▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

Dr.Rumack2

Member
May 22, 2015
16
8
0
මෙන්න මගේ රෝගී තත්ත්වය ………
මගේ හිසේ සම විශාල ප්‍රමානයේ කැබලි වශයෙන් ගැලවෙනවා.මේක දැන් අවුරුදු පහක් විතර වෙනවා. නිය ගහලා හම පොතු අයින් කරලම තුවාලත් වෙනවා.කොන්ඩෙත් යනවා මාර විදිහට.ඒ නිසාම කොටටම කපලා තියෙන්නෙ කොන්ඩෙ ඒ නිසා.වැවුනම මාර අමාරුයි.පොඩි වැඩක් කරන්නත් බෑ ඔලුවට අසාමාන්‍ය ලෙස දාඩිය දානවා.මං මේකට 2012 ගම්පහින් සුනිල් මෙන්ඩිස් කියලා චර්ම රෝග ඩොක්ටර් කෙනෙක් ගෙන් බෙහෙත් ගත්තා.ඒත් හරි ගියේ නෑ.මාර දුකක් විඳින්නෙ මම මේ නිසා.විසදුමක් දෙන්න පුලුවන් නම් ගොඩක් හොදයි………

මුලින්ම සමාව ඉල්ලනවා පිළිතුරක් දෙන්න ටිකක් කල් ගියාට.එත් මචන් පරික්ෂා කරන්නේ නැතුව මේකට විසදුමක් කියන්න අමාරුයි.
මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න.
1)හිසට අමතරව වෙනස් තැනක සමේ වෙනසක් තියෙනවද?(විශේෂයෙන්ම දණහිසේ හා වැලමිටේ)
2) නියපොතුවල වලවල් වගේ අසාමාන්‍යතාවයක් තියෙනවද?
3) කෑම වලට හෝ බෙහෙත් වලට මේක වැඩිවෙන ගතියක් තියෙනවද?

මොනවාවුනත් මම හිතන විදියට හොදම විසදුම වෙන්නේ නැවත් වරක් චර්ම රෝග වෛද්‍යවරයෙකුට පෙන්වන එක තමයි. ඔබ ගම්පහ නිසා කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග සායනයට යෑමට හැකිවේ යයි මම හිතනවා.
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    :cool::cool::cool:
     
    • Like
    Reactions: shaminda peiris

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    avatar81925_3.gif
    පෝලිමේ එන්න :eek:
     
    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    මුලින්ම සමාව ඉල්ලනවා පිළිතුරක් දෙන්න ටිකක් කල් ගියාට.එත් මචන් පරික්ෂා කරන්නේ නැතුව මේකට විසදුමක් කියන්න අමාරුයි.
    මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න.
    1)හිසට අමතරව වෙනස් තැනක සමේ වෙනසක් තියෙනවද?(විශේෂයෙන්ම දණහිසේ හා වැලමිටේ)
    2) නියපොතුවල වලවල් වගේ අසාමාන්‍යතාවයක් තියෙනවද?
    3) කෑම වලට හෝ බෙහෙත් වලට මේක වැඩිවෙන ගතියක් තියෙනවද?

    මොනවාවුනත් මම හිතන විදියට හොදම විසදුම වෙන්නේ නැවත් වරක් චර්ම රෝග වෛද්‍යවරයෙකුට පෙන්වන එක තමයි. ඔබ ගම්පහ නිසා කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග සායනයට යෑමට හැකිවේ යයි මම හිතනවා.

    ඔබ ඇසූ ප්‍රශ්න වලට උත්තර
    1.නැත
    2.නැත
    3.නැත
    මං දැන් ඉන්නේ ගම්පහ නෙවෙයි.බදුල්ලෙ. :(
     
    Dr.Rumack2

    Member
    May 22, 2015
    16
    8
    0
    ඔබ ඇසූ ප්‍රශ්න වලට උත්තර
    1.නැත
    2.නැත
    3.නැත
    මං දැන් ඉන්නේ ගම්පහ නෙවෙයි.බදුල්ලෙ. :(

    බදුල්ල රෝහලේ චර්ම රෝග සායනයක් තිබේනම් එහි වෛද්‍යවරයකු ලවා පරික්ෂා කරගැනීමෙන් පසුව ප්‍රතිකාර ලබා ගැනීම වඩා සුදුසුයි.
    එහෙත් එය අපහසු නම් මේ තත්ත්වය පාලනය කරගැනීමට දිනපතා ස්නානය කරන්න.එසේම keto plus හෝ Nizoral වැනි ෂැම්පු වර්ගයක් භාවිතා කරන්න.( ඇතැම් පුද්ගලයින්ට මෙය ඉතා කලාතුරකින් අසාත්මික විය හැක.භාවිතා කිරිමෙන් පසුව කැසීමේ වැඩිවීමක්,රතු වීමක් හෝ පිලිස්සෙන්නාක් මෙන් වේදනාවක් ඇතිවේ නම් භාවිතා කිරිමෙන් වලකින්න.) එසෙම හිසේ සම වියලීමෙන් වැලකීමට පොල්තෙල් භාවිතා කිරිමෙන්ද ඇතිවන අපහසුතාවය අඩුකර ගත හැක.
     
    • Like
    Reactions: shaminda peiris

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    දොස්තර මහත්තයෝ මගේ තොල් වල ඇතුල් පැත්තේ නිතරම පොඩි තුවාල වගේ හැදෙනවානේ. මම දවසට දෙපාරක් දත් මැදලා කොච්චර පිරිසිඳුව තියා ගත්තත් මේ තුවාල වගේ හැදෙන එක නැවතෙන්නේ නෑ. පොඩියට හැදිලා ටික ටික ලොකු වෙලා සතියකින් විතර හොඳ වෙනවා. ආයෙත් සතියක් විතර මුකුත් නෑ. ඊටපස්සේ ආයෙමත් එකක් හැදෙනවා. සමහර වෙලාවට එක පාරට දෙකක් විතර හැදෙනවා. එතකොට නම් ඉන්නම බෑ. කලාතුරකින් දිවෙත් හැදෙනවා. හැදුනම නම් ඉතින් පුදුම සැපක් තමයි තියෙන්නේ. කෑමක් වත් හරියට කන්න බෑ. මේකට විසඳුමක් දෙන්නකෝ.
     
    mng use karanne DEZOR kiyala shampoo ekak.eka aulak nadda.hair oil ekak use karala thamai cntrol karagena inne.(virgin coconut oil):dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දොස්තර මහත්තයෝ මගේ තොල් වල ඇතුල් පැත්තේ නිතරම පොඩි තුවාල වගේ හැදෙනවානේ. මම දවසට දෙපාරක් දත් මැදලා කොච්චර පිරිසිඳුව තියා ගත්තත් මේ තුවාල වගේ හැදෙන එක නැවතෙන්නේ නෑ. පොඩියට හැදිලා ටික ටික ලොකු වෙලා සතියකින් විතර හොඳ වෙනවා. ආයෙත් සතියක් විතර මුකුත් නෑ. ඊටපස්සේ ආයෙමත් එකක් හැදෙනවා. සමහර වෙලාවට එක පාරට දෙකක් විතර හැදෙනවා. එතකොට නම් ඉන්නම බෑ. කලාතුරකින් දිවෙත් හැදෙනවා. හැදුනම නම් ඉතින් පුදුම සැපක් තමයි තියෙන්නේ. කෑමක් වත් හරියට කන්න බෑ. මේකට විසඳුමක් දෙන්නකෝ.
    මේ ඇප්තස් අල්සර්ස් aphthous ulcers කියල කියන තුවාල. පැරැනි අය මේවට කියන්නේ උෂ්ණ තුවාල කියලා. මේක බොහෝ හේතු නිසා ඇතිවන එකක්. බොහෝ හේතු පවතින නිසා නිශ්චිත ප්‍රතිකාරයක් නැත. අප දන්නේ සමහර විට යම් යම් ආහාර වර්ග, ඖෂධ සහ ප්‍රමුඛතව ම ආතතිය නිසා මේ දේ හට ගන්නා බවය. මේ දේවල් මග හැරීම විකල්පය වේ.
    හැදුණු තුවාල ඉක්මනින් සුව කරගන්නට orrepaste හෝ kenulog යන ක්‍රීම් වර්ග අදාල ස්ථානය තෙත මාත්තු කොට දවසට දෙවරක් ගානු මැනවි. මේවා ගෑමෙන් පසුව කෙළ ගිලින්නේ නැතුව කෙළ ඉවතට දමනවා නම් වඩා හොදය. එසේම Oraleez නම් ආලේපනය ද වේදනාව අඩු කිරීමට සුදුසුය. එසේම තද ලූණු වතුරෙන් හෝ ක්ලෝර්හෙක්සිඩීන් මුඛ සෝදඛයකින් මුව සේදීම ද කරන්න.
     
    බොහොම ස්තුතියි දොස්තර මහත්තයෝ.. බොහොම පින්.. හෙටම ගන්නවා ඔයින් cream එකක්.. :yes::yes: