එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Mata_Psycho

Member
May 29, 2015
328
22
0
brown-young-man-who-ready-to-eat-black-background-46669481.jpg
 
Last edited:
හතු බැදුම(සම්බෝලයක්ද විය හැකිය)

කට්ටිය ආසයිනේ හතු බැදලා කන්න.. හදල බලමු එහෙනම්.​

මෙව්වා තමා ඕන වෙන්නේ :):)
1.හතු පැකට් 1යි
2. පාන් පිටි
3. ගම්මිරිස් කුඩු
4. ලුණුකුඩු
5. ලොකු ලුනු ගෙඩි 2කක් විතර
6. තක්කාලි ගෙඩියක්
7. බදින්න පොල් තෙල් :)
8. දෙහි ගෙඩියක්
9. අමු මිරිස් කරල් 2ක් 3ක්
10.කෝන් පිටි මේස හැන්දක්(මං නම් දැම්මේ නෑ):dull:

මුලින්ම හතු ටික තරමක් සිහින්ව කඩාගන්න මේ වගේ.

IMG_20150703_110319.jpg


කඩාගත්ත හතු ටික ලුණු වතුරේ ටිකක් පෙගෙන්න තියන්න..

IMG_20150703_111646.jpg


පාන් පිටි ගම්මිරිස් සහ ලුණු සහ වතුර දාල පිටි මිශ්‍රණය හදාගන්න ටිකක් ගනේට.(කහ මේස හැදී බාගයක් විතර දාගන්න පාට එන්න.කොන් පිටිත් දානවනම් හොදයි)(වතුර ගැන ටිකක් සැලකිලිමත් වෙන්න.හුගක් දාන්න එපා..:no::no:)

IMG_20150703_112155.jpg


IMG_20150703_112333.jpg


හතු ටික වතුර මිරිකලා අරගෙන හදාගත්ත පිටි මිශ්‍රණයට දාල හොදට තවරගන්න.

IMG_20150703_112526.jpg


තෙල් ටිකක් වැඩියෙන් දාල පිටි තවරගත්ත හතු ටික රන්වන් පාට වෙනකන් බදාගන්න..එකට ඇලිල තියෙයි අතින් කඩාගන්න:P:P

IMG_20150703_120348.jpg




ළුණු,තක්කාලි අමු මිරිස් සිහින්ව කපල බදගත්තු හතු ටිකත් එක්ක හොදට කලවම් කරගන්න. දෙහි බාගයක් විතර දල කලවම් කරන්න:nerd::nerd:
වැඩේ ඉවරයි...ඉතුරු ටික උබල බලාගනිං :baffled::baffled::baffled:

IMG_20150703_120959.jpg


IMG_20150703_121154.jpg


ගල් මුල් ප්‍රහාර බාරගන්නවා:(:(
 
Last edited:

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කට්ටිය ආසයිනේ හතු බැදලා කන්න.. හදල බලමු එහෙනම්.:):)

    ගල් මුල් ප්‍රහාර බාරගන්නවා:(:(
    මොකටද කුකුලෝ අපි ගල් මුල් ගහන්නේ හොද දෙයක් කලා ම......:nerd:
    උඹ හිතුවද මේකේ බහුතරයක් අර...අර........:frown:
    එක්කෝ ඕන නෑ......:dull::dull:

    ඔන්න ගැහුවා +15කින් ම...
    උඹේ ධෛර්යය පිණිස!
     
    මොකටද කුකුලෝ අපි ගල් මුල් ගහන්නේ හොද දෙයක් කලා ම......:nerd:
    උඹ හිතුවද මේකේ බහුතරයක් අර...අර........:frown:
    එක්කෝ ඕන නෑ......:dull::dull:

    ඔන්න ගැහුවා +15කින් ම...
    උඹේ ධෛර්යය පිණිස!
    ගුණ අගුණ ගැන අයියේ :):)
     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කට්ටිය ආසයිනේ හතු බැදලා කන්න.. හදල බලමු එහෙනම්.​

    අඩෝව් මේ කපනව දැන ගනින්. ඔන්න ගල් මුල් ගැහුවා.

    එල එල කීප් ඉට් අප් මචං. එල කිරි 7+
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගුණ අගුණ මචෝ

    මොන ගුණ අගුණද බං ඔහොම කන කොට පට්ට. මමත් හදලා කාලා තියෙනවා. ගුණ අගුණ වැඩක් නෑ හොඳයි දිගටම ත්‍රෙඩ් එක අප් කරහන් ඒක තමා වෙන්න ඕනේ. :lol:
     
    මොන ගුණ අගුණද බං ඔහොම කන කොට පට්ට. මමත් හදලා කාලා තියෙනවා. ගුණ අගුණ වැඩක් නෑ හොඳයි දිගටම ත්‍රෙඩ් එක අප් කරහන් ඒක තමා වෙන්න ඕනේ. :lol:

    හැදුවම මේකට දාන්නම්..රුලං එහෙමත් තියෙනවා.පසුවට දැන්නම් :):)
     
    Last edited:
    • Like
    Reactions: chamali2009

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හැදුවම මේකට දාන්නම්..රුලං එහෙමත් තියෙනවා.පසුවට දැන්නම් :):)

    හතු කිව්වම මතක් උනේ පහුගිය අවුරුදු 6 ක් විතර කාලයක් මම හිටියේ ගෙදර නෙමෙයි වැඩිපුර. කෑම කන්න තියෙන්නේ මෙනූ හැටියට. හතු තියෙන දාට කොල්ලෝ කියන්නේ අපෝ මචන් අද නම් හු# කන්න තියෙන්නේ කියලා. අදටත් මට හතු දැක්කම ඉස්පිලි පාපිලි මාරු වෙලා පේන්නේ. :lol::lol:
     
    හතු කිව්වම මතක් උනේ පහුගිය අවුරුදු 6 ක් විතර කාලයක් මම හිටියේ ගෙදර නෙමෙයි වැඩිපුර. කෑම කන්න තියෙන්නේ මෙනූ හැටියට. හතු තියෙන දාට කොල්ලෝ කියන්නේ අපෝ මචන් අද නම් හු# කන්න තියෙන්නේ කියලා. අදටත් මට හතු දැක්කම ඉස්පිලි පාපිලි මාරු වෙලා පේන්නේ. :lol::lol:
    :lol::lol::lol: හු* වගේද බං හතු :lol:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    බිස්කට් පුඩිං හදපු කෙනෙක් ඉන්නවනම් හදන විදිය මේකේ දාමුකො
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බිස්කට් පුඩිං හදපු කෙනෙක් ඉන්නවනම් හදන විදිය මේකේ දාමුකො


    ත්‍රෙඩ් එක කියවන් වරෙන් බං සම්පූර්ණයෙන්. පූලුවන් නම් මේ පෝස්ට් එක කෝට් කරහන්. #131 වෙනි කමෙන්ට් එක මචං. :):)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගුණ අගුණ ගැන අයියේ :):)
    හතු කොහොමත් ප්‍රෝටීන් බහුල ආහාරයක් සහ හොදින් දිරවනවා....
    අර බදින්න ගන්න තෙල ඉතිං සෝයා හරි සූරියකාන්ත හරි වෙනව නං තමා ඉතිං හොද:(
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    හතු කොහොමත් ප්‍රෝටීන් බහුල ආහාරයක් සහ හොදින් දිරවනවා....
    අර බදින්න ගන්න තෙල ඉතිං සෝයා හරි සූරියකාන්ත හරි වෙනව නං තමා ඉතිං හොද:(

    oya pekata kala tiyena hatu nemei oya henwala nikanma hedena hatu oya wedeta hariyenne nedda.mama uyala kala tiyenawa ewa oya pekat wala tiyena hatu walata wada rasai.
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    බිස්කට් පුඩින්..

    මේක විශේෂයෙන්ම හදන්න හේතුවුනේ එළකිරියේ මම දාපු ජෙලි ත්‍රෙඩ් එක දැකපු ගොඩක් අය බිස්කට් පුඩින් එකක් හදන්න කියලා දෙන්න කියලා කරපු ඉල්ලීමත් කාලයක් තිස්සේ අපේ Ridhila සහෝදරයගේ දැඩි ඉල්ලීමක් තිබ්බා කෑම ගැන ත්‍රෙඩ් එකක් පටන් ගමු ඒකට පෝස්ට් දාමු කියලා කරපු ඉල්ලීමත් නිසයි..ගොඩක් දේවල් අවශ්‍යවෙන්නේ නැති නිසාත් විනාඩි 15ක් වගේ කාලයක් ඇතුලත හදාගන්න පුලුවන් නිසාත් මේක හදලා බලමු නේහ්..:D

    අවශ්‍ය ද්‍රව්‍ය

    +මාරි බිස්කට් ලොකු පැකට් -1

    +නැවුම් කිරි -500ml

    +කෝන් ෆ්ලා -තේ හැඳි 2

    +වැනිලා කස්ටඩ් පවුඩර් -තේ හැඳි 2

    +කොකෝ පවුඩර්- තේ හැඳි 3

    +සීනි -තේ හැඳි 6

    +කෝපි කුඩු -තේ හැඳි 3

    +උණු වතුර කෝප්ප 1/2 ක් පමණ

    හදන විදිහ

    #මුලින්ම කෝපි ටික උණු වතුරේ දිය කරගන්න.

    #දැන් එහි මාරි බිස්කට් පොඟවා වීදුරු බඳුනක අතුරා ගන්න.

    #කිරි කෝප්ප 1/4 ක කස්ටඩ්,කෝන් පිටි,කොකෝ පවුඩර් දිය කරගන්න..කැටි නොගැසෙන්න.

    #ඉතිරි කිරි භාජනයක දමා උණු කරන්න.

    #එයට සීනිද එක් කරන්න.

    #එම මිශ්‍රනය උතුරද්දි අපි මුලින් හදාගත්තු කස්ටඩ් මිශ්‍රනය දමා නොනවත්වා හැඳි ගාන්න.

    #දැන් මෙය ටිකක් ඝනකමට එද්දි ලිප නිවා බඳුන ඉවත් කරගන්න.

    #අපි මුලින් අතුරාගත් බිස්කට් මතට මෙම මිශ්‍රණය ටිකෙන් ටික දමන්න.

    #නැවත බිස්කට් තට්ටුවක් අතුරාගෙන මෙම මිශ්‍රණය උඩින් දමන්න.

    #අවසානයේ ශීතකරණයේ තබා කෑමට ගන්න.
    :D



    w85d06.jpg


    magpb8.jpg


    201177.jpg


    6gvs09.jpg


    v313cw.jpg

    හදල ෆොටෝ එකක් දාන්නම්
    වැඩේ එළකිරි :)