පිටිසර හෙළ ගුරු ලිය සැරදේ..

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පිටිසර හෙළ ගුරු ලිය සැරදේ..

    මිහිකත නලවාලා
    මග මල් ගන්වාලා
    පාසල වෙත යන මේ
    පිටිසර හෙළ ගුරු ලිය සැරදේ

    මේ ගීත සුනිල් සාන්තයන්ගේ මියුරුහඩින් ඔබ අසා ඇතුවාට සැකයක් නෑ. බොහෝ විට මේ ගිතයට හිත ඇදිලා යන්නේ මෙහි එන සංගීතාත්මක ගුණය නිසාමත් නෙවෙයි. ඒ සංගීතාත්මක ගුණය මියුරු තාලය, අපේ හත පතුලටම කිදාබහිනව තමයි. ඒත් ඊට එහා ගිය මේ ගිතයේ තියන ගැමි සුවද අපේ හිත්වලට දැනෙනවා නේද කියලා අපි අපෙන්ම ප්‍රශ්න කලොත් උත්තරේ තමයි ඔව් කියන එක. සුනිල් සාන්තයන් සංගීතය නිර්මාණය කර ගායනා කළ මේගීතය රචනා කරලා තියන්නේ හියුබත් දිසානායකයන් විසින්. මේ අපුරු ගීතය ගැන සරළ වියමනක් තැබීමට මාගත් ප්‍රාතමික උත්සයක් තමයි මේ.

    මිහිකත නලවාලා
    මග මල් ගන්වාලා
    පාසල වෙත යන මේ
    පිටිසර හෙළ ගුරු ලිය සැරදේ

    උදෑසන කුඹුරු ගොවිතැන පිණිස ගුරු පාර දිගේ ඉදිරියට යන තරුණයෙකි. ඔහුට මුහුනට මුන හැහෙන්නේ ප්‍රියකරු සිනහවෙන් වත සරසාගෙන පාසල වෙත පිය මනින තරුණ ගුරුවරියයි.
    p9.jpg

    සුදු හෙළ සාරිය
    ඇඳලා හැඩ කොටැ
    ඉඟ වට රැළි ලෙළවා
    දිගු නිල් වරලස
    පීරා නිසි ලෙස
    මල් දවටා බැඳලා
    ගෙල වට මුතු මාලේ
    දෝතේ වළලු සැලේ
    සිරියා සපුරා පිරියා පතුරා
    යන සුරතල් ලීලා

    එම තරුණ ගුරුවරිය දුටු සැනින් තරුණයාට ඇති වෙන්නේ ප්‍රියකරු හැගීමකි. සැබැවින්ම උදැසන ඉර එලියත්සමග ඒ දකින දර්ශනය ඉතාමත් මණරම්ය. සුදු ඔසරිය ඇදලා, දිග කොන්ඩෙ යසට පීරලා, පබලු පොටක් කරේ දාගෙන සෙමින් ගමනින් යන ඇයගේ ගමන පවා පියකරුය. ගමනේ තාලයට සෙමින් සෙලවෙන වළලු හඩ සුළගට සිහින්ව සෙලවෙන සීනුහඩක් මෙන් තරුණයාට ඇසේ. උදෑසනම ඇය දැකීමෙන් තමන්ගේ සිතෙහි ඇතිවුන ප්‍රබෝධය තරුණයාගේ සිත සතුටින් පුරවයි.

    ඕලු නෙළුම් ඈ
    නෙක මල් පිබිදී
    අහෝ විලේ සිරියා
    ජයම මලක් ඉන්
    නෙලා ගනියි ඕ
    හා හා කුමටද ඒ
    බාල ලියේ ඔබගේ
    සුහදා හට වෙද ඒ
    සුරතලියේ ඔබ හදවත පතුලේ
    පෙම් මල කා සතුදෝ

    සෑම උදෑසනකම තමන් කුඹුරට යන විට මේ දකින සමවයසේ ගුරුවරිය කෙරෙහි තරුණයාගේ සිතේ ආලවන්ත හැගීමක් ඇතිවෙන්නේ නිරායාසයෙන්මයි. නමුත් මේ ගුරුවරියට පෙම්වතෙක් සිටීද නැද්ද යන්න තරුණයාගේ හිත් තුළ ඇතිවෙන සැකයකි.
    ගම්මැද්දේ තියන මලින් පිරි ගිය විලෙන්, හැමදාම ඇය මලක් නෙලාගෙන යන හැටි මීදුම අතරින් තරුණයා දකී. ප්‍රියකරු සිනහවකින් වත සරසාගෙන එමල නෙලන ඇය දකින විට, ඇයගේ සිත වෙනත් තරුණයෙක් ලග නතරවී ඇතිද යන කරුණ තරුණයාගේ සිත පාරයි.

