එන්ජිම රත්වෙනවද? එහෙනම් මේ කෑල්ල ගලවමුද?

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එන්ජිම රත්වෙනවද? එහෙනම් මේ කෑල්ල ගලවමුද?

    එන්ජිම රත්වෙනවද? එහෙනම් මේ කෑල්ල ගලවමුද?
    අපේ රටේ ඉන්නේ පුදුම බාස්ලා කොට්ටාසයක්. සමහරු හිතන්නේ සමහර කොටස් ජපනා පිස්සුවට වගේ හයි කරල කියලා. ඉතිං වාහනයක් හදන්න ගිය ගමන් දුරදිග නොබලා ඔය කොටස් අයින් කරලා දානවා. මේ වගේ දේවල් ගැන අපි ඇකි තරම් 'වාහන හින්දා කාපු කටු' ත්‍රෙඩ් එකේ වගේම 'Van modifications' ත්‍රෙඩ් එකේදිත් කථා කරලා තියනවා. අද කියන්න යන්නේ මේ වගේ බාස්ලා අයින් කරන තවත් කොටසක් ගැනයි. ඒක තමයි thermostat valve එක. අපි දන්නවනේ ඕනිම වාහනයක එන්ජින් එක ක්‍රියාත්මක වෙනකොට ඒක යම් ප්‍රමාණයකට රත් වෙනවා. ඉතිං ඔය එන්ජිම සිසිල් කරන්න සිසිලන පද්ධතිය යොදාගන්නවා.
    104138-004-E80BF16E.gif

    thermostat valve එකෙන් වෙන වැඩේ සිසිලන පද්ධතියට ගොඩක් විශේෂයි. සරළව කියනව නම් මේකෙන් වෙන්නේ එන්ජින් එක රත් වෙනකන් බ්ලොක් එක ඇතුලේ තියන වතුර රේඩියේටර් එකට යෙමු කරන්නෙ නැතුව තියාගන්න එක තමයි. එතකො ඒ වතුර ටික ඉක්මනට රත්වෙනවා. මේ නිසා මුලු රේඩියේටර් එකේම තියන වතුර අවශ්‍ය උශ්නත්වයට රත්වෙන්න අවශ්‍ය නෑ. මේ නිසා වාහනේ ස්ටාට් කරපු ගමන්ම එන්ජින් එක රත්වෙලා ධාවනයට සුදුසු තත්වෙට පත්වෙනවා.

    සිසිලන පද්ධතිය ගැන මූලිකව තේරුම් ගන්න මේ වීඩියෝ එක බලන්න


    රේඩියේටර් එකේ හෝස් එකක් ගියොත්, ෆෑන් බෙල්ට් එක කැඩුනොත් මොකද වෙන්නෙ කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. ඉතිං එන්ජිම ඕවහීට් වෙනව කියන්නේ ඔහොම සිද්දියකින් පස්සේ එන්ජිම අධික ලෙස රත්වීම විතරක්ද?
    ඔය වගේ මතුපිටට ලොකුවට පේන ප්‍රශ්නයක් නොවුනත් එන්ජිමක් ප්‍රමාණයට වඩා රත්වෙන්න පුලුවන්. එහෙම දෙයක් වෙන්න නම් හේතු ගණනාවක් බලපාන්න පුලුවන්. සරලම සිද්ධියක් තමයි ෆැන් බෙල්ට් එක බුරුල් වීම හෝ කරවෙලා තියන නිසා ලිස්සා යෑම. මෙතනදී ෆෑන් එක නිවැරදි ආර්පීඑම් එකෙන් වැඩ කරන්නෙ නැනි නිසා එන්ජිම රත්වෙන්න පුලුවන්. මේ හැර රේඩියේටර් එක බ්ලොක් වුනොත්, සයිලන්සර් එක බ්ලොක් වුනොත්, බ්‍රේක් බයින්ඩ් වුනොත්, Ignition timing වෙනස් වීම, valve timing වෙනස්වීම වගේ හේතු ගොඩක් නිසා එන්ජිම රත් වෙන්න පුලුවන්. මේ වගේ සිද්ධි නිසා එන්ජින් එක වැඩිපුර රත් වෙනව නම් ඒක එකපාරටම අදුරගන්න අමාරුයි. ඉතින් වාහනේ අයිතිකාරයට දැන් තමන්ගේ වාහනේ එන්ජින් එක හීට් වෙනව වැඩී වගේ කියලා දැනුනම ඕක ගැරජ් එකකට අරං යනවා. ඒ ගෙනියපුවම මූලික පරික්ෂා වලින් දෝෂය මොකක්ද කියලා හොයාගන්න බැරිනම් බාස්ලා කරන වැඩේ තමයි thermostat valve එක ගලවන එක. :shocked: දැන් හරි වැඩේ ඉවරයි. දැන් එන්ජිම එහෙම වැඩිපුර රත්වෙන්නෙ නෑ. ඉතිං හරි ෂෝක් මේ ජපන් පිස්සෝ කහනවට හයිකරල තියන thermostat valve මෙච්චරකල් මොනමගුලකට සිසිලන පද්ධතිය තුළ තිබුනද දන්නෙ නෑ.
    ලෙඩේ නැවතුනා නෙවෙයි දැන් තමයි ලෙඩ දහසක් පටන්ගන්නේ. ඔන්න දැන් අපේ බුවාලට වාහනේ එපා වෙනවා. පරණ වාහන වලට බණිනවා. දැන් මොකද වෙලා තියන්නේ එන්ජින් එක රත් වෙනකන් හරියට අදින්නෙ නෑ. ටිකක් දුර යනකන් වාහනේ පිකප් නෑ, එන්ජින් එක රත් වෙනකන් පහළ ගියර් වලදි ඒසී දැම්මොත් එන්ජිම නතර වෙන්න බලනවා. වැඩිපුර තෙල් පිච්චෙනවා. එකී මෙකී නොයෙක් ලෙඩ දැන් වාහනෙන් මතුවෙනවා. ඉතිං දැන් පලයංකෝ ආයි ආයි ගැරජ් ගානේ. ඉතිං තේරෙනව නේද ගැරජ් බාස්ලට ඕනි විදිහට මේ වගේ කොටසක් ඉවත් කරොත් ඇති වෙන්න පුලුවන් ගැටලු. කවදාවත් වාහනයක ගැටලුවකට තවත් කොටසක් ගලවල ඉවත්කරන එක කරන්න එපා. ඉවත් කරන කොටසක් වෙනුවෙන් අලුත් හෝ රීකන්ඩිෂන් කොටස් දාන්න ඕනි. මොට්ට බහුබූත අති පණ්ඩිත බාස්ලට ඕනි ඕනි දේවල් කරන්න දෙන්න එපා.​


    එහෙනම් අදට ඔච්චරයි. මේකට අවශ්‍ය අඩුවැඩිය අපේ යාලුවෝ එකතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා.
    ආයි දවසක වාහන ගැන මොනව හරි කතා කරමු
    එහෙනම් හැමෝටම ආයුබෝවන්!


    කලින් මම වාහන ගැන දාපු නුල්.
    වාහනවල දෝශ සෙවීමේ සටහන්
    ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ
    පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි I
    පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි II
    හයිඩ්‍රොලික් ජැක් එකක් වැඩ කරණ හැටි
    රොටරි මෝලේ තරම
    ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට
    වාහන පිස්සංට සර්විස් මැනුවල් ඕනෙ නම්
    වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්
    කාබන් ෆයිබර් කාර්
    2015 BMW 750Li කාර් එක බලන්න වරෙව්!

    banner_zpsd6df7d37.png
     
    Last edited:

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    මොට්ට බහුබූත අති පණ්ඩිත බාස්ලට ඕනි ඕනි දේවල් කරන්න දෙන්න එපා
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය ත‍ර්මෝස්ටැට් වෑල් එක සාමාන්යෙන් ගලවලා අලුතින් දාන්න ඔිනි එකක් නෙමේ කියල මන් අහල තියෙනවා... ඕවා අප්ස්ට් වෙන්නෙ බොහොම කලාදුරකින්ලු
     
    • Like
    Reactions: Mr.Tom

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඔය ත‍ර්මෝස්ටැට් වෑල් එක සාමාන්යෙන් ගලවලා අලුතින් දාන්න ඔිනි එකක් නෙමේ කියල මන් අහල තියෙනවා... ඕවා අප්ස්ට් වෙන්නෙ බොහොම කලාදුරකින්ලු

    රේඩියේටරේට වතුර දාන වාහන වල ත‍ර්මෝස්ටැට් වෑල් එක කූලන්ට් දාන ඒවට සාපේක්ශව අප්සට් වෙනව වැඩී..
    මොකද වතුරෙ තියන මඩ ගතිය ඕකෙ බැඳිල ඕක නියමිත උශ්නත්වයෙදි ඇරෙන්නෙ නැතුව යනව.. ඒකට ඉතින් ඕක ගලවල දාල හරියන් නෑ..
    ගලවල බලල සුද්ද කරල ඒත් හරියන් නැත්තන් ගැලපෙන අලුත් එකක් දාගන්න එක එන්ජිමට හොඳයි..
    ඕක ගලවල දැම්මම වෙන්නෙ එන්ජිම Working Temperature එකට එන්න වෙලා යනව.. ඒ හින්ද එන්ජිම ගෙවෙනව වැඩී වෙන එක
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රේඩියේටරේට වතුර දාන වාහන වල ත‍ර්මෝස්ටැට් වෑල් එක කූලන්ට් දාන ඒවට සාපේක්ශව අප්සට් වෙනව වැඩී..
    මොකද වතුරෙ තියන මඩ ගතිය ඕකෙ බැඳිල ඕක නියමිත උශ්නත්වයෙදි ඇරෙන්නෙ නැතුව යනව.. ඒකට ඉතින් ඕක ගලවල දාල හරියන් නෑ..
    ගලවල බලල සුද්ද කරල ඒත් හරියන් නැත්තන් ගැලපෙන අලුත් එකක් දාගන්න එක එන්ජිමට හොඳයි.. නැත්තන් Working Temperature එක ගන්න වෙලා යන හින්ද එන්ජිම ගෙවෙනව වැඩී

    වතුරෙ මඩ කිව්වෙ? මඩ වතුර කවුද බන් රේඩියේටර් එකට දාන්නෙ? ඕක‍ට බොන වතුරනේ දාන්නෙ?
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    වතුරෙ මඩ කිව්වෙ? මඩ වතුර කවුද බන් රේඩියේටර් එකට දාන්නෙ? ඕක‍ට බොන වතුරනේ දාන්නෙ?

    මඩ වතුර නෙවෙයි බං..
    බලපංකො අපි බොන වතුර උනත් ‍ෆිල්ටර් එකකට දැම්මම උඹ දැකල නැද්ද ඒකෙ Ceramic ‍ෆිල්ටරේ රොන් මඩ වගේ බැ‍ඳෙනව.. අන්න ඒව කිව්වෙ.. රේඩියේටර් වල උනත් කෝර් අස්සෙ බැ‍ඳෙන්න ඔන්න ඕව + මලකඩ තමයි..
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මඩ වතුර නෙවෙයි බං..
    බලපංකො අපි බොන වතුර උනත් ‍ෆිල්ටර් එකකට දැම්මම උඹ දැකල නැද්ද ඒකෙ Ceramic ‍ෆිල්ටරේ රොන් මඩ වගේ බැ‍ඳෙනව.. අන්න ඒව කිව්වෙ.. රේඩියේටර් වල උනත් කෝර් අස්සෙ බැ‍ඳෙන්න ඔන්න ඕව + මලකඩ තමයි..

    සාමාන්‍ය කූලන්ට් එකෙත් තියෙන්නෙ ගොඩක්ම වතුර තමා... මලකඩ කනවා කියන එකනන් පිලිගන්න පුලුවන්.