ජපන්නුන්ට ඉංග්‍රීසි ඉගැන්නීම- ප්‍රස්තාව&

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,845
    792
    113
    @Thusithaya
    ජපන්නුන්ට ඉංග්‍රීසි ඉගැන්නීම- ප්‍රස්තාව&

    ටික කලක ඉදන් මම ජීවත් වෙන්නේ ජපානයේ. හැබැයි මෙහෙ එන්න තුන් හිතකවත් කිසිම අදහසක් වත් ආසාවක් වත් තිබුනේ නැහැ. ගෙදර උන්නැහැට phd කරන්න ශිෂ්‍යත්වේ හම්බ වුනේ ජපානෙට. එපාර මාත් ලංකාවේ මගේ රස්සාවට තිත තියල ආවේ phd එකක් කරන්න හිතාගෙන. හැබැයි මෙහෙ ආවට පස්සේ එහෙම එකක් හදාගන්න ලේසි නැහැ, ජපන් බැරුව.අවුරුද්දක් විතර සෑහෙන මහන්සි වෙන්න වුනා සරසවියකට ඇතුල් වෙන්න. නමුත් ඒ අවුරුද්දෙ මම සැහෙන දේවල් කලා. එයින් එකක් වුනේ මෙහෙ ඉංග්‍රීසි පාසලක ඉංග්‍රීසි ඉගැන්නීම.

    ජපානේ මොන රස්සාවට ගන්නත් සම්මුක පරීක්ෂණ බොහෝ ගණනක් තියෙනවා. මගේ මේ අඩ කාල (part-time) රස්සාවටත් මට විභාග හා සම්මුක පරීක්ෂණ 6ක් තිබ්බ (ඔව්, ජප්පොන්ට පිස්සු ). මගේ toefl score එක හා ඉස්කෝලේ යන කාලේ ඉඳන් ෆිල්ම් බලල හදා ගත්ත accent එක නිසා යන්තම් මට රස්සාව හම්බ වුනා. ඒක ලොකු පාසැලක්. ඔවුන්ට ජපානේ පුරා පාසැල් 100ක් විතර තියෙනවා. උගන්නන බොහෝ දෙනා ඇමෙරිකානු බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියානු ජාතිකයෝ.

    මේ පාසල අමුතු පාසලක්. එක පාසලක ඉන්නේ ගුරුවරු 15ක් විතර. අපේ පන්ති ඔක්කොම තනි පන්ති (one to one). එක පාඩමක් විනාඩි 45යි. උදේ 10 සිට රාත්‍රී 10 තෙක් විනාඩි 45න් 45ට බෙල් එක වදිනවා පාඩම් මාරු වෙනකොට. අපිට මාසේ එන්න පුළුවන් වෙලාවල් ඊට ඉස්සෙල්ල මාසේ අන්තර්ජාලය හරහා අපේ කාල සටහනේ ලකුණු කරන්න ඕන. ඉගෙන ගන්න එන අය අන්තර්ජාලය ඔස්සේ අපේ කාලසටහන book කරනවා. ගුරුවරු හැමෝටම පොඩි cubicle එකක් තියෙනවා. තමන්ගේ පාඩම තියෙන වෙලාව ආවම ශිෂ්‍යයා අදාල cubicle එකට එනවා. මේ පාසැලට ඉගෙන ගන්න එනවා අවුරුදු 3 සිට 100 දක්වා සියලුම දෙනා.

    හැබැයි මේ පාසැල විවෘත ජපානයේත් ඉහල පාන්තිකයන්ට පමණයි. මොකද මේ විනාඩි 40යේ පන්තියට එක් අයෙක් ගෙවනවා ලංකාවේ රුපියල් වලින් නම් රුපියල් 10,000ක් පමණ(ඔව්, ආයිත් කියන්න ඕන. ජප්පොන්ට පිස්සු) ඒවුනාට ගුරුවරුන්ට ලැබෙන්නේ ඒ ගනනින් 4න් 1ක් පමණයි. ඒවගේම අපි කරන හැම පාඩමකටම ශිෂ්‍යයා ගුරුවරයාට ලකුණු දෙනවා උපරිමය 5ක්. ලකුණු 5න් 3ට අඩු වුනොත් ළමයාට නැවත මුදල් දෙනවා. ඒවාට කියන්නේ negative lessons කියල. මාසයකට මේ වගේ negative lessons 2ක් ලැබුනොත් ගුරුවරයාගේ කොන්ත්‍රාත්තුව දිගු කරන්නේ නැහැ. ඔන්න ඔය කරුණු නිසා මෙහි ඉගැන්වීම පහසු කාර්යයක් නොවෙයි.

    මුල් කාලයේ නම් මෙහි ඉගැන්වීම හිතට හරිම පිඩාවක්. නමුත් දැන් මගේ phd එකට ඉගෙන ගන්න අතරතුරේදීත් මම යනවා එහි හේතු කීපයක් නිසා. මෙහිදී මට හමුවුන මිනිසුන් විවිධාකාරයි. ඔවුන් සමග කථා කිරීමෙන් මම බොහෝ දේවල් ඉගෙන ගන්නවා ජපානය මෙන්ම ලෝකය ගැන. මේ වනවිට මම උගන්වා තිබෙනවා ජපන් නළු නිළියන්ට,ගායක ගායිකාවන්ට, අධිනීතිඥයන්ට, සිනමා අධ්‍යක්ෂකවරුන්ට, CEOලාට මහාචාර්යවරුන්ට, ආච්චිලා සීයලා ඇතුළු කුඩා දරුවන්ට. ඒවගේම ජපානයේදී ඉංග්‍රීසි කතාකිරීමට ලැබෙන අවස්ථා හරි අඩුයි. ඒනිසා මෙසේ ඉගැන්වීම මගේ ඉංග්‍රීසි භාෂා දැනුම මොට නොවී තබා ගැනීමටත් උදවු වෙනවා. ඒවගේම මගේ ආර්ථිකයටත් මෙය ඉතාමත්ම හිතකරයි.

    මේ වෙනවිට මම පාඩම් 3000කට අධික ප්‍රමාණයක් උගන්නා තිබෙනවා. ඉන් 3ක් පමණයි negative lessons වුවේ. ඉතින් මේ පාඩම් වලින් මට හමුවූ විශේෂ පුද්ගලයින් ගැන මම නොවරදවාම ළඟදීම ලියන්නම්.

    මේ පාසැල ගැන විකියේ විස්තරය


    http://en.wikipedia.org/wiki/Gaba_Corporation

    ගත්තෙ මෙතනින් http://aganthukawiya.blogspot.com/2015/02/blog-post.html
     
    • Like
    Reactions: akilar25

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,845
    792
    113
    @Thusithaya

    catalyst33x

    Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    එළ..ඔය අත්දැකීම සෑහෙන්න වටිනවා. මගේ wife ජපානේ PhDඑකට අව. මාත් මචන් ඔහෙට එන්න හදලා ආය නැවතුනා. wife එක ඉවර උනාම මෙහෙට එන්න ඕන..මාත් ආය මෙහෙ ඇවිත් ජොබ් හොයන්න එපාය.. :)
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ටික කලක් ඉදන් කිව්වේ කවදා ඉදන් වගේද මචන්?

    කස්ටිය දන්නවාද කෑස්බෑව පිළියන්දල පැත්තෙ හොද ලර්නස් එකක් මට අඩු ගානේ මොටර් සයිකල්වත් පදින්න බෑ :sorry: ඒත් මට ඕනෑ රෝද හතර ගැන හොදට ඉගෙන ගන්න

    කෑස්බැවේ තියෙන දාස ලර්නස් හොදද ?

    දන්නෙ නැත්නම් බම්ප් පිලීස්;)

    උබලා දන්නවනේ දැන් Etisalat කියන්නෙ කවුද කියලා :(මගේ 20 ජි.බී එක ඇක්ටිව් කර ගන්න හෙඩ් ඔෆිස් ගිය වේලේ එකෙක් සෙට් වුනා ඉතිං මිනිහා එව්වා මැසේජ් එකක්

    කපල් සිම් මාසෙට රැ 100 යි යනවා එනවා අන්ලිමිටඩ්

    කොන්ටැක් නම්බර් PM

    උබලාට වැඩක් වෙයි කියලා දැම්මේ මට සත පහක ලාභයක් නෑ:cool:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    CV එකක් ලියන්න දන්නේ නැති උබ කොහොමද බන් උගන්වන්නේ?

    හොද professional CV හදා ගන්න තැනක් දන්නවා?

    දන්නෙ නැත්තම් බම්ප් එකක් හරි දාන්න


    මොනවද බන් මේ බොරු ?
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබ බැදලත් නෑනේ?
    මම පුංචි කාලේ ඉදන්ම ආසාවෙන් හිටියේ නාතාෂා වගේ කෑල්ලක් බදින්න ෂි අපිට සෙටි වෙන් නෑ ඒ වගේ එකක් අරැගේ හැටි පොන්ටින් වගේ අනේ මන්දා දැන් 31කවදා වෙන කොට ඒ වගේ හොයා ගන්ව පුළුවන් වෙිවිද?:dull: