ඔව් එහෙම වෙන්න ඕනේ. හැබැයි තව දෙයක්. මේකේ හෙඩ් එක කලිං පාස්සලා තිබිලා තියෙන්නේ. අපිත් දැක්කේ ගැලෙව්වට පස්සේ. ඒ තැනකිං ආයේ ක්රැක්වෙන්න පුලුවං කියලා තමා බාසා කිව්වෙ.
අපොයි එදායිං පස්සේ බොන හයර් යන්නෑ කියලා හිටියා..
ඒ උනාට ඉතිං මුං ගමන පටං ගන්නේ බොන් නැතුව නේ.. මගදි නේ අයියේ සිංහයා බෝඩ් එකක් ලග නතර කරන්න කියන්නෙ
තව හොද හොද කථා තියෙනවා.. පසුවට කියන්නංකො![]()
බොන එවුන් එක්ක ගමන් ගියාම නම් ජීවිතේ එපා වෙනවා බන්.. පට්ට සීන් එකක් උනා බොන සබ්ජෙක්ට් එක නිසා මගේ යාලුවෙකුට..
ඔන්න මගේ යාළුවගේ අක්කගේ වෙඩිම දවසට ඉස්සරින්ද රෑ අපි කට්ටිය ගියා උදව්වක් කරන්න කියල.. ඔන්න ගිහින් ගොඩ උනා විතරයි මගේ යාලුවට සහ මනමාලි අන්දන කෙනාට ( අන්දන එක්කෙනත් අපේ හොඳම යාලුවෙක් සහ හිතවතෙක්) ෆ්රෙෂ් මල් ගේන්න මාතර යන්න ඕන කියපි.. වාහන දහයක් තිබ්බත් මුන්ට ඉතින් මගේ වාහනයක් තියෙනවනම් ඒකෙ තමයි ගමන් යන්න ඕන වෙන්නේ නිසා එතන හිටපු අපේ සෙට් එකේ ඔක්කොම දාගෙන මම රෑ 12 ට විතර මාතර යන්න පිටත් උනා.. මනමාලියෝ අන්දන කෙනාගේ දුර වැඩ වලට යන්නේ මගේ කාර් එකම විතරයි.. මේ ගිය මාතර යන දවසෙන් පස්සේ ඒ කියන්නේ මගේ යාළුවගේ අක්කගේ වෙඩින් එක අන්දල හවස අපි බදුලු යන්න ඕන තව වෙඩිමක් අන්දන්න.. කාර් එක යවන නිසා ඒ වැඩේට යන්නේ මමමයි..
දැන් ඔන්න අපි මාතර යනවා ෆ්රෙෂ් මල් ගේන්න .. යන්නේ යාළුවො දෙන්නයි මනමාලි අන්දන කෙනයි, වෙඩිමේ ෆොටෝග්රපර් වැඩේ කරන ප්රසිද්ද්ද චායාරූප ශිලියෙකුයි, මමයි.. මේ වෙදීමේ මනමාලි අන්දීම සහ චායාරූප කටයුතු සියල්ල කෙරෙන්නේ කෝස්ට් එකට..ඔක්කොම එක පන්තියේ අකුරු කරපු එවුන් නිසා..අන්දන කෙනානම් අපිට වඩා වැඩිමල් උනාට හැමදාම හවස සෙට් වෙන්නේ අපේ සෙට් එක එක්ක..මේ යන්නේ මගේ වෑන් එකක.. ඔන්න මුන්ට වැලිගම ලං වෙද්දී බෝතලයක් කඩන්න ඕන උනා.. මනමාලියන්ට අන්දන කෙනා ලංකාව වටේම ලොකු ලොක්කෝ , පොලිස් ලොක්කෝ අඳුරන නිසා ඕනෑම ප්රසිද්ධ ස්ථානයක බෝතලයක් කලා ගසන්න අපේ එවුන් පොඩ්ඩක්වත් බයක් නැහැ.. ඔන්න මමත් වාහනේ වැලිගම ආසන්නයේ මුහුද අයිනේ පොල් ඉඩමක නවත්තල දුන්න..
වාහනේ රෝටෙටබල් සීට් දෙක මුනට මුණ හරෝගෙන ඔන්න දැන් අපේ කට්ටිය බෝතලේ පාත් කරන්න ගත්ත.. වාහනේ එලවන නිසාත්.. අතරමග බීම චාටර් වැඩක් නිසාත් මම බින්දුවක්වත් කටේ නොතිය මදුරුවෝ තලනවා ඉතින්.. ඔන්න මුන් ටික බෝතලේ ඉවරයක් කරලා මාතරට ආව කියමුකෝ.. ගන්න ආපු තැනින් ෆ්රෙෂ් මලුත් ගත්ත.. දැන් මුන්ට තව බෝතලයක් ඕනෙලු.. එළිවෙන්න තුනට කොහෙන්ද බෝතල් හොයන්නේ ඉතින්.. කලින් බෝතලේ සූර් පිට චායාරූප ශිල්පිය කියනවා තංගල්ලට ගොයිත් බෝතලයක් ගන්න පුළුවන් කියල.. තංගල්ලට ගිහින් එන්න විතරක් පය එකහමාරකට වඩා යනවා උනත් උන්ට මෙලෝ ගානක් නැහැ.. මේ මල රෑ බෝතල් ගෙන්න තංගල්ලට යන එක කරුමයක් නිසා හිටපිය මම බෝතලයක් අරන් එන්නම් කියල මාතර බස් ස්ටෑන්ඩ් එක ගාව වාහනේ නවත්තල මම තනියම බැහැල ගිහින් ත්රීවිල් අයිය කෙනෙකුගෙන් පිහිට ඉල්ලපු ගමන්, රුපියල් 500 ක් වැඩි මිලට ගල් බෝතලයක් අරන් දෙන්නම් කියල කිව්වා.. මමත් වැඩේට OK වෙලා ඌ එක්කම ගිහින් බෝතලේ ගෙනාව..
ඔන්න දැන් අපි මාතරින් පිටත් උනා එන්න... එළිවෙන්න 3.30 විතර ඇති.. මුන්ට අර කලින් නවත්තපු වැලිගම පොට් එකේම ඉඳන් බෝතලේ ගසන්න ඕනේ කියාපි.. මටත් ඉතින් ප්රශ්නයක් නැති නිසා එතනටම ගෙනල්ල වාහනේ නවත්තල දුන්න.. මුන් එතන ඉඳන් උදේ 5 වෙනකොට ඔන්න ඒ බෝතලෙත් ඉවරයක් කරා.. දැන් මට කන පැලෙන්න නිදි මතයි.. යන්න පිටත් උනාට වාහනේ යන්නේ පාර පුරා.. වැලිගම ඉඳන් ගාල්ලට වෙනකම් කීප තැනක නවත්තල විනාඩි දහයක් නිදාගන්න බැලුවත් මුන් නවත්තන්න දෙන්නෙම නැහැ මගුල් ගෙදර වැඩ වලට ඉක්මනට යමන් කියනවා. එකෙකුටවත් එලවන්න දෙන්න විදිහකුත් නැහැ ඔක්කොම කන පැලෙන්න ගසල ඉන්න නිසා.. බැරිම තැන හික්කඩුවේ නවත්තල ස්ටාර්ට් එකේ තියෙද්දීම දැම්ම මම ඇලට් එකක්.. බී මතේ අඩ නින්දේ ඉන්න අපේ උන් හිතන්නේ දැන් වාහනේ යනවා කියල.. එත් වාහනේ තියෙන්නේ අකුරල මුහුද අයිනේ.. මම දොයි..
නිකමට ෆෝන් එක රින් වෙනවා වගේ ඇහිලා ඇහැරුනා.. මෙන්න යකෝ උදේ 6.30යි වෙලාව.. මගුල් ගෙදරින් අපේ ගෙදරට කතා කරල ඊයේ රෑ මාතර ගියා මල් ගෙන්න තාම අවේ නැහැ එකෙක්ගෙවත් ෆෝන් වැඩ කරන්නේ නැහැ කියල.. මෙන්න බොලේ මගේ මවු තුමිය අමතන්නේ.. යාළුවගේ ගෙදර උදවිය මගේ අංකය දන්නේ නැහැ.. ඒ හින්ද ගෙදර අන්කේ හොයාගෙන ගෙදරට කතා කරල.. මම නිදාගත්තු තැන ඉඳන් මගුල් ගෙදරට විනාඩි දහයෙන් යන්න පුළුවන්.. ඒ විනාඩි දහයත් නිදිමතේ එලවල මුන් මරල දාන්න බැරි නිසයි ඉතින් නිදාගත්තේ..
කොහොම හරි මගුල් ගෙදරට එද්දී මුළු මගුල් ගෙදරම එකම ගිනි ජංජාලයයි.. මනමාලිගේ මල්ලියි, අන්දන කෙනයි, පින්තුර ගහන කෙනයි ඔක්කොම ඇඩ්රස් නැතුව අතුරුදහන් උනාම කොහොමද හිතපල්ලකො සනීපෙ... කට්ටියම බැනුම් ඇහුව ඉතින් පැයක් විතර කන්වල ඇඟිලි ගහගෙන ඉන්නම.. අපේ එවුන් මගුල් ගෙදර ලඟට එනකම්ම නිදි වාහනේ ඇතුලෙ .. උන් අදත් මට බනිනවා තෝ වාහනේ AC දාල උන්ව අන්දලා නිදාගත්ත කියල.. අන්තිමේ වැරදි කාරය උනේ අතරමග නවත්තල බොන්න ආතල් ගන්න සෙට් වෙච්ච එවුන් නෙවෙයි.. කඳුලක්වත් නොබීපු මම... තව විනාඩි දහයක් පහු උනානම් මගුල් ගෙදර එවුන් පොලිසි යන්න ඉඳල තියෙන්නේ අපි ආගිය අතක් නැහැ කියල.. මනමාලි ඇඩූ කඳුලෙන් අපි යද්දී.. මහ එවුන් යක්කු වගේ...


ඔව් එහෙම වෙන්න ඕනේ. හැබැයි තව දෙයක්. මේකේ හෙඩ් එක කලිං පාස්සලා තිබිලා තියෙන්නේ. අපිත් දැක්කේ ගැලෙව්වට පස්සේ. ඒ තැනකිං ආයේ ක්රැක්වෙන්න පුලුවං කියලා තමා බාසා කිව්වෙ. 



මේ පැත්තෙ එනවනං ඕන කෙනෙකුට ආරාධනාව විවෘතයි.