    එක තරුණයෙක් තරුණියක් කෙරෙහි අවංකව ආලවන්ත හැගිමක් ඇතිවූ කළ එම තරුණයාගේ සිතේ මුලින්ම ජනිත වෙන්නේ මේ වෙනවිටත් ඇයගේ සිතේ වෙනත් අයෙක් ඇත්ද යන්නයි. මෙම ගිතය තුළ තරුණයාගේ හිතේ ඇතිවී තිබුනු ආලවන්ත හැගීම එලියට එන්නේ 'සුරතලියේ ඔබ හදවත පතුලේ, පෙම් මල කා සතුදෝ' යන පද දෙකෙන් යැයි මට හැගේ.

    මේ තියන්නේ සුනිල් එදිරිසිංහයන් විසින් මේ ගීතය සුනිල් සාන්තයන්ට ගෞරව වශයෙන් ගායනා කරපු අවස්තාවක්.
    සුනිල් එදිරිසිංහ කියන්නේ මම ප්‍රිය කරණ ගායකයෙක් නිසා මම මේ නව ගැයුමටත් ප්‍රිය කරනවා
    බලන්න ඔයාලත් මේකට ප්‍රිය කරණවද කියලා

    නමුත් පරණ සිංදුවේ තියන රසය කොච්චර දක්ශයෙක් නැවත ගැයුවත් අහන්න ලැබෙන්නෙ නෑ.

    මේක ගීතයකට වියමනක් ලියන්න කරපු ටොමාගේ පළමු උත්සහායයි.
    හොද නරක ඔයාලට හිතෙන විදිහට කියන්න.

    හැමෝටම තෙරුවන්සරණයි!​
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතා හොඳ රසාස්වාදනයක් ඉදිරිපත් කල ටොමාට ස්තුතියි. සලකමි නිරතුරුව :)
     
    • Like
    Reactions: Schrodinger Cat

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉතා හොඳ රසාස්වාදනයක් ඉදිරිපත් කල ටොමාට ස්තුතියි. සලකමි නිරතුරුව :)

    අඩේ මම හිතුවෙ නෑ කව්රුවත් හොදයි කියයි කියලා. :)
    උඹ ඉතිං මගේ යාලුවා නිසා හොදය කිව්වද දන්නෙ නෑ.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නියමයි මචෝ....:yes:

    අනන් මනන් විකාර ත්‍රෙඩ් අස්සෙ මේ වගේ ඒවා ගොඩක් වටිනවා....
    :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සුනිල් එදිරිසිංහයන් මම ප්‍රියතම ගායකයා ඒ උනාට සුනිල් ශාන්තගේ මිහිකත නලවාලා ගීතය නම් ලඟින් ගන්නවත් බෑ එතුමට අලංකාර අතින්.

    ඉස්සර සංගීතය ඉගෙන ගනිද්දි සංගීත සර් කැසට් එක අරගෙන ඔය සින්දුව දානවා බං ඒ කාලේ කැසට් පීස් කාලේ දැන් ඒවා නෑනේ. ඔරිජිනල් එක කොර වෙලා යනවා. පස්සේ වයලින් එකේ කෝඩ් අරගෙන ගහන්න ගත්තා. ඒ දවස් වල මගේ පට්ටම ප්‍රියතම සිංදුවක් බං.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සුනිල් එදිරිසිංහයන් මම ප්‍රියතම ගායකයා ඒ උනාට සුනිල් ශාන්තගේ මිහිකත නලවාලා ගීතය නම් ලඟින් ගන්නවත් බෑ එතුමට අලංකාර අතින්.

    ඉස්සර සංගීතය ඉගෙන ගනිද්දි සංගීත සර් කැසට් එක අරගෙන ඔය සින්දුව දානවා බං ඒ කාලේ කැසට් පීස් කාලේ දැන් ඒවා නෑනේ. ඔරිජිනල් එක කොර වෙලා යනවා. පස්සේ වයලින් එකේ කෝඩ් අරගෙන ගහන්න ගත්තා. ඒ දවස් වල මගේ පට්ටම ප්‍රියතම සිංදුවක් බං.

    ඔව් බං සුනිල් එදිරිසිංහ මහත්තයා උපං ගෙයි දක්ෂයෙක් වුනත් ඒ ගීතයට නම් ලං වෙන්නවත් බෑ.
    කැසට් කිව්වම මතක් වුනේ ඉස්කෝලේ යන කාලේ අපි ඉතිං කැසට් නෙ එකතු කලේ. මොන mp3 ද ඒ කාලේ. මගේ ලග කැසට් 50 ක් විතර තිබුනා. තාමත් 20 ට වඩා ඇති. මගේ යාලුවෙක් ගාව නම් 800 ගානක් තිබුනා. :shocked: අපි ඌට කියන්නේ සිංදු තිනා කියලා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් බං සුනිල් එදිරිසිංහ මහත්තයා උපං ගෙයි දක්ෂයෙක් වුනත් ඒ ගීතයට නම් ලං වෙන්නවත් බෑ.
    කැසට් කිව්වම මතක් වුනේ ඉස්කෝලේ යන කාලේ අපි ඉතිං කැසට් නෙ එකතු කලේ. මොන mp3 ද ඒ කාලේ. මගේ ලග කැසට් 50 ක් විතර තිබුනා. තාමත් 20 ට වඩා ඇති. මගේ යාලුවෙක් ගාව නම් 800 ගානක් තිබුනා. :shocked: අපි ඌට කියන්නේ සිංදු තිනා කියලා.

    මං ගාවත් තිබ්බා බං කැසට් සෙට් එකක්ම පස්සේ ඒවා ඔක්කොම පුස් කාලා විසික් කලා. ඔය සුනිල් එදිරිසිංහයන්ගේ, ආනන්ද සමරකෝන් මහත්තයා ඇතුලු ආදි කාලේ ගායකයෝ හෙන සෙට් එකකගේ ඔරිජිනල් සිංදු රෙකෝර්ඩ් කරගත්තුවා තිබ්බා බං. දැන් එකක්වත් නෑ. :(:(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මං ගාවත් තිබ්බා බං කැසට් සෙට් එකක්ම පස්සේ ඒවා ඔක්කොම පුස් කාලා විසික් කලා. ඔය සුනිල් එදිරිසිංහයන්ගේ, ආනන්ද සමරකෝන් මහත්තයා ඇතුලු ආදි කාලේ ගායකයෝ හෙන සෙට් එකකගේ ඔරිජිනල් සිංදු රෙකෝර්ඩ් කරගත්තුවා තිබ්බා බං. දැන් එකක්වත් නෑ. :(:(

    අපරාදේ බං :baffled: කිඹුල ගාව නම් ඇති mp3
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නියමයි ටොමා උබ ලස්සනට ලියලා තියනවා.මේ සින්දුවේ පද ටික දන්නවා වුනාට අද තමයි ඇහුවෙ.පට්ට ලස්සනයි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නියමයි ටොමා උබ ලස්සනට ලියලා තියනවා.මේ සින්දුවේ පද ටික දන්නවා වුනාට අද තමයි ඇහුවෙ.පට්ට ලස්සනයි.

    Thanks මචං
    ඕක මාර ලස්සන සිංදුව. බලපං අපි ඉපදෙන්න කලින් ගහපු සිංදු තාම අපිටත් කොච්චර රස විදින්න පුලුවන්ද :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අඩේ මම හිතුවෙ නෑ කව්රුවත් හොදයි කියයි කියලා. :)
    උඹ ඉතිං මගේ යාලුවා නිසා හොදය කිව්වද දන්නෙ නෑ.

    seriously, good one :yes:
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගුවන් විදුලි සංස්ථාවෙන් සින්දු ගන්න පුලුවන් නේද මචන්?

    එහෙම දෙනවද දන්නෙ නෑ මචං.
    රූපවාහියේ හාහා හරි හාවා, දොස්තර හොද හිත, පිස්සු පූසා එහෙම ඩීවිඩී දෙනවද කියලත් හොයල බලන්න ඕනේ.