වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාර නම් ලංකාවේ වාහන වලට දාන්නේ :rofl:

    ඔව් බං ඕවා වැඩි හරියක් දාලා තියන්නේ බ්‍රෝකර්ලා. උන්ට ඕවගේ නම් මතක තියාගන්න බැරි නිසත්, නම් කියව ගන්න තේරෙන්නේ නැති කම හෝ දන්නෙ නැති නිසත් උන්ට පේන නම් ඒවට දානවා. ඒකනේ බං කෙහෙල්මුව සනී, කනේ මයිල්, ලැට් දොර, ලයිට් ඒස් පෙට්ටි මොඩ්ල්, ඩොල්ෆින්, ඩොක්ට සනී වගේ නම් බිහි වෙලා තියන්නේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :rofl: doctor sunny dannawa. dolphin kiyanne aththatama van eke model name eka neweida :baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :rofl: doctor sunny dannawa. dolphin kiyanne aththatama van eke model name eka neweida :baffled:

    නෑ බං. ඕකේ ඉස්සරහ ඩොල්ෆින් මාලුවෙක්ගේ වගේ නිසා තමයි ඔය නම දාලා තියන්නේ. ටොයෝටා හයිඑස් වල ආපු මොඩ්ල් නම්බස් කියාගන්න බැරුව අපේ බුවාල කියන නම් තමයි ඕවා. මුලින් ආපු එල්එච් 20, එල්එච් 30 වලට එහෙම කියපු බුවාලා එල්එච් 50,51 ෂෙල් එක දැකපු ගමන් ඒකට කිව්වා ෂෙල් මොඩ්ල් කියලා. :P ඊට පස්සේ ආවේ ඉස්සරහ පුම්බලා ආපු මොඩ්ල් එක. ඒකට අපේ අයියලා ඩොල්ෆන් කිව්වා. LH 103, LH 113 වෑන් එකක් කිව්වොත් කව්රුත් වැඩිය දන්නෙ නෑ. :rofl:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් බං ඕවා වැඩි හරියක් දාලා තියන්නේ බ්‍රෝකර්ලා. උන්ට ඕවගේ නම් මතක තියාගන්න බැරි නිසත්, නම් කියව ගන්න තේරෙන්නේ නැති කම හෝ දන්නෙ නැති නිසත් උන්ට පේන නම් ඒවට දානවා. ඒකනේ බං කෙහෙල්මුව සනී, කනේ මයිල්, ලැට් දොර, ලයිට් ඒස් පෙට්ටි මොඩ්ල්, ඩොල්ෆින්, ඩොක්ට සනී වගේ නම් බිහි වෙලා තියන්නේ.

    මොකක්ද බං ඔය කනේ මයිල් කතාව?:rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මොකක්ද බං ඔය කනේ මයිල් කතාව?:rofl:

    මේකේ පිටිපස්සෙ මඩ්ගාඩ් එකට උඩින් තියන කළු පාට අර්ධ කවාකාර කොටස මොන වගේද කියල බලපං.
    1337536126_19230.jpg

    පැහැදිලි නැත්තම් මේ ලිංක් එක බලන්න
    https://autofrei.files.wordpress.com/2011/04/p3134900.jpg
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ වගේද ලැට් දොර මොඩ්ල් :lol::lol::lol:

    විලි ලැජ්ජයි,,, හැබැයි ඉතින් ඔය නම් පට බැන්දෙන්නේ යූස් කරලා කාලයක් ගියාම නිසා අවුල අඩුයි... නැත්නම් අලුතෙන්ම වාහනයක් රෙජිස්ටර් කරලා ගත්ත එකෙකුගෙන් ඇහුවොත් මචං උඹෙ ලැට් දොර කීයද කියලා:baffled::baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කාලෙකින් ඔන්න එහෙනම් කාපු කට්ටක් ලියන්නයි යන්නේ
    පොලා කටු ත්‍රෙඩ් එක පටන් ගන්න කාලෙකට කලින් වුන කට්ටක් ගැනයි මේ ලියන්න යන්නේ. ඔන්න ටොමා විකුණන්න කියලා හිතාගෙන ගත්තු කාර් එකක තමයි මේ සීන් එක වුනේ. මම මේ කියන කාර් එකේ හවස ගෙදර එනකොට හීනියට පොද වැස්සක් වැටුනා. ඉතිං මොකද කරන්නේ මිතුරනි ටොමා වයිපර් එක දැම්මා. දැම්ම දැම්මමයි බඩු වැඩ නෑ. ඉතිං ගෙවල් වලට ලග නිසා ලොකු අව්ලක් නෑ හිමින් හිමින් ගෙදර ආවා කියමුකෝ.
    stock-footage-windshield-water-drop.jpg

    ඉතින් පහුවෙනිදා ටොමා ජීවත් වෙන ප්‍රදේෂයේ ඉදලා කිලෝමීටර් 30 ක් විතර දුර තියන වෙඩිමකට යන්න සෙට් වෙලා තිබුනේ. වැඩේ කියන්නේ ඒ වෙඩිමට යන එක නෙවෙයි අව්ල, වයිපර් එක ගොඩදාගන්න එපැයි මොකද වැස්සොත් වයිපර් නැතුව කන්න වෙන කට්ට ගැන උඹලටත් අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. වැඩේ කියන්නේ රෑ වුන නිසා හදන්න එකෙක් හොයාගන්නත් බෑ. ඊටත් වැඩිය ලොකු අව්ල ගෙදර ආපු ටොමාට ආයි ඕක හදාගන්න යන්න කම්මැලී.

    ප්‍රශ්නෙ ඔය දෙකම නෙවයි, ඔය මෝටර් වගේ කොටස් ගැන ටොමාට දැනුමක් නැති එකයි ලොකුම අව්ල. නැත්තං පොලා රේස් කරන්න කෝඩ් එකක් දාගත්තා වගේ මොකක් හරි අටමගලයක් වත් අටව ගන්න තිබුනා. ඉතිං සාමාන්‍ය විදිහට වයිපර් මෝටරේට කරන්ට් එක එනවද කියල බැලුවා. බැටරියෙන් කෙලින්ම දීලත් බැලුවා. වයිපරේ නෝ හෙල්ලුම්. දැන් වැඩේ කොරන්න බෑ. වයිපර් නැතුව වෙඩිමට යන්න ටොමා හිත හදාගත්තා.

    දෙයියනේ කියලා වෙඩිමට යනකන් පට්ට අව්ල, කිසිම කරදරයක් නැතුව ගිහින් ඉදලා කාලා එහෙම ටොමා එන්න පිටත් වුනා. පිටත් වුනා තමයි හීනියට පටන්ගත්තු වැස්සේ ටික ටික ධාරානිපාත එකක් වුනා. දැන් ඉතිං මොනව කරන්නද, ටොමාගේ යාලුවෙක් කියල තිබුනා වැස්සෙදී වයිපර් වැඩ කරන්නෙ නැති වුන වෙලාවක ෂැම්පු පැකට් එකක් අරං ඉස්සරහ කපලා වින්ස්ක්‍රීන් එකේ ගෑවොත් හොදට පේනව කියලා. :D වෙලාවට මගේ ටිකිරි මොලේට ඔය අදහස ආවා. නැවැත්තුවා කඩයක් අල්ලලා, ගත්ත ෂැම්පු පැකට් එකක්. දැන් ඕක දාලා අතුල්ලන්න එපැයි. කුඩෙත් අල්ලගෙන, බාගෙට තෙමීගෙන ඇතිල්ලුවා තමයි ෂැම්පු පැකට් එක. වැඩේ ඉවර වෙලා යන්න බැලින්නම් තව ටිකක් පේන්නෙ නෑ. ආයිත් බැහැලා වීදුරුව ටිකක් අතුල්ලලා, ෂැම්පු යවලා, ෂැම්පු ගාන්න කියපු මගේ යාලුවගේ හත්මුතු පරම්පරාවත් සිහිපත් කරමින් හරි අමාරුවෙන් ටොමා ගෙදරට ආවා. දැන් උඹලා අහන්න එපා ඇයි උඹ වැස්ස ඉවර වෙනකන් මග හිටියේ නැත්තෙ කියලා. මොකද ඒ දවස්වල හවස් වරුවෙ පටන්ගන්න වැස්ස ඉවර වෙන්නේ වෙලාවකට පහුවෙනිදා උදේ. හැබැයි කරුමෙ කියන්නේ එදා ගෙදර ඇවිත් පැය බාගයක් යන්න කලින් වැස්ස ඉවර වුනා. :frown:
    දැන් තමයි වැඩේ මෝටරේ ගලවන්නමයි ටොමාට හිතෙන්නේ. උණූවට තේ එකක් එහෙම බීලා ටොමා ගැලෙව්වා මෝටරේ.
    3535a_fiat_dino_spyder_wiper_motor.jpg

    ආ උඹලට වයිපර් මෝටරේ චෙක් කිරිල්ලයි ගැලවිල්ලයි ගැන මූලික අවබෝධයක් ගන්න ඕනි නම් මේ වීඩියෝ එක බලපල්ලකෝ..

    ගලවලා ඇතුල බැලින්නම් මෙන්න බොලේ කාන්දම් කෑලි දෙක ගැලවිලා
    dsc00320-jpg.627661

    වෙන කිසිම අව්ලක් පේනන නෑ. කොයිල් එක ඉඹලා බැලුවා :love: :P කිසිම කර ගදක් නෑ. මම දන්න තරමට මලිටි මීයරේ අරං කොයිල් එකෙන් කරන්ට් එක පාස් වෙනවද බැලුවා, දෙයියනේ කියලා ඒකත් අව්ලක් නෑ. එහෙනම් එකම අව්ල කාන්දම් කෑල්ල ගැලවීම කියලා ටොමා නිගමනය කරනවා. ඔන්න ඉති ඇතුල හොදට පිහදලා, වැලිකඩදාසියත් පොඩ්ඩක් අල්ලලා ෆෙවිකෝල් සුපර්ග්ලූ ගාලා ඇලෙව්වෙ නැතෑ මෝටරේ කාන්දම. දැන් ඇලවිල්ල ඉවරයි. නැවතත් මෝටරේ හයි කරලා කෝකටත් ස්විච් එක නොදා හිටියා. මොකද ෆෙවිකෝල් එක ඇලවෙන්න ටිකක් වෙලා යනවනේ. අනිත් එක සීතලයිනේ සිඞහලු. පහුවෙනිදා උදේ උඹලා පුල පුලා බලා සිටි ඒ උත්කර්ශවත් අවස්තාව උදා වුනා, දැන් වැඩේ හරිනේ කියලා හිත හදාගෙන වයිපර් එකේ ස්විච් එක දාලා බැලුවා. මේ යන්නේ වයිපර් දෙක බස් බස් ගාලා. බොලේ වැඩේ ගොඩනේ.

    ඒත් මිත්‍රවරුනි සතුටු වෙන්න පුලුවන් වුනේ හවස ගෙදර එනකන් පමණයි. මෙන්න මගදිම වැස්සේ ආයිත් බඩු නැවතුනා. ගෙදර ඇවිත් මෝටරේට අත තියලා බැලුවම ඒක ගින්දර වගේ :dull: . දැන් නම් ගොඩ වෙදකම් හරි යන්නේම නැති බව ටොමාට තේරුනා. ඉතිං පහුවෙනිදා දවල් වරුවේ කාර් එක අරගෙන ගියා ඉලෙක්ට්‍රික් වැඩ කරන බුවා ලගට. බැලින්නම් කොයිල් එකට බඩු හම්බවෙලා, කාන්දම් කෑල්ල එහෙම ෆෙවිකෝල්, සුපර් ග්ලූ, මල්ටිබෝන්ඩ් ගාලා අලවලා හරියන්නේ නැති බව ටොමා අහගත්තේ එදා තමයි. මොකද ඒක ආයි ගැලවිලා කොයිල් එකේ වැදිල කියලා බුවා කිව්වා සිිඞහලු. ඔන්න ඔය නිසා ලේසියෙන්ම ගොඩදාගන්න තිබුන අව්ල විසදගන්න ටොමාට මොනරු පූජාවක් කරන්න වුනා.

    පස්සේ ෂැම්පු වැඩේ කියපු යාලුවා කිව්වා පැකට් එක ඉස්සරහින් කපලා උඩ ඉදන් පහලටලු ගාන්න ඕනේ. (මේකාාාා මට කිලින් කිව්වෙ නෑනේ) ඒත් සිඞහලු ඒ වැඩේ පරික්ෂා කරනන් තාම මට අවස්ථාවක් උදා වුනේ නෑ. :no: උඹලවත් වෙලාවකට බලපල්ලකෝ....

