පිටරට සවාරියකට ආස යාලුවන්ට....

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    පිටරට සවාරියකට ආස යාලුවන්ට....

    ඔන්න යාලුවනේ අද අලුත්ම නූලක් කොටන්නයි යන්නේ.මේකත් වෙනදා වගේම පිටරට සවාරියක් යන්න ආසාවෙන් ඉන්න යාලුවෝ වෙනුවෙන්.

    152532.jpg


    අපි කවුරුත් පිටරටක සන්චාරයක් යන්න ගොඩක් ආසයි.මම බොහෝ වෙලාවට පිටරටක සන්චාරයක් ගිහින් එලකිරියේ thread එකක් දාපුවම ගොඩක් යාලුවෝ අහනවා.අපිත් යන්න ආසයි.තනියම යන්න දන්නේ නැ.කීයක් විතර යනවද.ඔය වගේ ප්‍රශ්න ගොඩයි.ඉතින් අද මම මේ ලියන නූල ලියන්නේ.පිටරටක සන්චාරයක් යන්න ආසාවෙන් ඉන්න.සල්ලි ටිකක් හොයාගත්තත් තනියම යන්න බය.කවදාවත් පිටරටකට ගිහින් නැති කෙනෙකුට පිටරට සන්චාරයක් බය නැතුව ගිහින් එන්න විදිහක් කියන්නයි.

    happy-traveller.jpg


    දැන් පිටරටකට ගිහින් එනවා කියන්නේ ලොකු දෙයක් නෙමෙයි.ඉස්සර තමයි පිටරට යනවා කියන්නේ ලොකු ගේමක් උනේ.කොහොම උනත්.දන්න කියන කවුරුත් නැතුව පිටරටක යන්න ගොඩක් අය බයයිනේ.කවදාවත් ගිහින් නැති අය.අනික ඉන්ග්‍රීසි දැනුම සම්බන්ධ ව එහෙමත් ප්‍රශ්න තියෙනවා සමහරුන්ට .ගුවන් තොටුපලකදී එහෙම අපි උවමනාවක් උනොත් කඩ්ඩෙන් කොටන්නේ කොහොමද.ඔය වගේ ප්‍රශ්න ගොඩයි.සමහරු සල්ලි ටිකක් හොයාගෙන සෙට් වෙලා යන්න යාලුවෙක් නැතුව ඉන්නවා.ඔය වගේ ප්‍රශ්න තියන අයට හොදම දේ තමයි travel agent company එකකින් යන group tour එකකට(කන්ඩායම් චාරිකාවකට) සම්බන්ද වෙන එක.

    Shonna_Parsons_Group_Tour.jpg


    මටත් මුලින්ම පිටරට යද්දී මම අර මුලින් කියුව ප්‍රශ්න ඔක්කොම තිබුනා.ඉතින් මේ කන්ඩායම් චාරිකා සම්බන්ධ ව දැනගන හිටපු හින්දා මම කෙලින්ම ගියා people s travels එකට.මම මේ thread එකේදී people travel company එක උදාහරණයට ගන්නේ.මම මේ compay එකෙන් චීනයට චාරිකාවක් ගිහින් තියන නිසා සහ.දැනට ලන්කාවේ තියන රජයේ ලියාපදිංචි.people bank එක අනුබද්ධ සමාගමක් නිසා.බය නැතුව කෙනෙකුට recommend කරන්ඩ පුලුවන් නිසා.තවත් සමාගම් ගොඩක් තියෙනවා.ඒවගේ ඉතින් කෙරෙන්නේ කොහොමද කියලා හරියටම දන්නේ නැත.

    ඔන්න දැන් අපිට පිටරටක සන්චාරයක් යන්න ආසාවක් තියෙනවා.සල්ලි ටිකකුත් එකතුකරගත්තා කියමු.දැන් ඉස්සරලා කියුව ප්‍රශ්න තියෙනවා නම්.ඒ කිවුවේ.තනියම යන එක.කලින් කවදාවත් ගිහින් නැති එක.සෙට් වෙලා යන්න කෙනෙක් නැති එක.ඔන්න ඕවා තියෙනවා නම් අපි යනවා කෙලින්ම travel agent company එකකට.(අපි people's travels එක උදාහරණයට ගනිමු හොදේ.මේ විස්තර කරන්නේ ඒකේ කෙරෙන විදිහ.)

    අපි ඔන්න travel agent company එකට ගියාම.එයාලා ගාව tour packages තියෙනවා.මිල ගනනුත් එක්කම.උදාහරණයට මෙන්න

    Singapore-malaysia 7night.8days - 180000

    Bangkok 6 night 7 days - 79000

    Vietnam 6 night 7 days - 130000

    China-beijing 6 night 7 days - 155000.

    Egypt 10 days - 230000

    මෙන්න මේ වගේ කන්ඩායම් චාරිකා ලිස්ට් එකක් පෙන්නයි.කන්ඩායම් චාරිකා මොනවාද කියලා තමයි අපි අහන්න ඕනි.මොකෝ මෙහෙම සමහර tour packages තියෙනවා අපි ඒවා අරන් තනියම යන්න ඕනි.කන්ඩායම් චාරිකා කියුවම.මෙහෙම ලිස්ට් එකක් දෙයි.ඉතින් ඔතන ඔය තියෙන්නේ යන රට සහ.ඉන්න දවස් ගාන සහ යන මුදල.මේ මුදලට ගුවන් ටිකට්පත් ගාස්තු.ඒ රටට ගියාම හෝටල් ගාස්තු.උදේ දවල් රාත්‍රි ආහාර ගාස්තු සන්චාරක ස්තාන වල ගාස්තු ආදී ඔක්කොම අයිති.කොටින්ම.අපි මේ මුදල ගෙවලා මේ ගමන සම්බන්ද උනාම.අපිට මේ ගමන ගිහින් එනකම් කිසිම මුදලක් අවශ්‍ය නැ.සියලුම දේවල් සමාගමෙන් බලාගන්නවා.මුදලක් ඕනිනම් ඕනිවෙන්නේ ඒ රටට ගිහින් අපි shopping කරද්දී වියදම් කරන්ඩ විතරයි.ඒකට විතරක් අපි සල්ලි ගෙනිච්චම ප්‍රමාණවත්. සුද්දෝ කන්ඩායමක් විදියට අපේ රටේ සන්චාරය කරන්නේ ටුවරිස්ට් බස් වලින්.මෙන්න මේවත් එහෙම චාරිකා.

    bus_tour.jpg


    ඔන්න ඉතින් ඔය පෙන්නන රටවල් අතරින් අපි තායිලන්තයට යන්න ආසයි කියමුකෝ.ඔන්න ඒ සන්චාරය අපි තෝරගත්තා.ඉතින් ඒකේ මුදල 79000 නම්.අපි ඒකෙන් රුපියල් 10000ක් විතර අත්තිකාරමක් ගෙවලා.පාස්පෝට් එකත් දීලා ගෙදර එනවා.චීනේ වගේ රටක් තෝරගත්තා නම් අපේ bank accout එකේ ලක්ශ 2ක් තියෙනවා කියලා bank letter එකක් දෙන්න ඕනි වීසා ගන්ඩ.ඊට පස්සේ ගමන යන්ඩ සතියකට විතර ඉස්සරලා එයාලා අපිට call කරලා කියනවා.ඔක්කොම හරි.ටිකට්.පාස්පෝට් ගන්ඩ එන්ඩ කියලා.එතකොට අපි ගියාම.අපේ නමට වෙන්කරපු ගුවන් ටිකට්පත.තායිලන්ත වීසා සටහන් උන අපේ පාස්පෝට් එක.ගමනේ කාල සටහන.වගේ දේවල් අපි අතට දෙනවා.අපිට වීසා ගන්ඩ.ටිකට් බුක් කරන්ඩ මුකුත් කරදර නැ.හරිම ලේසි.අන්න එතකොට අපි අර ඉතුරු මුදල ගෙවන්න ඕනි.එදාට අපේ කන්ඩායමේ අපිත් එක්ක මේ ගමන යන අනිත් අයත් එනවා.එයාලාව අදුනගන්ඩ පුලුවන් එතනදී.අපි කලින් දන්නේ නැති උනත් හොද යාලුවෝ අදුනගන්ඩ හම්බෙනවා ගමනෙදී.ඔන්න අපි ටිකට් පාස්පෝට් අරන් ගෙදර අවිල්ලා ගමනට සූදානම් වෙනවා.ඔන්න ගමන යන දවසත් ආවා කියමුකෝ.

    අපි ගමන යන අනිත් අය අදුනගෙන ඉන්න හින්දා එයාලා එක්ක කතාකරගෙන හරි.තනියම හරි අපි ගුවන්තොටුපලේ කලින් කතාකරගත්ත ස්තානයට යනවා.අපිත් එක්ක ගමන යන මුලු කන්ඩායමම මෙතෙන්ට එනවා ඔන්න.ආ... මේ ඕනිම ගමනකට ලන්කාවෙන්.සමාගම නියෝජනය කරන.අපේ කන්ඩායම එක්ක යන්ඩ ගයිඩ් මහත්තයෙක් යනවා.අපි ගමන යද්දි අපේ ඔක්කොම ඕනි එපාකම් හොයලා බලන්නේ මේ ගයිඩ් මහත්තයා තමා.අපිට ගුවන් තොටුපලකදී ඉන්ග්‍රීසි කතාකරන්ඩ අමාරුනම්.අපි වෙනුවෙන් ගයිඩ් මහත්තයා කතා කරනවා.අපේ කන්ඩායමත් එක්ක.අපිත් එක්ක හැම වෙලාවෙම ඉන්නවා මෙයා.

    tour2.jpg


    ඔන්න ඉතින් කන්ඩායමේ අයයි.ගයිඩ් මහත්තයයි.අපි ඔක්කොම එකට එකතුවෙලා.අහස් යාත්‍රාවේ නැගලා තායිලන්තයට යනවා.ගුවන් තොටුපල කටයුතු කෙරෙන විදිය.අපි පුරවන්ඩ ඕනි ෆෝම්.ඔක්කොම ගයිඩ් කරලා දෙනවා.ගොඩබැස්සහමත් එහෙමයි.අපේ ඉතින් කන්ඩායමේ යාලුවොත් ඉන්නවනේ.ඔන්න ගියාට පස්සේ.මෙහෙ සුද්දෝ ආවම කෙරෙනවා වගේ ලොකු ටුවරිස්ට් බස් එකක් අපි වෙනුවෙන් සූදානම් කරලා තියෙන්නේ.අපිව හෝටලේටත් අනිත් ස්තාන වලටත් එක්ක යන්නේ මේ බස් එකේ තමා.ඒ රටේ ගොඩබැස්සට පස්සේ.අපේ ගමනේ කාල සටහන අනුව තමා කටයුතු කෙරෙන්නේ.අපිට ඕනි ඕනි විදියට එහෙ මෙහෙ රස්තියාදු වෙන්න නම් යන්න එපා.එහෙම උනොත් අනිත් අයටත් අපිව වදයක් වෙනවා.අනික අපි තනියම කොහෙහරි ගිහින් වෙලාවට එන්න බැරිඋනොත් අනික් අයටත් කාලසටහන අවුල් වෙනවා.අපි මෙහෙම හිතමු.අපිට මේ චාරිකාවකදී ශොපින් කරන්න දවසක් දෙකක් හම්බෙනවා.ඒ වෙලාවට අපිට යන්න ඕනි ශොපින් සෙන්ටර් එකක් තියෙනවා කියලා හිතමු .අපිට පුලුවන් කන්ඩායමේ කීප දෙනෙක් සෙට් කරගෙන ගයිඩ් මහත්තයාගෙන් අවසර අරගෙන වෙනව taxi එකක් අරන් ඒකට යන්න.ඒවට අපි වියදම් කරගන්න ඕනි..එහෙම නිදහසක් තියෙනවා මේ ගමන් වලදී.අපි ඉතින් ඒ නිදහසින් අයුතු ප්‍රයෝජන ගන්නේ නැතුව.අනික් අයට බාදාවක් නොවන විදියට අපේ දේවල් කරගන්න ඕනි.කවුරුත් අපිට නීතී දාන්නේ නැ.නමුත් අපි දැනගන්න ඕනි කන්ඩායමත් එක්ක ඉන්න.අපි තනියම යන්න බැරි නිසානේ මෙහෙම යන්නේ.තමන් රිසි සේ තනියම රස්ති දාන්ඩ යනවනම්.ඉතින් කන්ඩායමක් එක්ක නොයා තමන් තනියම ටිකට් අරන් යන එකයි හොද.අපේ මේ ගමනේ කාල සටහනේ විදිහටම අපිට කරපල්ලා කියන්නේ නැ.හවසට අපි පොඩ්ඩක් එලිය පහලියේ යනවනම් ගයිඩ් මහත්තයාට කියලා යන්න පුලුවන්.එහෙම තමයි ඉතින්.

    ඔන්න අමතර කරුනු ටිකක් ඔය කියුවේ.ඉතින් මෙහෙම කන්ඩායමක් එක්ක පිටරට ගමනක් ගිහින් එන්න පුලුවන් අපිට කිසි බයක්.කරදර යක් නැතුව.විශේෂයෙන් මේ නූල ලියුවේ කවදාවත් පිටරට ගිහිල්ලා නැති.යන්න ආස.සල්ලි ටිකක් එකතු කරගෙන තියන.තනියම යන්නත් බය.අත්දැකීම් නැති.නමුත් පිටරටක යන්න ආස යාලුවන්ට.මෙහෙම චාරිකා ගොඩක් ම යන්නෙත් එහෙම අය තමයි.බීලා.පිස්සු කෙලලා.නන්නස්තාර වෙන්ඩ යන අයනම් තනියම ටිකට් බුක් කරලා තමයි යන්නේ.මෙහෙම යන්ඩ ආස නැ එහෙම අය.

    ඉතින් මෙහෙම කන්ඩායම් චාරිකාවක් යන එකේ තවත් වාසියක් තියනවා.ඒක තමයි අඩු මුදලකින් ගිහින් එන්ඩ පුලුවන් වීම.දුර රටවල් වලට.උදාහරණයට මම 2012 චීනේ ගියේ දවස් 7කට people's travels එකෙන් රුපියල් 132000 යි ඔක්කොම වියදම.අපි තනියම යන්ඩ ගියානම් ටිකට් එක විතරක් 75000ක් විතර වෙනවා.අනික චීන වීසා අපිට තනියම ගන්ඩ අමාරුයි.ඒ වාසි තියෙනවා මෙහෙම යද්දි.දුර රටවල් වලට විතරයි මෙහෙම වාසි.

    ඉතින්.විශේෂයෙන්ම කියන්ඩ ඕනි මම මේ විස්තරකරේ people's travels එකේ කෙරෙන විදිය.මම ගිහින් තියන නිසා දන්න දේවල්.වෙන කොම්පැණි සම්බන්ධ ව නම් කොහොම කෙරෙනවද දන්නේ නැ.අනික හොද විශ්වාස කොම්පැණි එකකින් යන්ඩ ඕනි මෙහෙම ගමනක් යද්දි.එක එක අය ලගට ගිහින් කරදර වෙන්ඩනම් එපා.

    ඉතින් පිටරටක යන්ඩ ආසා යාලුවෝ මොනවහරි දන්නේ නැති දෙයක් දැනගත්තා නම් අදහසක් සටහන් කරන්ඩ.මොනවහරි දැනගන්න ඕනිනම් අහන්ඩ.පුලුවන් විදියට උත්තර දෙන්නම්.ටුවර් සම්බන්ධ විස්තර people's travels ලගේ සයිට් එකට ගිහින් බලන්ඩ.එහෙනම් ජයවේවා...
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රෙප් ++
    මගෙත් ලොකු ආසාවක් තියෙනවා මචන් අර කිව්වා වගේ මමත් තාම හරියට මුකුත් දන්නේ නැ
    මේ නුලෙන් නම් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ගොඩාක් ස්තුතියි කියලා දුන්නට
     
    May 11, 2015
    1
    0
    0
    'අපේ කන්ඩායම එක්ක යන්ඩ ගයිඩ් මහත්තයෙක් යනවා.අපි ගමන යද්දි අපේ ඔක්කොම ඕනි එපාකම් හොයලා බලන්නේ මේ ගයිඩ් මහත්තයා තමා.අපිට ගුවන් තොටුපලකදී ඉන්ග්‍රීසි කතාකරන්ඩ අමාරුනම්.අපි වෙනුවෙන් ගයිඩ් මහත්තයා කතා කරනවා.අපේ කන්ඩායමත් එක්ක.අපිත් එක්ක හැම වෙලාවෙම ඉන්නවා මෙයා.'

    අනේ ගයිඩ් මහත්තයට බුදුබව අත්වෙන්න ඕනි අපි වෙනුවෙන් ඉංගිරිසි කතා කරනවට. මේ ගයිඩ් මහත්තයා නං සත්‍යය සොයනා මහා උතුම් මුණිවරයෙක්. මතු බුදු වන මයිත්තිරි බෝධිසත්වයන් කෙනෙක්. නැත්තං අපි වගේ ගැමියෝ එක්ක මෙහෙම යන්න එයිද? එතුමාට අපි බුදු බව පාර්ථනා කරමු.

    සාදු සාදු සාදු..
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    රෙප් ++
    මගෙත් ලොකු ආසාවක් තියෙනවා මචන් අර කිව්වා වගේ මමත් තාම හරියට මුකුත් දන්නේ නැ
    මේ නුලෙන් නම් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ගොඩාක් ස්තුතියි කියලා දුන්නට

    එල මචන්.කවුරුහරි දෙයක් ඉගනගත්තනම් ඒකයි මගේ සතුට.
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ගොඩක් වටින post එකක්.....උබ කම්පැනි එකේ ලින්ක් එක දාලා නැතිනිසා....ඕං මං දැම්මා...කාගෙත් ලේසියට.....
    ලබන අවුරුද්ද දිහාවත් යන්ඩ ඕන....

    http://peoplestravels.com/