සෙබළුන්ගේ_කුරුටු_ගී.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    සෙබළුන්ගේ_කුරුටු_ගී.

    හමුදා බංකරවල,බිත්ති හා ගල් මත අඟුරු හෝ ගඩොලින් ලියැවුණු සෙබළුන්ගේ කුරුටු ගී...



    රජ කුමරෙක් නොවෙමි මම සුර සැප විඳින
    දුප්පත් කොල්ලෙක්ය හමුදාවට බැඳුන
    විරැකියාවෙන් නොපෙළුනානම්
    සටන් බිමෙ අද නෑ
    එදා සිළුමිණ නොබැලුවානම්
    මෙදා සුසුමක් නෑ
    (සෙබළුන් බඳවාගැනීමට දැන්වීම් පළවන්නේ සිළුමිණේය)
    වෙඩි හඬ ඇසෙන විට
    තැති ගන්න නුඹලාට
    ලේ බිඳක් වැටෙන හඬ
    හදවතට දැනේවිද?
    * * *

    යුද බියත් මර බියත්
    ඇතිවූ විට
    සිහිවේ පළමුව
    දේවියාත් සෙබළාත්
    ඔවුන් ගතකළේ ආතතියකින් පිරි ජීවිතයකි.

    තනිපටි දෙපටි හා තුන්පටි තරු ඔටුණූ
    මේවා තමයි හමුදාවේ බල ලකුණූ
    සාජන් මේජර් හවසට බය බෙදනවලූ
    සාසේ නිකන් දුකසේ දුක විඳිනවලූ
    (තනිපටි-ලාන්ස් කෝප්‍රල්,දෙපටි-කෝප්‍රල්,තරු-දෙවැනි ලුතිනන්ගේ සිට ඇරඹෙන කොමිෂන් ලත් නිල)



    කන්නෙත් තොපි-බොන්නෙත් තොපි
    නිදන්නෙත් තොපි-බනින්නෙත් තොපි
    තෙමෙන්නෙත් අපි-විඳින්නෙත් අපි
    රකින්නෙත් අපි-මැරෙන්නෙත් අපි
    තුමනි තුමන්ලා මාසෙන් ගෙදර යතී
    මාස දෙකක් ගත්වී අපි ළතම වෙතී
    (තුමණි යනු ඉහළ නිලයක් රපෝර්තු කිරීමෙන් පසු අමතනා ආකාරයයි.නිලධාරීන්ට මසකට වරක් නිවාඩු හිමිවේ)



    ආසේ සාසේ රාසේ ඉසේ දුකසේ
    ලාකෝ කෝප්‍රල් සාජන් සැපසේ
    ලුතිනන් කැප්ටන් මේජර් රිසිසේ
    කර්නල් ජෙනරල් සැමදා සුවසේ
    (ආසේ-ආධුනික සෙබළ,සාසේ-සාමාන්‍ය සෙබළ,රාසේ-රයිෆල් සෙබළ,ඉසේ-ඉංජිනේරු සෙබළ)



    සෙබළුන් ඉහළ නිලවලට ලැබෙන සැලකිල්ල උපහාසාත්මකව හා උපේක්ෂවෙන් බලති!
    තරු ඔටුණු රජවෙති
    තනි තරුව වැළපෙති
    පටි ටික ෂේප් වෙති
    අහෝ ප්‍රයිවෙට් තාම කුණ කති
    (ප්‍රයිවට් යනු සාමාන්‍ය සෙබළාවේ.තනි තරුව යනු දෙවැනි ලුතිනන්ය.ඉහළ නිලධාරීන්ගේ වැඩ රාජකාරි පැවරෙන්නේ ඔහුටයි)



    පුන්සඳ ගිහින් වෙන දවසක එන්න
    ගිනි අවි ගල් තොප්පි නැති තැනකට එන්න
    (සෙබළාගේ ප්‍රාර්ථනයද සාමයයි)


    කුංජන්
    උඹ මැරුණොත් අපේ ඈයෝ
    හිනා වේවි හරි සතුටින්
    අපි මැරුණොත් උඹලගෙ අය
    උඩ පැන පැන සතුටු වේවි
    උඹත් නොමැරි අපිත් නොමැරි
    අපි දෙගොල්ලො හිනාවෙන්නේ
    කවදද කුංජන්??
    (කුංජන් යනු කොටි සාමාජිකයෙකි)



    ගත්තේ FB එකෙන්.

    https://www.facebook.com/groups/geethayaka/?fref=nf
    ( මුහුනු පොතේ පිටු අතරේ තිබී සොයාගන්නා ලදී, )


    උබලගේ හිතට දැනෙන දේවල් පොඩ්ඩක් කොටලා පලයල්ලා
    නිකම් බම්ප් දාගෙන යන්නෙත් එපා
    විනාඩියක් වැය කරලා ඒ මිනිසුන් වෙනුවෙන් යමක් කියන්න

    කීයටවත් රේප් නම් එපා මචං... අදහසක් දැම්මනම් වටිනවා එකයි බල්පොරෝත්තුවෙන්නේ
     
    Last edited:

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    පුන්සඳ ගිහින් වෙන දවසක එන්න
    ගිනි අවි ගල් තොප්පි නැති තැනකට එන්න
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    කන්න හරි හමන් දෙයක් නැතිව. බොන්න හරි හමන් දෙයක් නැතිව. දවල් රැ නැතිව උබල කරපු මෙහෙවර නිසා තමා අපි අද මේ සතුටින් ඉන්නේ. උබල තමා අපේ ජතියී විරයෝ.

    උබලව මෙලොවට ජාතක කරපු. හදපු වඩපු අය ජීවමාන දෙවිවරු. බොහොමත්ම පින් ලැබේවා........
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔන්න මගෙනුත් බංකර් කවියක්

    ඉන්නේ වව්නියාවේ බංකරේ යට
    කන්නේ කරවලයි රට හාලේ බතට
    බොන්නේ කිවුල්දියයි පුරුවේ කල පවට
    යන්නේ කවදාද මව්පියෝ දකින්නට
     

    chanaptc

    Member
    Nov 15, 2014
    384
    21
    0
    33
    මාතර
    කුංජන්
    උඹ මැරුණොත් අපේ ඈයෝ
    හිනා වේවි හරි සතුටින්
    අපි මැරුණොත් උඹලගෙ අය
    උඩ පැන පැන සතුටු වේවි
    උඹත් නොමැරි අපිත් නොමැරි
    අපි දෙගොල්ලො හිනාවෙන්නේ
    කවදද කුංජන්??
    (කුංජන් යනු කොටි සාමාජිකයෙකි)
    සිංහල රණවිරුවෝ
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේක යුරිපිඩීස්ගේ කවියක්.

    යුදයෙහි දී සටන් කල යුතු කල
    විදින්නෝ සෙබලුමය බෝ නිරා දුක්
    නමුදු එය නිමව ජය පැන් පෙවෙන කල
    ලබන්නෝ සෙනෙවියෝමය කිත් යසස පැසසුම්

    කුංජන්
    උඹ මැරුණොත් අපේ ඈයෝ
    හිනා වේවි හරි සතුටින්
    අපි මැරුණොත් උඹලගෙ අය
    උඩ පැන පැන සතුටු වේවි
    උඹත් නොමැරි අපිත් නොමැරි
    අපි දෙගොල්ලො හිනාවෙන්නේ
    කවදද කුංජන්??
    (කුංජන් යනු කොටි සාමාජිකයෙකි)

    මේක නම් සුපිරිම කවියක්

    මේ කවි ලියපු අය දැන් ???
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    :( :( අපෙත් කී දෙනක් නම් නැති උනාද යුද්දෙන්..... :( එකම එක්කෙනයි ජීවතුන් අතර ඉන්නේ...... (හමුදාවේ ඉහළම නිලයක්-විශ්‍රාමික) නමුත් එයාගේ පුතාලා / බෑනලා ඔක්කොම නැති උනා යුද්දෙන්...... :dull:
     

    blue_in_rio

    Well-known member
  • කුංජන්
    උඹ මැරුණොත් අපේ ඈයෝ
    හිනා වේවි හරි සතුටින්
    අපි මැරුණොත් උඹලගෙ අය
    උඩ පැන පැන සතුටු වේවි
    උඹත් නොමැරි අපිත් නොමැරි
    අපි දෙගොල්ලො හිනාවෙන්නේ
    කවදද කුංජන්??
    (කුංජන් යනු කොටි සාමාජිකයෙකි)

    mei tika eda katawath theruneth ne, ada therenneth ne.poddak hithata ekagawa hithala balapalla..... :(
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කුංජන්
    උඹ මැරුණොත් අපේ ඈයෝ
    හිනා වේවි හරි සතුටින්
    අපි මැරුණොත් උඹලගෙ අය
    උඩ පැන පැන සතුටු වේවි
    උඹත් නොමැරි අපිත් නොමැරි
    අපි දෙගොල්ලො හිනාවෙන්නේ
    කවදද කුංජන්??
    (කුංජන් යනු කොටි සාමාජිකයෙකි)

    mei tika eda katawath theruneth ne, ada therenneth ne.poddak hithata ekagawa hithala balapalla..... :(

    දිනු නිදහස පාවා දෙන්න හදන කොටිත් එක්ක එකතුවෙලා හිනාවෙන්න් බලන්න ඉන්න දේශ ද්‍රෝහියෙක් ... නැත්තම් කොටින්ගේ හිනාවක් ගැන කතා කරයිද ?? සහජීවන දේශද්‍රෝහියෙක් මුන්ව මකබවිලා යන ඕනි ජාතික සමගිය ගැන කතා කරන උන් එක්කම


    බයිටෝක්ස්
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ................රැයක් ගෙවුනා

    .................................ෂෙලුත් වැටුනා

    ..................................................බඩීත් මැරුණා

    ..................................................................දුකක් හිතුනා

    අවිත් අතැතිව පෙරට යන්නා.........

    කුමක් ඌවත් සිතේ නෑ සංකා.................

    මළත් ආයේ නෑ පසුපසට යන්නා.........................

    රටක් ඇත මට බේරා ගන්ටා......................................
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ................රැයක් ගෙවුනා

    .................................ෂෙලුත් වැටුනා

    ..................................................බඩීත් මැරුණා

    ..................................................................දුකක් හිතුනා

    අවිත් අතැතිව පෙරට යන්නා.........

    කුමක් ඌවත් සිතේ නෑ සංකා.................

    මළත් ආයේ නෑ පසුපසට යන්නා.........................

    රටක් ඇත මට බේරා ගන්ටා......................................

    උබ ලියපු එකක්ද මචං ??
     

    waligamaya

    Well-known member
  • කුංජන්
    උඹ මැරුණොත් අපේ ඈයෝ
    හිනා වේවි හරි සතුටින්
    අපි මැරුණොත් උඹලගෙ අය
    උඩ පැන පැන සතුටු වේවි
    උඹත් නොමැරි අපිත් නොමැරි
    අපි දෙගොල්ලො හිනාවෙන්නේ
    කවදද කුංජන්??
    (කුංජන් යනු කොටි සාමාජිකයෙකි)


    මේක නෙමෙයිද බන් ඇත්ත. යුද්දෙන් ආඩම්බරයෙන් මතක් කරන්න ලැබුණු දෙයක් නැ
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    උබ ලියපු එකක්ද මචං ??

    ඔව් බන් මේ දැන් ලිව්වේ හොදද මන්දා ?

    අතුරු කතාව: රණ බිම සෙබලු විවිද මානසික මට්ටම් වල ඉන්න බව හැබෑව හැබැයි ඒ අයට නියම නායකත්වයක් හම්බුනොත් රණ ගී මිසක් වෙනකක් නොගැයේ.. 300 film එක patriot, bravehearts ෆිල්ම් එක එහෙම බලලා ඇතිනේ.

    එකත් හරියට අපේ office වල moral up කරන්න කරන වැඩසටහන් වගේ තමා ඒක මිනිස්සුන්ගේ ස්භාවය. රටකට පුළුවන් තම පුරවැසියන්ට විශ්වාසය දෙන්න හරියට වියට්නාමය කරා වගේ.

    හැබැයි දියාරු වෙන්න ගියොත් එකත් එහෙම තමයි.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කුංජන්
    උඹ මැරුණොත් අපේ ඈයෝ
    හිනා වේවි හරි සතුටින්
    අපි මැරුණොත් උඹලගෙ අය
    උඩ පැන පැන සතුටු වේවි
    උඹත් නොමැරි අපිත් නොමැරි
    අපි දෙගොල්ලො හිනාවෙන්නේ
    කවදද කුංජන්??
    (කුංජන් යනු කොටි සාමාජිකයෙකි)


    මේක නෙමෙයිද බන් ඇත්ත. යුද්දෙන් ආඩම්බරයෙන් මතක් කරන්න ලැබුණු දෙයක් නැ


    එක ඇත්ත බන් දුටුගැමුණු මොන කෙහෙල්මලකට එළාර එක්ක යුද්ද කරාද මන්දා ?

    පරාක්‍රමබාහු මොන මගුලකටද යුද්ද කරේ..... හා.. ?

    ගජබයි වලගම්බයි දෙන්නා නම් අමු මැටි හරක් බන් හා... නැද්ද හා.... ?

    තව ම්හ්හ්.... මලා ඇයි මහින්දයා ඕකා තරම් මී හරකෙක් තවත් ඉන්නවද ? අපරාදේ අර ප්‍රභාකරන් මහතා ඉහි... ඉහි....