වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොඩි පුතා;18424796 said:
    ඔන්න පොඩි කට්ටක් ලියන්න කියල මටත් හිතුන.

    මට තියනව මචන් කියුබ් 3 ලේලන්ඩ් කාගො ටිපර් එකක් ෆිනෑන්ස් වාරිකෙත් 65000 ක් නිසා මම එක හයර් එකක්වත් මිස් වෙනවට පොඩ්ඩක්වත් කැමති නෑ :P, දාහෙන් හොයාගන්න බැරි ඩ්‍රයිවර් කෙනෙක් මටත් හිටියෙ, :D මිනිහ එයාගෙ වාහනේ වගේම මේක පරිස්සම් කලා..
    දවසක් මෙයාගෙ ලමයගෙ කේස් එකකට නිවාඩුවක් ගන්නව කියල මට කල් තියාම දැනුම් දුන්න:nerd:

    ඩ්‍රයිවර් නන් කිව්වෙ කාවවත් දාල දුවන්න එපා වාහනේ කයි මම දවසයි නිවාඩු ගන්නෙ කියල, මටත් ඉතින් ඒ දවස් වල එක හයර් එකක් නැති උනොත් පපුවෙ අමාරුව හැදෙන සයිස් , :dull: මම කරපු වැඩේ හතර අතේ පනිවිඩ යවල යාලුවෙකුගෙ මාර්ගයෙන් එදාට දුවන්න ඩ්‍රයිවර් කෙනෙක් හොයා ගත්ත කියමුකො. මම ඌ ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ, ඒත් මොකෝ මට ඕනි කොහොමහරි වැඩේ කෙරෙන්නනෙ, මමත් මිනිහව දාල එදා හයර් එක දුවන්න හිතා ගත්ත :rolleyes:

    ඔන්න ඉතින් හයර් එක 120 කි.මී , වෙලාවට අර ඩ්‍රයිවර් උන්නැහෙත් ආව, මම ඉතින් මිනිහත් එක්ක ගල ක්‍රශර් එක ගාවට ගියා, මොකද මිනිහ දන් නෑනෙ, ඔන්න ඒබීසී ලෝඩ් එකත් පටෝගෙන එන්න පිටත් උනා, :rofl: ක්‍රශර් එක ලග ඉන්දන් මහ පාරට යන්න තියෙන්නෙ හෙන පටු පාරක අපි එනකොට තව ටිපර් එකක් මුනට හම්බ උනා, මු ටිකක් බය වෙලා වගේ දඟලල දඟලල අයින් කලා ලාවට ක්ලච් එකේ ගඳාආව මමත් එච්චර හිතුවෙ නෑ ,:dull: අපේ ගෙවල් ලගට ආවම මම වාහනෙන් බැහැල පරිස්සමින් යන්න කියල ගෙදර ගියා.:D

    දැන් ඉතින් මාර සතුටක් මචන් මට තියෙන්න ඇයි ඩ්‍රයිවර් නැතත් හයර් එක ගියානෙ, මම ඉතින් පොඩ්ඩක් ෆෝන් එකත් ඕෆ් කරල දාල නිදා ගත්ත, :dull: පැය දෙකකින් විතර ඇහැරිලා ෆෝන් එක ඔන් කරල බලනකොට ඇලට් එනව කියහන්කො එකසිය ගානට , බැලින්නම් අර ඩ්‍රයිවර්ගෙන්, මම ගත්ත කෝල් එකක් මු කියනව මගත්තය මාර වැඩේ උනේ කිමී 60 ක් විතර යනකොට පල්ලමක් බස්සද්දි එක පාරටම ඩෝන් ගෑව හෙන ගහන්න වගේ දැන් වාහනේ රේස් වෙනව විතරයි එක තැන කියල, මටත් හීන් දාඩිය දැම්ම, :shocked::shocked::shocked: ඇයි යකෝ ගැරජ් එකකුත් නෑ එහෙ, මෙහෙන්ම බාස්ල ගෙනියන්න වෙනව, :angry:

    මමත් සිහියක් නැතුව අපේ වෙනද වැඩ කරන බාස ගාවට දිව්ව, මුට කියල ඩ්‍රයිවරයට කෝල් එකක් අරන් දුන්න දැන් දොස්තර අහනව ලෙඩේ.... මු නිතිමට ෆෝන් එක තියල කියනව, ලොකු කේස් එකක් වග ක්ලච් එකයි ප්‍රෙශර් ප්ලේට් එකයි ගිහින් වගේ, මටනන් අද ගොඩක් වැඩ අනික ලෝඩ් එක බාන්න ඕනි නැතුව මාරු කරන්න බෑ, ඔයාල ලෝඩ් එක බාල තිබුනොත් මම රෑට පුලුවන් උනොත් එන්නම් කියල, :rolleyes: යකෝ පාර මැද්දෙ අර ගල් ලෝඩ් එකක් බාන්න පුලුවන්ද, ඒ අස්සෙ ඩ්‍රයිවරය කෝල් කරනව පාර බ්ලොක් වෙලා කියල පොලිස්සියෙන් අයින් කරන්න කියනව කියල, :baffled:

    ඔය අස්සෙ තාත්තගෙ හිතවත් බාස් කෙනෙක් ඉන්නව කියල මිනිහව හොයාගෙන ගියා, කියපු ගමන් මිනිහ් යමු බලමු කියල ආව. කිමි 60ක් විතර ඔන්න වීල් එකකුත් හයර් කරන් ගියා, බැලින්නම ක්ලච් එකට බඩු , ප්‍රෙශර් ප්ලේට් එක හොඳයි, :D ;) අපේ ඩ්‍රයිවරය කෙලගෙන ඇවිත් එක පාරටම පල්ලම දැකල ෆස්ට් එකට දාල අතෑරල ඒකලු ක්ලච් එක පුලුරල තියෙන්නෙ, :angry:

    ඔන්න ඉතින් ආපහු අපි ගැරජ් එකට ගියා, වෙලාව හවස 6, කඩත් වහල, දෙයියො බලල වගේ අලුත්ම ක්ලච් ප්ලේට් එකක් තිබ්බ බාස ගාව,:D ඒකත් අරන් බඩු ටිකත් අරන් අපි ආපහු යන්න පිටත් උනා, මගේ අසරනකම දැකලද කොහෙද බාසත් ත්‍රීවීල් ඕනි නෑ බස් එකේ යමු කියල බස් එකට නැග ගත්ත , බාසයි මමයි ගෝලයයි එතනට යනකොට 7:30 වගේ අපි එතනට ආපුන ගමන් අපේ අර ඩ්‍රයිවරය වයිෆ් ලෙඩ වෙලා කෝල් කරනව කියල එතනින් මාරු උනා :dull:

    බාස ඔක්කොම ගැජට් ටික ගෙනල්ල තිබුනෙ මුලින්ම බැට්‍රියට වයර් එකක් දාල බල්බ් එකක් පත්තුකර ගත්ත, ඊට පස්සෙ ඉතින් ගලවන්න පටන් ගත්ත, ආ කියන්න බැරි උනා මේ බාස හෙන වැඩ කාරයෙක් ලෝඩ් බාන කතා මොකුත් ඕනි නෑ දන්වැලක් දාල ගියර් පෙට්ටිය බෑව. දැන් ඔන්න එක පාරටම ලනුවක් ඕනි උනා ගෙදරකට කතා කරල ඒක ඉල්ල ගත්ත, තව ටිකක් වෙලා යනකොට ලාම්පු තෙල් ඕනි උනා, අර ගෙදරින්ම ඉල්ල ගන්න බැරි නිසා මම වෙන ගෙදරකට ගියා ඉල්ලන්න කියල, :D වෙලාවට මගෙ යාලුවෙක්ගෙ ගෙදරක් මම දන්නෙත් එතකොට උ එහෙ ඉන්නෙ කියල, මිනිහට විස්තරේ කිව්වම උත් ආව ලාම්පු තෙල් අරන්, ඔන්න දැන් වැඩේ යනව කරුවලේ අර බල්බ් එකේ එලියෙන්, පස්සෙ මගේ යාලුව මචන් ටක් ගාල එන්නම් කියල ගියා, මමත් ඉතින් හිති උට බැන බැන හිටිය මේ වගේ වෙලාවකවත් යාලුවෙක් වෙලා මුන්ට ලඟවත් ඉන්න බෑනෙ කියල, :angry::angry: ටිකක් වෙලා යනකොට මු උනුවතුර බුඕතලේකුයි පාර්සලේකුයි අරන් එනව කියහන්කො, මු අපිට කිබුල බනිසුයි තේයි ගෙනත් , බලපන්කො කොච්චර හොඳ යාලුවෙක්ද , අපි ඔහොම වැඩේකරගෙන ගියා, ඉවර වෙනකොට රෑ 12 පැනල, ඩ්‍රයිවරයත් ගිහින්නේ යාලුවගෙ ගෙදරත් ටිපර් එකක් දාන්න ඉඩ පහසුකම් නෑ,
    පස්සෙ යාලුව දන්න ගෙදරකට ගිහින් දැම්ම, ඒ පාරෙ බස් තියනව මචන් රෑ එලි වෙනව්කම් , කොලඹ බස් එකක එල්ලිලා අපි ගෙදර ගියා, 15000 න් විතර වැඩේ ගොඩ දාගත්ත , වැඩි තන්හාවට ගිහින් ඔන්න ඕකයි උනේ,
    පහුවදා අපේ ඩ්‍රයිවර්ට ආවම තමයි හයර් එක සම්පූරන උනේ​

