rag එක කෑවම පොරක් කියන එකෙන් අදහස් කරේ එක නෙවි .. සමහරක් උන් ඉන්නව මේ ලෝකේ උන්ට විවිධාකාර හැකියාවන් තියෙනව ... ඒ උනාට සමාජය ඉදිරියට ගියහම උන්ට ඒවා පේන්න ගන්න ශක්තියක් නෑ , හැම වෙලේම සමාජයෙන් කොන් වෙලා ඉන්න හදන්නේ , මිනිස්සු එක්ක කතා කරන්න බයයි .. එක උන්ගේ වැරැද්ද නෙවෙයි උන් හැදෙන පවුල් පසුබිම , උන්ට ලැබෙන අත්දැකීම් එක්ක ඇති වෙන දෙයක් ... අන්න ඒ වගේ උන්ව සමාජය එක්ක හැසිරෙන්න පුරුදු කරන්න rag එක හොඳ උපායක් ... කැම්පස් එක කියන්නේ කුඩා සමාජයක් ඒ වගේ එකක ඒ ගන්න අත්දැකීම් තමයි ජීවිතේ නැවත නැවත රිපීට් වේවි අපිට අභියෝග විදිහට හම්බෙන්නේ ... ඒ නිසා rag එක හොඳයි ...
මම එකෙන් කියන්නේ නෑ හැබැයි "ඇඳුම් ඔක්කොම ගලවලා අරකෙන් බෝල වලට ගැහුවම, එක එකාගේ පොල් කුඩු ඇහින්දම, එකම මස් කට්ට හැමෝම සූප්පු කලාම, රෑ 12 ඉඳන් එළිවෙනකන් හෙළුවෙන් නෑව්වම උන් ඉබේම පොරවල් වෙනවා.. " කියන එක .. එත් අද අපිට rag එක කිව්වම මතක් වෙන්නේ ඔය වගේ දේවල් තමයි .. එත් ඕක නෙවෙයි rag එක ... මානසික අසහන කාරයෝ තමන් අවුරුදු 13ක් එක දිගට අත්විදපු ප්‍රෙෂර් එක රිලීස් කරන්න ඔය වගේ දේවල් කරනවා .. ඒවාට දඬුවම් දෙන්න ඕනේ .. එත් rag එක කියන දේ ( rag එකට නයකත්ව පුහුණුව තමයි හොඳම වචනේ ) සැලසුම් සහගව , නිසි අධීක්ෂණයකින් යුක්තව කරන්න ඕන දෙයක් ...