කොළඹ traffic

udayalanka2

Member
Sep 12, 2007
377
101
0
Makola
මේක මම ගොඩක් දෙනා ට්‍රැෆික් තියෙන වෙලාවල් වලදි කියනව ඇහිල තියෙන කතාවක්
“ඉස්සරහ පොලිසියෙන් ඇති - ඒකයි මෙච්චර ට්‍රැෆික්“
“පොලිසියෙන් පාරට බැස්සොත් ඉවරයි ඉතිං“
 
sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මට නම් හිතෙන්නෙම කොළම මාර්ගය හරියටම සංවර්ධනය වෙලා නැති නිසා මේ ඔක්කොම ප්‍රශ්න හොඳම උදාහරණයක් දෙන්නම් 2005 ට කළින් වගේ මාතර ටවුන් එකේ ඉඳලම පාරවල් ගොඩක් අප්සට් තිබ්බේ ඒ කාලේ උදේටයි දවල්ටයි වාහනයක් හොල්ලනවත් බෑ, ඒත් දැන් පාරවල් හොඳට හදලා විශේෂ අවස්ථාවක් ඇරෙන්න කිසිම ට්‍රැෆික් එකක් එන්නේ නෑ, ඒ වගේ තමයි කොළඹත් ඒත් ප්‍රායෝගිකව ගත්තොත් ඇත්තටම කොළඹ පාරවල් සංවර්ධනය කරන එක දැන් ගොඩක්ම අමාරු වැඩක්
     
    thanujaka

    Well-known member
  • Poor public transportation :)
    The development of public transportation medium such as Trains can reduce traffics.
    1 Train compartment of train carry people of 10-30 :)

    If there are A\C trains with no over crowding, people are willing to keep the car at home and travel with less burden.

    Car pooling is one option but cannot make a huge impact

    මේක තමා ප්‍රධානම හේතුව..
    මිනිස්සු මරුටියක් හරි ගන්න හදන්නේ පොදු ප්‍රවාහන සේවා හොද නැති කම හින්ද..
    බස් වල පටවන්නේ සෙනග නෙමේ පොල්..
    කොච්චි නිකං පරණ ගොන් කරත්ත වගේ වෙලා...
    කොල්ලෝ දැන් හෝ ගාල බයික් ගන්නේ, ගෑණු අඩුමතරමේ ස්කූටියක් හරි ගන්නේ ඇයි..
    බස්වල යෑම තිත්ත වෙලා නිසා..
    කොච්චිත් නිකං පරණ බරකත්ත වෙලා...
    සුදු ෂර්ට් එකක් ඇදන් ටයි එකක් දාන් සපත්තු දෙක පොලිෂ් කරන් බස් එකට නගින එකා බහින්නේ බතික් කරපු ෂර්ට් එකක් ඇදන් ටයි එක නළලේ දාන් සපත්තු දෙක එක එකාට පෑගිලා නිකං කුඹුරු මඩ කරලා ආපු පොරක් වගේ..
    ඉතිං හැමෝම තම තමන්ට පුළුවන් විදිහට මොකක්ම හරි වාහනයක් ගන්න බලනවා පිළිවෙලකට ගමනක් යන්න..
    පොදු ප්‍රවාහන සේවා ගුණාත්මක තත්ත්වයට එනකං ඔය ගැටළුව විසදන්න හම්බෙන්නේ නෑ..
     
    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    මට මෙහෙමත් හිතෙනව.
    දැන් මේ ප්‍රයිවට් බස් කාරයො ජීවිත පරදුවට තියන රේස් යන්නෙ අනිකට වඩා තමන්ගෙ ගාන කවර් කරගෙන වැඩි මාටියා පාරක් දාගන්නනෙ.
    ඒකනෙ ඇත්ත කතාව. නැතුව මිනිස්සුන්ට තියෙන ආදරේටද.:no:
    දැන් මේ තියෙන බස් සංගම් වෙනුවට බස් සමාගම් ඇති කළොත් මොකද?
    * ටාගට් වෙනුවට ලංගම වගේ මාසික පඩියක්
    * ඒකාබද්ධ කාල සටහනක්
    * විනීත සේවයක්

    බස් ගැමුණුව නං කීයටවත් කැමති වෙන එකක් නෑ :growl:

    අඩුපාඩු සම්පූර්ණ කරන්න..
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    ලොකුම හේතුව

    කොලබ කියන පොඩි නගරේ ඇතුලේ රජයේ දෙපාර්තමේන්තු පෞද්ගලික ආයතන පාසල් වැනි සෑම දෙයක් තිබීම .ඉතින් හැමෝම උදේට මේ පොඩි නගරෙට එනවා විතරයි නගරෙන් පිටවීමක් නෑ .එක යි උදේට හැම පාරකම කොළඹට ඇතුල්වෙන ලෙන් එක විතරක් ට්‍රැෆික් වෙලා අනිත් ලෙන් එක හිස් වෙලා වගේ තියෙන්නේ.උදේට හයිලෙවල් එක , පරණ පාර(කඩුවෙල හරහා), නුවර පාර තව එකී මෙකි නොකී පාරවල් වල එක පැත්තකට විතරයි ට්‍රැෆික් වෙන්නේ.මේ හැම පාරකම අනිත් ලෙන් එක බොහෝවිට තදබද අඩුයි

    කරන්න තියන එක දෙයක් තමයි කොළඹ තියන රාජ්‍ය ආයතන කොළඹින් පිටතට රැගෙන යාම .ඒ කියන්නේ ගොඩක් දුරට නෙමේ .කොළඹට ආසන්න නගර වලට ගෙනියන්න ඕන .

    උදේ 6.30 -9 ,දවල් 11.30 -2 වගේ වෙලාවල් වල කොළඹට ඇතුල්වෙන වාහන සිමා කිරීම .ඒ කියන්නේ ගොඩක් අය කාර් වෑන් වලින් මේ වෙලාවට ඇතුල් වෙනවා .එක කාර් එකේ එක්කෙනයි ඉන්නේ .එහෙම ගොඩක් වාහන තියනවා .ඒ වගේ අයට කොළඹ ට ඇතුල්වන සීමාව ළඟ වාහන නවත්තන්න පාක් එකක් හදල එතන ඉඳන් පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහට ක්‍රියාමාර්ගයක් හදන්න ඕන

    ගොඩක් දුරට මේ කියලා තියෙන දේවල් හරි.

    එම්බස්සි වගේ තැනුත් පිටට ගෙනියන්න පුළුවන්.
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ට්‍රැෆික් අඩුකරන්න රජය පැත්තෙනුත් වෙන්න ඕන දේවල් ගොඩක් තියනවා. ඒ වගේම මම නෙට් එකේ දැක්කා යට තියන quote එක. මට තේරුණා හැටියටනම් පල්ලෙහා quote එකට Snowflake=1 vehicle , Avalanche=traffic ආදේශ කරලා බලන්න

    "No snowflake in an avalanche ever feels responsible"
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මේක තමා ප්‍රධානම හේතුව..
    මිනිස්සු මරුටියක් හරි ගන්න හදන්නේ පොදු ප්‍රවාහන සේවා හොද නැති කම හින්ද..
    බස් වල පටවන්නේ සෙනග නෙමේ පොල්..
    කොච්චි නිකං පරණ ගොන් කරත්ත වගේ වෙලා...
    කොල්ලෝ දැන් හෝ ගාල බයික් ගන්නේ, ගෑණු අඩුමතරමේ ස්කූටියක් හරි ගන්නේ ඇයි..
    බස්වල යෑම තිත්ත වෙලා නිසා..
    කොච්චිත් නිකං පරණ බරකත්ත වෙලා...
    සුදු ෂර්ට් එකක් ඇදන් ටයි එකක් දාන් සපත්තු දෙක පොලිෂ් කරන් බස් එකට නගින එකා බහින්නේ බතික් කරපු ෂර්ට් එකක් ඇදන් ටයි එක නළලේ දාන් සපත්තු දෙක එක එකාට පෑගිලා නිකං කුඹුරු මඩ කරලා ආපු පොරක් වගේ..
    ඉතිං හැමෝම තම තමන්ට පුළුවන් විදිහට මොකක්ම හරි වාහනයක් ගන්න බලනවා පිළිවෙලකට ගමනක් යන්න..
    පොදු ප්‍රවාහන සේවා ගුණාත්මක තත්ත්වයට එනකං ඔය ගැටළුව විසදන්න හම්බෙන්නේ නෑ..

