙට් කලහම වම දකුන මාරුවෙල තමයි කැපෙන්නෙ මාමෙහ්

    :rofl: ඒක නෙවේ බං.... .ලෙෆ්ට් හෑන්ඩ් එකේ අර පොලු කෑල්ල එන්නේ වම් පැත්තටමනේ..... මේකේ කිසි වෙනසක් නෑ.... දකුණු පැත්තට ඒක එන්නේ...... :yes: මේක අර මම කටුවේ ලියපු සීන් එක...... :yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔන්න බොලව් දැන් තියෙන විදිහ......


    දැන් අපේ උන්ට සින්ක්‍රොමෙෂ් ඕනා වෙලා කුරු කුරු ගගා ඉන්නේ...... ඊළග පාර ගියර් බොක්ස් එකක් බාන්න උනහම..... සින්ක්‍රොමෙෂ් බොක්ස් එකක් (කඩන තැනකින් හොයලා) හෝ අපේ වැඩකරු ලව්වා...... ජපන් ගියර් බොක්ස් එකක් තියවන්න තමා කල්පනාව...... :D :yes:

    අපේ වැඩ කරු මේවා විකුණන්න දෙන්නේ නෑ... අළුත් එන ලදරම් වගේ නෙවේ මේවා යකඩ කදන් කියලා..... පිස්සු නටන්නේ නැතුව ඉන්නලු..... ඒක නම් සහතික ඈත්ත..... :yes:

    ඒ මොකක්ද මාමේ?:confused:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ඔන්න කුකුළනි..... තොපි පුල පුලා බලාගෙන හිටපු...... ස්ටියරින් වීල් එක වමට කැපුවහම..... රෝද දකුණට හැරෙන ජාතක කතා වස්තුව....... :D :P

    :oo: මේ වගේ සීන් එකකින් ඉගෙන ගත යුතු පාඩම් උඹලම දාපල්ලා....... :yes: මගේ අත රිදෙනවා මේක ටයිප් කරලා....... :baffled:
    [/COLOR][/B]

    බඩාමාමි ලාබෙට පවර් ඉස්ටීරියන් කොලා වගේ!!! :D:D:D:D:D:D:D
     
    Status
    Not open for further replies.