අද කතාව ඉවරයක් කරලා දාන්න ටයිම් එකක් ලැබෙයි වගේ........ආ කියපල්ලා බලන්න...... වමට ස්ටියරින් වීල් එක කැපුවහම...... රෝද දකුණට කැපෙන්න ඉඩ තියෙන්නේ මොන වගේ දෙයක් උනොත්ද කියලා......??
![]()

මොනාද ඉතින්.. ඒ බස් එක පට්ට කබලල් වෙන්න ඇති![]()
පල යන්න..... J නම්බර් එකක්...... 2004 Registered Brand New...... 
ඩැයිබර් මාමා (ඒ කියන්නෙ උඹ) බීලා හන්දා. වමට කපන්න කිවුවම දකුනට කපල![]()
![]()
![]()
![]()
බිව්වත් තමා..... හැබැයි ඒ එදා රෑ...... 
උත්තරේ ලගට ඈවිත්ද මන්දා කියලත් හිතෙනවා.... ඒත් පැහැදිලි මදි වගේ..... 
උත්තරේ ලගට ඈවිත්ද මන්දා කියලත් හිතෙනවා.... ඒත් පැහැදිලි මදි වගේ.....
![]()

ඒ නිසා වැරදි ඈතොත් සමාවෙන්න.
මතකත් නෑ ඉතින්.......
ඒ කාලේ ඉතින් ලේලන්ඩ් ගන්නකොට.... අපි ඉතින් දුවන්නෙත් වැඩි කලබල නැති පාරක නිසා...... පවර් ස්ටියරින්...... සින්ක්රොමෙෂ් ගියර් පස්සේ ගියේ නෑ......
ඒ කාලේ පවර් ස්ටියරින් ගත්තේ නෑ..... එකක් තමා..... ඒ කාලේ; ඉස්සර කට්ටිය ඔටෝ ගියර් බොක්ස් එක්ක තිබ්බ වාහන ගන්න බය උනා වගේ..... තාත්තා බය උනා..... පවර් ස්ටියරින්...... සින්ක්රෝමෙෂ් ගියර් බොක්ස් වලටත්..... අනික ගත්තෙත් ලීස් කරලා නිසා....... ගානත් අඩු වෙන නිසා..... නෝමල් ස්ටියරින් නෝමල් ගියර් බොක්ස් තමා ගත්තේ.......
පවර් ස්ටියරින් ඔයිල් කෑන් එක.... බට සෙට් එක...... පවර් බොක්ස් එක පේන්නේ නෑ මේ ෆොටෝ වල......
අම්මා ගහයි බැට් එකෙන් කිව්වලු...... මුන් ඉල්ලනවා ලක්ෂ 4 1/2 කට කිට්ටුව පවර් කරලා දෙන්න සහ වැඩ කරන දවස් 5ක් 7ක් වැඩේ ඉවර කරලා බාර දෙන්න.... ඒ මදිවට පවර් ස්ටියරින් බොක්ස් ඉන්දියාවෙන් ගේන්නත් ඕනාලු..... ඈඩ්වාන්ස් කරන්න ඕනාලු ඒකටත්........ 4 1/2 ගානේ බස් දෙකට ලක්ෂ 9ක්..... කජු ඈටද කොස් ඈටද......
අනික දවස් 5ක් 7ක් ඕක කම්පැණියේ දාලා තියෙන එකේ පාඩුව......
බුවා ඉල්ලනවා...... පවර් ස්ටියරින් පොම්පෙටයි..... බොක්ස් එකටයි ලක්ෂ 2ක්....... 2ක් ම ගන්නවා කිව්වහම 1.85කට එකක් දෙන්න හා කිව්වා.......
ඒත් ඉතින් ඔයිල් ටැංකිය.... බට සෙට් එක එහෙම ගන්නත් තව වියදම් ඉතින්......
ඈයි හයි කරන්න යන වියදම.......
පවර් ස්ටියරින් නැතුව බස් එක එලවන්න බෑ කියලා.......
එහෙන් අම්මා කෑ ගහනවා..... මුන්ට පවර් ස්ටියරින් කරලා දෙන වැඩේ බලන්න කියලා........
ඕක කියලා ඩ්රයිවර්ලා සනසන්න බෑ නේ...... ඩ්රයිවර්ලා කියන කතාවත් ඈත්ත....... 2001 තිබ්බ බස් ප්රමාණෙට වඩා දැන් බස් ප්රමාණේ සයිස් එකෙනුත් වැඩි...... කඩුවෙල ස්ටෑන්ඩ් එකේ වටයක් හැරෙව්වහම..... හොද ගණන් කියන එක..... මාත් ඉතින් හිටි ගමන් බස් එකේ වැඩ කරන නිසා..... කඩුවෙල ස්ටෑන්ඩ් එකේදි ලැබෙන පෝරියල් එක දන්නවනේ......
ඒ කාලේ ඉතින් මගේ දුප්පත් පල්සරෙත් නෑ....
ගියා පාරේ බස් එකේම ඔය කියන ගැරේජ් එක බලන්න....... මොරටුවේ පරණ පාරේ ශෙඩ් එකට පොඩ්ඩක් මෙහා තියෙන පාරක තමා ඕන් ඔය කියන ගැරේජ් එක තියෙන්නේ...... ගිහින් බැලින්නම් කිරි අප්පට බල්ලෝ පැනපි කිව්වලු..... ගැරේජ් එකේ හෙඩ් බාස් හෙවත් අයිති බුවා.... මොරටුව කොළඹ ප්රයිවට් බස් 10ක් 20ක් අයිති ඩයල් එකක්.....
මෙච්චරත් තියෙද්දි මේ යකා මොන රෙද්දකට මජන් නාගෙන ඉන්නවද කියලත් නොහිතුනා නෙවේ......
මාත් ෆුල් හොල්මන්......
මම ඈහුවා දවස් කීයකින් වැඩේ කරලා දෙනවද කියලා..... උදේ 7.30 - 8ට ගෙනත් දැම්මොත්..... හවස් වෙනකොට හයි කරලත් දෙන්නම් කිව්වා......
මම දැන් ෆුල් හැපී..... දවසෙන් වැඩෙත් ගොඩ..... ගානත් අඩුයි..... අනික මූ බස් ගොඩක අයිති ඩයල් එකකුත් එක්ක....... ඒට්කන් ස්පෙන්ස් එකේ..... ආමි එකේ ලොකු වාහන එහෙමත් ගැරේජ් එකේ තියෙනවා හදන්න ගලවලත්.......
විශ්වාසේ තියන්න පුලුවන් ඩයල් එකක් වගේ..... ඒ උනාට ඇග පුරා මජන් නාගෙන ඉන්න එක නම් මට ඈල්ලුවේ නෑ.... වයසත් එක්ක ඩයල් එක......
ඕන් බුවා කතා දහසක් කියලා...... අමාරුවෙන්...... 1.25කට කැමති කරෝ ගත්තා......
වෙලාවත් 9.30යි..... ඈහුවා බාසුන්නැහේ වැඩේ පටන් ගන්නේ නැද්ද කියලා..... "හරි හරි මහත්තයා...... තවම පවර් ස්ටියරින් බොක්ස් එක ලැබුනේ නෑ...... ගලවන්න එච්චර වෙලා යන්නේ නෑ..... පවර් ස්ටියරින් බොක්ස් එක විතරයි අඩු..... අනිත් ඔක්කොම ගෙනත් තියෙන්නේ..... එන්නකෝ පෙන්වන්න..... " කියලා ඕන් පොරගේ ඔෆිස් කෑල්ල ඈතුලට එක්කන් ගිහින් පවර් පොම්පේ / බට සෙට් එක (ඒත් ඒවා දෙපැත්ත බට් කරලා නෑ) පවර් ඔයිල් ටැංකිය එහෙම පෙන්නුවා......
ඕන් ඉතින් 10ට 10.30ට විතර වැඩේ පටන් ගත්තා..... තියෙන බඩු ටික ගලවන්න..... පැයක් වත් ගියේ නෑ...... තිබ්බ නෝමල් ස්ටියරින් බොක්ස් එකයි.... ඒක හයි වෙලා තියෙන යකඩ බොක්ස් කෑල්ලයි....... ඔක්කොම බිමට පත බෑවා......
ඒත් සිංහළුනේ..... තවමත් පවර් බොක්ස් එක නම් නෑ......
බලන් ඉන්නවා ඉන්නවා බඩු නෑ........
දවල් දෙක විතරත් වෙලා.......
බලන් ඉදලා බැරිම තැන මායි ඩ්රයිවරුයි කාලා එන්න කියලා ගියා...... ගිහින් එනකොට අ.හු.වේ. බාසා මාරු වෙලා.... කොහේ ගියාද කියලා ගැරේජ් එකේ ඉන්න අනිත් බාසාලාගෙන් ඈහුවහම...... පංචිකාවත්තේ ගියාලු ත්රී වීල් එකක පවර් බොක්ස් එක ගේන්න......
බාසාගේ #@&^(*@&)@(&($@*&@(*
බලාගෙන ඉදලා බැරිම තැන ගත්තා කෝල් එකක් බාසා හෙවත් ගැරේජ් එකේ අයිති බස් මුදලාලිට.......
මූ කියපි මග එනවා..... පංචිකාවත්තේ ලේලන්ඩ් එකටත් ගියා පොම්පෙට එන ඈණයක් හොයන්න..... එතන පරක්කු උනා කියලා........
මූව මට විශ්වාස නැති නිසා ගත්තා කෝල් එකක් පංචිකාවත්තේ ලේලන්ඩ් එකට...... අරගෙන ලේලන්ඩ් එකේ අදුරන උන්ගෙන් ඈහුවා මෙහෙම මෙන්න මේ බාසා ආවාද කියලා...... බැලින්නම් ඈවිත් තියෙනවා.......
මගේ ඉතින් මල අතේ..... ඈයි යකෝ දැන් ඕක අර බොක්ස් කෑල්ලට අළුතෙන් හිල් කපලා එහෙම අටවන්නත් එපායේ.......
ඕන් මූ ආව වෙලාවේ ඉදන් මගේ මූණවත් බලන්නේ නැතුව වැඩ වැඩ වැඩ..... මොකද මගේ මූණේ දැන් යක්කු නටනවා පේනවා ඈති බාසාට....... මල අතේ.....
දැන් බස් එක කොට උඩ..... ඩ්රයිවර් සීට් එකේ..... බාසා බස් එක යට..... මම බස් එකේ ඉස්සරහට වෙලා බලාගෙන ඉන්නවා වෙන වැඩේ.......
ටිකක් වෙලා ඕක බලාගෙන ඉන්නකොට..... මට පෙනුනා අමුත්තක්.......
අපේ ඩ්රයිවරයා වමට කපනකොට...... කොට උඩ තියෙන බස් එකේ...... රෝද කැපෙන්නේ දකුණට...... ඩ්රයිවරයා දකුණට කපනකොට..... රෝද කැපෙන්නේ වමට........
දැන් ඉස්සරහා ඉන්න මමත් ෆුල් හොල්මන් මේ මොන පුන්ඩවාලයක්ද මේ කියලා.......
දැන් බුවත් හොල්මන්..... ආයේ බුවා බස් එක යටට......
දැන් ආයෙත් මොකක්දෝ පයන්නක් කරලා ආයෙත් එලියට ඈවිත් බලනවා..... එමමයි සිංහළු.......
මම ඈහුවා බාසුන්නැහේ මේ මොන පයන්නක්ද කියලා.... බාසා කියපි..... "කලබල වෙන්න එපා මහත්තයා...... ජැක් එක බෑවහම වැඩේ හරි කියලා...... "
කලින් වගේම තමා......
ජැක් එකෙන් බිමට බෑවහම කැපෙන ක්රමේ වෙනසක් වෙනවයෑ...... මම බාසාගේ සියළු නෑ සිය මිතුරන් මතක් කරමින් ඉන්නේ මේ වෙනකොට......
මූ දැන් පිස්සෙක් වගේ බස් එක යටට යනවා.... උඩට එනවා..... වමට දකුණට කපලා බලනවා...... වෙනසක් නෑ.......
steering knuckle දෙක දෙපැත්ත මාරු කරලා දැම්මාම එහෙම විය හැකිය සොඳුර..
ගේම් ගහද්දි නම් ඔහොම සිද්ධි වෙලා තියනවා. (ඒවා සෙටිංස් ගිහින් හදාගත්තා) ඒත් ඇත්ත ජීවිතේදි නම් අත්දැකීමක් නෑ මචෝ.
