මෙහෙම කරපන්.. යද්දි අවිස්සාවේල්ල, කිතුල්ගල, ලක්ෂපාන, හැටන් හරහා නුවර එළි පලයන්.. ඒ යද්දි උඹට කිතුල්ගලින් නාලා උදේට කන්න පුලුවන් (කැමතිනන් රා කට්ටක් රහ බලන්නත් පුලුවන්) .. ඊට පස්සෙ ලක්ෂපාන දිය ඇල්ල බලන්න පුලුවන්, නෝර්ටන් බිජ් බලන්න පුලුවන්, ඇබර්ඩීන් ඇල්ල , ඩෙවෝන් ඇල්ල සෙට් වෙනවා.. ඊට පස්සෙ නුවර එළි පලයන්. නුවර එළියෙ අර තුරග පිටිය, ග්‍රෙගරි ලේක් එක. ඒකෙ බෝට් සෆාරි යන්න පුලුවන්.. නුවර එළිය ගාඩ්න් එකත් ටිකක් ෂේප්..
ඊට පස්සෙ එහෙ ඉදල බදුල්ල පැත්තට වරෙන්. එද්දි හග්ගල සෙට් වෙනව.. හග්ගල මල් බලල මල් කඩල ඉවර වෙලා පල අඹේවෙල ෆාම් එකට.. ඊට පස්සෙ බදුල්ලට ගිහින් මුතියංගනේ වැදපුදාගෙන බදුල්ල මහියංගනේ පාරෙ ටික දුරක් යද්දි සෙට් වෙනව දුන්හිද.. අන්න පට්ට ප්ලේස් එක. ටිකක් ඇතුලට යන්න තියෙනවා. කි.මී.2 ක් විතර. බට් සුප්පා ප්ලේස් එක... දුන්හිද ගිහින් වරෙන් හාලිඇලට.. එතනින් ඇල්ල පැත්තට ගිහින් රාවණා ඇල්ලට පල.. අනිවා කොල්ලො සෙට් එක පුලුවන්නන් උඩට නැගපන්.. දැනට 35-40 විතර මර්ගයා වෙලා තියෙනවා. පරිස්සමින් පල. උඩ පට්ට ප්ලේස් එක. ඊට පස්සෙ එහෙන් වර හපුතලෙට.. එද්දි රාවණා හිටපු පංසල සෙට් වෙනවා. ඒකටත් පල. දෝව පන්සල තියෙනවා. ඊට පස්සෙ හපුතලේ ඇඩිෂම් බංගලාවට පල. ඒකෙ පරන පල්ලිය බලල, ජෑම් එහෙම කාලා වරෙන්. ඊට පස්සෙ කොළඹ වරෙන් රත්නපුර පාරෙන්. එද්දි බඹරකන්ද සෙට් වෙනවා. සුරතලී සෙට් වෙනවා. ඊට පස්සෙ බෙලිහුල්ඔය සෙට් වෙනවා. එතනින් මොනව හරි කාලා බීල ගෙදර වරෙන්. මතක ඇතුව එද්දි අපිට මොනව හරි අරන් වරෙන්. සුබ ගමන්.. ජර්සි, අයිස් කැප්, සපත්තු (කූඩැල්ලො) අමතක කරන්න එපා
සන්ජියාට බය හිතෙයි යකෝ



උබ මේ උදවු කරලද බෑනලද තියෙන්නෙ



කරපන් - කරන්න අයියණ්ඩි / පලයන් - යන්න අයියණ්ඩි / වරෙන් - වඩින්න අයියණ්ඩි /





