වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔන්න මගේ ගාව තියෙන ලොවෙත් නැති මොඩල් එකේ ෆොර්ඩ් ලේසර් එක පැය බාගයක් වගේ දුවනකොට හිටින්න ගත්තා. දේපාරක් මිස් කරල නතර වෙනවා, නෝ ස්ටාර්ට්. අයෙත් විනාඩි පහලොවකින් ස්ටාර්ට් සහ පෙර සේ.

    ඉතින් ගියා පුරුදු මිකෑනික් ගාවට. මිනිහ දවසක් තියන් ඉන්දල කිව්ව ෆෑන් එක වෑඩ නෑ, ඕවර් හීට් වෙනව කියල. හීටර් මීටර් එකත් අවුල් කියල.

    ගියා ඔටෝ ඉලෙක් වැඩ්ඩ ගාවට. ෆෑන් එකේ වයරින් එක හැදුව. සිම්පල් ලෙඩක් එකෙක්වත් සල්ලි ගත්තෙත් නෑ. හරිම ශෝයි. ඒත්...... බඩු පහුවදාම අයෙත් හිට්ටා.

    අයෙත් ගියා ඔටෝ ඉලෙක් වැඩ්ඩ ගාවට. මූ බැලුව, දැම්ම හයියෙන් තට්ටුවක් රේඩියේටර් එක ගාවට, අම්මට හුඩු ෆෑන් එක නවතිනවා. දැන් හරිනේ දුවනකොට ෆෑන් එක නතර වෙලා කාර් එක හීට් වෙලා නවතිනවා. දැම්ම අලුතෙන් ෆෑන් එකක්, සප්ලයි දුන්න ඩිරෙක්ට්. හීටර් මීටෙර් එකේ ලෙඩෙත් හැදුව. ස්කෑනර් එක ගහල බලල කෑම් සෙන්සර් එකයි, ක්‍රෑන්ක් ශාෆ්ට් සෙන්සර් එකයි දැම්ම. (සෙන්සර් දෙකම රීකොන්.)

    දෙයියනේ කියල කාර් එක එදා රෑම අයෙත් හිට්ටා. කොරන්න දෙයක් නෑ මොනව උනත් මම මේ කාර් එකට ආසයි.

    අයෙත් ගියා ඔටෝ ඉලෙක් වැඩ්ඩ ගාවට. ලින් කටින්ම ගොඩ එනව කියල හිතාගෙන. මූ කිව්ව සෙන්සෙර් දෙක සුවර් නෑ දාමු අලුත්ම සෙන්සර් දේකක් කියල. ඉතින් පන්චිකාවත්තට එවෙලෙම බයික් එකේ ගිහින් ගෙනවා. හරි සන්තෝසයි මාර ලාබයි සෙන්සර් කෑලි. දැන් මේ මගුල හින්දම මම දවස් දෙකක් එක ළග නිවාඩු (උණ ). දැන් ඔය කෑලි දෙකත් එල්ලගෙන ගියා ටෙස්ට් රන්. මරු ආතල් කියන්නෙ කර් එක ගානට වෙලාවට අයෙත් හිට්ටා. මම ඉතින් කිසිම කරදරයක් නැතුව කාර් එකට සම්බන්ධ හැම එකාවම සැදෑ සිතින් මතක් කරගෙන සුපුරුදු ලෙස විනාඩ් පහලොව ඉදළ ගියා අයෙත් ගියා ඔටෝ ඉලෙක් වැඩ්ඩ ගාවට. ඌටත් ඇඩෙන්න වගේ. (ඔය අතරෙ කොම්පියුටර් බොක්ස් එකත් ගලෝල බලල තිබ්බේ). තියල යන්න මල්ලි කාර් එක මම හෙට බලල කෝල් එකක් දෙන්නම් කිව්වා.

    දැන් මම තුන් වෙනි දවසටත් උණ විකාර පාරක් දාල කන්නේ බොන්නෙත් නැතුව ගෙදරට වෙලා ඉන්නව කෝල් එක එනකල්. ඔන්න යන්තම් දෙකට විතර ආව කෝල් එක වැඩේ හරි කියල. කොම්පියුටර් බොක්ස් එක රීසෙට් කරා කිව්වා.

    ඔන්න ඔය පාර තමා වැඩේ හරි ගියේ. ඊට පස්සේ දෙයියන්ගේ පිහිටයි, ලන්කාව පුරාම දිව්වා නෝ අවුල්. නමුත් මට තාම උනේ මොකක්ද පැහදිලි නෑ.

    කියවූ ඔබ සැමට ස්තූතියි!

    කටුව ලිව්වට ස්තුතියි මචන්.. ඉලෙක්ට්‍රිකල් කාරයව ශුවර්ම්ද???කොම්පියුටර් බොක්ස් රීසෙට් කරා කියපු කතාව බොහෝ දුරට තඩි කෙප්පයක් විය යුතුයි..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රේස් ට්‍රැක් එකේ 180 ට 200 ට දුවන පුහුණුව වැඩිත් එක්ක බන් 80ට 100 ට යන වාහනයක් ඉස්සරහට පනින එකෙක් අවම හානියක් යටතේ බේරගන්න..මෙතන අදාළ වෙන පුහුණුව වෙන්නේ මචන් වීල් කරකවන්නයි බ්රේක් එක පාගන්නයි කියන එකට නෙවෙයි මචන්.. ඇහෙන් දැකල ඒ සිග්නල් එක මොලයට ගිහින් අනලයිස් කරලා ක්‍රියාත්මක වෙන්න යන කාලය නිතර වේගයෙන් එලවන කෙනාගේ අඩුයි.. මේකෙන් මම කියන්නේ ලංකාවේ පාරවල් වල 70-80 පන්නල එලවන්න කියල..

    නෑ නෑ මම අදහස් කරේ එක්ස්පීරියන්ස් වටිනවා තමයි ඒක ගන්න ට්‍රැක් එක තියනවනේ කියන එක (මහේශය කොහොමත් ට්‍රැක් පදින එකානේ)........මහ පාරේ යද්දී හෙමින් ගියාට අවුලක් වෙන්නේ නෑනේ පුහුණුවට :yes:

    ලංකාවේ මහ පාරේ ඔය පුහුණුව ගන්න යන එක පට්ට අවදානම් :dull:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කෝච්චි ගැන තමයි මගේ ලොකුම පිස්සුව තියෙන්නේ. ඩැයිවර් කෙනෙක්නං ඉන්නවා කෝච්චියක් මග කැඩුනොත් ලේසියෙන් දාලා එන්නේ නැහැ. කෙහොම හරි හදාගෙනම තමා එන්නේ
    . පොර දවසක් ඉස්සරහ ලෑම්ප් එකයි ඩයිනමික් බ්රේකුයි නැතුව ඔහියෙ ඉඳන් බදුල්ලටම කෝච්චියක් අරන් ගියා. :D

    අඳුනගන්න ලැබුනට සන්තෝසයි මචන්.. මටත් ලොකුම පිස්සුව තියෙන්නේ උඹ ආස කරන ලොකොමොවිව් වලටම තමයි බන්.. ඒ හීනෙ මේ ජීවිත කාලෙ සැබෑ කරගන්න අමාරුයි..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    asdf.jpg
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    කටුව ලිව්වට ස්තුතියි මචන්.. ඉලෙක්ට්‍රිකල් කාරයව ශුවර්ම්ද???කොම්පියුටර් බොක්ස් රීසෙට් කරා කියපු කතාව බොහෝ දුරට තඩි කෙප්පයක් විය යුතුයි..

    Oaka thamai matath awula, uu kiyanna deyak nathuwa eaka kiwwa wenna puluwan. Eath buwage wada kuliyama gatthe 2500i
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    අඳුනගන්න ලැබුනට සන්තෝසයි මචන්.. මටත් ලොකුම පිස්සුව තියෙන්නේ උඹ ආස කරන ලොකොමොවිව් වලටම තමයි බන්.. ඒ හීනෙ මේ ජීවිත කාලෙ සැබෑ කරගන්න අමාරුයි..

    http://locolanka.blogspot.com/
    මේක මගේ :D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    අලුත් පොස්ට් දාපන්කෝ රෙද්ද අවුරුද්දකින් විතර ලාවට එක පොස්ට් එකක් දාල :angry:
    උඹේ ලිවිල්ල නම් පට්ට බං :yes: M9 එකේ කමෙන්ට් එහෙම නැගල ගියා නෙහ් :P

    කොච්චි ගැන රේඩියෝ එකක් කරපන්කෝ බං?
    :yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ගමේහ් අනාතයෝ වෙනුවෙන් රේඩියෝ කරන්න දවස් තුනක වැඩ එක දපසේ කරලා තාම නුවර යන ගමන් . . .
    මම මේ අහන්න තාමා හිටියේ උබ ගෙදර යනවාද කියලා එල එල මොනවා කරත් රස්සාව රැකගනින් මචන්
    හෙට මොන වැඩේ තිබ්බත් 8-10 උබේ රෙඩියො එකට අනිවා සෙට් වෙනවා :D
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගමේහ් අනාතයෝ වෙනුවෙන් රේඩියෝ කරන්න දවස් තුනක වැඩ එක දපසේ කරලා තාම නුවර යන ගමන් . . .

    හෙමින් පලයන් ...අපිට උඹේ රේඩියෝව අහන්න ඕන හෙට..
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,907
    5,488
    113

    1) චැසි අංක කොටපුවා/ බට් කරපුවා

    De Silva එකෙන් වගේ පළපුරුදු ආයතනයකින් වැලිවේෂන් එකක් ගන්න. ගනිද්දී එයාලට කියන්න චැසි අංකය හරියට පරික්ෂා කරලා දෙන්න කියල.. 90% ක් විතර එයාල පළපුරුද්ද එක්ක චැසි අංකයේ වෙනසක් තියෙනවනම් කියනව .

    2) පොලිස් කේස් වලට හොයන එව්වා

    එව්වනම් ඉතින් සිතාසිය ගෙදරට එනකම් හෝ පොලිසියෙන් එනකම් කියන්න බැහැ .. වටපිටාව හොඳ කෙනෙකුගෙන් වාහනයක් ගත්තාම ටිකක් විශ්වාසයක් තියන්න පුළුවන්..

    3) හොරකං කරලා විකුණන එව්වා...

    විකුණුම්කරු ගේ වටපිටාව ගැන ටිකක් විමසිලිමත් උනාම හොර මගඩි වලට අහුවෙන එක උපරිමයෙන් වැළකෙනවා ..

    4) හරි අයිතිකාරයමද විකුණන්නෙ කියලා...
    වගේ දේවල්.

    මේ ගැන ඉතින් පොත RMV එකෙන් පරික්ෂා කරගන්න වෙයි.. විකුණුම්කරුගේ හැඳුනුම්පත් පරික්ෂා කරල බලන්න පුළුවනි.. සාක්ෂියට විකුණුම්කරුගේ ගෙදර කෙනෙක් හැඳුනුම්පත් අංක එක්ක ලියවිල්ලට දාගන්න පුළුවනි.. තාවකාලික පදිංචි ස්ථාන වල ඉන්න උදවියගෙන් වාහන ගන්න එක අවදානම්..වාහනේ ගන්න ගියාම වාහනේ පින්තුරයක් ගන්න විදිහට ශේප් එකේ විකුණන එකාගෙත් පින්තුරයක් ගන්න උත්සහ කරන්න ..පුළුවන් තරම් ස්ථාවර දුරකථන අක්නයක් තියෙනවනම් ඒක කොතනහරි ලියාගන්න.. එයාල වෙනත් වාහන පදිනවානම් එව්වයේත් අංක හෙමිහිට ලියාගන්න.. . විකුණුම්කරු රැකියාව කරන තැන අහගෙන එතනට වෙන කෙනෙක් ලව්වා දුරකථන ඇමතුමක් දීල සම්භන්ධ කරගෙන මුට්ටියක් දාල බලන්න..ඒ වගේ පොඩි පොඩි ක්‍රම සහ විදි වලින් අමාරුවේ වැටෙන එක අවම කරගන්න.