    ඔන්න ඕක නිසා තමයි ඒ කාලෙත් පොලා තාවකාලික රියදුරු ගොයියෝ නොදා නිවාඩුවක් දාල රියදුරු රස්සාව කරේ.. ටෙම්පරි ඩ්‍රයිවර්ලා යවනවට වඩා හොඳයි වාහනේ ගෙදර තියන එක.. ඔය වැඩේ කරන්නම බැරි නිසා තමයි පොලා ඇමෙරිකා ආවයින් පස්සේ හයර් දුවපු වාහන පොළොවට පස් වෙනකම් දිරුවත් හයර් නොදුවන්න තීරණය කරේ.. එහෙම කරාම පාඩු මිසක් ලාභ නෙවෙයි..

    මෙතන වැරදි උඹයි.. උඹ ගෙදර ඇවිත් නිදාගත්තු එක බරපතල වරදක්.. රියදුරා අලුත්නම්, හයර් එකත් යවන්නම ඕනෙනම්..උඹට තිබ්බ දවසම ඌ එක්ක වාහනේ රැඳෙන්න.. අනික් කාරනාව හදිසියකට තමුන්ට තනියම කරගන්න බැරි ව්‍යාපාරයකට අතගහපු එක.. රියදුරා නැත්තම් උඹයි ඒ ආසනයේ වාඩිවෙන්න ඕන.. නිකමට හිතපන් කොන්දේ කපන්න දන්නේ නැති එකෙක් බාබර් සාප්පුවක් දාගෙන ඉද්දි බාබර් නිවාඩු ගියොත් මොකද වෙන්නේ??? තත්වය තරාතිරම මොකක් උනත් මචන් තමුන්ගේ ව්‍යාපාරේ පැවැත්ම ගැන වගකීම තියෙන්නේ තමුන් අතේ.. වැටීම හෝ නැගිටීම තියෙන්නේ තමුන් ඒකට මහන්සිවෙන ප්‍රමාණය අනුව.. ඒ හින්ද තමුන්ගේ වාහනේ හදිසියකට වැඩ කරන එක මදිකමක් ලජාවක් මහන්සියක් විදිහට හිතන්න එපා...

    කටුව ලිව්වට බොහොම ස්තුතියි මචන්...

     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අර මචං හොඳම එන්ජින් කිව්වේ ඔය හොන්ඩා ඒවලු නේද? :rofl:ටොයොටා ගන්නේ :confused:

    ඕකට තමයි මචං කියන්නේ පැණි වරක ගහටත් හෙන ගහනවා කියලා.. :rofl:
    කෝ මූ..

    අඩේ වැඩිය විසෙල් වලට බනින් එපා මූට ටොයෝටා ගන්න වුනා වගේ අපිටත් විසෙල් එකක් ගන්න වුනොත් :baffled:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඕකට තමයි මචං කියන්නේ පැණි වරක ගහටත් හෙන ගහනවා කියලා.. :rofl:
    කෝ මූ..

