පද පේළී - EK LYRICS THREAD PART 2

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නමක් නොමැති මේ හිතවත්කම...

නමක් නොමැති මේ හිතවත්කම
ඔබ හිතන්නේ මේ ආදරයද
මමත් දන්නෙ නෑ හරිහැටි තව
කියා දෙන්න මේ ආදරයද...

දුකයි සැපයි එකසේම බෙදා මගේ ළඟින් සිටියා
මිතුරියකට පොඩ්ඩක් වැඩියෙන් ඔයා සොයා බැලුවා
මගේ නෙතේ කඳුළු රටා ඔයාගෙ ඇස් තෙමුණා
මටත් ඔයා මගේ කියා එදා ඉඳන් සිතුණා...

එදා ඉඳන් මට සිතුණා...

නැඟණිය වී මට මිතුරිය වී කලක් ගියා නේද
සොඳුරිය වී මට හිමි වී මා ළඟ ඉන්නවද
එදා ඉඳන් ඔබේ ළඟින් ඉන්නේ මම නේද
මමයි මගේ ආදරයයි ඔයාගෙමයි නේද...
ඔයාගෙමයි හැමදාම...

මට ළංවෙලා ආලෙන් වෙලා
ඔබ ඉන්න සසරින් මිදෙනා තුරා
කඳුළක් නොදී සුසුමක් නොදී
මම ඉන්නෙමී ඔබට දෙව්දුවක වී...

-Shanika ft Chathura-
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ගිම්හාන මල් වරුසාවේ...

මියුලැසී..මුදු මියුලැසී
මාවතේ තනිවූ...
ජීවිතේ..සැඩ මාරුතේ
ආදරේ සොයපූ...
ගිම්හාන මල් වරුසාවේ
ආදරේ නුඹ ගෙන ආවේ...
ගිම්හාන මල් වරුසාවේ

ආදරේ සුව දැනුනාවේ...

නිම් නැතී..සිහිනේ ගිලී
ආදරේ නිම්හිම් සොයා...
සියුමැලී..රතු තොල් පෙතී
හාදු වැස්සක් ගෙනා...

ගිම්හාන මල් වරුසාවේ
ආදරේ නුඹ ගෙන ආවේ...
ගිම්හාන මල් වරුසාවේ
ආදරේ සුව දැනුනාවේ...

-Shehan Kaushalya-


 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Noyel Raj..............

..අම්මා..අම්මා..
:love:

380351.jpg




~රැයක් නිදා නිදි නැති රෑ~
..දස දහසක් ගෙවුවා..
~බතක් උයා කටක් නොකා~
..මා එනතුරු උන්නා..
~අම්මා..අම්මා..අම්මා..අම්මා~
..මම මදී ඔබට ආදරය කෙරුවා..

~පින්වන්තියේ ඔබගේ පින් මහිමයෙන්~
..මට ලෝකේ දැකගන්න දුන්නා..
~දෙනෙතේ ඔබේ සැලෙන ඇහි පිල්ලමේ~
..හැම වාරයක්ම ඔබ මාව සිතුවා..
~අම්මා..අම්මා..අම්මා..අම්මා~
..මම මදී ඔබට ආදරය කෙරුවා..

~වියපත් වුවත් තාම ඔබගේ අතේ~
..අද පුංචි දරුවාමනේ මා..
~උකුලේ ඔබේ නැවත නලවන්න මා~
..ඇති ඒක සනසන්න සිතුනා..
~අම්මා..අම්මා..අම්මා..අම්මා~
..මම මදී ඔබට ආදරය කෙරුවා..


..අම්මා අම්මා..
 

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    අත් අල්ලා දුරක් ගෙවලා.... හිත් ඉල්ලා දෙනෙතේ බැඳිලා
    සංසාරේ හමුවී තියේදෝ සුරඟන පරදන රූපේ
    දෛවයේ ලියවී තියේදෝ හිමිවන බව මේ වාරේ
    දෑස අස්සේ දරාගත් හීන වැල් මා මවාගත්
    පණ සේ රකින්නම් දිවිතුරා
    අත් අල්ලා දුරක් ගෙවලා... හිත් ඉල්ලා දෙනෙතේ බැඳිලා
    නාඳුනනා බවින් මිදිලා දුක් නිව්වා පෙමින් වෙලිලා

    ඉහ වහ ගිය ස්නේහ කල්පනා හිත නලවන චාටු බස් සොයා
    පියඹා ගියාවේ පාවෙලා
    මුව නොකියන ආදරේ රටා නෙතු පවසන වාර දිස්වුණා
    නොදොඩාම රහසේ ළංවෙලා
    ප්‍රේම පාරේ නවතැන් පෙන්වනා කාරණාවන්
    දුරුවේ නුහුරු තැන් වේදනා

