සෙබළුන්ගේ_කුරුටු_ගී.
හමුදා බංකරවල,බිත්ති හා ගල් මත අඟුරු හෝ ගඩොලින් ලියැවුණු සෙබළුන්ගේ කුරුටු ගී...
රජ කුමරෙක් නොවෙමි මම සුර සැප විඳින
දුප්පත් කොල්ලෙක්ය හමුදාවට බැඳුන
විරැකියාවෙන් නොපෙළුනානම්
සටන් බිමෙ අද නෑ
එදා සිළුමිණ නොබැලුවානම්
මෙදා සුසුමක් නෑ
(සෙබළුන් බඳවාගැනීමට දැන්වීම් පළවන්නේ සිළුමිණේය)
වෙඩි හඬ ඇසෙන විට
තැති ගන්න නුඹලාට
ලේ බිඳක් වැටෙන හඬ
හදවතට දැනේවිද?
* * *
යුද බියත් මර බියත්
ඇතිවූ විට
සිහිවේ පළමුව
දේවියාත් සෙබළාත්
ඔවුන් ගතකළේ ආතතියකින් පිරි ජීවිතයකි.
තනිපටි දෙපටි හා තුන්පටි තරු ඔටුණූ
මේවා තමයි හමුදාවේ බල ලකුණූ
සාජන් මේජර් හවසට බය බෙදනවලූ
සාසේ නිකන් දුකසේ දුක විඳිනවලූ
(තනිපටි-ලාන්ස් කෝප්රල්,දෙපටි-කෝප්රල්,තරු-දෙවැනි ලුතිනන්ගේ සිට ඇරඹෙන කොමිෂන් ලත් නිල)
කන්නෙත් තොපි-බොන්නෙත් තොපි
නිදන්නෙත් තොපි-බනින්නෙත් තොපි
තෙමෙන්නෙත් අපි-විඳින්නෙත් අපි
රකින්නෙත් අපි-මැරෙන්නෙත් අපි
තුමනි තුමන්ලා මාසෙන් ගෙදර යතී
මාස දෙකක් ගත්වී අපි ළතම වෙතී
(තුමණි යනු ඉහළ නිලයක් රපෝර්තු කිරීමෙන් පසු අමතනා ආකාරයයි.නිලධාරීන්ට මසකට වරක් නිවාඩු හිමිවේ)
ආසේ සාසේ රාසේ ඉසේ දුකසේ
ලාකෝ කෝප්රල් සාජන් සැපසේ
ලුතිනන් කැප්ටන් මේජර් රිසිසේ
කර්නල් ජෙනරල් සැමදා සුවසේ
(ආසේ-ආධුනික සෙබළ,සාසේ-සාමාන්‍ය සෙබළ,රාසේ-රයිෆල් සෙබළ,ඉසේ-ඉංජිනේරු සෙබළ)
සෙබළුන් ඉහළ නිලවලට ලැබෙන සැලකිල්ල උපහාසාත්මකව හා උපේක්ෂවෙන් බලති!
තරු ඔටුණු රජවෙති
තනි තරුව වැළපෙති
පටි ටික ෂේප් වෙති
අහෝ ප්‍රයිවෙට් තාම කුණ කති
(ප්‍රයිවට් යනු සාමාන්‍ය සෙබළාවේ.තනි තරුව යනු දෙවැනි ලුතිනන්ය.ඉහළ නිලධාරීන්ගේ වැඩ රාජකාරි පැවරෙන්නේ ඔහුටයි)
පුන්සඳ ගිහින් වෙන දවසක එන්න
ගිනි අවි ගල් තොප්පි නැති තැනකට එන්න
(සෙබළාගේ ප්‍රාර්ථනයද සාමයයි)
කුංජන්
උඹ මැරුණොත් අපේ ඈයෝ
හිනා වේවි හරි සතුටින්
අපි මැරුණොත් උඹලගෙ අය
උඩ පැන පැන සතුටු වේවි
උඹත් නොමැරි අපිත් නොමැරි
අපි දෙගොල්ලො හිනාවෙන්නේ
කවදද කුංජන්??
(කුංජන් යනු කොටි සාමාජිකයෙකි)
ගත්තේ FB එකෙන්.
https://www.facebook.com/groups/geethayaka/?fref=nf
( මුහුනු පොතේ පිටු අතරේ තිබී සොයාගන්නා ලදී, )
උබලගේ හිතට දැනෙන දේවල් පොඩ්ඩක් කොටලා පලයල්ලා
නිකම් බම්ප් දාගෙන යන්නෙත් එපා
විනාඩියක් වැය කරලා ඒ මිනිසුන් වෙනුවෙන් යමක් කියන්න
කීයටවත් රේප් නම් එපා මචං... අදහසක් දැම්මනම් වටිනවා එකයි බල්පොරෝත්තුවෙන්නේ

Last edited:

+