වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පොඩි පුතා;18460346 said:
    Ke 30 :- 75000 /-

    http://ikman.lk/en/ad/toyota-ke-30-1979-for-sale-kurunegala

    Ke 20 :- 80000 /-
    http://ikman.lk/en/ad/toyota-ke-20-1979-for-sale-gampaha-7

    ඇයි බන් මේව මේ ගානට දෙන්නෙ වටින් නැද්ද ?

    ඕවා දුවන්න පුලුවන්නම් සියල්ල අනිත්‍යයි කියපු බුදු බනත් බොරු වෙනවා බන්:lol:

    ඕවට එක පාර සල්ලි දීලා ගන්න එපා, ඇලේ දාලා ඉස්සෝ අහුවෙන විදිහට සල්ලි දීපන්
     
    Last edited:
    • Like
    Reactions: shaminda peiris
  • Sep 8, 2014
    490
    47
    28
    රත්තරං;18460392 said:
    ඕවා දුවන්න පුලුවන්නම් සියල්ල අනිත්‍යයි කියපු බුදු බනත් බොරු වෙනවා බන්:lol:

    ඕවට එක පාර සල්ලි දීලා ගන්න එපා, ඇලේ දාලා ඉස්සෝ අහුවෙන විදිහට සල්ලි දීපන්

    :shocked: අෆොයි එහෙමත් එකක්ද :eek:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18460392 said:
    ඕවා දුවන්න පුලුවන්නම් සියල්ල අනිත්‍යයි කියපු බුදු බනත් බොරු වෙනවා බන්:lol:

    ඕවට එක පාර සල්ලි දීලා ගන්න එපා, ඇලේ දාලා ඉස්සෝ අහුවෙන විදිහට සල්ලි දීපන්

    රත්තරං;18460407 said:
    දවසකට ඉස්සෝ කිලෝ 4ක් 5ක් වගේ අහුවෙනවනම් පාඩු නෑ:dull::dull:

    හැමදාමත් මම රත්තරං එක්ක එකග නොවෙන තැන තමයි මෙතන. :dull::dull:
     
    • Like
    Reactions: shaminda peiris

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හැමදාමත් මම රත්තරං එක්ක එකග නොවෙන තැන තමයි මෙතන. :dull::dull:
    අර මං දාපු කාර් එක නං ඔරිජිනල් බොඩියක් මීට කලිං ටිංකර් කරලා නෑ ලු..
    ඉතිං එහෙම නං සෑහෙන්න වැඩ ඇති මෙච්චර අවුරුදු ගානකට
     
    • Like
    Reactions: shaminda peiris

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අර මං දාපු කාර් එක නං ඔරිජිනල් බොඩියක් මීට කලිං ටිංකර් කරලා නෑ ලු..
    ඉතිං එහෙම නං සෑහෙන්න වැඩ ඇති මෙච්චර අවුරුදු ගානකට

    :shocked: මට වහ කුප්පියක් දීපන් හසන්ත.........!! :baffled: :dull:
     
    • Like
    Reactions: shaminda peiris

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    KE 20 හොයන අයට.. හොද තත්වයෙන්
    1.50යි
    ගානත් පාඩු නෑ
    http://ikman.lk/en/ad/toyota-corolla-k20-1972-for-sale-colombo
    ඹකේ මොකක් හරි අව්ලක් තියෙනවා දෙතුන් පාරක් ඇඩ් දැම්මා පොත එහේම කචල්ද දන්නැ
    පොඩි පුතා;18460346 said:
    Ke 30 :- 75000 /-

    http://ikman.lk/en/ad/toyota-ke-30-1979-for-sale-kurunegala

    Ke 20 :- 80000 /-
    http://ikman.lk/en/ad/toyota-ke-20-1979-for-sale-gampaha-7

    ඇයි බන් මේව මේ ගානට දෙන්නෙ වටින් නැද්ද ?
    ඹය 30 යක් නම් නෙවේ නැත්තම් ලයිට් වෙනස් කරලා
    මම එකක් ගෙනල්ලා හදලා දුවනවා බිමටම කඩාගෙන පාත් උන එකක් හරි අතට සල්ලි ටිකක් ආව ගමන් උස්සගෙන එන්න ඉන්නෙ ලබන අව්රැද්ද දිහාට එතකොට බලමුකො
     
    • Like
    Reactions: shaminda peiris

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔන්න බොලාලට මගෙනුත් කටුවක්. :rolleyes:

    මේකනං මගේ වාහනේකින් කාපු කටුවක් නෙමෙයි "අපේ" වාහනේකිං කාපු කටුවක්. ඒ කියන්නෙ හු'ලංගම කටුවක්. :yes::yes:
    2832992-CTB--Local-bus--Negombo-0.jpg

    මම රස්සාව කොරන්නේ කොළඹ පලාතෙ වුනත් දවසට කිලෝමීටර් 45ක් ඉතර දුව ගෙවාගෙන කොළඹ ගාටනවා ගෙදර ඉඳන්. :confused: ගමෙන් පානදුරේට බස් එකේ ඇවිල්ලා එතනින් යකඩ රෝද උඩ තමා එන්නේ. හවසටත් ඒ විදියමයි. හිටිගමන් ඉතින් අම්බානක රෑ වෙනවා ගෙදර යද්දි. :(:(

    පානදුරෙන් අපේ ගම් පලාතට යන අවසාන බස් එක පිටත් වෙන්නේ රෑ 10.50ට. ඔය බස්සෙක මිස් වුනා කියන්නේ ඉතින් බඩුම තමා. පේමන්න්ට් කා දොයිය බබා සරණං ගච්චාමි හෝ ආටා පුතා සරණං ගච්චාමි තමා. කොහොමින් කොහොමින හරි ඔය අන්තිම බස්සෙක ඉතින් හු'ලංගමයක්. බඩා මාර්ක් බස් ඔය වෙලාවට බුදිනේ. :P
    750927-Bus-Driver-Goes-to-Sleep-on-Side-of-Road-0.jpg

    ඕං ඉතින් සුපුරුදු ලෙසින් මං තුමා පානදුරේට සැපත් වෙලා ඔය අන්තිම බස්සෙකේ ආසනේකුත් පනවගෙන නින්දක් දාගෙන යන්න කියල ඇල වුනා. දෙය්යනේ කියල ගෙවල් බලා යන්න. සෙනගත් වැඩිය නෑ. බස් කට්ට වෙලාවටම පිටත් වුනා. NA නොම්බර තහඩුව තියෙන ටකරං ලෑලන්ඩ් එකක් අර උඩ තියෙන පින්තූරෙ වගේ. :P

    කොහෙම වුනත් මට හරියකට නින්ද ගියෙනං නෑ. මුලින් පාගල ගිය බස්සෙක ගමනෙන් බාගයක් විතර දුර එද්දි මග නවත්ත නවත්ත රේස් කරනව කියල හීනෙන් වගේ තේරුණා. :shocked::shocked::shocked: හෑ ඒ කියන්නේ බඩු හරි. එක්කෝ මග බුදි නැත්තං පයින් ගෑටිල්ලක් තමා. හු'ලංගමේ බස් එකක් ඔහොම දුවනව කියන්නේ ඉතින් මගියෙන්ට ඉතා නුදුරෙදිම බනිස් දන්සැලකින් කට පුරා කන්න හම්බෙනවා කියන එක. :no::no::no:ඇරත් අන්තිම බස් එක බොලව්. ඉඳහිට යන වාහනයක් ඇරෙන්න බලු බල්ලෙක් නෑ පාරෙ.

    ඔහොම සැර දදා ගිය උලව්ව අන්තිමට ගමනාන්තෙට කිලෝමීටර් හයක් විතර තියල නැවැත්තුවා කියහන්කො. බඩු හරි ඒ කියන්නේ. :sorry::sorry::sorry:

    බස් එකේ වැටිම වුනොත් සෙනග දහයක් විතර ඉන්න ඇති. ඔන්න එකා දෙන්නා බහිනවා දැන්. කට්ටිය කුටුකුටු ගානවා. ඔය අතරරේ මම බහින්න කම්මැලිකමට බස් එකටම වෙලා හිටියා. පට්ට නිදිමතේ. විනාඩි පහක් විතර ගියත් මුකුත් වෙනසක් වෙන පාටක් නෑ. ඒපාර මාත් බැස්සා මොන උට්ටක්ද වුනේ කියල බලන්න. ඔය අතරේ ලඟපාත ටික දෙනෙක් බැහැලා පයින්ම ගියා යන්න. දැන් ඉතුරු ඩැයිබරයයි කොන්දායි මායි තව දෙතුන් දෙනෙකුයි විතරයි. ගමනාන්තෙටම යන.:sorry::sorry::sorry:

    ඉස්සරහට ගිහින් බැලුවම ඩැයිබරයා උඩ බලන් ඉන්නවා කොන්දා වට පිට බලනවා ටිකට් මැසිමත් කිහිල්ලෙ ගහන්. ටිකකින්..
    ඩැයිබරයා දොර ඇරලා මොනවද මන්දා බලනවා ආයෙ වහනවා. කොන්දා වටපිට බලනවා.
    ඩැයිබරයා ආයෙ දොර ඇරලා මොනවද මන්දා බලනවා ආයෙ වහනවා. කොන්දා වටපිට බලනවා.
    ඩැයිබරයා ආයෙ දොර ඇරලා මොනවද මන්දා බලනවා ආයෙ වහනවා. කොන්දා වටපිට බලනවා.
    ඩැයිබරයා ආයෙ දොර ඇරලා මොනවද මන්දා කරනවා ආයෙ වහනවා. කොන්දා වටපිට බලනවා.
    ඩැයිබරයා ආයෙ දොර ඇරලා මොනවද මන්දා කරනවා ආයෙ වහනවා.

    මොන රෙද්දක්ද යකෝ මේ. අපි ගෙදර යන්නැද්ද? :angry::angry::angry::angry:

    ටිකකින් ඩැයිබරයා වැඩේ අතෑරියා.

    “බස් එක යන්නෑ” :angry::angry::angry::angry::angry:

    මුගෙ අම්මට යකෝ....(මූ වගේ තව එකෙක් හිටියනං කරත්තෙට මරු ගොන් බානක් කියල උඹලට අන්තිමට හිතෙයි) :rofl::rofl::rofl::rofl:

    එතකොට අපි ගෙදර යන්නේ මුගේ පිටේ නැගලද කියල මට මල පැන්නා. මම ඉතින් ඔය වාහන වැඩ කෑලි ගැන මෙලෝ මල සංසාරයක් දන්න එකකෙක් නෙමෙනේ. අනික පත බස් ගෙඩියක්.
    කොරන්න දෙයක් නැතිම තැන ශේප් එකේ කොන්දට කිට්ටු කරල ඇහුවා මොකද කියල.

    “බස් එක රේස් වෙන්නෙ නෑ මල්ලි. ඇක්සලරේටරේ ගැලවිලා. යන්න විදිහක් නෑ.” කොන්දා කියපි.

    අලි උට්ටයි. ඒ කියන්නේ මේ මහ රෑ දැන් ඉතින් පයින් ගාටපංකෝ. එහෙම කියල කොල්ලා බෑග් එකත් අරන් බස් එකෙන් බැහැලා පයින්ම ගමන පිටත් වුණා. කටුව ඉවරයි. අසා සිටි ඔබ සැමට ඉස්කෝතුයි. :lol::lol::lol::lol:
































    එහෙමද වුනේ?;):P:P:P:P

    ඒ වෙලාවෙ මම තවත් බුවෙක් එක්ක කයියක් දාගෙන හිටියෙ. පොරත් ගමනානේතෙටම යන පොරක්. කෙහොමින් කෙහොමින් හරි ඩැයිබරයා සියලු බලාපොරොත්තු සුන් වෙලා එහාට මෙහාට වුනා. ඒ කිය්නනෙ බස් එක යන්නේ නෑම තමයි. දැන් ඉතින් කොරන්න දෙයක් නැත පුතේ. :confused: ඔය වෙලාවෙ තමයි දැක්කෙ බස් කට්ටේ බොනට් එක ඇරලා. මිකැනික් ගැන දන්නෙ නැතිවුනත් ආසාවට මම පොඩ්ඩක් එබිලා බැලුවා. Nokia පෝන් කට්ටක් තිබුණා. ඒකත් ගගහ ආසාවට දොර බල බල ඉන්නකොට කොන්දා ආයෙ පාත් වුනා. අපි එන්ජිම ගලවනව කියන හිතන්න ඇති. ;)

    මම ඇහුවා කොන්දගෙන් කෝ මොකද වෙලා තියෙන්නෙ කියල. එතකොට බුවා කියනව ඇක්සලරේටර් එක ආපහු උඩ එන්නෑලු. බස් එක රේස් වෙන්නෙත් නෑලු.
    211885d1255858351-commercial-vehicle-thread-tata1.jpg


    එහෙම කියද්දි මට නිකමට හිතුනා මේක නං පොඩිම පොඩි කේස් එකක් තමයි පොඩ්ඩක් බලන්නම ඕනි කියල. එහෙම හිතල හෙන පොර වගේ බැස්සා ගේමට( වැඩේ වැරදුනානං තාම කනවා). දොර ඇරියා. බැලුවා. ඇත්ත තමයි. ඇක්සලරේටර් එක ෆ්ලෝ බෝර්ට් එක උඩ දොයි. නැගිට්ටල අත ඇරියම බුවා ආයෙ දොයි.
    ලේලන්ඩ් බස් වල උඹල දැකල ඇතිනේ. පත ලෑල්ලක් වගේ එකකට ගහපු කූරක් එක පැත්කට හයි කරපු එකක්. මේ තියෙන්නෙ පිනුතූරේ.
    209459d1255453394-day-lpt1613-tc-tata-1210e-semi-forward-1613tc-4abc.jpg



    ආයෙ පාරක් ඇක්සලරේටර් එක උඩට ඉස්සුවා ඒත් මූ පණ නැතිව වැටෙනව.
    falling-on-face.jpg

    මම හිතුවෙ මූ උඩ තියාගන්නේ ස්ප්‍රීන් එකකින් වෙන්න ඇති. ඒක වැටිලා ඇති කියලා. ආපහු ඉස්සරහින් බැලුවා ටෝච් එක ගහගෙන.

    අම්මට සිරි යකෝ. පට්ටම සරල කේස් එකක් (ඉන්දියන් හුබ්බඩ නේ). ඇක්සලරේටරේ යන අර යකඩ කුරේ අග පොටක් තියෙනවා. ඒක තව ෂාෆ්ට් එකක් අස්සෙන් තවුවකට බැහැලා යටින් නට් එකක් දාලා තද වෙනවා. හරිම සරල ක්‍රමයක්.

    699693.jpg

    ක්‍රමය හරියට මේ පින්තූරේ වගේ. හැබැයි ගොඩක්ම වෙනස්. තියෙන්නෙත් උඩු අතට. (ඔය රතු රවුමනං මේ කතාවට අදාල එකක් නෙමේ.)

    සාමාන්‍යෙයන් මගේ ප්‍රතිපත්තියක් තමයි මොාකක් හරි ඔය වගේ ගැජමැටික් එකක් දැක්කම ඕකත් එක්ක ඔට්ටුවෙන්න වලිකන එක. (ටෙක් වැඩ බැරි වුනත් මම පොඩි කාලෙ ඉඳලම කරේ ඔය සෙල්ලම් වාහන කෑලි ගලෝ ගලෝ අලුත් අයිටම් හදන එක කියල අපේ මාමාල තාමත් හිනා වෙනවා)

    කතා කරා ඩැයිබරයට. උට කිවුවා උස්සල අල්ලපිය කියල ඇක්සලරේටර් එක. එහෙම කියල ඉස්සරහින් දොර අස්සෙන් අමරුවෙන් අත දාලා අර කූර අරන් ආපහු අර ගෘ එක උඩින් තිබ්බා. එතකොට ඇක්සලරේටරේ බබා වගේ පෑගෙනවා. හැබැයි අත ඇරිය ගමන් ආයෙ එලියට පනිනවා. නට් එක නෑනේ. පොටත් ගිහිල්ල තිබුනෙ. ඒ නිසා නට් එක තිබුණත් වැටක් නෑ. මේ වෙද්දි මගේ අත පුරා මංජ.

    දැන් කරන්න තියෙන එකම දේ තමයි මොකක් හරි එකකින් ඔය කූර අර ගෘ එකට තියල ගැටගහන එක. වාසනාවකට වගේ බස් එකේ කම්බි කෑල්ලක් තිබුණා. ඩැයිබරයට කිවුවා ඇතුලෙන් ඇවිත් අර කූර වටේ වට දෙකක් විතර ඔතලා කමිබි පොටවල් දෙක පහලට එවන්න කියල. මගේ බලාපොරොත්තුව වුනේ අර ගෘ එකට රොඩ් එක රිංගවල කම්බියෙන් ගැට ගහන්න. ඔවු තාවකාලික පිලියමක්.

    ඩැයිබරයා අමුම අමු ගොනෙක් කියන්නේ. මූට තේරෙන්නෙ නැහැ කරන්න ඕනි දේ. දෙපාරක්ම ඌ කරේ රොඩ් එකට ඉඩ තියෙන හිඩැස අතරින් කම්බි පොට පහලට එවන එක. මල පැන්නා ඕයි.
    (මේ පින්තූරෙ තියෙන වගේ ඔය යකඩ කූරට කම්බිය බැඳලා හිඩැස අස්සෙන් පහලට එවන්න කියලයි මම කිවුවේ.)
    215815.jpg


    ඒ පාර මමම ගිහිල්ලා අර කමිබියෙන් ඇක්සලරේටරේ කූඩ වටෙන් කමිබිය දාලා හොඳට තදවෙන්න වට දෙකතුනක් ඇඹරුවා එහා මෙහා වෙන්න. ඊට පස්සේ පොටවල් දෙක පහලට අරන් ආපහු ගෘ එක අස්සෙන් කූර දාලා හොඳට ඇදලා ගැට ගැහුවා. වැඩේ ගොඩ. දැන් ඇක්සලරේටරේ හරි විදියට වැඩ. ඩැයිබරයට කිවුවා ස්ටාර්ට් කරලා බලන්න කියලා. අම්මට සිරි කියන්නේ මල් හතයි.

    ඉතුරු වෙලා හිටපු සෙනග කීප දෙනාගෙන් පැසසුම් මල් වැසි. මල්ලි නොහිටියනං මුං බස් එකයි අපිවයි මග දාලා යනව කියල. :cool::cool::cool::D
    4624361157_cddb83b75f_b.jpg

    මජන් එහෙම පිහිදාගෙන බස් එකට නගින්න ලෑස්තිවෙද්දි කොන්දා ෂේප් එකේ කියනව මල්ලි නොහිටින්න මමත් අද මග තමයි කියල :D ඒ කියන්නේ අර ඩැයිබරයා පට්ට කම්මැලියෙක්. ෂුවර් එකටම ඌ දන්නේ බස් එකක් එලවන්න විතරයි. මම කොන්දට කිවුව ශේප් එකේ අයියෙ මේක තාවකාලික විසඳුමක්. ඕක ඩිපෝ එකට ගිය ගමන් හදාගන්න කියල.
    දෙයියනේ කියල විනාඩි විස්සක විතර ප්‍රමාදයකින් පස්සෙ මම ගෙදරට ලඟා වුනා.


    ප.ලි
    ඊට දවසකට පස්සේ ඒ බස් එකම හම්බවුනා අර ජෝඩුවමයි හිටියේ. ඩැයිබරයනං එච්චර හොඳ මූණක් පෙන්නුවෙ නෑ. මම නිසා මිනිහට අවමානයක්වත් වුනාද දන්නෑ.

    කොන්දානං හිනාවෙනලා හොඳට කතා කරා. මම ෂේප් එකේ අහල බැලුවා බස් එක හදාගත්තද කියල.
    “නෑ. මල්ලි තාම එදා කරපු ප්‍රතිකර්මෙන් තමා දුවන්නේ”

    අපොයි හු’ලංගම!!!


    sad_bus_stnews.jpg

    military-salute.jpg


    උඹ කරපු දේ අති විශිෂ්ටයි මචන්.. හැබැයි උඹ කරපු දේ කැච වැඩක්... උඹ ද්‍රයිවරයගේ over time එකට කෙලිය බන්.. ඕක බ්රේක් ඩවුන් දැම්මාම ඩිපෝ එකෙන් ඇවිත් ඇදගෙන යනකම් ඩ්‍රයිවර් ගොයියට අතිකාල දීමනා ගෙවනව.. ඊට අමතරව ඩීසල් ලීටර් 20 ක්ද කොහේ එලියට විකිනෙනව . බස් එකක් ඇදගෙන යන්න යනකොට brake down එකට ඩීසල් ලීටර් 20ක් දෙනවා නවතිච්ච බස් එකට දාන්න.. ඩීසල් නැතුව නැවතිලා නෙවෙයිනම් ඩීසල් දාන්නේ නැහැ.. ඒව ඉතින් එලියට විකිනෙනව.. සමහර වෙලාවට බස් එක ඇදන් යන්න එන්න පහුවදා වෙන්නත් පුළුවන්..මේ ඔක්කොම එකතු උනාම සාමාන්‍ය ගානක් සාක්කුවට වැටෙනවා.. එකයි රියදුරා උඹට පුස් මුණ දාන්නෙ . කොන්දට ඔව්ව වැඩක් නැහැ ඌ උදේ ඉඳන්ම සත පනහ, රුපියල මාටියා ගහල උගේ දවසේ ගාන හොයල තියන නිසා ඌ බලන්නේ හැකි ඉක්මනින් ටිකට් පොත් භාරදීලා ගෙදර යන්න.. ඔන්න ඕකයි උඹ දිහා කොන්ද සන්තෝසෙන් බලන්නේ සහ ඩ්‍රයිවර් තරහින් බලන්නෙ ...ඩ්‍රයිවර් ඕක හදන්නේ නැත්තේ එදා මිස් වෙච්ච OT එක ළඟදීම ආයෙත් ගන්න හිතාගෙන තමයි.. ආයෙත් උඹේ කරුමෙට last turn එකේදිම කඩේවිද දන්නේ නැහැ.. කෝකටත් කම්බි කෑල්ලක් බෑග් එකේ දාගෙන නැගපන් ඔකේ යනකොට..

    තව තවත් කටු තියන්නට ශක්තිය දහිරිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.. ඒ වගේම තව තවත් CTB බස් හදන්න වාසනාව ශක්තිය දහිරිය ලැබේවා...:lol::lol:
     
    • Like
    Reactions: shaminda peiris

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ඔය පැත්ත නියමයි. මම අවුරුදු 4ක් හිටියා බෙලිහුල්ඔය. :yes::yes::yes:

    ඔන්න බොලාලට මගෙනුත් කටුවක්. :rolleyes:

    මේකනං මගේ වාහනේකින් කාපු කටුවක් නෙමෙයි "අපේ" වාහනේකිං කාපු කටුවක්. ඒ කියන්නෙ හු'ලංගම කටුවක්. :yes::yes:

    sad_bus_stnews.jpg
    ඩ්‍රයිවරයා උඹට අල්ලන් තැළුවේ නැතිව පුදුමයි
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    640x392_22835_224707.jpg


    කටු ත්‍රෙඩ් එකක් Views 200000 කඩ ඉම ඉකමවා ඇති බව සතුටින් දන්වා සිටිමු... හැමදෙනා විසින්ම දුක සේ වැළඳු කටු සඳහා අධ්‍යාපනික සහ සමාජයීය වටිනාකමක් එකතු කිරීමට දායක වූ සියල්ලන්ටම හර්දයාංගම ස්තුතිය පුදකරමි..

     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බයික් කට්ටක් තියනවා දාන්නද? :rolleyes:කට්ටියට දෙයක් ඉගෙනගන්න නම් පුලුවන්වෙයි ෂුවර් එකටම.. ඔය බඩානම් දන්නවා..:yes:

    තව බඩාගෙ මීටරේ අවුලක් ගිහින් කන්ටැක්ට් අපි දෙන්නත් එක්ක සුද්ද කරලත් හොඳ වැඩක් කරගත්තා..:P දාන්නද? දෙකම බයික් කටු තමා..:yes:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :P ලිද ලිද..... මම ඊයේනේ දැක්කේ.... මූ හයිබ්‍රිඩ් ටොයෝටා ගැනත් ත්‍රෙඩ් එකක් දාලා නේ...... :yes:

    Divorce නඩුව දාල තියෙන්නේ Honda මනමාලිට එරෙහිව .. හෙට අනිද්දා Toyota මනමාලි ගේන්න සියල්ල සුදානම් කරලයි තියෙන්නේ..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේක වාහන හින්ද කාපු කට්ටක් නෙවෙයි. මෙතන දාල ත්‍රෙඩ් එක අලවෙනවනං සොරි වෙන්ට ඕන..
    බොලේරෝ.... ටාටා... වගේ බජට් පිකප් හොඳයිද මචංලා... මං මේ 10~12 කට පිකප් කටුවක් ගන්න කියලා බැලුවේ.

    උඹ කරන්න යන වැඩේ අනුව තමයි වටිනවද නැත්ත කියල තීරණය වෙන්නේ මචන්.. මොකක් කරන්නද උඹ මේක ගන්න යන්නෙ ..
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    640x392_22835_224707.jpg


    කටු ත්‍රෙඩ් එකක් Views 200000 කඩ ඉම ඉකමවා ඇති බව සතුටින් දන්වා සිටිමු... හැමදෙනා විසින්ම දුක සේ වැළඳු කටු සඳහා අධ්‍යාපනික සහ සමාජයීය වටිනාකමක් එකතු කිරීමට දායක වූ සියල්ලන්ටම හර්දයාංගම ස්තුතිය පුදකරමි..


    මෙන්න ෆුල් සපොර්ට් එක දීපු සෙට් එක
    http://www.elakiri.com/forum/misc.php?do=whoposted&t=1658225
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18460392 said:
    ඕවා දුවන්න පුලුවන්නම් සියල්ල අනිත්‍යයි කියපු බුදු බනත් බොරු වෙනවා බන්:lol:

    ඕවට එක පාර සල්ලි දීලා ගන්න එපා, ඇලේ දාලා ඉස්සෝ අහුවෙන විදිහට සල්ලි දීපන්

    එහෙම කියන්න එපා බන්.. හැමෝටම ලක්ස විස්ස තිහ නැහැ වාහන ගන්න.. මෝටර් සයිකලයක් තියන ගෙදරකට නොතෙමි යන්න ත්‍රී වීල් එකක් ගන්නවට වඩා ලාභයි මේ වගේ එකක් අරන් දුවන එක.. ත්‍රී වීල් අරගෙන මහා මග මැරෙනවට වඩා හොඳයි අඩුවට කාර් කටුවක් අරන් පැදලා ජීවිතේ බේරගන්න එක කියලයි මම හිතන්නේ..

    අනික ත්‍රී වීල් එකක් ගෙදර තියෙනවට වඩා සමාජයේ පිළිගැනීමක් තියෙනවා ගෙදර මයිනර් කාර් එකක් තිබ්බත්..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හැමදාමත් මම රත්තරං එක්ක එකග නොවෙන තැන තමයි මෙතන. :dull::dull:

    මමත් රත්තරන් එක්ක එකඟ නැහැ මෙතැනදී..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔන්න බොලාලට මගෙනුත් කටුවක්. :rolleyes:

    මේකනං මගේ වාහනේකින් කාපු කටුවක් නෙමෙයි "අපේ" වාහනේකිං කාපු කටුවක්. ඒ කියන්නෙ හු'ලංගම කටුවක්. :yes::yes:

    ...................
    ...................
    ...................
    ...................

    කොන්දානං හිනාවෙනලා හොඳට කතා කරා. මම ෂේප් එකේ අහල බැලුවා බස් එක හදාගත්තද කියල.
    “නෑ. මල්ලි තාම එදා කරපු ප්‍රතිකර්මෙන් තමා දුවන්නේ”

    අපොයි හු’ලංගම!!!

    පට්ට සිද්ධිය මචෝ මල් හතයි ඈ :)
    +13
     
    Status
    Not open for further replies.