    අත් අල්ලා දුරක් ගෙවලා... හිත් ඉල්ලා දෙනෙතේ බැඳිලා
    නාඳුනනා බවින් මිදිලා... දුක් නිව්වා පෙමින් වෙලිලා

    තරවටු හොඳ නෑලු ආදරේ විනිවිද සිතුවිලි ද පෑහුණේ
    මට මැවුකෙනා ඔබ තමා
    දිලිහෙන තරු වාගේ ඇස් දිගේ මෙපමණ කල් ඇයිද තේරුවේ
    නිස්කාරනේ දුක් දරා
    පීදෙනා පෙම් ඉනාවන් කැන්දුවා භාවනාවන්
    කවදාක හෝ එක්වෙනා

    අත් අල්ලා දුරක් ගෙවලා... හිත් ඉල්ලා දෙනෙතේ බැඳිලා
    නාඳුනනා බවින් මිදිලා... දුක් නිව්වා පෙමින් වෙලිලා
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හැඟුම් වරුසාවේ...

    හැඟුම් වරුසාවේ
    තෙමෙන කින්නරියේ
    විල තලේ කැළඹේ
    සඳ දියේ රහසේ...

    තරු ඇස් පියා සැතපී
    මිහිදුම් වලා යහනේ
    පාට හේදුනු හීනයක දැවටී
    නිදි සුව ලදින්නේ රාත්‍රියේ...

    මල පෙති සලා සැරසී
    නෑ වසන්තේ එන්නේ
    කුරුටු ගෑවුණු ගිමන්කල වැතිරී
    මුවරද සිඹින්නේ ආදරේ...

    -කසුන් කල්හාර-

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හීන ගහන නුහුරු රැයට අඳුර ළංවෙලා...

    හීන ගහන නුහුරු රැයට අඳුර ළංවෙලා
    දැනෙන හැඟෙන හැම හැඟුමක කඳුළු ඉපදිලා
    හෙමින් හෙමින් ලියු කවියක අරුත ගිලිහිලා
    සොඳුරු මිහිරි නුහුරු ඔබේ උවන සිරවෙලා...

    සඳක මහිම මෙහෙම නොවේ සිහිල නොදෙනු ඇයි
    දැවෙන නෙත් තෙමා සොමි ගුණ සදනු නොහැකි ඇයි
    පෙමක මහිම මෙහෙම නොවේ ඇසුර නොදෙනු ඇයි
    සොඳුරු පෙම මුදා මා සිත සිඹිනු නොහැකි ඇයි...

    ළඳක මහිම මෙහෙම නොවේ සියුම් නොවෙනු ඇයි
    පිපෙන මල් දිහා සොඳුරුව බලණු නොහැකි ඇයි
    මහද මහිම ඔහොම නොවේ හැඳින නොගනු ඇයි
    කඳුළු වැහි යවා මා වෙත
    පිපෙනු නොහැකි ඇයි...


    -කසුන් කල්හාර-
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Sunil Edirisinghe...................



    හිසේ ගිනි ඇවිලෙතේ~
    පසේ බුදුවරු නැතේ..
    ඇසේ තෙත ඇත හිතේ~
    පිසින්නේ කවුරුදෝ..
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රත්නපුරෙන් ගෙන ආ සමන් මල් සුවඳින් හද පුරවා
    කලා වැවේ සුදු නෙළුම් නෙලාගෙන දෝත පුරා
    රුහුණ පුරෙන් නෙලලා කෑල මල් සුවඳ කොකුම් තවරා
    අලි මංකඩ තොටමුණට වෙලා අපි බලා හිදිනවා...
    නාගදීපයේ දොරගුළු හැරෙන තුරා
    හර්ශන දිසානායක
     
    • Like
    Reactions: rcccc

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෛවයේ නියමය ද මේ ගල් වලේ ලියැවුණේ
    වෙඩි නූල ගිණි අරන් මගෙ පැල්පතට ඇවිළුනේ
    අලුවෙලා ගිය පැතුම් කළුගල පුරා විසිරුනේ
    මට අහිමි කර මගේ ඇස් ගල් බෝරෙ පිපිරුනේ

    වැඩි දිනක් නෑ මගේ මැණිකෙට පුතෙක් ලැබෙන්න
    බැරිවේවි තාත්තට පුතාගෙ මුහුණ දකින්න
    පෙර කරපු පාපයක් මේ මට පලිසන් දුන්න
    සිදුවුණා කුළුගෙඩිය අතහැර කණවැල ගන්න

    අඩුපාඩු කම් දැනෙයි ඔයාට ඉවසන් ඉන්න
    හැමවිට ම හිතට ශක්තිය ධෛර්යය අරගන්න
    මට දෑස් නැතිවුණත් පුතාගෙ ඇස් පාදන්න
    සුදු මැණිකෙ අපිට දවසක සතුටින් මියයන්න

    දෛවයේ නියමය ද ...................


