පිටිසර හෙළ ගුරු ලිය සැරදේ..
මිහිකත නලවාලා
මග මල් ගන්වාලා
පාසල වෙත යන මේ
පිටිසර හෙළ ගුරු ලිය සැරදේ
මේ ගීත සුනිල් සාන්තයන්ගේ මියුරුහඩින් ඔබ අසා ඇතුවාට සැකයක් නෑ. බොහෝ විට මේ ගිතයට හිත ඇදිලා යන්නේ මෙහි එන සංගීතාත්මක ගුණය නිසාමත් නෙවෙයි. ඒ සංගීතාත්මක ගුණය මියුරු තාලය, අපේ හත පතුලටම කිදාබහිනව තමයි. ඒත් ඊට එහා ගිය මේ ගිතයේ තියන ගැමි සුවද අපේ හිත්වලට දැනෙනවා නේද කියලා අපි අපෙන්ම ප්රශ්න කලොත් උත්තරේ තමයි ඔව් කියන එක. සුනිල් සාන්තයන් සංගීතය නිර්මාණය කර ගායනා කළ මේගීතය රචනා කරලා තියන්නේ හියුබත් දිසානායකයන් විසින්. මේ අපුරු ගීතය ගැන සරළ වියමනක් තැබීමට මාගත් ප්රාතමික උත්සයක් තමයි මේ.
මිහිකත නලවාලා
මග මල් ගන්වාලා
පාසල වෙත යන මේ
පිටිසර හෙළ ගුරු ලිය සැරදේ
උදෑසන කුඹුරු ගොවිතැන පිණිස ගුරු පාර දිගේ ඉදිරියට යන තරුණයෙකි. ඔහුට මුහුනට මුන හැහෙන්නේ ප්රියකරු සිනහවෙන් වත සරසාගෙන පාසල වෙත පිය මනින තරුණ ගුරුවරියයි.
සුදු හෙළ සාරිය
ඇඳලා හැඩ කොටැ
ඉඟ වට රැළි ලෙළවා
දිගු නිල් වරලස
පීරා නිසි ලෙස
මල් දවටා බැඳලා
ගෙල වට මුතු මාලේ
දෝතේ වළලු සැලේ
සිරියා සපුරා පිරියා පතුරා
යන සුරතල් ලීලා
එම තරුණ ගුරුවරිය දුටු සැනින් තරුණයාට ඇති වෙන්නේ ප්රියකරු හැගීමකි. සැබැවින්ම උදැසන ඉර එලියත්සමග ඒ දකින දර්ශනය ඉතාමත් මණරම්ය. සුදු ඔසරිය ඇදලා, දිග කොන්ඩෙ යසට පීරලා, පබලු පොටක් කරේ දාගෙන සෙමින් ගමනින් යන ඇයගේ ගමන පවා පියකරුය. ගමනේ තාලයට සෙමින් සෙලවෙන වළලු හඩ සුළගට සිහින්ව සෙලවෙන සීනුහඩක් මෙන් තරුණයාට ඇසේ. උදෑසනම ඇය දැකීමෙන් තමන්ගේ සිතෙහි ඇතිවුන ප්රබෝධය තරුණයාගේ සිත සතුටින් පුරවයි.
ඕලු නෙළුම් ඈ
නෙක මල් පිබිදී
අහෝ විලේ සිරියා
ජයම මලක් ඉන්
නෙලා ගනියි ඕ
හා හා කුමටද ඒ
බාල ලියේ ඔබගේ
සුහදා හට වෙද ඒ
සුරතලියේ ඔබ හදවත පතුලේ
පෙම් මල කා සතුදෝ
සෑම උදෑසනකම තමන් කුඹුරට යන විට මේ දකින සමවයසේ ගුරුවරිය කෙරෙහි තරුණයාගේ සිතේ ආලවන්ත හැගීමක් ඇතිවෙන්නේ නිරායාසයෙන්මයි. නමුත් මේ ගුරුවරියට පෙම්වතෙක් සිටීද නැද්ද යන්න තරුණයාගේ හිත් තුළ ඇතිවෙන සැකයකි.
ගම්මැද්දේ තියන මලින් පිරි ගිය විලෙන්, හැමදාම ඇය මලක් නෙලාගෙන යන හැටි මීදුම අතරින් තරුණයා දකී. ප්රියකරු සිනහවකින් වත සරසාගෙන එමල නෙලන ඇය දකින විට, ඇයගේ සිත වෙනත් තරුණයෙක් ලග නතරවී ඇතිද යන කරුණ තරුණයාගේ සිත පාරයි.
එක තරුණයෙක් තරුණියක් කෙරෙහි අවංකව ආලවන්ත හැගිමක් ඇතිවූ කළ එම තරුණයාගේ සිතේ මුලින්ම ජනිත වෙන්නේ මේ වෙනවිටත් ඇයගේ සිතේ වෙනත් අයෙක් ඇත්ද යන්නයි. මෙම ගිතය තුළ තරුණයාගේ හිතේ ඇතිවී තිබුනු ආලවන්ත හැගීම එලියට එන්නේ 'සුරතලියේ ඔබ හදවත පතුලේ, පෙම් මල කා සතුදෝ' යන පද දෙකෙන් යැයි මට හැගේ.
මේ තියන්නේ සුනිල් එදිරිසිංහයන් විසින් මේ ගීතය සුනිල් සාන්තයන්ට ගෞරව වශයෙන් ගායනා කරපු අවස්තාවක්.
සුනිල් එදිරිසිංහ කියන්නේ මම ප්රිය කරණ ගායකයෙක් නිසා මම මේ නව ගැයුමටත් ප්රිය කරනවා
බලන්න ඔයාලත් මේකට ප්රිය කරණවද කියලා
නමුත් පරණ සිංදුවේ තියන රසය කොච්චර දක්ශයෙක් නැවත ගැයුවත් අහන්න ලැබෙන්නෙ නෑ.
මේක ගීතයකට වියමනක් ලියන්න කරපු ටොමාගේ පළමු උත්සහායයි.
හොද නරක ඔයාලට හිතෙන විදිහට කියන්න.
හැමෝටම තෙරුවන්සරණයි!

අපි ඌට කියන්නේ සිංදු තිනා කියලා.
කිඹුල ගාව නම් ඇති mp3 