    අඩේ වැඩිය විසෙල් වලට බනින් එපා මූට ටොයෝටා ගන්න වුනා වගේ අපිටත් විසෙල් එකක් ගන්න වුනොත් :baffled:

    පුතා... ටොයෝට උනත් අපි හොයන්නේ 4A-GE Black Top Engine එක්ක 6 Speed Manual Transmission ආපු වාහන හරිද... :frown::frown:
    අනික් උන් වගේ AE100, AE110, 121, Allion, Premio නෙමෙයි ... :yes::yes:

    එකේ ඉන්න අනාතයෝන්ගෙන් කීයෙන් කීදෙනාද දන්නවා ඇත්තේ 4A-GE Black Top කියන්නේ මොකක්ද කියලවත්...

    අනාතයෝ :P:P:P
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔය බඩා හිතන් ඉන්නේ ලේලන්ඩ් වල තියෙන්නේ රෝල්ස් රොයිස් ඇන්ජින් කියලා.. :rofl:


    රෝල්ස් රොයිස් නැතත් ඕකුන්ට තටු දෙක හයි කරලා එවල නැති නිසා හීරෝ එන්ජින් එකෙන් උඩ යන්න විදිහක් නැහැ. තටු දෙකක් තිබ්බනම් ඉතින් බස් හෝල්ට් වල ඉන්න එවුන්ට වෙන්නේ උඩ බලන් ඉන්න බස් එකක් එනකම්..
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    රෝල්ස් රොයිස් නැතත් ඕකුන්ට තටු දෙක හයි කරලා එවල නැති නිසා හීරෝ එන්ජින් එකෙන් උඩ යන්න විදිහක් නැහැ. තටු දෙකක් තිබ්බනම් ඉතින් බස් හෝල්ට් වල ඉන්න එවුන්ට වෙන්නේ උඩ බලන් ඉන්න බස් එකක් එනකම්..

    Rolls Royce :love::love::love:
    අම්මපා කවදා හරි ඔයින් එකක පොඩි රවුමක් දාන්න ආසයි මාමේ... :yes::yes:
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    පුතා... ටොයෝට උනත් අපි හොයන්නේ 4A-GE Black Top Engine එක්ක 6 Speed Manual Transmission ආපු වාහන හරිද... :frown::frown:
    අනික් උන් වගේ AE100, AE110, 121, Allion, Premio නෙමෙයි ... :yes::yes:

    පව් අප්පා කොච්චර හොදට හොන්ඩා කියලා අඩඅඩා හිටපු කොල්ලද
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    පුතා... ටොයෝට උනත් අපි හොයන්නේ 4A-GE Black Top Engine එක්ක 6 Speed Manual Transmission ආපු වාහන හරිද... :frown::frown:
    අනික් උන් වගේ AE100, AE110, 121, Allion, Premio නෙමෙයි ... :yes::yes:

    එකේ ඉන්න අනාතයෝන්ගෙන් කීයෙන් කීදෙනාද දන්නවා ඇත්තේ 4A-GE Black Top කියන්නේ මොකක්ද කියලවත්...

    අනාතයෝ :P:P:P

    වාහනේ අතට ගන්නකන් පබ්ලික් කරන්න එපා, ඕව මාකට් නෑ කියල උස්සන්න පුලුවන් මොඩල් :rolleyes: මට සෙට් උනා 110 blacktop එකක් ඒකෙ ඇතුල කාල තිබ්බෙ අපරාදෙ :angry:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඇමෙරිකාවේ කොහෙද මැනුවල්.... :P

    theft-deterrent.jpg

    මේක දැක්කාම ලස්සන කතාවක් මතක් උනා දන්නා අඳුරන ෆොරස්ට් ඔෆිසර් කෙනෙක් කිව්ව .

    සිංහරාජ වනාන්තරේ කිට්ටුව ඉන්නවලු ප්‍රසිද්ධ හොරෙන් ගස් කපල හොරෙන් කොට අදින එකේ. ඌ පාවිච්චි කරන්නේ පරණ වඳුරු මුණ ලොරි තඩියක්ලු . මේ ලොරියට දන්නා කියන කාලෙක ඉඳල ලයිසන්, ඉන්සුවරන්ස් නැහැලු.. මේ ලොරියේ ස්ටියරින් වීල් එකේ මැද නට් එක දාල නෙවෙයිලු තියෙන්නේ. නිකම් අතින් ගහල තද කරගෙනලු දුවන්නේ. මොකද මේ ලොරිය මුන් පාවිච්චි කරනවා කියන්නේ කැලේ ඇතුලේ ඉඳන් එලියට කොට අදින්න විතරයි.. උදේට ස්ටාර්ට් කරන්නේ ලොරියේ එන්ජින් එකට යටින් ගිනි ගොඩක් ගහල හීට් කරලලු.. මේ ලොරිය කොට එක්ක ෆොරස්ට් එකට හෝ පොලිසියට අහුවෙන ඕනෑම වෙලාවක මු ලොරිය දාල කැලේ පනිනවලු.. හැබැයි නිකම් නෙවෙයි ස්ටියරින් වීල් එකත් ගලෝගෙන.. :lol::lol:. මැද නට් එක දැම්මේ නැති උනාම පරණ වාහන වල ස්ටියරින් එකට දෙපැත්තට අත් දෙකෙන් ගැහුවාම නිකම්ම ගැලවෙනව . හොර ලී අදල අහු උනොත් වාහනේ රාජසන්තක තමයි ආයෙ කතා දෙකක් නැහැ.. ස්ටියරින් වීල් එක නැති කොට පටවපු ලොරියක් පොලිසියට අරන් යන්න විදිහක් නැති නිසා කවදාවත් මුගේ අගනා ලොරි රාජයා උසාවියට ඉදිරිපත් කරන්න විදිහක් නැහැලු.. පස්සේ ලොරිය උසාවි දාන්නේ නැහැ කියල පොලිසිය හෝ ෆොරස්ට් එක එක්ක ඩීල් එකක් ගැහුවයින් පස්සේ මු පොලිසියට භාර වෙලා උසාවි ගිහින් දඩ ගෙවල මාස ගණන් ඇතුලේ ඉඳල ඇවිත් අයෙත් ලොරි රාජයා එක්ක පරණ පුරුදු රස්සාවම කරගෙන යනවලු....කොහොමද ටිකිරි මොලේ...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පුතා... ටොයෝට උනත් අපි හොයන්නේ 4A-GE Black Top Engine එක්ක 6 Speed Manual Transmission ආපු වාහන හරිද... :frown::frown:
    අනික් උන් වගේ AE100, AE110, 121, Allion, Premio නෙමෙයි ... :yes::yes:

    එකේ ඉන්න අනාතයෝන්ගෙන් කීයෙන් කීදෙනාද දන්නවා ඇත්තේ 4A-GE Black Top කියන්නේ මොකක්ද කියලවත්...

    අනාතයෝ :P:P:P

    ඔය ඇන්ජිමේ විශෙෂත්වය මොකක්ද බන්?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පුතා... ටොයෝට උනත් අපි හොයන්නේ 4A-GE Black Top Engine එක්ක 6 Speed Manual Transmission ආපු වාහන හරිද... :frown::frown:
    අනික් උන් වගේ AE100, AE110, 121, Allion, Premio නෙමෙයි ... :yes::yes:

    එකේ ඉන්න අනාතයෝන්ගෙන් කීයෙන් කීදෙනාද දන්නවා ඇත්තේ 4A-GE Black Top කියන්නේ මොකක්ද කියලවත්...

    අනාතයෝ :P:P:P

    සිරාවට ඔය එන්ජින් නම්බර් ගැන නම් දන්නේම නැත. :dull::no:

    GA 15 na dannawa :P
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මගේ යාලුවෙක් ඉන්නවා ලංකාවේ දේ ගන්න ඕනේ කියලා මයික්‍රෝ වාහන ගැන හෙන වර්ණනාව... හැබැයි ඔක්කොම FB එකේ තමයි... ඒ වුනාට ඌ පාවිච්චි කරන්නේ N16 එකක්... :P

    ඔන්න ඔය වගේ වැඩ නම් බොහොම නරකයි. කවිරු හරි අහින්සකයෙක්නේ අහුවෙන්නේ.
     
    Status
    Not open for further replies.