පද පේළී - EK LYRICS THREAD PART 2

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    තුරු වැල් අහගෙන සිටින නිසා..
    කට වහගෙන හිටියොතින් ගුණයි..
    රාත්‍රියට ඇස් තියෙන නිසා..
    දඟ වැඩ හොඳ නෑ බලාගෙනයි...

    ඳ දිය උතුරා අපතේ යයි
    ගිලී නාන්නට එන්න ප්‍රියේ
    තරු කැට ගිලිහී දියේ ගිලෙයි
    ඒ තරු ඇහිදින්නට එන්න දියේ //

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රෑ අහසේ තරු කැට පායා දිලුණා...

    රෑ අහසේ..
    තරු කැට පායා දිලුණා
    මා තනියේ..
    සිතුවිලි සයුරේ වෙලුණා...

    තරු එළියක් නිල් දෙනෙතට වැටිලා
    සඳ කිරණින් ඔබේ මුහුණ සේදිලා
    ආදරයෙන් අප පියමං කෙරු හැටි
    තරු කැට මා මතකයට ගෙනෙනවා
    සිතට දැනෙනවා...

    ඔබේ සුමුදු අත මා අත් පටලා
    තරු දහසක් පායා ඇති දිනයක
    පියමං කෙරුවා පෙර අප දෙදෙනා
    තරු කැට අතරේ රැඳී ගිලෙනවා
    සිතට දැනෙනවා

    -ආත්මා ලියනගේ-
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරේ සිතේ කළඹා මා මුලා කළා
    ජීවිතේ පුරා සෝ දුක් දී ඔයා ගියා
    සිහි‍නයෙන් පවා ඇවිදින් යලි යලිත් සොයා
    පාරවා මගේ හැඟුමන් සැඟවුණා ඔයා

    ආදරේ නිසා අපි තව සිතින් ළංවුණා
    මා ඔබේ කියලා කොඳුරලා එදා
    මුලු ජීවිතේ සරසා බැඳි ආදරේ පිරුණා
    විඳි වේදනා නිවනා ගීතයක් වෙලා

    ආදරේ ‍සිතේ ..............

    සුළඟේ පවා සුසුමන් පාවෙලා ගියා
    කඳුළැල් ගලාලා දෙනුවන් තෙමා
    යලි වේදනා දීලා දුන් ආදරේ ගත්තා
    පෙම් ප්‍රාර්ථනා බිඳදා පාලුවේ තියනා

    ආදරේ ‍සිතේ ..............


    ගායනය :- අතුල අධිකාරි
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    දුරස් වන්නට මේ ලෙසින්
    ඇයිද අප හමු වුනේ
    දුරස් වන්නට මේ ලෙසින්
    මොටද අප ඉපදුනේ
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මාව හැරදාලා ඔයත් යන්නම ගියා
    කව්රුත්ම එන්නෙපා රවටන්න මේ මා
    තනිකම හොදයි පාළුවේ මේ උනන කදුලට වඩා​
     
    • Like
    Reactions: rcccc and DAMER

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
    මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්
    නොහඬා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්
    දුටුව නිසා ආදරයේ දිව්රුව ඔබගෙන් මං

    බොසත් ඔබ සිත ළඟ උවැසිය වී දැහැනට වී
    සිටියා මිස නොදනිමි කොහි සිටියාදැයි මලවී
    පුදසුන් මත මියයද්දී සහසක් මල් පරවී
    නොපිදූ මල තවමත් ඔබ ගැන බැති බරවී

    මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකි
    ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකි
    මෙවැනි බැඳුම් අදහනු බැරි ලෝකය සිරගෙයකි
    එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකි

     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Athula Adhikari..................


    ඉමිටේෂන් මාල පොටේ~
    පාට ගෑවුනාම ගෙලේ..
    සඳක් වගේ පායා එන~
    සිනහව මනරම්..
    හදවත සිපගන්න සුවඳ~
    සැබෑ රත්තරන්..
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    ඇස ගැටෙනා දස දහසක් නෙතුමත... ඔබේ දෑසම මා සෙවූ තරම්...

    ඒ නේතු කිසිදින මා සතු නොවබව දැන දැන මා පෙම් කෙරු තරම්...

    Nightmare-pon-and-zi-azuzephre-cartoons-12205229-300-396.jpg


    ඔබේ දෑස් මතින් මා පැතූ පැතුම්.. ඔබේ නෙතු මගෙමයි පිරු පෙරුම්..

    ඒ පැතු පැතුමන් ඒ පිරු පිරුමන්.. කදුලැල්ලක්වී ගැලු තරම්...

    1423849506184


    ඔය නෙතු දැහැනේ සමවැදී මෙමා.. ඔය නෙතු තුලමා සිතූ සිතුම්...

    බොදවූ සිතුවම් බිදුණු හසරැල්.. සොවින් මා ඒ හෙලු සුසුම්....



    06fc012bae6878b8143d7c5cb0b255c9.jpg


    /:sorry:\/:sorry:\/:sorry:|
     
    • Like
    Reactions: rcccc

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    පාරමිතා නුපුරමු අප දෙදෙනා මතු මතු සංසාරේ
    පාන සිනා සුළඟට විසිකරමු හමුවෙන වාරේ

    කඳුළු වලින් දියවී යනවානම් අවිහිංසක රූපේ
    දෝර ගලන තුරු කඳුළු හලන්නම් මට ඔබ නොපෙනන සේ

    මට ඔබ ඔබ මට පෙම් කළ තරමට වෙන් වී බැරී
    අසම්මතේ පෙම්වතුන් නොවෙමු අපි වරදට වහල් වෙවී
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඇස ගැටෙනා දස දහසක් නෙතුමත... ඔබේ දෑසම මා සෙවූ තරම්...

    ඒ නේතු කිසිදින මා සතු නොවබව දැන දැන මා පෙම් කෙරු තරම්...

    Nightmare-pon-and-zi-azuzephre-cartoons-12205229-300-396.jpg


    ඔබේ දෑස් මතින් මා පැතූ පැතුම්.. ඔබේ නෙතු මගෙමයි පිරු පෙරුම්..

    ඒ පැතු පැතුමන් ඒ පිරු පිරුමන්.. කදුලැල්ලක්වී ගැලු තරම්...

    1423849506184


    ඔය නෙතු දැහැනේ සමවැදී මෙමා.. ඔය නෙතු තුලමා සිතූ සිතුම්...

    බොදවූ සිතුවම් බිදුණු හසරැල්.. සොවින් මා ඒ හෙලු සුසුම්....



    06fc012bae6878b8143d7c5cb0b255c9.jpg


    /:sorry:\/:sorry:\/:sorry:|
    terminatorsmile.gif
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    සියපතක් පිපුණා පොකුණු තෙර
    නිල් විලේ නිල් විලේ
    එක හිතින් පෙම් කලා නම් ඔබ
    මට අගේ මට අගේ

    නෙතින් නෙත හඳුනා වරින් වර
    හමුවෙලා අප හමුවෙලා
    පැතුම් මල් විකසිත කරන්නට
    වෙහෙසුනා අප වෙහෙසුනා
    මෙයද දෛවය මෙයද ඉරණම
    වෙන්වුනා අප වෙන්වුනා

    සසර මග හදුනා අතර මග
    තනිවුනා අප තනිවුනා
    අත දුරක නොපිපී නෙලන්නට
    බැරි වුනා මල් බැරි වුනා
    සුවඳ සුනු මල නිබඳ පිදු පෙම
    ‍ගොළුවුනා පෙම ගොළුවුනා
     
    • Like
    Reactions: C h o p p e

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සිනහ කෝ දැන් හීනයේ...

    සිනහ කෝ දැන් හීනයේ
    ගං තෙරේ මා පාළුවේ
    සොයා එන්නේදෝ
    මුළු ජීවිතේ..
    තනිව හඬනා පෙම් හීනයේ
    සුසුම් එවමි තවරා මුළු ජීවිතේ...

    විහඟ ගීවැල් රැව් දිදී
    දවයි මා මේ තනිකමේ
    සොයා එන්නේදෝ
    මුළු ජීවිතේ..
    හදෙහි රැඳෙනා සිත්තම් ඔබේ
    සිතේ බොඳවී තිබුණා මුළු ජීවිතේ...

    පැතුම මාගේ තුන්හිතේ
    මා ඔබේ මා හීනයේ
    සොයා එන්නේදෝ
    මුළු ජීවිතේ..
    අවදි කරවා මතකේ ඔබේ
    කඳුළු සලමි හැරදා මුළු ජීවිතේ...

    තනිව හඬනා පෙම් හීනයේ
    සුසුම් එවමි තවරා මුළු ජීවිතේ...
     
    • Like
    Reactions: Good Heart

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    මීදුම් දුමාරයේ සීත හැන්දායාමේ
    සිහින ඇන්ද සානුවේ
    ආසා නැතිද මාත් එක්ක තනිව ඉන්න
    කොලපාට හැලුනු ඈත නිම්නයේ
    කොලපාට හැලුනු ඈත නිම්නයේ....

    නිශා...නින්ද ඇහැරවා
    මල්... බිගුන්ටත් හොරා
    ආසා නැතිද මාත් එක්ක තනිව ඉන්න
    කොලපාට හැලුනු ඈත නිම්නයේ
    කොලපාට හැලුනු ඈත නිම්නයේ....

    වලාවකින් හැඩ දමා
    කුඩාරමක් එහි තනා
    ආසා නැතිද මාත් එක්ක තනිව ඉන්න
    කොලපාට හැලුනු ඈත නිම්නයේ
    කොලපාට හැලුනු ඈත නිම්නයේ....
     
    Last edited:
    • Like
    Reactions: DAMER and rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ආලෝකයක් නෑ මා දුටු පෑයු ඉරක් වේ මා සතු...

    ආලෝකයක් නෑ මා දුටු පෑයු ඉරක් වේ මා සතු
    නුඹ සේම උණුසුම් නුඹ සේම නිකැලැල්
    දෙවේ ලෝක නෑ ඇත්තේ
    සිපගත්තාම රහසේ වින්දාම සිතසේ ලංවීලා ආදරයෙන්
    ...

    ඈත අහසේ ඉඩ ඇති එනවාද පියඹා බිය නොවී
    මුලු ලෝකේ පිබිදී එක සැරේ ඉන්න කිව්වා නොගිහින් කලුවරේ
    නුඹ පෝදා පෑයූ සඳ වගේ මේ ජිවිතෙ රාත්‍රිය ඉන් දිලේ
    සුහදේ සුහදේ තුති වේවා තුති වේවා
    සොඳුර සොඳුර තුති වේවා තුති වේවා...
    [FONT=&quot]
    සීත මීඳුම් කඳු මැදින් එන්න පාව යන්න සුලඟ වී
    දෑසේ රූරා පින්න වැටෙයි නුඹ නේද කඳු හිස සුසීත
    නුඹ මේ දැන් ඉපදි බිළිඳෙකි සීමා නෑ ස්නේහේ මටදෙන
    [/FONT]
    සුහදේ සුහදේ තුති වේවා තුති වේවා
    සොඳුර සොඳුර තුති වේවා තුති වේවා...

    -Dasun Madushan & Devashrie-

     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ආලෝකයක් නෑ මා දුටු පෑයු ඉරක් වේ මා සතු
    නුඹ සේම උණුසුම් නුඹ සේම නිකැලැල්
    දෙවේ ලෝක නෑ ඇත්තේ
    සිපගත්තාම රහසේ වින්දාම සිතසේ ලංවීලා ආදරයෙන්
    ...

    පට්ට..වීඩියෝ එකත් නියමයි..
    11.gif

    මොකක් හරි ෆිල්ම් එකක කොටස් ටිකක්ද මචන්?
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ආදර දෙනෙතේ.. පාවෙන හසරැල්..
    සිහිනෙන් සිහිනෙට පෙනුන හැටි..
    පුන් සඳ වාගේ.. ලස්සන මුහුණට..
    නොදැනිම ආදරේ දැනුන හැටි..

    නෙතින් කියූ පෙම් රහසක් සිත ළඟ..
    ආදර පෙම් කවි කියපු හැටි..
    මටත් හොරෙන් මගේ හද පතුලේ..
    ඔබ වෙනුවෙන් ආදරේ පිරුණු හැටි..

    සීතල සුළඟේ පෙම් හසරැල්ලේ
    ඔබගේ උණුසුම දැනුන හැටි
    ගීතයකින් අප හදපතුලේ පෙම
    මාගේ සවනට ඇසුන හැටි

    නිලුපුල් දෙතොලේ සුසිනිඳු බව රැඳි
    උණුසුම ටික ටික දැනෙන හැටී
    ඔබගේ සුවඳට මත්වූ මගෙ සිත
    සැමදා ඔබටම බැඳුණු හැටි

    නිමනොවනා ආදරයක් සමඟින්
    මට රැකවරණය දුන්නු හැටි
    කියා ගන්න බැරි සතුටක් ඔබ ලඟ
    ඉන්නා විට මට දැනුන හැටි

    දාහක් පැතුමන් පොදි බැඳ ගත් අප
    අපගේ ලොව සුව විඳින හැටි
    ඔබට වඩා වෙන සැපතක් ලොව තුල
    ඇති දැයි සිත තුල මැවෙන හැටි
    ♡♡~

    Eranda Pathum ~ Premali Fernando
     
    • Like
    Reactions: rcccc and DAMER

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පට්ට..වීඩියෝ එකත් නියමයි..
    11.gif

    මොකක් හරි ෆිල්ම් එකක කොටස් ටිකක්ද මචන්?
    :yes:Cuckoo (2014) ටැමිල් ෆිල්ම් එකේ සිංදුවක කවර් එකක්ලු බන්.
    Aalokaya’ is the Sinhalese version of ‘Aagasatha’, a song from the Tamil movie Cuckoo (2014). It is the story of a visually impaired man who works as a singer falling in love with a blind woman. Santhosh Narayanan, remarkably blend the music with true human feelings, awakening our souls. The beautiful musical composition leads to release the Sinhalese version of the song as a valentine gift for everyone who is blinded by love.