    ගායනය :- අසංග ප්‍රියමන්ත පීරිස්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිටි හැටියේ ඔබෙන් ලැබුණු
    ආලවන්ත ඇස් බැල්මට අසුවන විට මං
    සක්විති රජකමට වඩා
    සත්තකින් ම පින් කළ බව
    ඇඟෙයි හැබෑවයි

    නිදි නැති රැය නිදි කරමින්
    හීනයක් වී සැරෙන්
    ඔබ ‍එන විටනම්
    රෑ අඳුරට ලොල් බඳින්න
    පායන හිරු වසන් කරයි
    ඉන්න හිතෙන් නෑ

    හිටි හැටියේ ...............

    තනිකම අවරක යවමින්
    මල් සුවඳක ඔබ දැවටී
    එන විට රහසින්
    මායිම් නැති අවකාශය
    ඉපිල නටන සුවඳක් වී
    දැවටෙමි සැනෙකින්

    හිටි හැටියේ ...............


    ගායනය :- අසංක ප්‍රියමන්ත පීරිස්
     
    • Like
    Reactions: rcccc

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සඳ රේනු ඇති රැක ඔය දෑස සිප ගන්න
    ආවා මම ආවා ....

    මගේ ලෝකේ ඔබ නේද ඔබ මාගේ පන නේද
    කීවා ඔබ කීවා ....


    සුසුමක්ව ලග ඉන්න නෙතු ගාව ඉපිලෙන්න
    හැමදාම මගේ ලෝකයේ....

    හුරතල්වී මා ලගම තුරුලේම පවසන්න
    මං ඔබට හරි ආදරෙයි...


    කවි සිංදු මුමුනන්න දුක් ගින්න මට දෙන්න
    සැනසෙනන්න මිහිරාවියේ ...

    ඔය උකුලේ මියැදෙන්න කවදාක හැකිවේද
    මා පැතුම එයමයි ප්‍රියේ...
    ♡♡ ♫



    /Prasanga Thisera & Shashika Nisansala/~
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සුපෙම් ශෘංගාරියේ...

    ඇසිපිය නටයි ඔබ දුටුවම හැඩකාරියේ
    සිත උමතුවෙයි ඔබෙ රුව නිසා දඟකාරියේ...
    මුහුනේ පෙම් පාට සිරුරෙ පිං පාට දුටු මගේ සිල් බිඳෙයි
    සිතැඟි කිතිකවන ඔබෙ මුකුලු දැලට බැඳෙමි සත්තයි ලඳේ...

    සුපෙම් ශෘංගාරියේ
    ඔබේ ඔය දෑසින් විහිදෙනා
    හැඟුම් රැඟුමන් පිරී
    පිටාරේ යයි මගේ ආදරේ...
    සුපෙම් ශෘංගාරියේ...

    ලෙලදෙනා නිතඹේ හැපී අයදින්නද සමා ඔබෙන්
    නැලවෙනා ගමනේ හැටි නරඹන්නද කලා නෙතින්...
    රුවැති යුවතියගේ කොපුල සිපගන්න පමණක් තිබේ
    සිහින දෙව් දුවගේ සුරත අරගන්න අවසර තිබේ...


    -Centigradz-

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රත්නපුරෙන් ගෙන ආ සමන් මල් සුවඳින් හද පුරවා
    කලා වැවේ සුදු නෙළුම් නෙලාගෙන දෝත පුරා
    රුහුණ පුරෙන් නෙලලා කෑල මල් සුවඳ කොකුම් තවරා
    අලි මංකඩ තොටමුණට වෙලා අපි බලා හිදිනවා...
    නාගදීපයේ දොරගුළු හැරෙන තුරා
    හර්ශන දිසානායක
    11.gif

    සෑහෙන කාලෙකින් පෝස්ට් එකක් දැක්කේ:)
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හංගාගෙන සිටියා මා සිතක කොනේ
    නොවෙනස් හැඟුමක් ඒ ඔබම කෙරේ

    කාවින්ද්‍යා අධිකාරී | අමිල පෙරේරා