එව්වට දැන් ප්රමාද වැඩියි බන්.. උඹ හිතන්න එපා මේ ෆෝරම් එකක කතා කරන තරම් ලේසියි කියල වාහන හැදිල්ල.. IT වලට වඩා සෑහෙන්න මහන්සි වෙන්න ඕන ෆීල්ඩ් එකක් මේක.. හුඟක් වෙලාවට මිනිස්සුන්ගේ මහන්සියෙන් හම්බු කරපු මුදල් එක්ක කරන critical ගනුදෙනුවක්..ඒ වගේම අත පය තුවාලවීම්, තැලීම්, සීරීම් ඉවරයක් නැහැ.. ආසාවට ඉගෙනගත්තට ඉතින් පාඩුවක් වෙන්නේ නැහැ.. පාර්ට් ටයිම් ජොබ් එකක් විදිහට කරන්න නම් කරලා බලහන්.. එත් IT අතෑරලා එන්න එපා..
උඹල කරන්නේ clean suit ජෝබ් එකක්.. මේක එහෙම නෙවෙයි.. හැබැයි හරියට කරොත් මුදල් උපයන්න පුළුවනි . එත් තමුන්ගේ වාහනයක් නඩත්තු කරන්න හරි ඉගෙනගෙන තියන එක වටිනවා මචන්.. එත් අවසානයේ අපි ජීවත්වෙන සමාජ ආර්ථික ක්රමය ඇතුලේ වැදගත් වෙන්නේ කොපමණ මුදලක් උපයනවාද එම ඉපයීම් ක්රමයට කොපමණ අගයක් සමාජ ක්රමය තුල ලැබෙනවාද කියන එක විතරයි.. ලංකාව වගේ රටක ගරාජ් රස්සාව හරි අමාරු රස්සාවක්... මොකද මිනිස්සුන්ට වාහනයක් හදන්න වියදම් කරන්න මුදල් නැහැ... අඩු මුදලක් වියදම් කරලා හැදුවම කල්පවත්මක් නැහැ.. අන්තිමේ චෝදනාව හදපු එකාට..