![]()
නෑ හිතවතුනි නෑ....... ඕවා නෙවේ උත්තර.......
(ස්ටයිල් එක කොපි කරා පොල් මාමාගෙන්
)
බිබිලි නගින බෙලි කටු කිව්වලු..... යකඩෝ..... පවර් බොක්ස් දෙක වැඩ කරන්නේ දෙවිදිහකට....... ඔරිජිනල් ආව එකේ අර ස්ටියරින් බොක්ස් එකේ අත දකුණට හැරෙනකොට..... අළුතෙන් ගෙනාව එකේ හැරෙන්නේ වමට....... ඉතින් හරිනේ හේතුව.......
දැන් බාසා දහ අතේ කල්පනා කරනවා මොන පයන්නක්ද මේ උනේ කියලා......
වෙලාවත් රෑ 8ත් පහු වෙලා...... දැන් ඉතින් මොකක් කරන්නද..... දැන් මේකට විසදුමක් නෑ නේ..... හෙට කරමු කියලා වැඩේ නැවැත්තුවා.......
කොත්තුව කකා බියර් එක ගසනකොට අපේ බාසාව මතක් වෙලා ගත්තා කෝල් එකක්..... අරන් කිව්වා විස්තරේ....... ගත් කටටම බුවා කියපි..... ජපන් බොක්ස් එකක් නේද ගෙනාවා කිව්වේ..... ඔය අර ටෙන් වීල් වලට එන පිටිපස්සේ බොක්ස් එක ගෙනත් ඈත්තේ කියලා...... ටෙන් වීල් ඉසුසු ජපන් ලොරි වල ඉස්සරහා රෝද දෙකට පස්සෙන් එන තනි රෝද දෙක වමට කැපුවහම දකුණට කැපෙන්නනේ තියෙන්නේ......
බඩුම තමා..... අර ලොන්ත කොකටු බාසා ගෙනත් තියෙන්නේ එහෙනම් එහෙම ස්ටියරින් බොක්ස් එකක්..... ඒක තමා අවුලට හේතුව........
මම ඉතින් සිද්ධිය දන්න නිසා..... බාසාට ටික වෙලාවක් අහස පොලොව ගැටලන්න දීලා..... වැඩර් වගේ ඒ ගොනාට පැහැදිලි කරා වෙලා තියෙන දේ....... ඒ ගමන ඕන් ආයෙත් ත්රී වීල් එකක් අරන් අර බොක්ස් එකත් පටවන් මූ කොළඹ ගියා.........
දැන් ඉතින් මායි ඩ්රයිවරයයි බලාගෙන ඉන්නවා මූ එනකම්..... මොන දවල් දොලහ වෙලත් මූ නෑ..... කෝල් එකක් දීලා බැලුවහම කියපි තවම බොක්ස් හොයනවා කියලා...... එදා සෙනසුරාදා දවසක්...... කඩත් වහනවනේ ඉක්මනට....... කොහොමින් කොහොම හරි හවස 3ට විතර බාසා හිස් අතින්ම ආවා හරියන බොක්ස් එකක් නෑ කියලා හොයාගන්න..... කුරුණෑගල ගිහින් තමා හොයන්න වෙන්නේ කියලා..... ඒකට ඉතින් සදුදා වෙනකම් බලාගෙන ඉන්න එපායේ...... ඈමතුවා බාසාට කන් පාත් වෙන්න........
ඈයි යකඩෝ දවසෙන් වැඩේ ඉවර කරලා දෙන එක දැන් දවස් දෙකක්.......
ඒක පොඩි කැන්ටර් එකකද කොහෙද පවර් බොක්ස් එකක්...... ඒකෙන් ඒ බස් එක කොහොම දිව්වද මන්දා......
මූ ඊළග සතියේ බොක්ස් එකක් අරන් ඈවිත් ගෙදරටම ඈවිත් හයි කරලා දෙන පොරොන්දුව පිට අර පරණ අටමගලේ අපේ එකට හයි කරලා දුන්නා....... රෑ 10ට විතර තමා ඒ මගුලත් හයි කරන් ගෙදර අරන් ආවේ බස් එක.......
අර මොරටුවේ බාසා ඉතුරු 25000ත් ඉල්ලුවට මම දුන්නේ නෑ.......