    ලීසිං දානවනම් ඉතින් එයාල පොත්පත් අකුරටම පරික්ෂා කරලා බලනවා..විකුණුම්කරුට චෙක් එකක් දෙන නිසා ගනුදෙනුව බැංකුගත වෙනව . එත් චැසි අංකය හරියට පරික්ෂා කරගැනීම වැදගත්.. ලීසිං දාන්න දෙන්න බහ කියන වාහන ගැන ටිකක් සැලකිල්ලෙන් හොයල බලන්න..

    බොහොම ස්තුතියි. එතකොට ලීසිං එකක් දාද්දි වැලිවේෂන් එක ඒ අයම කරනවනේ. එයාල චැසි අංක කොටපුවා වගේ දේවල් බලනවා ඇතිනෙ නේද ?

    AMW එකේ පාවිච්චි කරපු වාහන වොරන්ටි එක්ක දෙනවා. වාහනේ තියෙන්නේ පරණ අයිතිකාරයගෙ නමට. නමුත් විකුණන්නෙ AMW එක හරහා. ඒ වගේ වාහන අවුල් සහිත වාහන වෙන්න තියන ඉඩකඩ අඩුයි නේද ?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බොහොම ස්තුතියි. එතකොට ලීසිං එකක් දාද්දි වැලිවේෂන් එක ඒ අයම කරනවනේ. එයාල චැසි අංක කොටපුවා වගේ දේවල් බලනවා ඇතිනෙ නේද ?

    AMW එකේ පාවිච්චි කරපු වාහන වොරන්ටි එක්ක දෙනවා. වාහනේ තියෙන්නේ පරණ අයිතිකාරයගෙ නමට. නමුත් විකුණන්නෙ AMW එක හරහා. ඒ වගේ වාහන අවුල් සහිත වාහන වෙන්න තියන ඉඩකඩ අඩුයි නේද ?

    ඕව දැන් හුඟක් ෆිනෑන්ස් කොම්පැනි වල වැලිවේෂන් එක මැනේජර් කරනව..එයාලනම් චැසි අංක එහෙම හොඳට බලන්නේ නැහැ..

    AMW එකේ මරුටි ගැනනම් මචෝ සෞක්‍ය තත්වය ගැන මම යමක් කියන්න දන්නේ නැහැ.. එත් පරණ අයිතිකාරයා වොරන්ටි එක ඉවරවෙන්නත් කලින් කොම්පනියටම ට්‍රේඩ් කරලා තියෙන්නේ වාහනේ හොඳ හින්ද වෙන්න බැහැ නේද.. කෙසේවෙතත් චයිනීස් මයික්‍රෝ ගන්නවට වඩා මරුටි ගන්න එකනම් වඩා හොඳයි..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන්න මගේ ගාව තියෙන ලොවෙත් නැති මොඩල් එකේ ෆොර්ඩ් ලේසර් එක පැය බාගයක් වගේ දුවනකොට හිටින්න ගත්තා. දේපාරක් මිස් කරල නතර වෙනවා, නෝ ස්ටාර්ට්. අයෙත් විනාඩි පහලොවකින් ස්ටාර්ට් සහ පෙර සේ.

    ඉතින් ගියා පුරුදු මිකෑනික් ගාවට. මිනිහ දවසක් තියන් ඉන්දල කිව්ව ෆෑන් එක වෑඩ නෑ, ඕවර් හීට් වෙනව කියල. හීටර් මීටර් එකත් අවුල් කියල.

    ගියා ඔටෝ ඉලෙක් වැඩ්ඩ ගාවට. ෆෑන් එකේ වයරින් එක හැදුව. සිම්පල් ලෙඩක් එකෙක්වත් සල්ලි ගත්තෙත් නෑ. හරිම ශෝයි. ඒත්...... බඩු පහුවදාම අයෙත් හිට්ටා.

    අයෙත් ගියා ඔටෝ ඉලෙක් වැඩ්ඩ ගාවට. මූ බැලුව, දැම්ම හයියෙන් තට්ටුවක් රේඩියේටර් එක ගාවට, අම්මට හුඩු ෆෑන් එක නවතිනවා. දැන් හරිනේ දුවනකොට ෆෑන් එක නතර වෙලා කාර් එක හීට් වෙලා නවතිනවා. දැම්ම අලුතෙන් ෆෑන් එකක්, සප්ලයි දුන්න ඩිරෙක්ට්. හීටර් මීටෙර් එකේ ලෙඩෙත් හැදුව. ස්කෑනර් එක ගහල බලල කෑම් සෙන්සර් එකයි, ක්‍රෑන්ක් ශාෆ්ට් සෙන්සර් එකයි දැම්ම. (සෙන්සර් දෙකම රීකොන්.)

    දෙයියනේ කියල කාර් එක එදා රෑම අයෙත් හිට්ටා. කොරන්න දෙයක් නෑ මොනව උනත් මම මේ කාර් එකට ආසයි.

    අයෙත් ගියා ඔටෝ ඉලෙක් වැඩ්ඩ ගාවට. ලින් කටින්ම ගොඩ එනව කියල හිතාගෙන. මූ කිව්ව සෙන්සෙර් දෙක සුවර් නෑ දාමු අලුත්ම සෙන්සර් දේකක් කියල. ඉතින් පන්චිකාවත්තට එවෙලෙම බයික් එකේ ගිහින් ගෙනවා. හරි සන්තෝසයි මාර ලාබයි සෙන්සර් කෑලි. දැන් මේ මගුල හින්දම මම දවස් දෙකක් එක ළග නිවාඩු (උණ ). දැන් ඔය කෑලි දෙකත් එල්ලගෙන ගියා ටෙස්ට් රන්. මරු ආතල් කියන්නෙ කර් එක ගානට වෙලාවට අයෙත් හිට්ටා. මම ඉතින් කිසිම කරදරයක් නැතුව කාර් එකට සම්බන්ධ හැම එකාවම සැදෑ සිතින් මතක් කරගෙන සුපුරුදු ලෙස විනාඩ් පහලොව ඉදළ ගියා අයෙත් ගියා ඔටෝ ඉලෙක් වැඩ්ඩ ගාවට. ඌටත් ඇඩෙන්න වගේ. (ඔය අතරෙ කොම්පියුටර් බොක්ස් එකත් ගලෝල බලල තිබ්බේ). තියල යන්න මල්ලි කාර් එක මම හෙට බලල කෝල් එකක් දෙන්නම් කිව්වා.

    දැන් මම තුන් වෙනි දවසටත් උණ විකාර පාරක් දාල කන්නේ බොන්නෙත් නැතුව ගෙදරට වෙලා ඉන්නව කෝල් එක එනකල්. ඔන්න යන්තම් දෙකට විතර ආව කෝල් එක වැඩේ හරි කියල. කොම්පියුටර් බොක්ස් එක රීසෙට් කරා කිව්වා.

    ඔන්න ඔය පාර තමා වැඩේ හරි ගියේ. ඊට පස්සේ දෙයියන්ගේ පිහිටයි, ලන්කාව පුරාම දිව්වා නෝ අවුල්. නමුත් මට තාම උනේ මොකක්ද පැහදිලි නෑ.

    කියවූ ඔබ සැමට ස්තූතියි!

    ස්තූතියි මචන් කට්ටක් බෙදාගත්තට.. :yes: කට්ටිය කියයි වෙන්න පුලුවන් දේවල්..:)
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    අලුත් පොස්ට් දාපන්කෝ රෙද්ද අවුරුද්දකින් විතර ලාවට එක පොස්ට් එකක් දාල :angry:
    උඹේ ලිවිල්ල නම් පට්ට බං :yes: M9 එකේ කමෙන්ට් එහෙම නැගල ගියා නෙහ් :P

    කොච්චි ගැන රේඩියෝ එකක් කරපන්කෝ බං?
    :yes:

    ස්තූතියි!!! :)

    දැන් ඉතින් වෙලාව අඩුයි සහෝ :(
     
    Status
    Not open for further replies.