එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    :):) එළ. මම වැඩිය ගෙදර නෑ බං දැන්. ඒ නිසා ගොඩක් අඩුවෙන් තමා හැදෙන්නේ අනම් මනම් ෆැන්සි කෑම ගෙදර. මම නැති නිසා ගෙදර අය හදන්නෙත් නෑ. :(

    මමත් ගෙදර නෙවෙයි ඉන්නෙ. :no:එත් ලබන සතියෙන් පස්සේ කැම්පස් එකේ එක්සෑම් ඉවර නිසා පොඩි නිවාඩුවක් හම්බවෙයි. :dull:
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    මගේ ලග තියන රෙසිපි වලින් එකක් ඔන්න ඕගොල්ලන්ට දැනගන්නත් එක්ක බෙදාගන්න හිතුවා. මාත් තාම උයන්න පුරුදු වෙනවා ඉතින්...

    Deviled Fish..


    පෙති කපපු මාළු ටිකක්
    ලොකුවට කපාගත් ළුණු ගෙඩි 3/4
    කපාගත් සුදුලුනු බික් 4
    ඉඟුරු ටිකක්
    මාළු මිරිස් කරල් 3-4
    ළුණු කොළ මිටක්
    හතු තමන්ගේ රුචිකත්වය මත ප්‍රමාණයක්
    බාගෙට තම්බා ගත් අල සාමාන්‍ය ප්‍රමාණයේ ගෙඩි 1
    කහ කුඩු / කෑලි මිරිස් / මිරිස් කුඩු /ගම්මිරිස් රස පරිදි සහ ටිකක් අඩුවෙන්
    සෝයි සෝස් මේස හැඳි 1
    අබ ඇට ටිකක්

    මුලින්ම සාස්‌ පාන් එකක් ලිප තබා ඔලිව් තෙල් මේස හැඳි 3 -4 එකතු කර මුලින්ම අබ ඇට ටිකක් පිපිරෙන්නට හැර එයට කපාගත් මාළු එකතු කර දෙපැත්ත පෙරලමින් බැදගන්න.

    ඉන්පසු එයට සුදුලුනු ,ඉඟුරු එකතු කර බැදෙන්නට හරිමින් කහ කුඩු ,කෑලි මිරිස් ,මිරිස් කුඩු සහ ලුනු ටිකක් ද එකතු කර දැන් බාගෙට තම්බා ගත් අල ද එකතු කර බැදෙන්නට හැර එයට හතු එකතු කර පියනකින් වසා තම්බෙන්නට හරින්න.

    ඉන්පසු මාළු මිරිස් එකතු කර ටික වෙලාවක් තබා ලොකුවට කපාගත් ළුණු ද එකතු කර ළුණු වල අමු ගතිය අඩු වීගෙන එනකොටසෝයි සෝස් එකතු කර ඉන්පසු රස පරිදි ලුනු ගම්මිරිස් පදම බලා තරමක් දිගැති වෙන්නට කපාගත් ළුණු කොළ එකතු කර කවලම් කර ඉක්මනින් ලිපෙන් බා මේසෙට යවන්න.


    08640764877608810679.jpg
     
    • Like
    Reactions: Ridila™

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බිස්කට් පුඩින්..

    මේක විශේෂයෙන්ම හදන්න හේතුවුනේ එළකිරියේ මම දාපු ජෙලි ත්‍රෙඩ් එක දැකපු ගොඩක් අය බිස්කට් පුඩින් එකක් හදන්න කියලා දෙන්න කියලා කරපු ඉල්ලීමත් කාලයක් තිස්සේ අපේ Ridhila සහෝදරයගේ දැඩි ඉල්ලීමක් තිබ්බා කෑම ගැන ත්‍රෙඩ් එකක් පටන් ගමු ඒකට පෝස්ට් දාමු කියලා කරපු ඉල්ලීමත් නිසයි..ගොඩක් දේවල් අවශ්‍යවෙන්නේ නැති නිසාත් විනාඩි 15ක් වගේ කාලයක් ඇතුලත හදාගන්න පුලුවන් නිසාත් මේක හදලා බලමු නේහ්..:D

    අවශ්‍ය ද්‍රව්‍ය

    +මාරි බිස්කට් ලොකු පැකට් -1

    +නැවුම් කිරි -500ml

    +කෝන් ෆ්ලා -තේ හැඳි 2

    +වැනිලා කස්ටඩ් පවුඩර් -තේ හැඳි 2

    +කොකෝ පවුඩර්- තේ හැඳි 3

    +සීනි -තේ හැඳි 6

    +කෝපි කුඩු -තේ හැඳි 3

    +උණු වතුර කෝප්ප 1/2 ක් පමණ

    හදන විදිහ

    #මුලින්ම කෝපි ටික උණු වතුරේ දිය කරගන්න.

    #දැන් එහි මාරි බිස්කට් පොඟවා වීදුරු බඳුනක අතුරා ගන්න.

    #කිරි කෝප්ප 1/4 ක කස්ටඩ්,කෝන් පිටි,කොකෝ පවුඩර් දිය කරගන්න..කැටි නොගැසෙන්න.

    #ඉතිරි කිරි භාජනයක දමා උණු කරන්න.

    #එයට සීනිද එක් කරන්න.

    #එම මිශ්‍රනය උතුරද්දි අපි මුලින් හදාගත්තු කස්ටඩ් මිශ්‍රනය දමා නොනවත්වා හැඳි ගාන්න.

    #දැන් මෙය ටිකක් ඝනකමට එද්දි ලිප නිවා බඳුන ඉවත් කරගන්න.

    #අපි මුලින් අතුරාගත් බිස්කට් මතට මෙම මිශ්‍රණය ටිකෙන් ටික දමන්න.

    #නැවත බිස්කට් තට්ටුවක් අතුරාගෙන මෙම මිශ්‍රණය උඩින් දමන්න.

    #අවසානයේ ශීතකරණයේ තබා කෑමට ගන්න.
    :D



    w85d06.jpg


    magpb8.jpg


    201177.jpg


    6gvs09.jpg


    v313cw.jpg

    aaa oyaa ehenam damma ne! :D
    shook shook.....
    thanks aaa.... :D :love:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මං නං ඉතින් උයනවා කියලා බදින්න තමා දන්නෙ! :sorry:

    පරිප්පුත් උයන්න දුන්නොත් බැදලා තමා කන්න වෙන්නෙ! :(
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කාලෙකට පස්සෙ හරි කෑම ත්‍රෙඩ් එකක් දකින්නට ලැබීම ඉමහත් ප්‍රීතියට කාරණාවක්මැයි!!!
    මගේ හත් පරණ වට්ටෝරු ටික මෙතන ඇදබාන එකේ තේරුමක් නැතැයි සිතේ.
    කඩෙන් කන වහ වෙනුවට ගෙදරදීම රහට කන්නට අත්වැළක් සැපයීම මහත් ප්‍රසංශනීයයි!!
    මේ ත්‍රෙඩ් එකට අලුතින් යමක් එකතු කරන්නට උත්සාහා කරන්නම්!!
    :):):)
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කාලෙකට පස්සෙ හරි කෑම ත්‍රෙඩ් එකක් දකින්නට ලැබීම ඉමහත් ප්‍රීතියට කාරණාවක්මැයි!!!
    මගේ හත් පරණ වට්ටෝරු ටික මෙතන ඇදබාන එකේ තේරුමක් නැතැයි සිතේ.
    කඩෙන් කන වහ වෙනුවට ගෙදරදීම රහට කන්නට අත්වැළක් සැපයීම මහත් ප්‍රසංශනීයයි!!
    මේ ත්‍රෙඩ් එකට අලුතින් යමක් එකතු කරන්නට උත්සාහා කරන්නම්!!
    :):):)

    අයියගේ කිරි ටොෆි ත්‍රෙඩ් ඒක බලන් කිරි ටොෆි හැදුවා....නියෙමෙට ආවා....:D:D:D ටැංකු අයියේ