    මේකෙන් උඹලට දෙන්න තියන උපදේසෙ තමයි හැම වැඩේටම ගොඩ වෙදකම් හරි යන්නෙ නෑ කියන එක. දෙයක් දන්නෙ නැත්තං ඒක ඉගෙනගෙන වැඩේට බහින්න කියන එක.​
     
    • Like
    Reactions: TNTRoCkZ

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,374
    19,496
    113
    Colombo
    කාලෙකින් ඔන්න එහෙනම් කාපු කට්ටක් ලියන්නයි යන්නේ

    ....................................................

    මේකෙන් උඹලට දෙන්න තියන උපදේසෙ තමයි හැම වැඩේටම ගොඩ වෙදකම් හරි යන්නෙ නෑ කියන එක. දෙයක් දන්නෙ නැත්තං ඒක ඉගෙනගෙන වැඩේට බහින්න කියන එක.​

    මල කෙලියයි මාත් මේ මාසෙකට විතර කලින් බයික් එකක ස්ටාර්ටර් මෝටරේ කාන්දම් ගැලවිලා තිබිලා High Temp Epoxy Glue එකකින් අලවලා දැම්මා ඒකත් කෙලවෙයිද දන්නෙ නැහැ නේද?
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    මේකෙන් උඹලට දෙන්න තියන උපදේසෙ තමයි හැම වැඩේටම ගොඩ වෙදකම් හරි යන්නෙ නෑ කියන එක. දෙයක් දන්නෙ නැත්තං ඒක ඉගෙනගෙන වැඩේට බහින්න කියන එක.:yes::yes::yes::yes::yes:

    මාත් අපේ පව්ලේ බුවියෙක්ගේ කාර් එකේ ප්ලග් මාරු කලා
    ත්‍රෙඩ් එකක් දාන්නද සිංහලු?
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    රත්තරං;18257971 said:
    මේකෙන් උඹලට දෙන්න තියන උපදේසෙ තමයි හැම වැඩේටම ගොඩ වෙදකම් හරි යන්නෙ නෑ කියන එක. දෙයක් දන්නෙ නැත්තං ඒක ඉගෙනගෙන වැඩේට බහින්න කියන එක.:yes::yes::yes::yes::yes:

    මාත් අපේ පව්ලේ බුවියෙක්ගේ කාර් එකේ ප්ලග් මාරු කලා
    ත්‍රෙඩ් එකක් දාන්නද සිංහලු?

    dahan ma puthe
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කාලෙකින් ඔන්න එහෙනම් කාපු කට්ටක් ලියන්නයි යන්නේ
    -

    -

    --ටම ගොඩ වෙදකම් හරි යන්නෙ නෑ කියන එක. දෙයක් දන්නෙ නැත්තං ඒක ඉගෙනගෙන වැඩේට බහින්න කියන එක.​

    thanx.. :yes:

    """""""""""""ත් සිඞහලු ඒ වැඩේ පරික්ෂා කරනන් තාම මට අවස්ථාවක් උදා වුනේ නෑ. උඹලවත් වෙලාවකට බලපල්ලකෝ...."""""""""""

    TOMAWA mathak karanna wena deyak unoth ehema shampoo test karanna gihin :baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18257971 said:
    මේකෙන් උඹලට දෙන්න තියන උපදේසෙ තමයි හැම වැඩේටම ගොඩ වෙදකම් හරි යන්නෙ නෑ කියන එක. දෙයක් දන්නෙ නැත්තං ඒක ඉගෙනගෙන වැඩේට බහින්න කියන එක.:yes::yes::yes::yes::yes:

    මාත් අපේ පව්ලේ බුවියෙක්ගේ කාර් එකේ ප්ලග් මාරු කලා
    ත්‍රෙඩ් එකක් දාන්නද සිංහලු?

    දාපං දාපං මචං අපිටත් පාඩමක් ඉගෙන ගන්න.

    thanx.. :yes:

    """""""""""""ත් සිඞහලු ඒ වැඩේ පරික්ෂා කරනන් තාම මට අවස්ථාවක් උදා වුනේ නෑ. උඹලවත් වෙලාවකට බලපල්ලකෝ...."""""""""""

    TOMAWA mathak karanna wena deyak unoth ehema shampoo test karanna gihin :baffled:

    එහෙම වුනොත් මගේයාලුවම මතක් කරපං මචං. මොකද ඔය වැඩේ කිව්වේ ඌනේ. :nerd:
     
    Status
    Not open for further replies.