    ඒක තමයි මචන් බොරුවට පාරවල් කඩ කඩ ලොකු කලාට මදි..
    කොලඹට එන වාහන ගාන අඩු කරන්න ඕනි. ඕක අඩු වෙනවා කෝච්චි වගේ පොදු ගමනාගමන සේවයන් වැඩි කලානම්.

    කෝච්චි වල තියන ලොකම ප්‍රශ්ණය මන්තීරු මදිකම.. කොච්චර කෝච්චි ගෙනාවත් වැඩක් නෑ මන්තීරු මදි නිසා නවත්තන් ඉන්න වෙනවා සිග්නල් නැති නිසා.. තියන මන්තීරු ටිකත් හරියට කාර්‍යක්ශමව පාවිච්චි කරන්න බෑ හද්ද පරන සිග්නල් පද්දති තියන නිසා...

    සාමන්‍ය මිනිස්සුන්ට යන්න සාමාන්‍ය කෝච්චි, සල්ලි ටිකක් වැඩියෙන් දීල සැපට ඒසී එකට යන්න ඕනි එවුන්ට වෙනම පෙට්ටි දාල හොඳ කෝච්චි ගොඩක් එනවනම් මේක ගොඩක් විසඳගන්න පුලුවන්. ඒත් එකෙක්ටවත් ඕවා පේන්නේ නෑනේ...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුන මාලබේ සිට කොලබ කොටුව දක්වා යෝජිත Monorail ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා නම් 2016 වෙනකොට ඒක හදලත් ඉවරයි.. එහෙම නම් අද මේ තියෙන බත්තරමුල්ල ඉදල බොරැල්ල හරිය වෙනකන් තියෙන Traffic එකෙන් 80% කට වඩා අඩු වෙනවා...
    එහෙම උනා නම් අද උදේකට පැයකට වඩා නාස්තිවෙන මිනිස්සුන්ගේ කාලය, විනාඩි 10 කට වගේ සීමා කරන්න පුළුවන්... නමුත් මෙරට සිටින ලක්ෂ 60 කට අධික හරකුන් රැලකට අවශ්‍ය වූයේ එවැනි සංවර්ධන ව්‍යාපෘති නවතා දමා, මහින්ද රාජපක්ෂගේ ස්විස් බැංකු ගිණුමට add වෙන කොමිස් මුදල අවහිර කිරීමයි. ඉතින් දැන් එය ඉටු වී ඇති බැවින් ඒ ගැන සන්තෝස වේවි පාරට බැස්සම, පැයක් නෙමෙයි, පැය 10 ක් traffic එකේ හිරවෙලා හිටියත් මොකද... කොමිස් ගැහිල්ල නැවතුනානේ කියල මාර ආතල් එකක් දැනෙන්නේය..
    .:lol::lol:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මෙතන සෑහෙන වැදගත් අදහස් ට්කක් තියනවා
    මේකට media වල ඉන්න වුනුත් එනවනෙ.
    පුළුවන් නම් හොඳ ideas වලට පබ්ලිසිටියක් දෙන්න
    ගොඩක් වෙලාවට මේව තැන තැන කතා වෙනව විතරයි. මිනිස්සු අතරට යනවා මදි
     
    mono rail තියා උඹ දන්නවද අපේ තියන railway trains ටික දුවන හැටි.
    ඊට කලින් තියන ඒව ටික හදාගන්න ඕනී... ලංකාවේ කෝච්චි වල යන මිනිස්සුන්ගෙන් අහපන් විඳින දුක මහින්ද හිටපු කාලේත්... කොමිස් ගහන්න ලේසි නිස අලුත් කෝච්චි ගේනාව පීලි හදන්නේ නෑ පරන ඒවා හරියට හදාගන්නේ නෑ. ඕක මහින්ද නෙමෙයි චන්ද්‍රිකා රනිල් කවුරු හිටපු කාලේත් උනු දෙයක්..

    මහින්ද හදපු පාරවල් highway කාලෝජිතයි.. ඒත් අර මත්තල හම්බන්තොට වගේ දේවල් අපරාධයක්.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ලයිට් තියෙන වෙලාවට නම් traffic එක දැනෙන්නේ නැහැ හිමින් හිමින් හරි යන හින්ද. පොලිස් කාරයෙක් හිටියොත් නම් එපා වෙනවා. ඌ ගොඩක් වෙලාවට යවන්නේ ඌට හිතෙන පැත්තේ වාහන විතරයි.
     
    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    ලයිට් තියෙන වෙලාවට නම් traffic එක දැනෙන්නේ නැහැ හිමින් හිමින් හරි යන හින්ද. පොලිස් කාරයෙක් හිටියොත් නම් එපා වෙනවා. ඌ ගොඩක් වෙලාවට යවන්නේ ඌට හිතෙන පැත්තේ වාහන විතරයි.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    A. සිරියා;18496022 said:
    මෙතන සෑහෙන වැදගත් අදහස් ට්කක් තියනවා
    මේකට media වල ඉන්න වුනුත් එනවනෙ.
    පුළුවන් නම් හොඳ ideas වලට පබ්ලිසිටියක් දෙන්න
    ගොඩක් වෙලාවට මේව තැන තැන කතා වෙනව විතරයි. මිනිස්සු අතරට යනවා මදි

    කව්ද මෙතන මීඩියා වලට සම්බන්ධ අය ඉන්නේ..... අපිට HELP කරන්න මේකට
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුන මාලබේ සිට කොලබ කොටුව දක්වා යෝජිත Monorail ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා නම් 2016 වෙනකොට ඒක හදලත් ඉවරයි.. එහෙම නම් අද මේ තියෙන බත්තරමුල්ල ඉදල බොරැල්ල හරිය වෙනකන් තියෙන Traffic එකෙන් 80% කට වඩා අඩු වෙනවා...
    එහෙම උනා නම් අද උදේකට පැයකට වඩා නාස්තිවෙන මිනිස්සුන්ගේ කාලය, විනාඩි 10 කට වගේ සීමා කරන්න පුළුවන්... නමුත් මෙරට සිටින ලක්ෂ 60 කට අධික හරකුන් රැලකට අවශ්‍ය වූයේ එවැනි සංවර්ධන ව්‍යාපෘති නවතා දමා, මහින්ද රාජපක්ෂගේ ස්විස් බැංකු ගිණුමට add වෙන කොමිස් මුදල අවහිර කිරීමයි. ඉතින් දැන් එය ඉටු වී ඇති බැවින් ඒ ගැන සන්තෝස වේවි පාරට බැස්සම, පැයක් නෙමෙයි, පැය 10 ක් traffic එකේ හිරවෙලා හිටියත් මොකද... කොමිස් ගැහිල්ල නැවතුනානේ කියල මාර ආතල් එකක් දැනෙන්නේය..
    .:lol::lol:

    මොනෝ රේල් හදන්න කලින් තියන රේල් එක හදාගන්න බැලුවද එයා?

    කොහොමත් මහින්දට ඕනේ උනේ සද්දේ දාල මොනෝ රේල් වගේ වියදම් අධික දේවල් කරන්න මිසක් තියන එකේ කාර්යක්ෂමතාව වැඩි කරන්න නෙවෙයිනේ. මොනෝ රේල් හදල ඒ යන වියදම කවර කරන්න ටිකට් එකක් 1000ක් වගේ කරාම මිනිස්සු ඔකේ යයිද?ඊට වඩා හොඳ නැද්ද තියන රේල්ලුව පිළිවෙලක් කරානම්?

    නලින්ද සිල්වාව අදහන අයට ඉතින් ඕව තේරෙන්නේ නෑ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒක තමයි මචන් බොරුවට පාරවල් කඩ කඩ ලොකු කලාට මදි..
    කොලඹට එන වාහන ගාන අඩු කරන්න ඕනි. ඕක අඩු වෙනවා කෝච්චි වගේ පොදු ගමනාගමන සේවයන් වැඩි කලානම්.

    කෝච්චි වල තියන ලොකම ප්‍රශ්ණය මන්තීරු මදිකම.. කොච්චර කෝච්චි ගෙනාවත් වැඩක් නෑ මන්තීරු මදි නිසා නවත්තන් ඉන්න වෙනවා සිග්නල් නැති නිසා.. තියන මන්තීරු ටිකත් හරියට කාර්‍යක්ශමව පාවිච්චි කරන්න බෑ හද්ද පරන සිග්නල් පද්දති තියන නිසා...

    සාමන්‍ය මිනිස්සුන්ට යන්න සාමාන්‍ය කෝච්චි, සල්ලි ටිකක් වැඩියෙන් දීල සැපට ඒසී එකට යන්න ඕනි එවුන්ට වෙනම පෙට්ටි දාල හොඳ කෝච්චි ගොඩක් එනවනම් මේක ගොඩක් විසඳගන්න පුලුවන්. ඒත් එකෙක්ටවත් ඕවා පේන්නේ නෑනේ...

    උඹ හරියටම හරි......දියුණු රටවල මිනිස්සුන්ට තමන්ගේ වාහනේ යනවට වඩා සැපයි පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරන එක......අනික 100% ෂුවර් නියම වෙලාවට යන බවට ඉතින් වාහන අරන් යන එක තේරුමක් නැහැ

    දැන් තියන කොච්චි උනත් දුර ගමනකදී බස් කටු වලට වඩා සැප එකේ ඕක පිළිවෙලක් කරානම් අනිවා මිනිස්සු පාවිච්චි කරනවා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,949
    34,360
    113
    මීට අවුරුදු 30කට විතර කලින් තරුණ වයසේ හිටපු උන් කිසිම ඉවක් බවක් නැතිව ලමයි 7,8,9,10 හදපු හින්ද තමයි මේ ඔක්කොම. ලංකාවේ ජනගහනය දැන් ඉතාම වැඩියි. එක පවුලක සිටිය හැකි උපරිම දරුවන් ගනන 2ක් විය යුතුයි. දැන් නිකමට බස් එකකට නැග්ගම බලපල්ලකො ඉන්න සෙනග කන්දරාව.
     
    chathura225

    Active member
  • Aug 14, 2012
    575
    63
    28
    ගොන්නුන්ට ලයිසන් දිම තමා ලොකුම හේතුව.
    ආ තව ගෑනුන්ට ලයිසන් දීම අනිත් එක
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    Borella town eke colour lights wala wadi priority ekak baseline ekata dena nisa borella handiye traffice. Ethana guwan paalamak daannath ba yatin umagawal tiyena nisa.

    Rajagiriye bo gaha laga guwan paalamak nathi weema.

    Battharamulle town eke bus paara madde nawattheema
    .

    mey set eka nisa koswatthe idan digatama traffic.

    :yes::yes::yes: