බොහෝ දෙනෙක් දුකට සහ විශ්මයට පත් වුණු සිදු වීමක් තමයි ස්ටැනිස් බරතියන් තම දියණිය ශරීන් ගින්නට බිලි දීම. ඔහු තමාගේ දියණියට, මව ඇයට ආදරය කරනවට වඩා ආදරෙයි. ඒත් රම්සේ බෝල්ටන් ඔහුගේ කඳවුරට පහර දුන්නාට පසුව, මැලිසැන්ඩ්රා කරන යෝජනාව ඔහුට ඉෂ්ට කරන්න වෙනවා. ඩාවොස් ඔහුගේ මෙම තීරණයට එකඟ වෙන්නේ, සහය දෙන්නේ නැති බව දන්න නිසා, ස්ටැනිස් ඔහුව නැවතත් wall එකට යවනවා, ජෝන් ස්නෝට පණිවිඩයක් යැවීම මුවාවෙන්.
ඩැනේරිස් තම ප්රධානම මකරා වන ඩ්රෝගොන් පිට නැග පියාසර කිරීම මේ කතා මාලාවේ විතරක් නෙවෙයි, සම්පූර්ණ Game of Thrones කතා මාලාවේ ඉතා සුවිශේෂ සිදු වීමක්.
මේ අතර බ්රාවොස් හි ආර්යා ස්ටාක් තමන්ට පැවරෙන කාර්යය පසෙක දමා රාජ්ය ආරක්ෂක කණ්ඩායමේ (King's Guard එකේ) මෙරින් ට්රාන්ට් පසු පස සොරෙන් යෑමට පටන් ගන්නවා. ටෝමෙන් විවාහ වෙලා ඉන්න මාගරී ගේ පියා වන මේස් ටිරෙල් ව බ්බ්රාවොස් වලට එවන්නේ සර්සි. ඒ iron bank එක්ක සාකච්ඡා කරන්න, රාජ්ය පාලකයන් එයට ඇති ණය පිළිබඳව. ඔහුගේ ආරක්ෂාවටයි මෙරින් ට්රාන්ට් ඒවා තිබෙන්නේ. ඇයි ආර්යා ඔහු පසු පස යන්නේ? Game of Thrones 9 වෙනි කොටස පිලිබඳ සිංහල විවරණයේ මම මේ කරුණු ගැන සමාලෝචනයක් ගෙන එනවා.
අදහස් යෝජනා චෝදනා දක්වන්න අමතක කරන්න එපා

Last edited: