හදිසි ආපදාවන්ට මුහුණ දෙමු! Survival Guide Part 1
හදිසි ආපදාවන්ට මුහුණ දෙමු! Survival Guide (Crash Course) - Part 1
සූදානම් වීම
සූදානම් වීම
කාලගුණය යනු සෑම විටම වෙනස් වන්නා වූ තත්ත්වයක පවතින්නකි. අපගේ එදිනෙදා ජීවන රටාවට එල්ලවන අව්ව වැස්ස වැනි සාමාන්‍ය තත්ත්වයන් සඳහා අපි මුහුණ දෙන ආකාරයට වඩා පෙර මුහුණපා නොමැති තත්වයන්ට මුහුණදීමට අප සූදානම් වීම පසුගිය කාල වකවානුව දිහා හැරී බලන විට පසක් වෙයි..!
දැනට පවත්නා ජීවන රටාවත් සමග මේ සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් නොදැක්වූවත් හදිසියේ ඇති වන්නා වූ ආපදා තත්වයකට මුහුණදීමට හැකියාව ලබා දීම මේ ලිපියේ අරමුණයි..
හදිසි ආපදාවකදී (Tsunami/ Tornado/ Earthquake etc.) මුලින්ම ඕනෑම කෙනෙක්ට ඇති වෙන දේ තමයි බිය.. බිය වීම කියන්නේ අපි නොදන්නා මීට පෙර මුහුණ නොදුන් තත්වයකට දක්වන ප්‍රතිචාරයක් කියලා කියන්න පුලුවන්.. මුල්ම දේ මේ බිය තුරන් කරගන්න එක..(තමුන්ට පව්ලක් ඉන්නවානම් ඒක රැකගන්න තමුන් රැකෙන්න ඕන මුලින්ම..) ඒකට මෙන්න මේ විදිහට සූදානම් වෙමු..
මම ගොඩාක් දැකලා තියෙන දෙයක් තමා මේ වගේ හදිසි අවස්තාවක් ආවම ගොඩාක් වෙලාවට පොර ටෝක් දීපු අය කොර වෙලා panic attack පටන් ගන්නවා..
ඒ නිසා මුලින්ම මෙන්න මේ ටික තේරුම් ගන්න..හදිසි තත්වයකදී පොදුවේ හැමෝටම ඇති වෙන සිතුවිලි..
1. තීරණ ගැනීමේ අපහසුව
2. අසාමාන්‍ය කේන්ති යෑම (තමා හෝ යම් අයකු වරදකාරී බව හැඟීම)
3. අමතකවීමේ ගතිය
4. ශරීර ශක්තිය අඩු බව දැනීම (සීතල වීම, දෙපා දෑත් වෙව්ලීම, ඉකි ගැසීම)
5. කණස්සල්ල
6. සරල දේවල් පවා වැරදීම (සෙරෙප්පු මාරු කර දැමීම)
7. අන් අය සමග තනි වීම හෝ තමන් පමණක් හුදකලා වීම පිළිබඳ බිය
8. වගකීම් වලින් සැඟැවී සිටීමට උත්සාහය
9. ගනන් නොගන්නා බවක් පෙන්වීම..
10. බලාපොරොත්තු රහිත වී සියදිවි හානි කරගැනීමට සිතීම.
මේ ඔක්කෝම deppression වගේ ලක්ෂණ.. මේවාගෙන් මිදෙන්න තමයි SURVIVAL GUIDE එකෙන් උගන්වන්නේ .SURVIVE වීම කියන දේ අපිට අමුතු වචනයක් නෙමෙයි නේ..ඒත් අපි බලමු මේකේදී මේ වචනේ කොහොමද අර්ථ දක්වන්නේ කියලා...
ඔව්. මේ සියල්ලෙන්ම කියවෙන්නේ ඇති වී තියෙන අවස්ථාව තේරුම් ගැනීම තමයි. මේක තමයි වැදගත්ම දේ.
SURVIVE වීම සඳහා අපිට සෑම විටම පොදුවේ අවශ්‍ය වෙන දේවල් ටිකක් තියෙනවා..
හදිසි ආපදාවකදී අපි ඉන්නේ නොදන්නා නුහුරු පලාතක දේශගුණික තත්වයක් යටතේ වෙන්න පුලුවන්..ඒ වගේම මූලික අවශ්‍යතා වන ආහාර සැපයුම්/ පිරිසිදු ජලය/ නිවාස(shelter)/ ඇදුම්/ සනීපාරක්ෂක මෙන්ම වෛද්‍ය පහසුකම් කියන දේවල් සීමිත වෙන්න පුලුවන්..විදුලිය නැති වෙන්න පුලුවන්..සහන කණ්ඩායම් ලඟා වෙනකොට අපිට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි..
ඔයාගේ රාජකාරිය තමයි මේ දේවල් තරමක් හෝ යථා තත්වයකට පත් වන තුරු ජීවිතය රැකගැනීම..
මේ සඳහා ධනාත්මකව හිතන්න..ඒක ඉතාම වැදගත්..ශරීර සෞඛ්‍ය පවත්වාගන්න..

SURVIVAL KIT
මේක අපිට වැඩිය නුහුරු දෙයක්. මොකද අපි දන්නේ වෙන වෙන කිට් ගැන නේ
මේක කොටස් කීපෙකට වගේම අවශ්‍යතාවය, අවස්තාව වගේ දේවල් අනුව විවිධ විදිහට වර්ග කෙරෙනවා..මෙතනදී මම කියන්න යන්නේ සරලම survival kit එකක් ගැන..
(මේ හැම දේම kits විදිහටත් තනි තනිවත් ebay එකේ අඩු ගාණට ගන්න තියෙනවා..)
මේක කොටස් 2කට බෙදෙනවා..Basic survival tools & First Aid කියලා.
Basic survival tools
• ගිණි දැල්වීම සඳහා Lighter, metal match, waterproof matches (මේවා නැත්තම් සාමාන්‍ය ගිණිකූරු හිස් ටිකක් ඉටි කිරි වල ඔබලා ගන්න) වගේ දේවල්.
• ආහාර සඳහා සතුන් ඇල්ලීමට මදු ගසන කම්බි
(Snare wire./කටු කම්බි/ ත්‍රීවීල් කේබල්
)
• Signaling mirror.

• compass එකක්.
• බිලී කොකු සහ තංගුස් නූල් මීටර් 2ක් පමණ.
• ඉටිපන්දම්.
• කුඩා අත් කාචයක්.
• Water purification tablets.
• Solar blanket. (මේක ebay එකේ තියෙනවා $2ක් විතර වෙයි)

• කොන්ඩම් (for water storage.)
• light Stick.
(මේකත් ebay එකේ තියෙනවා $1ක් විතර වෙයි)
• Needle and thread.
• පිහියක්.(මේක රැම්බෝ පිහියක් නොවෙන තරමට හොඳයි..මොකද ඒකේ මිට හරියෙන් කැඩෙනවා..)
Basic First Aid Kit
• Oxytetracycline ටැබ්ලට්ස් (diarrhea or infection).
• Surgical blades.
• Butterfly sutures.
මීට අමතරව රතුකුරුස සංවිධානය නියම කල ලැයිස්තුව පහලින් දක්වනවා..
මේ ටික තමා මූලික කිට් එකකට අවශ්‍ය වෙන්නේ..අපි දෙවෙනි කොටසෙන් කතා කරමු මූලික ප්‍රථමාධාර ක්‍රම පිලිබඳව..
කැමති අයුරකින් උපුටාගැනීමට හා Share කිරීමට අවසර ඇති අතර මෙම ත්‍රෙඩ් එකේ link එක දක්වන්න..!!
දැනට පවත්නා ජීවන රටාවත් සමග මේ සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් නොදැක්වූවත් හදිසියේ ඇති වන්නා වූ ආපදා තත්වයකට මුහුණදීමට හැකියාව ලබා දීම මේ ලිපියේ අරමුණයි..
හදිසි ආපදාවකදී (Tsunami/ Tornado/ Earthquake etc.) මුලින්ම ඕනෑම කෙනෙක්ට ඇති වෙන දේ තමයි බිය.. බිය වීම කියන්නේ අපි නොදන්නා මීට පෙර මුහුණ නොදුන් තත්වයකට දක්වන ප්‍රතිචාරයක් කියලා කියන්න පුලුවන්.. මුල්ම දේ මේ බිය තුරන් කරගන්න එක..(තමුන්ට පව්ලක් ඉන්නවානම් ඒක රැකගන්න තමුන් රැකෙන්න ඕන මුලින්ම..) ඒකට මෙන්න මේ විදිහට සූදානම් වෙමු..
මම ගොඩාක් දැකලා තියෙන දෙයක් තමා මේ වගේ හදිසි අවස්තාවක් ආවම ගොඩාක් වෙලාවට පොර ටෝක් දීපු අය කොර වෙලා panic attack පටන් ගන්නවා..
ඒ නිසා මුලින්ම මෙන්න මේ ටික තේරුම් ගන්න..හදිසි තත්වයකදී පොදුවේ හැමෝටම ඇති වෙන සිතුවිලි..
1. තීරණ ගැනීමේ අපහසුව
2. අසාමාන්‍ය කේන්ති යෑම (තමා හෝ යම් අයකු වරදකාරී බව හැඟීම)
3. අමතකවීමේ ගතිය
4. ශරීර ශක්තිය අඩු බව දැනීම (සීතල වීම, දෙපා දෑත් වෙව්ලීම, ඉකි ගැසීම)
5. කණස්සල්ල
6. සරල දේවල් පවා වැරදීම (සෙරෙප්පු මාරු කර දැමීම)
7. අන් අය සමග තනි වීම හෝ තමන් පමණක් හුදකලා වීම පිළිබඳ බිය
8. වගකීම් වලින් සැඟැවී සිටීමට උත්සාහය
9. ගනන් නොගන්නා බවක් පෙන්වීම..
10. බලාපොරොත්තු රහිත වී සියදිවි හානි කරගැනීමට සිතීම.
මේ ඔක්කෝම deppression වගේ ලක්ෂණ.. මේවාගෙන් මිදෙන්න තමයි SURVIVAL GUIDE එකෙන් උගන්වන්නේ .SURVIVE වීම කියන දේ අපිට අමුතු වචනයක් නෙමෙයි නේ..ඒත් අපි බලමු මේකේදී මේ වචනේ කොහොමද අර්ථ දක්වන්නේ කියලා...
ඔව්. මේ සියල්ලෙන්ම කියවෙන්නේ ඇති වී තියෙන අවස්ථාව තේරුම් ගැනීම තමයි. මේක තමයි වැදගත්ම දේ.
SURVIVE වීම සඳහා අපිට සෑම විටම පොදුවේ අවශ්‍ය වෙන දේවල් ටිකක් තියෙනවා..
හදිසි ආපදාවකදී අපි ඉන්නේ නොදන්නා නුහුරු පලාතක දේශගුණික තත්වයක් යටතේ වෙන්න පුලුවන්..ඒ වගේම මූලික අවශ්‍යතා වන ආහාර සැපයුම්/ පිරිසිදු ජලය/ නිවාස(shelter)/ ඇදුම්/ සනීපාරක්ෂක මෙන්ම වෛද්‍ය පහසුකම් කියන දේවල් සීමිත වෙන්න පුලුවන්..විදුලිය නැති වෙන්න පුලුවන්..සහන කණ්ඩායම් ලඟා වෙනකොට අපිට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි..
ඔයාගේ රාජකාරිය තමයි මේ දේවල් තරමක් හෝ යථා තත්වයකට පත් වන තුරු ජීවිතය රැකගැනීම..
මේ සඳහා ධනාත්මකව හිතන්න..ඒක ඉතාම වැදගත්..ශරීර සෞඛ්‍ය පවත්වාගන්න..

SURVIVAL KIT
මේක අපිට වැඩිය නුහුරු දෙයක්. මොකද අපි දන්නේ වෙන වෙන කිට් ගැන නේ
මේක කොටස් කීපෙකට වගේම අවශ්‍යතාවය, අවස්තාව වගේ දේවල් අනුව විවිධ විදිහට වර්ග කෙරෙනවා..මෙතනදී මම කියන්න යන්නේ සරලම survival kit එකක් ගැන..(මේ හැම දේම kits විදිහටත් තනි තනිවත් ebay එකේ අඩු ගාණට ගන්න තියෙනවා..)
මේක කොටස් 2කට බෙදෙනවා..Basic survival tools & First Aid කියලා.
Basic survival tools
• ගිණි දැල්වීම සඳහා Lighter, metal match, waterproof matches (මේවා නැත්තම් සාමාන්‍ය ගිණිකූරු හිස් ටිකක් ඉටි කිරි වල ඔබලා ගන්න) වගේ දේවල්.
• ආහාර සඳහා සතුන් ඇල්ලීමට මදු ගසන කම්බි
(Snare wire./කටු කම්බි/ ත්‍රීවීල් කේබල්
)
• Signaling mirror.

• compass එකක්.
• බිලී කොකු සහ තංගුස් නූල් මීටර් 2ක් පමණ.
• කුඩා අත් කාචයක්.
• Water purification tablets.
• Solar blanket. (මේක ebay එකේ තියෙනවා $2ක් විතර වෙයි)

• කොන්ඩම් (for water storage.)

• light Stick.
(මේකත් ebay එකේ තියෙනවා $1ක් විතර වෙයි)
• Needle and thread.
• පිහියක්.(මේක රැම්බෝ පිහියක් නොවෙන තරමට හොඳයි..මොකද ඒකේ මිට හරියෙන් කැඩෙනවා..)
Basic First Aid Kit
• Oxytetracycline ටැබ්ලට්ස් (diarrhea or infection).
• Surgical blades.
• Butterfly sutures.
මීට අමතරව රතුකුරුස සංවිධානය නියම කල ලැයිස්තුව පහලින් දක්වනවා..
- 2 absorbent compress dressings (5 x 9 inches)
- 25 adhesive bandages (assorted sizes)
- 1 adhesive cloth tape (10 yards x 1 inch)
- 5 antibiotic ointment packets (approximately 1 gram)
- 5 antiseptic wipe packets
- 2 packets of aspirin (81 mg each)
- 1 blanket (space blanket)
- 1 breathing barrier (with one-way valve)
- 1 instant cold compress
- 2 pair of nonlatex gloves (size: large)
- 2 hydrocortisone ointment packets (approximately 1 gram each)
- Scissors
- 1 roller bandage (3 inches wide)
- 1 roller bandage (4 inches wide)
- 5 sterile gauze pads (3 x 3 inches)
- 5 sterile gauze pads (4 x 4 inches)
- Oral thermometer (non-mercury/nonglass)
- 2 triangular bandages
- Tweezers
කැමති අයුරකින් උපුටාගැනීමට හා Share කිරීමට අවසර ඇති අතර මෙම ත්‍රෙඩ් එකේ link එක දක්වන්න..!!

ආසම subject එකක් තමයි කැලාවකට පැනල ඔහොම survival scene එකක්
හොද thread එකක් දාහන්කො විස්තර දාල 