ඌ බොක්ස් එකක් ගෙනල්ලා කෝල් කරෙත් නෑ......
මම ඌට කෝල් කරෙත් නෑ..... මක බාස් කෙනෙක්ගෙන් වැඩක් ගන්නවට වඩා හොදා නිකන් ඉන්නවා....... අපෝ එතන තිබ්බ දවස් දෙකට.... ඌ බස් එකේ සිදු පේන්ට් එක මජන් කරා..... හැම තැනම මජන් පාරවල්.......
ලේලන්ඩ් ඔරිජිනල් බොක්ස් එකකට වඩා ලෙසටම කැපෙනවා මම අපේ බාස් එක්ක නුවරින් හොයාගෙන ආව පවර් බොක්ස් දෙක......
ඔව් ඔව්
FB15 එකේ ඩිකියේ දාගෙන තමා ගෙනාවේ.......
පස්ස බිමට පාත් වෙලා ආවේ කාර් එක නුවර ඉදන්.......
මේ වගේ සීන් එකකින් ඉගෙන ගත යුතු පාඩම් උඹලම දාපල්ලා.......
මගේ අත රිදෙනවා මේක ටයිප් කරලා.......
උත්තරේ ලගට ඈවිත්ද මන්දා කියලත් හිතෙනවා.... ඒත් පැහැදිලි මදි වගේ.....
![]()
ඔන්න කුකුළනි..... ....
ඔය Quote කරන කට්ටිය...... මේ සම්පූර්ණ ජාතක කතාව Quote කරන්න එපා.......

ඔන්න කුකුළනි..... තොපි පුල පුලා බලාගෙන හිටපු...... ස්ටියරින් වීල් එක වමට කැපුවහම..... රෝද දකුණට හැරෙන ජාතක කතා වස්තුව.......![]()

ලෙෆ්ට් හෑන්ඩ් ඩ්‍රයිව් කරන ට්‍රක් එකක ස්ටීරින්ග් බොක්ස් එක ගෙනත් ලන්කාවෙ ලෙලන්ඩ් එකකට සෙට් කලහම වම දකුන මාරුවෙල තමයි කැපෙන්නෙ මාමෙහ්
ඒක නෙවේ බං.... .ලෙෆ්ට් හෑන්ඩ් එකේ අර පොලු කෑල්ල එන්නේ වම් පැත්තටමනේ..... මේකේ කිසි වෙනසක් නෑ.... දකුණු පැත්තට ඒක එන්නේ......
මේක අර මම කටුවේ ලියපු සීන් එක...... 
ඔන්න බොලව් දැන් තියෙන විදිහ......
දැන් අපේ උන්ට සින්ක්‍රොමෙෂ් ඕනා වෙලා කුරු කුරු ගගා ඉන්නේ...... ඊළග පාර ගියර් බොක්ස් එකක් බාන්න උනහම..... සින්ක්‍රොමෙෂ් බොක්ස් එකක් (කඩන තැනකින් හොයලා) හෝ අපේ වැඩකරු ලව්වා...... ජපන් ගියර් බොක්ස් එකක් තියවන්න තමා කල්පනාව......![]()
![]()
අපේ වැඩ කරු මේවා විකුණන්න දෙන්නේ නෑ... අළුත් එන ලදරම් වගේ නෙවේ මේවා යකඩ කදන් කියලා..... පිස්සු නටන්නේ නැතුව ඉන්නලු..... ඒක නම් සහතික ඈත්ත.....![]()

ඒ මොකක්ද මාමේ?![]()
http://en.wikipedia.org/wiki/Manual_transmission
Synchromesh ගියර් බොක්ස් පුටේ......
Code:http://en.wikipedia.org/wiki/Manual_transmission
ඔන්න කුකුළනි..... තොපි පුල පුලා බලාගෙන හිටපු...... ස්ටියරින් වීල් එක වමට කැපුවහම..... රෝද දකුණට හැරෙන ජාතක කතා වස්තුව.......![]()
මේ වගේ සීන් එකකින් ඉගෙන ගත යුතු පාඩම් උඹලම දාපල්ලා.......
මගේ අත රිදෙනවා මේක ටයිප් කරලා.......
![]()
[/COLOR][/B]






